Socialist Equality Party (Sri Lanka)
සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

විකොස සහ ගොවි ජනතාව

29-1 දකුනේ වැඩෙන සමාජ නොසන්සුන්තාව මැද්දේ, ජනාධිපති පේ‍්‍රමදාස, 1989 ජූලි වන විට ඉන්දියානු හමුදා ශී‍්‍ර ලංකාවෙන් පිටව යා යුතු යයි ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ප‍්‍රසිද්ධ ආස්ථානයක් ගත්තේය. 1989 ජූනියේ දී එල්ටීටීඊය සමග සටන් විරාමයක් අත්සන් කල ඔහු, රහසේ එයට අවි සපයමින්, ඉන්දියානු හමුදාවට එරෙහිව එම සංවිධානයේ සන්නද්ධ අරගලයට උදව් කලේය. ජවිපෙ සමග සම්මුතියක් ඇති කර ගැනීමට අසමත් වූ එජාප, පලමුව ජවිපෙට සහ අනතුරුව වඩාත් පුලුල්ව එහි සමාජ පදනම වන සිංහල ගොවි ජනතාවට එරෙහිව ක‍්‍රියාවට බැසගති. 1989 නොවැම්බරයේ දී ආරක්ෂක හමුදා, ජවිපෙ නායක රෝහන විජේවීර ඇතුලු මුලු නායකත්වය ම පාහේ අත් අඩංගුවට ගෙන, කුරිරු ලෙස ඝාතනය කලේය. මෙම ඝාතන වනාහි, ඉන්පසු එලැඹි දෙවසර තුල 60,000 ක් ජනයා මරා දැමූ බවට තක්සේරු කෙරුනු, ආරක්ෂක හමුදාවන් හා සහායක ඝාතක කල්ලි විසින් ගම්බද ජනයාට එරෙහිව දියත් කල තථ්‍ය යුද්ධයක ආරම්භය පමනි.

29-2 ශී‍්‍ර ලාංකික පාලක පන්තියේ මෙම හදිසි හැරීම, විකොසට නව දේශපාලනික අභියෝගයන් මුනගැස්වූ අතර, ජාත්‍යන්තර කමිටුව තුල ඒවා දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය. විජේවීර ඝාතනයේ දේශපාලනික ඇඟවුම් අඩු තක්සේරු කිරීම සඳහා ආරම්භයේ දී විකොස තුල පැවැති ප‍්‍රවනතාවකට එරෙහිව, රාජ්‍ය මර්දනයේ බරපතල අනතුර පිලිබඳව විකොස විසින් කම්කරු පන්තියට අනතුරු ඇඟවිය යුතු බවත්, ගම්බද තරුනයන්ට එල්ල කල ප‍්‍රචන්ඩ ප‍්‍රහාරයන්ට එරෙහිව ජවබල සම්පන්නව කම්කරුවන් කැඳවිය යුතු බවත්, අවධාරනය කෙරුනි. එය සරලව ජවිපෙ නායකයන්ගේ ඉරනම පිලිබඳ කරුනක් නොව, එම සංවිධානය රඳා පැවැති සමාජ පදනම පිලිබඳ කාරනයකි. 1971 අපේ‍්‍රල් කැරැල්ල ඉක්බිත්තෙහි කලාක් මෙන්ම විකොස, තම වැඩ කටයුතුවල සියලුම පැතිවලින් ආන්ඩුව කෙරෙහි අනම්‍ය විරුද්ධත්වයක් පවත්වා ගෙන යමින්, ගම්බද ජනයාගේ ආරක්ෂාව සඳහා උද්ඝෝෂනයේ යෙදෙන අතරම, එසේ කිරීමේ දී සමාජවාදී විප්ලවය සඳහා අත්‍යවශ්‍ය වන කම්කරු පන්තිය සහ ගොවි ජනතාව අතර සන්ධානය සංයුක්තව ගොඩ නැගිය යුතු විය. එහි දී සමාජවාදී විප්ලවය සඳහා අවශ්‍ය කම්කරු පන්තිය හා ගම්බද ජනතාව අතර සැබෑ සන්ධානයක් ගොඩනැගිය යුතු විය.

29-3 ඉන්දියානු හමුදාව ආපසු කැඳවා ගැනීමෙන් අනතුරුව, දෙමල මහජනතාවට එරෙහිව උතුරේ යලි ඇරඹූ යුද්ධයට සහ රජය විසින් දකුනේ ගෙන ගිය ගම්බද තරුන සංහාරයට එරෙහිව, 1990 දෙසැම්බරයේ දී විකොස සවිස්තර ප‍්‍රකාශයක් නිකුත් කලේය. සිංහල හා දෙමල ගම්බද ජනතාව ආරක්ෂා කිරීම, ධනවාදය අහෝසි කිරීමට සහ ශී‍්‍ර ලංකා සහ ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක රූපයෙන් කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමට ගෙන යන සටන සමග අත්‍යන්තයෙන්ම බැඳී පවතින බව එය පැහැදිලි කලේය. උතුරේ යුද්ධයට සහයෝගය දැක්වීම සහ දකුනේ ගම්බද ජනයා ආරක්ෂා කිරීම සඳහා වන කම්කරු පන්තියේ කවර හෝ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමක් අවහිර කිරීම සම්බන්ධයෙන් ලසසප, කොප හා නසසප යන කම්කරු පන්තියේ අවස්ථාවාදී නායකත්වයන්ට විකොස චෝදනා කලේය. කම්කරුවන්ගේ සහ ගම්බද ගොවි ජනතාවගේ දැවෙන ආර්ථික අවශ්‍යතාවයන් සහ ප‍්‍රජාතන්තී‍්‍රය අභිලාෂයන් සපුරාලන සංක‍්‍රමනීය ඉල්ලීම් සහිත සවිස්තර ක්‍රියාමාර්ගයක්, එම ප‍්‍රකාශනයෙන් ඉදිරිපත් කෙරින. මේ පදනම මත රාජ්‍ය හමුදා මගින් ගෙන ගිය කෲරකම් හෙලිදරව් කිරීමටත් ගම්බද තරුනයන් ආරක්ෂා කිරීම සඳහා කම්කරුවන් සහ ශිෂ්‍යයන් බලමුලු ගැන්වීමටත්, විකොස පුලුල් උද්ඝෝෂනයක් ගෙන ගියේය.