ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) දිගුකාලීන සාමාජිකයෙකු වූ ගීතානන්ද ජයසේකර සහෝදරයාගේ අභාවය, සසප දැඩි ශෝකයෙන් නිවේදනය කරයි. පක්ෂ සහෝදරවරුන් අතර ගීතා ලෙස ප්‍රචලිත ඔහු ජුනි 29 වන දින කොලඹ ජාතික රෝහලේදී උග්‍ර හෘදයාබාධයකින් මිය ගියේ ය. ඔහුට කපාට හෘද රෝගයක් තිබූ අතර දශක තුනකට පෙර හෘද කපාට සැත්කමකට භාජනය විය. පසුගිය සතියේ බදාදා දැඩි උන සහ අඛන්ඩ කැස්සක් ඇති වූ බැවින් ඔහු රෝහලට ඇතුලත් කරන ලදී.
ගීතාට වයස අවුරුදු 70 ක් වූ අතර ඔහුට වැඩිමහල් සහෝදරියන් තිදෙනෙක් සිටිති. ගීතා, විකොස ආරම්භක ප්‍රධාන ලේකම් සහ ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දිගුකාලීන නායකයෙකු වූ අභාවප්‍රාප්ත කීර්ති බාලසූරිය සහෝදරයාගේ බාල සහෝදරයා විය.
ජාත්‍යන්තර සමාජවාදයේ ට්‍රොට්ස්කිවාදී මූලධර්ම සඳහා ගීතා සහෝදරයා ගෙනගිය සප්රපත්තික අරගලයට ශ්‍රී ලංකාවේ සසප සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) උපහාර දක්වන අතර ඔහුගේ පවුලේ සාමාජිකයින්ට තම ගැඹුරු ශෝකය පල කර සිටී. ඉදිරි දිනවලදී අපි ඔහු පිලිබඳ අභාවානුකථනයක් ප්‍රකාශයට පත් කරන්නෙමු.
අවසන් ගෞරවය සඳහා ගීතා සහෝදරයාගේ දේහය අද, ජූලි 01 වන දින පෙ.ව. 10 සිට ප.ව. 3 දක්වා කොලඹ 08, කුලරත්න මාවතේ අංක 1023 හි නීලා අවමංගල්‍ය ශාලාවේ තැන්පත් තර ඇත. අවමංගල්‍ය රැස්වීම අද, ජූලි 01 වන දින බොරැල්ල කනත්තේ දී ප.ව. 4.15 ට පැවැත්වෙන අතර ආදාහනය සවස 5.30ට සිදු කෙරේ.
