Socialist Equality Party (Sri Lanka)
සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

1985-86 කවිප සමග භේදය

23-1 1985 ජනවාරි ජාත්‍යන්තර කමිටුව 10 වන සමුලුව, කවිප තුල විනාශකාරී දේශපාලන අර්බුදයක් ද වසර තුනක ට පෙර වර්කර්ස් ලීගය විසින් මතුකර තිබුනු අතිමූලික දේශපාලන මතභේද යට ගැසීමේ උත්සාහයක් ද විසින් අරක්ගනු ලැබ තිබුනි. මෙම කාරනා දෙකෙන් එකක් වත් සමුලුව තුල සාකච්ඡාවට ලක් කෙරුනේ නැත. කවිප පැබ්ලෝවාදයට එරෙහිව කර තිබුනු මූලධර්මාත්මක අරගලය අත හරිමින් සිටිය දී, ඇමරිකානු වර්කර්ස් ලීගය ප‍්‍රතිවිරුද්ධ දිසාවට ගමන් කරමින් සිටියේ ය. 1974 එවකට ජාතික ලේකම්ව සිටි ටිම් වුල්ෆර්ත් පක්ෂය හැර යාමෙන් පසුව වර්කර්ස් ලීගය, ඉතා දැනුවත්ව කම්කරු පන්තිය වෙත හැරෙමින් පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහි අරගලය පක්ෂ වැඩ කටයුතුවල හරි මැදට ගෙන ආවේය. “ආරක්ෂාව හා හතරවන ජාත්‍යන්තරය” නමැති පරීක්ෂනය තුල වර්කර්ස් ලීගය ප‍්‍රධාන භූමිකාව ඉටු කලේය. එයට සියලු පැබ්ලෝවාදී කන්ඩායම් දැඩි ලෙස විරුද්ධ වූ හ. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල ට රිංගා ට්‍රොට්ස්කි ඝාතනයේ කුමන්ත‍්‍රනය ක‍්‍රියාත්මක කල, ස්ටැලින්වාදී ඒජන්තයින් ජාලයක් එමගින් එලිදරව් කරන ලදී. එම පරීක්ෂනය එස්ඩබ්ලිව්පී නායක ජෝසප් හැන්සන්, එකල ස්ටැලින්වාදී ඒජන්තයෙකුව සිට පසුව එෆ්බීඅයි ඒජන්තයෙකු වූ බවට නිසැක සාක්ෂි ඉදිරිපත් කලේය.

23-2 1982දී වර්කර්ස් ලීගයේ ජාතික ලේකම් ඩේවිඩ් නොර්ත්, ජෙරී හීලිගේ “අපෝහක භෞතිකවාදය පිලිබඳ අධ්‍යයනය” පිලිබඳ සවිස්තර විවේචනයක් ඉදිරිපත් කලේය. එයින් හීලි මාක්ස්ගේ අපෝහක හා ඓතිහාසික භෞතිකවාදය අතහැර ඇති බව එහි දී නොර්ත් පෙන්වා දුනි. “අපෝහක භෞතිකවාදය සඳහා ද ප‍්‍රචාරකවාදයට එරෙහිව ද කරන අරගලයේ නාමයෙන්” ට්‍රොට්ස්කිවාදය සඳහා, විශේෂයෙන්ම නොනවතින විප්ලවයේ න්‍යාය සඳහා, සටනෙන් අනවරත ලෙසම ඉවතට පැදීමක් තිබෙන බව ද නෝර්ත් පෙන්වා දුන්නේය. කවිප නායකයන් ඊට ප‍්‍රතිචාර දැක්වූයේ නෝර්ත් සිය විවේචන ඉවත්කර නොගතහොත් වර්කර්ස් ලීගය සමග සම්බන්ධකම් නතර කරන බවට තර්ජනය කරමිනි. 1984 ජනවාරියේ දී කවිප ප‍්‍රධාන ලේකම් මයික් බන්ඩා වෙත ලිපියක් යැවූ නෝර්ත්, කවිප ආස්ථානයන් විශේෂයෙන්ම මැද පෙරදිගට ආස්ථානයන්, තව දුරටත් විස්තාරනය කරමින් කවිපය “පැබ්ලෝවාදය සමග ඓතිහාසිකව සම්බන්ධ වී ඇතැයි අප සලකන ආස්ථානයන්ට -නිගමන හා ක‍්‍රමවේදය යන දෙකෙන්ම- බෙහෙවින් සමාන ආස්ථානයන් කරා දේශපාලනිකව ඇදී යාමක වැඩෙන සලකුනු” වර්කර්ස් ලීගය “බෙහෙවින් කනස්සල්ලට පත් කර” ඇති බව එහි දී නෝර්ත් සඳහන් කලේය. 1984 පෙබරවාරියේ දී නෝර්ත්, ඇමරිකානු එස්ඩබ්ලිව්පීය 1982 දෙසැම්බරයේ දී නොනවතින විප්ලව න්‍යාය පැහැදිලිව ම ප‍්‍රතික්ෂේප කිරීමේ අර්ථභාරය විශ්ලේෂනය කරමින් පටන් ගත් දේශපාලන වාර්තාවක්, ජාත්‍යන්තර කමිටුව වෙත ඉදිරිපත් කලේය. මැද පෙරදිග ධනේශ්වර තන්ත‍්‍රයන්ට පමනක් නොව, බ්‍රිතාන්‍යයේ ලේබර් වම්මුන්ට හා වෘත්තීය සමිති නිලධරයට ද කවිපයේ අනුගත වීම ඔහු ඉස්මතු කලේය. යලි වතාවක් කවිපය වර්කර්ස් ලීගය සමග භේද වීමට තර්ජනය කරමින් කුමන හෝ සාකච්ඡාවක් වැලැක් වීය. එම සාකච්ඡාව පිලිබඳව කිසිදු දැනුම් දීමක් නො ලද විකොස ඊට සහභාගී වුයේ නැත.

23-3 1985 කලක් පැවති බ්‍රිතාන්‍ය පතල් කම්කරු අරගලය පරාජයට පත් කරන ලද තතු තුල කවිපය තුල අර්බුදයක් පුපුරා ගිය අතර, ජාත්‍යන්තර කමිටුවෙන් කවිපය බිඳීමට ද දේශපාලන පරිහානියට ද ඉක්මනින් ම ගමන්කලේ ය. 1985 ඔක්තෝබරයේ ලන්ඩන්හි දී ප‍්‍රථම වතාවට කවිපය පිලිබඳ ඩේවිඩ් නෝර්ත්ගේ විවේචන දුටු කීර්ති බාලසූරිය ඕස්ට්‍රේලියානු එස්එල්එල් හා ජර්මනියේ බීඑස්ඒ නියෝජිතයින් ද සමග නෝර්ත්ගේ විශ්ලේෂනය පිලිබඳව සිය එකඟත්වය පල කලේය. 1985 ඔක්තෝබර් 25 දා ජාත්‍යන්තර කමිටුව ප‍්‍රකාශ දෙකක් නිකුත් කලේය. පලමු වැන්න ජෙරී හීලි නෙරපා හැරීම හා බ්‍රිතාන්‍ය ශාඛාවේ අර්බුදය පිලිබඳවයි. දෙවැනි ප‍්‍රකාශය, දේශපාලන අර්බුදයේ මූලය “කවිප නායකත්වය දිගු කාලයක් තිස්සේ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීමේ මූලෝපායික කර්තව්‍යය වෙතින් ඉවතට හැරී වඩවඩා ජාතිකවාදී ඉදිරි දර්ශනයක් හා භාවිතයක් දෙසට ඇදී යාම” බව පෙන්වා දුනි. ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන අධිකාරය පැහැදිලි ලෙසම පිලිගැනීමේ ද බ්‍රිතාන්‍ය ශාඛාව එහි තීරනවලට යටත් වීමේ ද පදනම මත සිය සාමාජිකයන් යලි ලියාපදිංචි කිරීමට කවිප ක්‍රියා කල යුතු බවට ජාත්‍යන්තර කමිටුව යෝජනාවක් සම්මත කලේය.

23-4 1985 දෙසැම්බර් 16දා ජාත්‍යන්තර කමිටුවේ පරිපාලන කොමිසමේ වාර්තාව ලබා ගත්, ජාත්‍යන්තර කමිටුව කවිපය ජාත්‍යන්තර කමිටුව ද ජාත්‍යන්තර කම්කරු පන්තිය අද ඓතිහාසික වශයෙන් පාවා දී ඇති බව ප‍්‍රකාශ කරන යෝජනාවක් සම්මත කලේය. එහි මෙසේ සඳහන් විය. “නොනවතින විප්ලව න්‍යාය මුලූමනින්ම අතහැර දැමීමේ ප‍්‍රතිපල වශයෙන් කවිපය, මුදල් සඳහා යටත් විජිත ධනේශ්වරයේ කොටස් සමග මූලධර්ම විරහිත සම්බන්ධතා ගොඩනගා ගැනීම කරා යොමුවී ඇත.” කවිපයේ අටවන සමුලුවෙන් පසුව පැවැත්වෙන ජාත්‍යන්තර කමිටුවේ හදිසි සම්මේලනය තෙක්, කවිප සාමාජිකත්වය තහනම් කිරීමට යෝජනාවක් ද සම්මත කෙරිනි. පසු දින සම්මත කල තවත් යෝජනාවක්, ජාත්‍යන්තර කමිටුවේ සාරභූත ඓතිහාසික ක්‍රියාමාර්ගික පදනම් හා පැබ්ලෝවාදයට එරෙහි අරගලයේ ඓතිහාසික නිරවද්‍ය භාවය යලි තහවුරු කලේය. ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන අධිකාරය හා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ක්‍රියාමාර්ගික මූලධර්මයන්හි කේන්ද්‍රීය වැදගත්කම යලි තහවුරු කිරීම සඳහා කවිපය තහනම් කිරීම තීරනාත්මක විය. එම තීරනය, මෙම අතිමූලික ප‍්‍රශ්න සම්බන්ධයෙන් කිසිදු සම්මුතියක් නැති බව පැහැදිලි කල අතර, කවිපය තුල අර්බුදය විසඳීම සඳහා ප‍්‍රතිපත්තිමය පදනමක් ද පිහිටුවීය. කවිප නියෝජිතයින් අතරින්, කවිප තුල සුලූතරයකට නායකත්වය දෙමින් සිටි ඩේවිඩ් හයිලන්ඩ් පමනක්, යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේය. පසුව ජාත්‍යන්තර කමිටුවේ බ්‍රිතාන්‍ය ශාඛාව බවට පත්වූයේ එම සුලුතරයයි. බන්ඩා-ස්ලෝටර් කන්ඩායමේ විරුද්ධත්වය මගින් පෙන්නුම් කෙරුනේ, ඔවුන් හීලිගෙන් වෙන් වුනත්, ඔවුන් බෙදා හදා ගත්තේ ද යටින් පැවති එම අවස්ථාවාදී හා ජාතිකවාදී ඉදිරි දර්ශනයම බව ය.

23-5 ක්ලිෆ් ස්ලෝටර් විසින් ඩේවිඩ් නෝර්ත්ට යවන ලද ලිපියක් ජාත්‍යන්තරවාදය සමන්විත වන්නේ, “පන්ති පිලිවෙත් නිර්නය කරගෙන ඒ මත සටන් වැදීම” බව අවධාරනය කරමින්, කවිපය ජාත්‍යන්තර කමිටුවට යටත් කිරීමට විරුද්ධත්වය ප‍්‍රකාශ කලේ ය. වර්කර්ස් ලීගයේ දේශපාලන කමිටුව මෙසේ පිලිතුරු දුනි. “එහෙත් මෙම ‘පන්ති රේඛා’ නිර්නය කරන්නේ කුමන ක්‍රියාවලීන් විසින් ද? ඒ සඳහා හතරවන ජාත්‍යන්තරයේ පැවැත්ම අවශ්‍ය වන්නේ ද?...‘මාක්ස් හා ලෙනින්ගේ මාක්ස්වාදයේ හා ට්‍රොට්ස්කිවාදයේ සමස්ත ක්‍රියාමාර්ගික පදනම’ ඓතිහාසිකව මූර්තිමත් කරන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවයි. ජාතික ශාඛා ජාත්‍යන්තර කමිටුවට යටත් කිරීම වනාහි, එම ක්‍රියාමාර්ගය ආරක්ෂා කිරීම සමග ඒවාට ඇති එකඟත්වයේ සංවිධිත ප‍්‍රකාශනයයි. මාක්ස්වාදී මූලධර්ම හා ක්‍රියාමාර්ගය පිලිබඳ සමකාලීන වර්ධනය ලෙස ට්‍රොට්ස්කිවාදය පිලිගන්නා පක්ෂ, හතරවන ජාත්‍යන්තරය තුල සංවිධානය වී සිටින අතර ජාත්‍යන්තර කමිටුවේ අධිකාරය පිලිගනිති. ජාත්‍යන්තරවාදය පිලිබඳ යමෙකුගේ නිර්වචනය, ක්‍රියාමාර්ගය එහි සංවිධානාත්මක ප‍්‍රකාශනයෙන් වෙන් කිරීම මත පදනම් කිරීම වනාහි, තමන් වැඩ කරන කරලිය තුල ක්‍රියාත්මක වීමේ නිදහස තබාගැනීම සඳහා, ජාත්‍යන්තර කමිටුව තුල මූර්තිමත් වන මාක්ස්වාදයේ අඛන්ඩතාවය ප‍්‍රතික්ෂේප කරන, ට්‍රොට්ස්කිවාදයේ මාධ්‍යමික විරුද්ධවාදීන් හා සංශෝධනවාදීන් සියල්ලන්ගේ ම දෘෂ්ටි ආස්ථානය පිලිගැනීමයි.” [56]

23-6 කවිප, 1986 පෙබරවාරි 8 දින පවත්වන ලද සිය පිලිකුල් සහගත සමුලුවේදී, “ජාත්‍යන්තර කමිටුව සදහට ම වල දමා හතරවන ජාත්‍යන්තරය ගොඩනැගිය යුත්තේ මන් ද යන්නට හේතු 27ක්” යන බන්ඩාගේ ලියවිල්ල පදනම් කරගෙන, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙන් භේද විය. බන්ඩාගේ ලියවිල්ල, පැබ්ලෝවාදයට එරෙහිව කරන ලද ජාත්‍යන්තර කමිටුවේ සමස්ත අරගලය ම ප‍්‍රතික්ෂේප කලේය. ජාත්‍යන්තර කමිටුවට සහයෝගය දුන් සියලු දෙනාම සමුලුවෙන් ඉවත්කර තැබිනි. මාස කිහිපයක් තුල බන්ඩා ට්‍රොට්ස්කිවාදය ප‍්‍රතික්ෂේප කොට, සෝවියට් සංගමය තුල ධනවාදය පුනස්ථාපනය කල නොහැකි බව කියා සිටිමින්, ඔක්තෝබර් විප්ලවයේ ජයග‍්‍රහන ආරක්ෂා කිරීම සඳහා අවශ්‍යව තිබූ බොනපාට්වාදී නායකයෙකු ලෙස ස්ටැලින්ට හුරේ දැමීය. 1985-86 වසරවල ජාත්‍යන්තර කමිටුවෙන් භේදවූ සියල්ලන් පිලිබඳව වසරකට පසුව කරන ලද වෙහෙසකර අධ්‍යයනයක් නිමා කරමින් ජාත්‍යන්තර කමිටුව මෙසේ ප‍්‍රකාශ කලේය. “ජාත්‍යන්තර කමිටුව” විරෝධී සියලු ප‍්‍රවනතාවන්ගේ මූලික දිශානතිය පවතින්නේ, අතොරක් නැතිව ස්ටැලින්වාදයට හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රයට යටත් වීම, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ප‍්‍රතික්ෂේප කිරීම සහ වඩාත් ප‍්‍රකට ආකාරයෙන් ධනේශ්වරයේ කොටස් සමග මහජන පෙරමුනු සන්ධානයන්ට සහභාගී වීම දෙසට ය.” [57]

23-7 ජාත්‍යන්තර කමිටුව තුල භේදය ලෝක ධනවාදයේ ආර්ථික පදනමෙහි හා දේශපාලන උපරි ව්‍යුහයෙහි ප‍්‍රගාඪ වෙනස්කම් පිලිබඳ ප‍්‍රකාශනයක් විය. නිෂ්පාදන ක්‍රියාවලීන්ගේ ගෝලීය ඒකාග‍්‍රකරනය හා 1970 ගනන් අවසන් අදියරේ ආරම්භ වූ ආසියාවේ ලාභ ශ‍්‍රම වේදිකාවන් සූරාකෑම, පශ්චාත් දෙවන ලෝක යුද්ධ අවධිය තුල සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී, ස්ටැලින්වාදී හා ධනේශ්වර ජාතිකවාදී නායකත්වයන් රැඳී සිටි ජාතික ආර්ථික නියාමනයේ ක්‍රියාමාර්ගයන්ට වල කපා තිබුනි. හතරවන ජාත්‍යන්තරය තුල පැබ්ලෝවාදය නැගී ආවේ, කම්කරු පන්තිය මත පවත්වාගෙන ගිය මෙම නිලධාරිවාදී යාන්ත‍්‍රනයන්ගේ අධිකාරයට අවස්ථාවාදීව යටත්වීමක් ලෙස ය. බ්‍රිතාන්‍ය එස්එල්එල්/කවිප ට්‍රොට්ස්කිවාදයේ ක්‍රියාමාර්ගය ආරක්ෂා කල නමුත් එන්ට එන්ටම හුදෙකලාවට මුහන පෑවේය. ඒ, විශේෂයෙන්ම 1963 දී පැබ්ලෝවාදීන් සමග එස්ඩබ්ලිව්පීයේ යලි එකමුතුවට හා 1971 දී ඕසීඅයි සමග භේදයෙන් පසුව ය. එස්එල්එල්හි එන්ට එන්ටම ජාතිකවාදී වූ දිශානතිය, 1953 හා 1961-63 භේදයන්ගේ පාඩම් මත පදනම් වූ, 1960 ගනන්වල හා 1970 ගනන්වල මුල පිහිටුවන ලද ජාත්‍යන්තර කමිටුවේ අලුත් ශාඛා වෙතින් අපසරනය වීමට පටන් ගති. කවිප, ජාත්‍යන්තර කමිටුව තුල සිය දේශපාලන අධිකාරියේ පදනම වූ පැබ්ලෝවාදයට එරෙහි අරගලය අතහැර දැමීමත් සමග, එය ජාත්‍යන්තර ව්‍යාපාරය තුල දේශපාලන සාකච්ඡාව අවහිර කල අතර විවේචනයන්ට ප‍්‍රතිචාර දැක්වූයේ සංවිධානමය තර්ජන හා දේශපාලන ප‍්‍රකෝපකරනයන් මගිනි. ජාත්‍යන්තර කමිටුව තුල ට්‍රොට්ස්කිවාදීන් ලද ජයග‍්‍රහනය සහ එහි වැඩ කටයුතුවල හරි මැදට ට්‍රොට්ස්කිවාදය යලි ගෙන ඒම මගින් සලකුනු කෙරුනේ, කම්කරු පන්තියේ පැරනි නිලධාරිවාදී සංවිධාන දිරාපත්වී සුනු විසුනුවී යාම හා සියලු පැබ්ලෝවාදී කන්ඩායම් වේගයෙන් දකුනට තල්ලුවී යාම සමග වඩාත් පැහැදිලි වීමට නියමිත වූ, පන්ති සම්බන්ධතාවන්ගේ ප‍්‍රගාඪ මාරුවකි.


[56]

Fourth International (හතරවන ජාත්‍යන්තරය, 13 වෙලුම අංක 2, 77 පි.

[57]

Fourth International (හතරවන ජාත්‍යන්තරය, 14 වෙලුම අංක 1, 4 පි.