Socialist Equality Party (Sri Lanka)
සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

සෝවියට් සංගමයේ බිඳ වැටීම

27-1 ඉහත කී ජාත්‍යන්තර ඉදිරි දර්ශන වර්ධනය කිරීම 1989 චීනයේ ඇතිවූ ප‍්‍රජාතන්ත‍්‍රකාමී මහජන විරෝධතා සමග පැන නැග, නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත‍්‍රයන් බිඳ වැටීම හරහා ගොස් අන්තිමේ, 1991 දෙසැම්බරයේ දී සෝවියට් සංගමය නිල වශයෙන් විසුරුවා හැරීමෙන් කුලූ ගැන්වුනු ස්ටැලින්වාදයේ දේශපාලන අර්බුදයට මුහුනදීම ට ජාත්‍යන්තර කමිටුව සූදානම් කලේය. සෝවියට් සංගමය විනාශ කිරීම වනාහි සැලකිය යුතු දේශපාලන අවමංගතවීමක් හා ව්‍යාකුලත්වයක් ජනිත කලා වූ ද ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහි දේශපාලන ප‍්‍රහාරයක් එල්ල කල වූ ද සිද්ධියක් විය. ධනේශ්වරයේ විජයග‍්‍රහනවාදයට එරෙහිව ජාත්‍යන්තර කමිටුව ම පමනක් අවධාරනය කර සිටියේ, සෝවියට් සංගමයේ අවසානය සලකුනු සමාජවාදයේ අවසානය හෝ ධනපති වෙලඳපොලේ ජයග‍්‍රහනය සලකුනු නොකරන බවයි. 1936 දී පල කල “විප්ලවය පාවාදීම” නම් වූ තම උත්පාදනීය කෘතිය තුල, ට්‍රොට්ස්කි පෙර දැක තිබුනේ, සෝවියට් කම්කරු පන්තිය විසින් කරනු ලබන දේශපාලන විප්ලවයක් මගින්, ස්ටැලින්වාදී නිලධාරි තන්ත‍්‍රය හෙලනු නොලැබුවහොත්, අවසානයේදී රුසියානු විප්ලවයේ සමාජ ජයග‍්‍රහනවලින් ඉතිරි සියල්ල වැනසෙනු ඇති බවත්, ධනේශ්වර දේපොල සබඳතා යලි ස්ථාපිත කෙරෙන බවත්ය. සෝවියට් සංගමයේ අවසානය මගින් නියෝජනය කෙරුනේ සමාජවාදයේ අසාර්ථකත්වය නොව ස්ටැලින්වාදයේ සහ ගෝලීයකෘත නිශ්පාදනයේ බලපෑම හමුවේ “තනි රටේ සමාජවාදය” නම් වූ එහි ප‍්‍රතිගාමී ජාතිකවාදී ඉදිරි දර්ශනයේ අසාර්ථකත්වය යි. ලෝක සමාජවාදී විප්ලවය සඳහා අරගලය බොහෝ කලකට පෙර අතහැර දැමුවා වූ ස්ටැලින්වාදී නිලධාරි තන්ත‍්‍රය, සෝවියට් ආර්ථිකයේ අර්බුදයට ද වැඩෙන්නා වූ කම්කරු පන්ති නොසංසුන්තාවයට ද ප‍්‍රතිචාර දැක්වූයේ, එය ගෝලීය ධනවාදයට ඒකාග‍්‍ර කිරීම මගිනි. සෝවියට් සංගමය බිඳ වැටීම වනාහි, පශ්චාත් යුදකාලීන පර්යාය බිඳී යාමේ ද ලෝක ආර්ථිකය සහ බංකොලොත් ජාතික රාජ්‍ය පද්ධතිය අතර පවතින ධනවාදයේ අතිමූලික ප‍්‍රතිඝතිතතාව උග‍්‍රවීමෙහි ද ප‍්‍රතිඵලයක් විය. ධනවාදය සඳහා නව ස්වර්නමය කාලපරිච්ඡේදයක් විවෘත කරනවා වෙනුවට, සෝවියට් සංගමය සහ එහි ස්වයං-පෝෂිත ජාතික ආර්ථිකය බිඳ වැටීම පෙර අඟවා සිටියේ, ජාතික ආර්ථික නියාමනය මත පදනම් වූ සියලු පක්ෂවල සහ සංස්ථාවන්ගේ ප‍්‍රතිවර්තනයකි, හෙවත් බිඳවැටීමකි. ධනවාදයේ මූලික ප‍්‍රතිඝතිතා උග‍්‍රවීම, අනිවාර්යයෙන් ම අති-ගැඹුරු ආර්ථික අර්බුද, යුද්ධ සහ විප්ලවයන්ගෙන් සමන්විත නව කාලපරිච්ඡේදයකට දොර හරිනු ඇති බව ජාත්‍යන්තර කමිටුව පැහැදිලි කලේ ය.

27-2 ධනේශ්වර පුනස්ථාපනයට එරෙහිව තමන්ගේ ම පන්ති ප‍්‍රතිචාරයක් වර්ධනය කර ගැනීමට සෝවියට් සහ නැගෙනහිර යුරෝපීය කම්කරුවන් අසමත් වීම මගින් තියුනු ලෙස මතු කෙරුනේ නා නා ස්ටැලින්වාදී, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ධනේශ්වර ජාතිකවාදී නිලධාරි තන්ත‍්‍ර, දිගු කාලයක් පුරා දැරූ ආධිපත්‍යය ද සියල්ලටත් වඩා ස්ටැලින් සහ ඔහුගේ සහචරයන්, 1930 ගනන්වල විප්ලවීය මාක්ස්වාදයේ විශිෂ්ටතම නියෝජිතයන් ඝාතනය කිරීම ද හේතුවෙන් ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලන විඥානයට සිදු කල අති මහත් විනාශයයි. සමාජවාදී විප්ලවය ස්වයංසිද්ධව පැන නැගිය හැකි ය යන කවර හෝ සංකල්පයකට එරෙහිව, ජාත්‍යන්තර කමිටුව 12 වන සැසිවාරයට ඉදිරිපත් කල තම වාර්තාව තුල ඩේවිඩ් නෝර්ත් මෙසේ පැහැදිලි කලේය. “පන්ති අරගලය තීව‍්‍ර වීම මගින් විප්ලවවාදී ව්‍යාපාරයට අවශ්‍ය සාමාන්‍ය පදනම සම්පාදනය කෙරෙන නමුත් එමගින් ම, එහි වර්ධනයට අවශ්‍ය වූ ද සැබෑ විප්ලවවාදී තත්වයක් සඳහා ඓතිහාසික පසුතලය සූදානම් කරන්නා වූ ද දේශපාලනික, බුද්ධිමය, සහ ‐ඊට අමතරව- සංස්කෘතිමය වාතාවරනය ඝෘජුව සහ ස්වයංකී‍්‍රයව නිර්මානය නොවේ. [65] මාක්ස්වාදයේ ශ්‍රේෂ්ඨ දේශපාලනික සංස්කෘතිය කම්කරු පන්තිය තුල යලි ස්ථාපනය කිරීමේ වගකීම ජාත්‍යන්තර කමිටුවේ උර මත රැඳී ඇතැයි වාර්තාව නිගමනය කලේය. ඉන් අනතුරුව ජාත්‍යන්තර කමිටුවේ වැඩ කටයුතුවල අත්‍යවශ්‍ය සංරචකයක් වූයේ බේගල් කන්දක් මගින් රුසියානු විප්ලවයේ, විශේෂයෙන්ම ලියොන් ට්‍රොට්ස්කිගේ වැඩ කටයුතුවල, අර්ථභාරය වල දැමීම සඳහා ප‍්‍රයත්න දරා ඇති මුසාවාදකරනයේ පශ්චාත්‐සෝවියට් ගුරුකුලය යන පදයෙන් ජාත්‍යන්තර කමිටුව විසින් හඳුන්වනු ලැබූ විවිධ කොටස්, ක‍්‍රමානුකුලව හෙලිදරව් කිරීමයි.

27-3 නැගෙනහිර යුරෝපයේ හා පැරනි සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී තන්ත‍්‍ර බිඳ වැටීම, විදේශ ආයෝජන සඳහා වේගවත් දොර හැරීමකට ද මතුවෙමින් පැවති සොරකමට ගිජුකම් දැක්වූ ස්ථරයක් විසින් රාජ්‍ය ව්‍යවසායන් තොග පිටින් කොල්ලකෑමට ද වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් ඉමහත් ලෙස පිරිහී යාමට ද තුඩු දුන්නේය. ධනේශ්වර පුනස්ථාපනය චීනයේ දී වඩාත් දිග්ගැසුනු කි‍්‍රයාවලියක් විය. මා ඕ තන්ත‍්‍රය විප්ලවයෙන් යන්තම් 23 වසරක් ගත වූ තැන, 1972දී එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග සහවාසයට ගමන් කල අතර එය සාරාර්ථයෙන්ම සෝවියට් සංගමයට එරෙහි සන්ධානයකට ද බටහිර සමග චීනයේ ආර්ථික සම්බන්ධතා යලි ගොඩනගා හදාගැනීමකට ද තුඩු දුනි. 1978දී ඩෙං ෂියා ඕ පිං බලයට පත්වීමෙන් පසුව චීනය විදේශ ආයෝජන සඳහා විවෘත කිරීමත් ධනපති දේපොල සබඳතා පුනස්ථාපනයත් කම්කරු පන්තියේ දැල්වෙන ප‍්‍රතිරෝධයක් නිර්මානය කලේය 1989 ජූනියේ දී තියනන්මෙන් චතුරස‍්‍රයේ විරෝධතා දරුනු ලෙස මැඬීම හමුවේ ජාත්‍යන්තර කමිටුව, “චීනයේ දේශපාලන විප්ලවයේ ජයග‍්‍රහනය සඳහා” යන ශීර්ෂයෙන් යුත් ප‍්‍රකාශයක් තුල මෙසේ පැහැදිලි කලේය. “පසුගිය සතියේ සිදුකල මහා ඝාතන, බීජිං ස්ටැලින්වාදීන් ලෝක අධිරාජ්‍යවාදයේ ව්‍යුහය තුලට චීන ආර්ථිකය යලි ඒකාග‍්‍ර කිරීමට හා ධනවාදය එරට තුල ක‍්‍රමානුකූලව ප‍්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කල දශකයක කාලයේ දේශපාලන කුලුගැන්වීමයි. බීජිං තන්ත‍්‍රය විසින් මුදාහල ත‍්‍රස්තයේ ප‍්‍රධාන අරමුන, චීන ජනතාව බිය වැද්දීම හා චීන විප්ලවයේ සමාජ ජයග‍්‍රහන ඔවුන් විසින් සිතා මතාම දියකර හැරීමට එරෙහි සියලු විරෝධතා තලා දැමීමය.” [66] තියන්ආන්මෙන් චතුරස‍්‍රයේ ඝාතනය වනාහි, චීන කොමියුනිස්ට් පක්ෂයේ පොලිස් රාජ්‍ය තන්ත‍්‍රය කම්කරු පන්තිය මැඬීම සඳහා සියලු ක‍්‍රමෝපායන් පාවිච්චියට ගනිමින් පෞද්ගලික ලාභය සහතික කරන බවට දුන් පොරොන්දුවක් බව දැකගත් අන්තර්ජාතික සංගතයන් චීනය තුලට විදේශ ආයෝජන ධාරාවක්ය යොමු කලේය. චීන කොමියුනිස්ට් පක්ෂය යටතේ චීනය තුල සිදුවූ ධනේශ්වර ප‍්‍රතිස්ථාපනය, රාජ්‍ය නිලධරය සමග සමීපව බැඳුනු ධනේශ්වරයක නැගීම ද ගැඹුරු සමාජ බෙදීම් ද 1949ට පෙර චීනයේ පැවති සියලු සමාජ දුර්ගුනයන් පෙරලා පැමිනීම ද සමග අත්වැල් බැඳ ගත්තේය.

27-4 සෝවියට් සංගමය විසුරුවා හැරීමේ දේශපාලනික හා ආර්ථික ප‍්‍රතිවිපාක මුලු ආසියාව පුරාම පැන නැගි අතර සෝවියට් වෙලඳ පොලවල්, ආර්ථික ආධාර හා භූ-දේශපාලනික සහයෝගය මත බෙහෙවින් රඳා පැවති ඉන්දියාව ද එම ප‍්‍රතිවිපාකවලට නොඅඩුව මුහුන දුනි. 1991 දී, ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුන දුන් කොන්ග‍්‍රස් ආන්ඩුව ඉන්දියානු ජාතික ආර්ථික පරිපාලන ව්‍යුහය බිඳ විසුරුවීමේ ද විදේශ ආයෝජනයන්ට දොර විවර කිරීමේ ද සන්තතිය ඇරඹීය. ඉන්දීය ස්ටැලින්වාදී පක්ෂ, මෙම නව දිශාවනතියට ආධාර කලා පමනක් නොව, තමා බලය ඉසිලූ බටහිර බෙංගාල සහ කේරල ප‍්‍රාන්තයන්හි දී, ඉන්දියාවේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය වෙලඳපොල හිතකාමී ප‍්‍රතිව්‍යුහකරනයන් ට නායකත්වය දුනි. සෝවියට් සහ බටහිර කඳවුරු අතර දේශපාලනිකව සමතුලිතව පැවතීමට ද මොස්කව් හා බෙයිජින්හි උදව්වෙන් ‘අධිරාජ්‍ය විරෝධී’ වෙස් පෑමට ද පසුගාමී ධනපති රටවල ධනේශ්වරයට තිබුනු ඉඩකඩ සීතල යුද රටාව බිඳ වැටීම මගින් කම්මුතු විය. සෝවියට් සංගමය සමග බලගතු සබඳතා සහිතව ඊනියා නොබැඳි ව්‍යාපාරයේ නායක සාමාජිකයෙකුව සිටි ඉන්දියාව තුල, මෙම කි‍්‍රයාදාමය නැවතත් සුවිශේෂිතව ප‍්‍රකාශයට පත්විය. වොෂින්ටනය සමග සබඳතා අලුත්වැඩියා කරගැනීම ඇරැඹූ නව දිල්ලිය පීඑල්ඕ වැනි ජාතික ව්‍යාපාරවලට පෙර කල දුන් සහාය අත් හැරීමට පටන් ගත්තේය.

27-5 පැවති සෝවියට් කඳවුර සහ චීනය නග්න ලෙස ධනවාදය වැලඳ ගැනීම හේතුවෙන් කලාපය තුල ස්ටැලින්වාදී පක්ෂවල දේශපාලන අර්බුද වඩාත් ගැඹුරු විය. මෙම අර්බුදය ප‍්‍රකාශිත වූයේ තායිලන්ත කොමියුනිස්ට් පක්ෂය මෙන් මුලුමනින්ම බිඳ වැටීමෙන් හෝ පිලිපීන කොමියුනිස්ට් පක්ෂය මෙන් කැබලිවලට කැඩී යාමෙන් හෝ එසේත් නැතිනම් ජපානයේ හා ඉන්දියාවේ මෙන් දේශපාලන සංස්ථාපිතයට සිය ඒකාග‍්‍රවීම සම්පූර්න කිරීමෙනි. විවිධාකාර ජාතික සන්නද්ධ ව්‍යාපාර තමන් පූර්වයෙන් පෙන්නුම් කල “සමාජවාදී” වෙස්පෑම් සැනෙකින් අත් හැර, වෙලඳපොල දෘෂ්ටිවාදය වැලැඳගනිමින් අධිරාජ්‍යවාදයට අනුගත වූ අතර, ශී‍්‍ර ලංකාව තුල “ව්‍යාඝ‍්‍ර ආර්ථිකයක්” සඳහා එල්ටීටීඊයේ අනුග‍්‍රාහකත්වය මගින් මෙය මූර්තිමත් විය.


[65]

ඩේවිඩ් නෝර්ත් , “මාක්ස්වාදය සඳහා අරගලය සහ හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ ” Fourth International, (හතරවන ජාත්‍යන්තරය), 19 වෙලුම, අංක 01,1992 සරත්-ශීත, 74 පිටුව.

[66]

Fourth International (හතරවන ජාත්‍යන්තරය), 16 වෙලුම,අංක 1-2, 1 පිටුව.