<

 

මුහුනුපොතෙන් පොලිස්පොතට

From Facebook to Policebook

2018 පෙබරවාරි 2

භාවිතා කරන්නන්ගේ පලකිරීම් හා පනිවුඩ සියල්ල අධීක්ෂනය කිරීම, ස්වාධීන ජනමාධ්‍යය වාරනය කිරීම සහ පොලීසියට හා රහස් තොරතුරු ඒජන්සි වෙත භාවිතා කරන්නන්ව වාර්තා කිරීමට කෘතිම බුද්ධිය (ඒඅයි -ආටිෆිෂල් ඉන්ටලිජන්ස්) යොදාගැනීම සඳහා සමාජ මාධ්‍ය සමාගමේ අත්‍යසාමාන්‍ය සැලසුම් කැටිකර දක්වන නිවේදනයක් මුහුනුපොතේ ප‍්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග් විසින් ජනවාරි 31දා පලකලේ ය.

සමාගමේ කාර්තු ආදායම් වාර්තාව සමග ඒකාබද්ධ ව නිකුත් කරන ලද සකර්බර්ග්ගේ නිවේදනය ආරම්භ වූයේ 2017 වසර මුහුනුපොතට “අසීරු වසරක්” වූ බව ප‍්‍රකාශ කරමිනි. “ලෝකයට කාංසා සහගත හා බෙදුනු බව දැනෙන අතර මුහුනුපොතේ ද ඒ බව ප‍්‍රදර්ශනය වුනි. ජාතික රාජ්‍යවල අතපෙවීම, ව්‍යාජ, භාවාත්මක හා ධ‍්‍රැවීකරනය වූ පුවත් ප‍්‍රචාරය වීම සහ සමාජ මාධ්‍යවල උපයෝගීතාව පිලිබඳ විවාද අපගේ වේදිකාව මත සිදුවන බව අපට දැකගන්නට ලැබුනි” යයි එහි සඳහන් විය. “යහපත් දේවල් විශාලනය කිරීමේ හා හානිකර දේවල් වැලැක්වීමේ වගකීම මුහුනුපොතට තිබේ. 2018 වසරේ මගේ පුද්ගලික අභියෝගය එය යි” යනුවෙන් සකර්බර්ග් ලියයි.

මුහුනුපොතේ “නිව්ස්පීක්1” භාෂාවට අනුව මෙහි අර්ථය වන්නේ, “ව්‍යාජ ප‍්‍රවෘත්ති හා රුසියානු අතපෙවීම්” වැලැක්වීමේ නාමයෙන් අන්තර්ජාලය මත තොරතුරු මර්දනය කිරීමට හා අන්තර්ගතය වාරනය කිරීමට සමාගම මේ වසර තුල ආක‍්‍රමනශීලී ලෙස කටයුතු කරන බව යි.

මෙම ව්‍යාපෘතියේ සැබෑ තර්ජනාත්මක ගම්‍යයන් සකර්බර්ග්ගේ නිවේදනය තුල සටහන් කරනු ලැබේ. “උදවු උපකාර ක්ෂනික ව අවශ්‍ය වූ සියදිවි හානිකරගැනීමේ නිවේදන පලකිරීම් හසුකර ගැනීමට නව තාක්ෂනය යොදා ගැනීම මෙන් ම මැතිවරන සමයන්හි දී සැකකටයුතු හැසිරීම් පිලිබඳ සංඥාවන් ලබාගැනීම හා ත‍්‍රස්තවාදී අන්තර්ගතයන් ඉවත් කිරීමට කෘත‍්‍රිම බුද්ධි පද්ධති වර්ධනය කිරීම” ආදිය මුහුනුපොතේ ආරම්භකත්වයන් අතර තිබේ යයි ඔහු ලියයි.

වෙනත් වචනවලින් කියතොත් සිය සමාජ මාධ්‍ය වේදිකාව මත පලකරන සියලු තොරතුරු එකතු කිරීම, අධීක්ෂනය කිරීම හා අර්ථකථනය කිරීමට මුහුනුපොත විසින් කෘතිම බුද්ධි පද්ධති හඳුන්වා දී ඇත. මහජනයා ව විමර්ශනය කරන එවැනි පලල් පරාසීය පද්ධති හඳුන්වාදීමේ දී සෑම විට ම එය සාධාරනීකරනය කරනු ලබන්නේ ප‍්‍රශංසාත්මක ලෙස පෙන්නුම් කරන ප්‍රේරනයන් සමගිනි. සියදිවි හානිකරගැනීම් හෝ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර නැවැත්වීම ඉලක්ක කරගන්නා පියවරයන්ට විරුද්ධ වන්නේ කවුද? එහෙත් නව පද්ධතිවල සැබෑ අභිප‍්‍රාය බොහෝසෙයින් ඊට වෙනස් ය.

සමාගමේ කෘතිම බුද්ධි සැලසුම්වල පලල් පරාසීය වපසරියට සකර්බර්ග් අවධානය යොමුකරන්නේ පසුව ය. “කෘතිම බුද්ධිය යොදාගැනීමේ දී අපේ අරමුන වන්නේ මුහුනුපොත මත සියලු අන්තර්ගතයන්ගේ තේරුම අවබෝධ කරගැනීම යි.” සෑම පලකිරීමක්, ඡායාරූපයක්, වීඩියෝ පටයක්, අදහස් දැක්වීමක්, ප‍්‍රතික‍්‍රියාවක් හා බෙදාහැරීමක් ම “හානිකර” අන්තර්ගතයන් විශ්ලේෂනය කිරීම සඳහා සමාගමේ වඩ වඩා බලගතු වන පරිඝනක පද්ධති තුලට සපයනු ලැබ අවශ්‍ය යයි සලකන විට පොලීසියට හා රහස් තොරතුරු ඒජන්සීන් වෙත වාර්තා කරනු ලැබේ.

මුහුනුපොතේ ක‍්‍රියාවන්ගේ යථා හා දුෂ්ට ඉලක්කය සමාගම විසින් ගනු ලැබෙමින් තිබෙන අනෙක් ආරම්භකත්වයන්ගෙන් ද එලිමහනට පැමිනේ. “වැරදි තොරතුරු හා ධ‍්‍රැවීකරනයන් වැලැක්වීමට, ඔබ මුහුනුපොත දකින තොරතුරු පුලුල් ලෙස විශ්වාසනීය ඉහල ගුනයෙන් යුත් මූලාශ‍්‍රයන් වෙතින් පැමිනෙන බව” සනාථ කිරීමට සමාගමට පවතින නිශ්චිත භාවය ගැන වඩාත් ම අර්ථභාරී ලෙස සකර්බර්ග් අවධානය කලේ ය.

මෙම “පුලුල් ලෙස විශ්වාසනීය” මූලාශ‍්‍ර මොනවා ද? “උදාහරනයක් ලෙස වෝල් ස්ට්‍රීට් ජර්නල් හෝ නිව් යෝක් ටයිම්ස් පුවත්පත් බලන්න” යයි ප‍්‍රකෝටිපති ප‍්‍රධාන විධායක නිලධාරියා ලීවේ ය. “ඔබ එම පුවත්පත් කියවන්නේ නැතත්, එසේ නැත්නම් ඔවුන් ලියන සියල්ල සමග එකඟ නො වූවත් ඔවුන්ගේ ඉහල වසයෙන් ගුනාත්මක ජනමාධ්‍යවේදය ගැන බොහෝ ජනයාට විශ්වාසයක් තිබේ. පිලිගැනීමට ලක් නො වන දේ ගත් කල වඩා වැඩි ශ‍්‍රාවකයක් සහිත පෞද්ගලික වෙබ් අඩවි තිබෙන්නේ වුවත් ඒවායේ හරාත්මක ශ‍්‍රාවකය හැරුනු විට වෙනත් අය අතර ඒවා ගැන පුලුල් විශ්වාසයක් නැත. එවැනි ප‍්‍රකාශන අප පෙන්වන්නේ තරමක් අඩුවෙනි.”

වෙනත් වචනවලින් කියතොත් සංගත මාධ්‍ය මූලාශ‍්‍ර දිරිමත්ව ප‍්‍රචාරනය කෙරෙනු ඇති අතර “පුලුල් ශ‍්‍රාවකත්වයක්” තිබෙන්නේ වුවත් අනෙකුත් ප‍්‍රකාශන පහලට දැමෙනු ඇත. “තරමක් අඩුවෙන් පෙන්වීම” යන්නේ සකර්බර්ග් අදහස් කරන්නේ පලල් ශ‍්‍රාවකත්වයක් වෙත ලඟා වීමෙන් ඒවා වලක්වනු ලබන බව යි. වඩාත් සරල ව ගත් කල ඒවා වාරනයට ලක්වනු ඇත.

විකල්ප මූලාශ‍්‍රවලින් පැමිනෙන ප‍්‍රවෘත්ති වාරනයට අමතර ව “මහජනයාගේ යහපතට හා සමාජයට” අහිතකර නිසා “පුලුල් ලෙස බෙදාහැරෙන වීඩියෝ පට” අඩුවෙන් පෙන්වීමට මුහුනුපොත කටයුතු කරමින් සිටින සකර්බර්ග් සිය ලිපියේ ආරම්භයේ දී සඳහන් කරයි.

සකර්බර්ග් සඳහන් කරන පුලුල් ලෙස බෙදාහැරෙන වීඩියෝ පට අතර පොලිස් ප‍්‍රචන්ඩත්ව වීඩියෝවන්, ලන්ඩනයේ සමාජ අසමානතාව හෙලිදරවු කල පසුගිය වසරේ ග්‍රෙන්ෆෙල් ටවර් ගිනිගැනීම ගැන වාර්තා කිරීම වැනි සමාජීය හෙලිදරවුවන් හා එක්සත් ජනපද මිලිටරිය විසින් කරන යුද අපරාධ පිලිබඳ වාර්තාවන් අයත් වේ. සකර්බර්ග් පසුව සඳහන් කරන පරිදි එවැනි ඕනෑම අන්තර්ගතයක් “පහල දැමෙන” අතර එමගින් “ලිපියකට වන ප‍්‍රවේශය සියයට 80කින් අඩු කරයි.”

“මහජනයා විශ්වාස කරන” මූලාශ‍්‍ර දිරිමත් කිරීම ගැන සකර්බර්ග් කරන මූලික අවධාරනය ප්‍රෝඩාවකි. පසුගිය වසරේ පලකල ගැලප් මත විමසීමකට අනුව “ප‍්‍රවෘත්ති සම්පූර්න, නිරවද්‍ය හා සාධාරන” ආකාරයෙන් ජනමාධ්‍ය තුල වාර්තා කෙරෙතැයි ඇමරිකානුවන්ට පවතින විශ්වාසය, මත විමසුමේ ඉතිහාසයේ අඩුතම අගය වන සියයට 32ක් පමනක් මාධ්‍ය ගැන “සැලකිය යුතු” හෝ “සාධාරන” විශ්වාසයක් පවතී යයි කියූ තතු යටතේ ය. ඒ අතර ම ප‍්‍රවෘත්ති කියවීම සඳහා සමාජ මාධ්‍ය භාවිතය බොහෝ සෙයින් ඉහල යමින් තිබෙන්නේ, පිට් පර්යේෂන මධ්‍යස්ථානයේ මත විමසුමකට අනුව එම අගය එක්සත් ජනපද ජනගහනයෙන් තුනෙන් දෙකකට ලඟාවෙද්දී ය.

මුහුනු පොත ඇතුලු අනෙකුත් සමාජ මාධ්‍ය ජාලයන්ගේ ජනප‍්‍රියතාවේ වර්ධනය බොහෝ සෙයින් පදනම් වී ඇත්තේ ඒ්වා පාවිච්චි කරන්නන් හට මූලික ප‍්‍රවාහෙය් මාධ්‍ය ජාල වලින් නොලැබෙන දෘෂ්ඨි ආස්ථාන මෙන්ම තොරතුරුද ලබා ගැනීමට ඉඩ ප‍්‍රස්තාව ලැබීම නිසාය. දැන් මුහුනු පොත මෙය කනපිට පෙරලා නිල තොරතුරු ප‍්‍රචාරනය කරමින් ඒ්වා ප‍්‍රශ්නයට බඳුන් කරන ස්වාධීන තොරතුරු මූලාශ‍්‍ර අවහිර කිරීමට එහි පවතින වුවමනාව සදහන් කරයි.

මුහුනුපොත, ගූගල්, ට්විටර් හා අනෙකුත් යෝධ සමාජ මාධ්‍ය සමාගම් රහස් තොරතුරු ඒජන්සි හා ආන්ඩුව සමග සමීප ව වැඩකරමින් සන්නිවේදන යාන්ත‍්‍රනය හසුරුවන්නන් වාරනයේ හා මර්දනයේ උපකරන බවට පත්වීම පිනිස ක‍්‍රම සොයති. එම ක‍්‍රියාවලිය මගින් 21වන ශතවර්ෂයේ වඩාත් ම වැදගත් හා නිදහස් තාක්ෂනික වර්ධනයන් වන කෘතිම බුද්ධියේ වර්ධනය හා ප‍්‍රසාරනය, පොලිස් පාලනයේ හා ආඥාදායකත්වයේ යාන්ත‍්‍රනයෙහි එක් ක‍්‍රමයක් බවට හැරවීමට ඔවුහු වැඩකරමින් සිටිති.

අන්තර්ජාල වාරනයට එරෙහි සටන ලොව පුරා කම්කරුවන් මුහුන දෙන ක්ෂනික කර්තව්‍යයකි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය දෙවන ලෝක යුද්ධයෙන් මෙපිට නිදහසේ අදහස් පලකිරීමට එල්ල වන තියුනු ම තර්ජනයට එරෙහි සටනට නායකත්වය දෙමින් සිටී. සමාජවාදී, යුදවිරෝධී, වාමාංශික හා ප‍්‍රගතිශීලී වෙබ් අඩවිවලට, සංවිධානවලට හා ක‍්‍රියාකාරීන්ට අන්තර්ජාල වාරනයට එරෙහි ජාත්‍යන්තර සභාගයක් සඳහා එය ජනවාරි 23දා විවෘත ලිපියක් පලකලේ ය.

මෙම සභාගයේ මූලධර්ම මෙසේ ය:

x අන්තර්ජාලය, ඊට ප්‍රවිෂ්ටවීම අයිතියක් බවටත් එය අවහිරයකින් තොරව සැමට එකසේ ලබා ගත හැකි විය යුතු බවටත් වන මූලධර්මයෙන් මග පෙන්වනු ලබන, දේශපාලන සංවිධානයේත්, නිදහස් ලෙස තොරතුරු, සංස්කෘතිය හා විසංවාදී දෘෂ්ටිකෝනයන් හුවමාරු කර ගැනීමේත් වේදිකාවක් ලෙස ආරක්ෂා කිරීම.

x අන්තර්ජාලය ආන්ඩු හා පෞද්ගලික සමාගම්වල පාලනයෙන් පරිපූර්නව ස්වාධීන විය යුතු බවට කොන්දේසි විරහිතව බල කර සිටීම.

x අන්තර්ජාලයේ අපක්ෂපාතිත්වය හා ඊට නිදහස්, නිර්බාධිත සහ සමාන ප්‍රවිෂ්ටයක් ලැබීම කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීම.

x මහජනයාට වෙබ් අඩවිවල දෘශ්යතාවය සීමා කෙරෙන හා අවහිර කෙරෙන පරිදි ආන්ඩු හා සංස්ථාවන් විසින් සෝදිසි ඇල්ගොරිතම හා පටිපාටීන් හැසිරවීම තහනම් කිරීම හා නීතිවිරෝධී කිරීම.

x අන්තර්ජාලය හා කෘතිමව බුද්ධියේ තාක්ෂනය, වෙබ් පරිශීලකයන් පිලිබඳ ඔත්තු බැලීමට භාවිතා කිරීමට එරෙහිව සම්මුති විරහිත විරුද්ධත්වය.

x ජුලියන් අසාන්ජ් හා එඩ්වඩ් ස්නෝඩන්ට එරෙහි හිංසා පීඩා නවතා දැමීමට හා ඔවුන්ගේ පෞද්ගලික නිදහස මුලුමනින්ම ප්‍රතිස්ථාපනය කිරීමට බල කිරීම.

x ඒකාධිකාරී අන්තර්ජාල සමාගම් ජාත්‍යන්තරව සමායෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යටතේ පෞද්ගලික ලාභය නොව ඉහලම ප්‍රමිතියේ සේවය සම්පාදනය කරන මහජන උපයුක්තතා බවට පරිවර්තනය කිරීම.

x අන්තර්ජාල වාරනයට එරෙහිව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීම සඳහා වන අරගලය, ධනේශ්වර ආන්ඩුවලට සහ ඒවායේ උත්සුකයන් වෙනුවෙන් සේවය කරන පක්ෂ හා දේශපාලනඥයන්ට ආයාචනය කිරීම මගින් නොව, ඔවුන්ට එරෙහිව සම්මුතිවිරහිත අරගලයකින් පමනක් සිදු කල හැක්කකි. තවද, මෙම අරගලය එහි විෂය ක්ෂේත්‍රයෙන් ජාත්යන්තර වන අතර එය ජාත්යොන්මාදවාදයේ, වර්ගවාදයේ හා අධිරාජ්‍යවාදී යුදවාදයේ සෑම ආකාරයකට හා විද්‍යමානවීමකටම මුලුමනින්ම සතුරු වෙයි. එබැවින්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සත්‍යවශයෙන්ම කැප වී සිටින කවරෙක් වුව, සියලු රටවල කම්කරු පන්තිය බලමුලු ගැන්වීම කෙරේ සිය ප්‍රයත්නයන් යොමු කල යුත්තාහ.

මෙම මූලධර්ම සමග එකඟවන සියල්ලන්ට ලෝක සමාජවාදී වෙබ් අඩවිය අමතන ලෙස හා අන්තර්ජාල වාරනයට එරෙහි අරගලය සියතට ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.

ආන්ද්‍රෙ ඩැමන්

Fight Google's censorship!

Google is blocking the World Socialist Web Site from search results.

To fight this blacklisting:

Share this article with friends and coworkers