ආරක්ෂාව හා හතරවන ජාත්‍යන්තරය

සිල්වියා ඇගිලොෆ් හා ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය

තුන්වන කොටස

පහත පල කෙරෙන්නේ 2021 පෙබරවාරි 7 දින Security and the Fourth International Sylvia Ageloff and the assassination of Leon Trotsky යන මැයෙන් පල කෙරුනු කොටස් හතරකින් යුතු ලිපි මාලාවේ තුන්වන කොටසේ සිංහල පරිවර්තනයයි. පලමු වන , දෙවන කොටස් පිලිිිිිිිවෙලින් පෙබරවාරි 17 සහ 23 දිනයන්හිි පලවින.

මෙය තුන්වන කොටසයි.

මෙක්සිකෝවේ උප නගරයක් වන කොයොආකාන්හිදී 1940 අගෝස්තු 20 වන දින, ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ රේමන් මර්කාඩර් විසින් ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කරන ලදී. මෙම ශ්‍රේෂ්ඨ විප්ලවවාදියා ඝාතනය කිරීමට මර්කාාඩර්ට අවස්ථාව සැලසුනේ, සමාජවාදී කම්කරු පක්ෂ (එස්ඩබ්ලිව්පී) සාමාජිකයෙකුවූ සිල්වියා ඇගිලොෆ් ඔහු සමඟ පැවැත්වූ සම්බන්ධතාවය තුලිනි. ඝාතනයෙන් පසුව ඇගිලොෆ්, තමා මර්කාඩර්ගේ දෙපිටකාට්ටුකමෙහි අහිංසක ගොදුරක් වීය යන්නට එස්ඩබ්ලිව්පීය කිසි විටෙකත් අභියෝග නොකලේය .

ඇගිලොෆ්ගේ භූමිකාව පිලිබඳ මෙම ලිපි මාලාව, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් ප්‍රථම වරට පැවැත්වූ ක්‍රමානුකූල පරීක්ෂනය පිලිබඳව ද හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෙනගිය වැඩ කටයුතුවල අඛන්ඩතාව ද නියෝජනය කරන අතර එය කොටස් හතරකින් ප්‍රකාශයට පත් කෙරේ.

1940 13 ට 30 දකා: සන්-ව සමඟ වල

ජැක්සන්-මෝර්නාඩ්ට එක්සත් ජනපදයට ඇතුළුවීමට උදව් කිරීමෙන් පසුව ඇගිලොෆ්, කිසියම් විදිහකින් ඔහු අත්අඩංඟුවට පත්වුනොත් ජීපීයූ නියෝජිතයින් විසින් චෝදනාවෙන් ගැලවීමේ උපක්‍රමයක් සකස් කරන තෙක් ඔහු සමඟ බෘක්ලින් හෝටලයේ නැවතී සිටියහ.

ඇගිලොෆ් සහ ජැක්සන්-මෝර්නාඩ් ජුනි 14 සිට ජූනි 30 දක්වා පියරේපොන්ට් හෝටලයේ නැවතී සිටියහ. ලියොනිඩ් එයිටින්ගන් ද නිව්යෝර්ක් බලා පැමිනියේය. නිව්යෝර්ක් නුවර සිටියදී ජැක්සන්-මෝනාඩ් ඔහුගේ මව වන කැරිඩාඩ් ඩෙල් රියෝ මෙන්ම ජීපීයූවේ ගයික් ඔවාකිමියන් සමඟ ද රැස්වීම් පැවැත්වීය. [94] මීට අමතරව ඇගිලොෆ් සහ ජැක්සන්-මෝනාඩ්, ලඟකදී වේරා කෘස්හි සිට පැමිනි රොස්මර්ස් ද හමුවිය.

ලුරි මෙසේ ලිවීය:

ෆ්‍රෑන්ක් ජැක්සන් (රේමන් මර්කාඩර්) සහ ඔහුගේ බිරිඳ (සිල්වියා ඇගිලොෆ්) බෘක්ලින්හි පියරේපොන්ට් හෝටලයේදී ජුනි 14 වන දින, “ එෆ්. ජැක්සන් සහ බිරිඳ ” ලෙස ලියාපදිංචි වූහ. " ඔවුන් සතියකට ඩොලර් පහලොවක් වූ 737 දරන කාමරය ගත් අතර, 30 දින වන තෙක් එහි නැවතී සිටියෝය. මේ කාලය තුල දින කිහිපයකට නිව් යෝර්ක් වෙත පැමිනි රොස්මර්ස් හමුවීමට ඔවුන්ට අවස්ථාව ලැබුනි. [95]

බෘක්ලින්හි 55 පියරේපොන්ට් වීදිය (කලින් පියර්පොන්ට් හෝටලය) [Photo: Google Maps/WSWS]

හිටපු පූම් නායක ජුලියන් ගෝර්කිං විසින් රචිත, මෙක්සිකෝවේ ඝාතනය පිලිබඳ පරිච්ඡේදයේදී, නිව් යෝර්ක් වෙත කල සංචාරයේ ප්‍රධාන අරමුන, ඝාතකයාට චෝදනාවෙන් ගැලවීමේ උපක්‍රමයක් සැකසීම බව පැහැදිලි කරයි. එය ජැක්සන් මොනාර්ඩ් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු බලධාරීන් වෙත දුන් " පාපොච්චාරන " ලිපියේ දැක්වෙයි.

මෙම ලිපිය තුල ජීපීයූව, ජැක්සන් මෝනාර්ඩ්ගේ සැකසහිත චේතනාව ට්‍රොට්ස්කි ඝාතනය බව ගෙනහැර දක්වයි. ඔහු ට්‍රොට්ස්කිවාදියෙකු වූ අතර, ඔහුගේ බිරිඳ සිල්වියා අතහැර දමා ෂැංහයි වෙත ගොස් සෝවියට් සංඟමයට ඇතුළු වන ට්‍රොට්ස්කිවාදීන් කන්ඬායමක් මෙහෙයවන ලෙසත්, සෝවියට් කර්මාන්ත කඩාකප්පල් කිරීමටත්, ආන්ඩුවේ ප්‍රධාන නිලධාරීන් ඝාතනය කිරීමටත් ට්‍රොට්ස්කි නියෝග කල විට ට්‍රොට්ස්කි සමඟ ඔහු උරන විය. ජැක්සන්-මෝනාඩ්ට ලිපියේ අන්තර්ගත දෑ නැවත කීමට නොහැකි වීමත් ඇදහිය නොහැකි පරිදි ඔහු එම ලිපිය මෙක්සිකෝ නගරයේ චැපල්ටෙපෙක් වනයේදී ලියා ඇති බවත් පැවසීම, අතිශයින් සැක සහිත බව ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් පරීක්ෂනය මෙහෙයවූ සැන්චෙස් සලාසාර්ට පෙනී ගියේය. [96]

එගොර්කින් “ පාපොච්චාරන ” ලිපියේ වැදගත්කමත් එය සකස් කලේ කොතැහිදී ද හා කොහේදීදැයි ජීපීයූවට පැහැදිලි කර දුන්නේය,

ඔව්, මේ මිනිස් රොබෝව පිලිබඳ සියල්ලම බොරු හා වංචාවකි. සියල්ලටත් වඩා, ඔහු ලඟ තිබී සොයාගත් ලිපිය. එය නිව්යෝර්ක්හිදී ලියා, පරීක්ෂා කර, සාකච්ඡා කොට නැවත ලියා ඇති බවට සැකයක් නැත. මෙම කාරනය වසන් කිරීම සඳහා ඝාතකයාට අපූරු යතුරු ලියනයක් සොයාගැනීමට සිදු විය. අවසාන මිනිත්තුවේදී පැන්සලෙන් සටහන් කර ඇති අත්සන, දිනය සහ එහි අන්තර්ගතදෑ ඔහුගේ ප්‍රකාශයේ දී ඔහුට හොඳින් මතකයට නඟාගැනීමට නොහැකි වීමේ කාරනයෙන් මෙය සනාථ වේ. නිව්යෝර්ක් හි ජීපීයූ ඒජන්තවරු එය ඉතා පරිස්සමින් රචනා කර ඇත්තේ, එය රුසියාවේ අනාගතය රඳා පවතින වැදගත් ප්‍රතිපත්තියක් සහිත ලේඛනයක් මෙන් වන අතර, කොමින්ටර්නයේ සියලු න්‍යායන්ට වඩා ඔවුන්ට නම් එය වැදගත් විය. එහි නිර්මාපකයින්ගේ සිතෙහි එක් ප්‍රධාන දෙයක් හොල්මන් කලේය: නායකයින් සියල්ලටම වඩා උත්තරීතර නායකයා තෘප්තිමත් කිරීමය ඒ.

ජැක්සන්-මෝර්නාඩ් එය පුපුරා යාමට සූදානම් බෝම්බයක් මෙන් සඟවා ගෙන ගිය අතර, සාමාන්‍යයෙන් කෙරෙන පරිදි රාජ්‍යතාන්ත්‍රික ලිපිගොනු බෑගයක් තුල, එහි පිටපතක් මොස්කව් වෙත යවා ඇති බවට සැකයක් නැත. ජීපීයූ පුරුදු වලට අනුකූලව, මෙම ලිපියේ අරමුන, එක් ගලකින් කුරුල්ලන් දෙදෙනෙකු මැරීමයි: එක් අතකින්, ට්‍රොට්ස්කි රුසියානු ජනතාවගේ දිවුරුම් දුන් සතුරා ලෙසත්, ස්ටාලින් ඝාතනයේ සංවිධායක ලෙසත්, අනෙක් අතට, සදාචාරාත්මක හා දේශපාලනික වශයෙන් ට්‍රොට්ස්කිවාදය විනාශ කිරීමත්ය. එය නායකයෙකු නැති තැනකට දැමෙනු ඇත. ඔහු ගැන “කලකිරීමට” පත් එහි සාමාජිකයෙකු ඔහු මරා දමා තිබුනි. ජීපීයූ හි සෑම ක්‍රියාවකම පාහේ දක්නට ලැබෙන දෙපිටකාට්ටුව හා එම ද්‍රෝහිකමම යමෙකු සොයා ගනු ඇත: එය මිනීමැරීමට ප්‍රමානවත් නොවේ; පසුව ඉන් වින්දිතයාට අගෞරව කල යුතු අතර වරද වෙනත් කෙනෙකු වෙත පැටවිය යුතුය. නමුත් ඒ මැකියාවෙලිවාදයේ සංකේතයෙන්, ජීපීයූවේ සලකුනෙන් එනම් තමන්ගේම මුද්‍රාවෙනි. මෙම ලිපිය මතකයේ රැඳෙන මෝඩකමකි: පලමුව, එය ලියනු ලැබුවේය යන සරල කාරනයටද දෙවනුව එහි අන්තර්ගතයටද අනුව ය. ඝාතකයා ජීපීයූවේ ආගන්තුක කාඩ්පත තම සාක්කුවේ රුවාගෙන සිටියාක් මෙනි. [97]

මේ බොරු ආඛ්‍යානය සැකසීමේ වැදගත්කම පැහැදිලි කරන්නේ, නිව් යෝර්ක් වෙත කල ජැක්සන් මොනාර්ඩ්ගේ සංචාරයට සති දෙකක්ම ගතවුනේ මන්ද යන්නයි. මෙම ව්‍යාජ පාපොච්චාරනය සාකච්ඡා කිරීම, ලිවීම සහ නැවත ලිවීම සඳහා අතිශය රහස්‍යභාවයක් අවශ්‍ය වූ බව පැහැදිලිය. මෙම තීරනාත්මක කාලය තුලම ජැක්සන්-මෝනාඩ්, පියෙලපොන්ට් හෝටලයේ 737 කාමරයේ ඇගිලොෆ් සමඟ වාසය කලේය.

මෙම ලිපිය තවත් අරමුනක් ඉටු කල බව ගොර්කින් පැහැදිලි කලේය: ඝාතනය සැලසුම් කල ආකාරය පිලිබඳව කිසිවක් හෙලි කිරීමෙන් ජැක්සන්-මෝර්නාඩ් වැලැක්වීම:

අනෙක් අතට එය සකස් කරනු ලැබුවේම ජැක්සන්-මෝර්නාර්ඩ් මරා දමනු ඇත යන බලාපොරොත්තුවෙනි. මේ අනුව එක ගලකින් කුරුල්ලන් තිදෙනෙකු මරා දැමිය හැකැයි ජීපීයූවට කිව හැකි විය: එහි ඒජන්තයා ද මරා දමනු ඇත, මෙය ඔහුගේ “ සාක්ෂිය” වනු ඇත. " මාරක තුවාල ලත් ට්‍රොට්ස්කි, සිය ඝාතකයා මරා දැමීමෙන් ඔහුගේ ලේකම්වරුන් වලක්වා තිබීම ඔහුගේ පාර්ශවයෙන් අති දක්ෂ පියවරක් විය; ඔහු සිය දේශපාලන තර්කනය අවසානය දක්වාම රඳවාගෙන සිටියේය. මේ අනුව සියලු බොරු, සියලු ද්‍රෝහිකම් නැතහොත් ඒවා සියල්ලම පාහේ, හෙලිදරව් කල හැකිය, [98]

1940 30: සන්-වට ආපසම සඳහඇගඋදවකරය

ඇගිලොෆ් සහ ජැක්සන්-මෝර්නාඩ් නිව් යෝර්ක් හි නැවතී සිටීම අවසාන කරමින් ජීපීයූව, ජැක්සන්-මෝනාඩ් මෙක්සිකෝව රහසිගතව නැවත ඇතුලු කිරීමට කටයුතු කලේය. ඇගිලොෆ් ද සිටියදී ඔවුන්ගේ හෝටල් කාමරයේ සිට, ජැක්සන්-මෝනාඩ්, ඊස්ටර්න් එයාර්ලයින්ස් අමතා ඔහුගේ ආපසු ගමන සඳහා කටයුතු සූදානම් කලේය. [99]

මුදල් ඔහුට බාධාවක් නොවූවා නම්, ඔහු මෙක්සිකෝ නගරය කරා ගුවනින් නොයනු ඇත. ඒ වෙනුවට ඔහු නිව් ඕර්ලියන්ස් වෙත සහ පසුව සැන් ඇන්ටෝනියෝ වෙත ගුවන් ටිකට්පත් මිලදී ගනු ඇති අතර සැන් ඇන්ටෝනියෝ සිට ඔහු ලාරෙඩෝ හි එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාවට ගමන් කල යුතු ය. එහිදී ඔහු දේශසීමාව හරහා පයින් ගමන් කල යුතුය. [100] එතැන් සිට ඔහු මෙක්සිකෝ නගරයට දුම්රියෙන් ගමන් කරනු ඇත.

ජැක්සන්-මෝනාඩ් සැන් ඇන්ටෝනියෝ වෙත පැමින ඇගිලොෆ් අමතනු ලැබූ අතර, තමා මෙක්සිකෝවට ඇතුළු වීමට සූදානම් බව ඇයට දන්වා සිටියේය. [101] එෆ්බීඅයි වාර්තා අනුව ඊස්ටන් ගුවන් සේවයෙන් ඔහු 1940 ජුනි මස 30 දින නිව් යෝර්ක් වෙතින් ලාරෙඩෝ ටෙක්සාස් කරා ගමන් කලේය. ඔහු කියන පරිදි ලාරෙඩෝහිදී ඔහු ජාත්‍යන්තර පාලම හරහා ඇවිද ගොස් මෙක්සිකානු ජාතික දුම්රිය මඟින් මෙක්සිකෝ නගරයට ගියේය. ” [102]

සැප්තැම්බර් 4,1940 වාර්තාව ජේ. එඩ්ගර් හුවර් වෙත [Photo: FBI]

වෙනම FBI වාර්තාවක් සඳහන් කලේ:

ලාරෙඩෝ හි ජාත්‍යන්තර පාලම හරහා ගමන් කිරීමෙන් සහ දුම්රියෙන් මෙක්සිකෝ නගරයට යාමට මුල් සංචාරක කාඩ්පත භාවිතා කිරීමෙන් [එනම් මෙක්සිකෝවට ප්‍රථම වරට ඇතුලු වීමේදී ඔහු ලබාගත් සංචාරක කාඩ්පත], කිසිදු වාර්තාවක් තබා නොගෙනම මෙක්සිකෝ නගරයට ආපසු යාමට ඔහුට හැකි විය. ඒ නැවතත් නඟරයට ඇතුල් වීම සඳහා, සංචාරක කාඩ්පත් ප්‍රදර්ශනය කරන සංචාරකයින් පිලිබඳව දුම්රිය ආරක්ෂකයින් කිසිදු වාර්තාවක් තබා නොමැති හෙයින්. [103]

මෙම සංකීර්න සැලැස්ම මඟින් හඳුනා නොගෙන සහ රේගු පරීක්ෂාවකින් තොරව මෙක්සිකෝවට ඇතුළු වීමට ඔහුට හැකි විය. එහි ප්‍රතිපලයක් වශයෙන්, ඝාතනය සිදු වන විට ඔහු මෙක්සිකෝවේ සිටි බවට නිල සංක්‍රමන වාර්තාවක් නොතිබින.

1940 ි: සන්-වඩවඩඅමරටවකකරය

වොල්කොගොනොව්ට අනුව ජැක්සන්-මෝනාඩ්ගේ නව මෙහෙවරෙහි ඇඟවුම් " රේමන් වික්ෂිප්ත කරන තරම් වූ අතර, " ජුනි මාසයේ දී ඔහු කෙටි අවපීඩනයකට ලක් කලේය. " [104] නිව් යෝර්ක් වෙත කල සංචාරයෙන් පසුව ජැක්සන්-මෝනාඩ්, තම දූත මෙහෙවර සාර්ථක වීම තමන් ඇතුළු සිය මව, කාරිඩාාඩ්, ඩෙල් රියෝ සහ එටිංටන් යන සම්බන්ධ සියලු දෙනාට ජීවිතය හෝ මරනය පිලිබඳ කරුනක් වන බව දැන සිටියේය. වොල්කොගොනොව් මෙසේ ලිවීය.

මැයි මාසයේදී පහරක් එල්ල කිරීමට උත්සාහ කල නමුත් සමාජ විප්ලවයේ ලෝක පක්ෂ නායකයා ඉන් බේරී යාම ප්‍රාතිහාර්යයක් විය. එවැනි දෝෂයක් සිදුවීමට යලි ඉඩක්නැති බව එටිංටන් දැන සිටියේය. පරදුවට ලක්වුනේ සිය මෙක්සිකානු මන්දිරයේ රැකවල් සහිතව සිටි මිනිසාගේ ජීවිතය පමනක් නොව එටිංටන්ගේ හා ඔහුගේ පවුලේ අයයි. ඔහු ට්‍රොට්ස්කි නම් මිනිසාගේ නිවස තුලට රිංගා ගැනීමට ක්‍රමයක් සොයා ගත යුතු විය. … [105]

මෙක්සිකෝවේ ජාතිය පිලිබඳ පොදු ලේඛනාගාරය වෙතින් දැන් ලබාගත හැකි ලේඛන වලින් පැහැදිලි වන්නේ, ජැක්සන් මොනාඩ්ට පැරී තිබුන රාජකාරිය මඟින් ඔහු අර්බුදයකට හෙලා තිබුන බවයි.

ජැක්සන් මොනාඩ් මෙක්සිකෝ නඟරයට පැමිනි නිශ්චිත දිනය දැනගත නොහැක. ජුලි 5 වන දින තෙක් ඔහු අගනුවර පිහිටි ඔහුගේ නව හෝටලයට පිවිසුනේ නැත. පුයිවෙන්ටෙස් මෙසේ ලිවීය. “ ජැක් පසුව පැවසිය හැකි පරිදි, ඔහු විවේක ගත් පුබෙලා අසල නගරයකදී අසනීප වී සිටියේය. ” [106]

පුයිවෙන්ටෙස් පැහැදිලි කල පරිදි:

මෙක්සිකෝ නගර පොලිසිය විසින් ලබාගත් තොරතුරු වලට අනුව මෙක්සිකෝවට ආපසු පැමිනීමෙන් පසුව රේමන් මර්කාඩර්, මීට පෙර සිල්වියා සමඟ හැම්බර්ග්හි නැවතී සිටි හෝටලයේදී හෝ එටින්ටන් සහ ඔහුගේ මව සමඟ සාකච්ඡා පැවැත්වූ හා විවිධ අය හමුවූ ෂර්ලි උසාවි මහල් නිවාසවල හෝ ඇය හමුවූ බවක් දැනගන්නට නැත. ඔහු මාරියා ක්‍රිස්ටිනා නම් තවත් ස්ථානයක නැවතී සිටියේය. එහිදී ඔහු තම ගමන් මලු තබා, ජූලි 5 සිට 14, 16, සහ 18 සිට 9 දක්වා රැඳී සිටින බව[අගෝස්තු] නිශ්චිතව සඳහන් කලේය. [107]

මෙක්සිකානු පොලිසිය විසින් සිදු කරන ලද පශ්චාත් ඝාතන පරීක්ෂනයෙන් තහවුරු වන්නේ, ජැක්සන්-මෝර්නාඩ් වැරදි ලෙස ක්‍රියා කර ඇති බවයි. ජුලි 15 සහ 17 දිනවල ඔහු නැවත සිය හෝටලයට නොපැමිනි අතර, මාරියා ක්‍රිස්ටිනා හෝටලයේ කාර්ය මන්ඬලය පැහැදිලි කලේ ජැක්සන්-මෝනාඩ් බාහිර සන්නිවේදනයෙන් වැලකී සිටි බවයි. එක් පොලිස් වාර්තාවක මෙසේ සඳහන් විය. “ ඔහුට ලැබෙන ලිපි බැලීමක්, දුරකථන ඇමතුම් හෝ අමුත්තන් පිලිගනු ලැබුනේ නැත. එකම තත්වය නම්, ඔහු දිවා කාලයේ නිදාගෙන රාත්‍රියේ පිටත්ව යාමයි. සෑම දිනකම පාන්දර 4 ත් 5 ත් අතර කාලය තුල ඔහු නැවත පැමිනීමට පුරුදුව සිටියේය. [108]

ඒ අවධියේ ඇජිලොෆ් යැවූ ලිපි වලින් පෙන්නුම් කරන්නේ, ජූලි සහ අගෝස්තු මුල ජැක්සන්-මෝර්නාඩ් ගේ හැසිරීම ගැන ඇය තැතිගෙන සිටි බවයි. තම ඒජන්තයා හෝ ඔහු ගෙනගිය පාපොච්චාරන ප්‍රකාශය පිලිබඳව ජීපීයූවට විස්තර සැපයිය නොහැකි විය. පුයිවෙන්ටෙස් මෙසේ ලීවේය: “ ඊලඟ සති තුන තුල [ඔහු නිව්යෝර්ක් නුවරින් පිටව ගිය පසු], සිල්වියා ඔහුගෙන් කිසිදු ප්‍රවෘත්තියක් නොලැබූ අතර කනස්සල්ලට පත්විය. ” [109]

1940 ජූලි-අගෝස්තු මුල: ට්‍රොට්ස්කි පරිශ්‍රයේ සැකසංකා

නිව් යෝර්ක් සිට නැවත පැමිනීමෙන් පසු ජැක්සන්-මෝර්නාඩ්ගේ අමුතු හැසිරීම ට්‍රොට්ස්කි නිවැසියන් අතර ප්‍රශ්න පැන නංවා ඇත. ඔහුගේ මෙහෙවර දැනගත් පසු ඩොයිස්චර් මෙසේ ලිවීය.

මෙම ප්‍රමුඛ කපටියා පවා (ඔහු සිරගතව සිටි විසි වසර තුල ඔහුගේ සැබෑ අනන්‍යතාවය සහ ඔහුගේ සම්බන්ධතා සොයා ගැනීමට උත්සාහ කල සියලු විමර්ශකයින්, විනිසුරුවන්, වෛද්‍යවරුන් සහ මනෝ විශ්ලේෂකයින් අසාර්ථක විය) ඔහුගේ නියමිත කාලය ලඟා වෙත්ම සිහි විකල්ලයෙන් කටයුතු කිරීමට පටන් ගත්තේය. ඔහු නැවත පැමිනියේය. ඔහුගේ මෙහෙවර පිලිබඳ අවසන් උපදෙස් ලැබීමට ඉඩ තිබුනු නිව්යෝර්ක් සිට ඔහු පැමිනියේ බුම්මාගෙන මෙනි. සාමාන්‍යයෙන් ශක්තිමත් හා විනෝදකාමී වූ ඔහු වික්ෂිප්ත හා අමුතු විය. ඔහුගේ පැහැය සුදුමැලි විය; ඔහුගේ මුහුන අඳුරු විය; ඔහුගේ දෑත් වෙව්ලන්නට විය. ඔහු සිය වැඩි කාලයක් ගත කලේ ඇඳ මතය, නිහඬව, කථා බහක් නැතිව, සිල්වියා සමඟ කතා කිරීම ප්‍රතික්ෂේප කලේය. ප්‍රබෝධයක් නැතිව හා කට වාචාලය නැතිව සිටි ඔහු පිලිබඳව ට්‍රොට්ස්කිගේ ලේකම්වරු කලබලයට පත්වූහ.

ඔහුගේ කඳු නැගීමේ හැකියාවන් සහ “අයිස් පොරවකින් එක පහරකින් විශාල අයිස් කුට්ටියක් දෙපලු කිරීමට හැකිවීමේ” කායික ශක්තිය ගැන ඔහු පුරසාරම් දෙඩුවේය. ආහාර භුක්තිවිඳින විට සිය දෑත්වල කාය විච්ඡේදන හැකියාව ඔහු පෙන්නුම් කලේ කුකුලෙකු තියූනු ලෙස කපා කොටා දමමිනි. මෙම "දර්ශනය" අත් දුටු අය මාස ගනනකට පසුව සිහිපත් කලේ, ඔහු ක්ලෙමන්ට් (රුඩොල්ෆ් ක්ලෙමන්ට්, හතරවන ජාත්‍යන්තරයේ නායකයෙක්) හොඳින් දැන සිටි බවයි. ක්ලෙමන්ට්ගේ මල සිරුර සොයාගන්නා විට එවන් "කාය විච්ඡේදන හැකියාවන්" යොදාගෙන කෑලි වලට වෙන්කර තිබුනි." [110])

1940 ජූලි මාසයේ ට්‍රොට්ස්කිගේ ලේකම්වරු ජැක්සන්-මෝර්නාඩ් හමුවූ නිශ්චිත දින වකවානු හා තත්වයන් අප්‍රකටය. මෙම ප්‍රකෝපකාරී හැසිරීමට අමතරව, නිව් යෝර්ක් වෙත යාමට පෙර ඔහු දමාගොස් තිබුන මෝටර් රථය ගෙනයාමට නොපැමිනියේ මන් ද යන්න ට්‍රොට්ස්කි පරිශ්‍රයෙහි මුරකරුවන්ට තේරුම් ගත නොහැකි විය. පුයිවෙන්ටෙස් මෙසේ ලිවීය:

අවෙනිිිිඩා වියානාහි නිවසේදී ඔවුන් [ඔහුගේ අමුතු හැසිරීම] ඉක්මනින් වටහා ගත්තේය. මුලින්ම ඔවුන් ඔහු දිගු කලක් නොපැමින සිටීම ගැන තමන්ගෙන්ම විමසීය. සෑම දෙයක්ම පෙන්නුම් කලේ මෙක්සිකෝවට ආපසු පැමිනෙීමෙන් පසුව, ඔහු ඔවුන්ට නයට දුන් මෝටර් රථය නැවත ලබා ගැනීමට පැමිනීමට දින ගනනාවක් ප්‍රමාද වූ බවයි. ඔහු ඇත්තටම අසනීපෙන්ද? ඔහුගේ නොසංසුන්තාවය ඔහු මත උපක්‍රම යොදමින් සිටියා ද? ඔහු ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටියා ද? [111]

පසුව පුයිවෙන්ටෙස් නටාලියා සෙඩෝවා විසින් පොලිසියට කල ප්‍රකාශයක් උපුටා දැක්වීය.

කෙසේවෙතත්, ඔහු ආපසු පැමිනියේ දල වශයෙන් මාසයකට පසුවය. ඉතා කෙට්ටු හා රෝගාතුර බවක් ඔහුගෙන් පෙනෙන්නට තිබුනි. අපි ඔහුගෙන් ඇහුවා ඇයි ඔබට මෙතරම් කාලයක් ගත වුනේ කියලා, ඔහු අපට කිව්වා ඔහු කලින් සංචාරයෙන් ආපසු ආව නමුත් ඔහුට රට තුල සංචාරය කරන්න වුන බව. තමා අක්මාවේ අර්බුදයකට ගොදුරු වූ බව ඔහු පැවසීය. ඔහු නැවතී සිටියේ සුලු වේලාවක්, සිය මෝටර් රථය රැගෙන ඔහු ඉක්මනින්ම ආපසු ගියේය. [112]

ජීපීයූව ජැක්සන්-මෝර්නාඩ්ගේ විශ්වාසනීයත්වය සැක කිරීමට පටන් ගෙන තිබුන බවට පැහැදිලි ඇඟවුම් පවතියි. ඔහු මෙක්සිකෝවට නැවත පැමින මාසයකට වැඩි කාලයක් ගත වී තිබුනත් ජැක්සන්-මෝර්නනාඩ් ඔහුගේ රාජකාරිය ඉටු කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුනි. ට්‍රොට්ස්කි තවමත් ජීවතුන් අතර සිටිය ද මැයි 24 වන දින ඔහුගේ ජීවිතය බිලි ගැනීමට දැරූ ජීපීයූ වැඩකොටස හෙලි කිරීමට වෙහෙස මහන්සි විය. මොස්කෝව නොඉවසිලිමත් විය.

අගෝස්තු 7 හෝ 8 යන දිනවල ජැක්සන්-මෝර්නාර්ඩ්ට ඉංග්‍රීසියෙන් විදුලි පනිවිඩයක් ලැබුනි. පුටින්වෙන්ට්ස් විශ්වාස කරන්නේ එය එයිටින්ගන් වෙතින් බවයි.

කිසිදු ජීපීයූ නියෝජිතයෙකු දැකීමට බලාපොරොත්තු නොවන පනිවිඩයක් විදුලි පනිවිඩයේ අඩංගු විය. එහි මෙසේ සඳහන් විය: “කරුනාකර නිව් යොර්ක් වෙත වහාම පැමිනෙන්න." [113]

1940 අග8-9: ඇගිනගරයට වන

මෙම විදුලි පනිවිඩයට ජැක්සන්-මෝර්නාඩ් ප්‍රතිචාර දැක්වූයේ කෙසේද යන්න නොදන්නා නමුත් ඇගිලොෆ් වහාම මෙක්සිකෝ නගරයට පිටත් විය. පුයිවෙන්ට් මෙසේ ලිවීය, “ එවකදී ඔහු [ජැක්සන්-මෝනාඩ්] සිල්වියාට මෙක්සිකෝ නගරයට පැමින ඔහු හමුවන ලෙස හා ඔහු රැකබලා ගන්නා මෙන් ඉල්ලා සිටි බව සිතිය හැක.” [114]

මෙක්සිකෝ නගරය කරා ගුවන්ගත වීමට ඇගිලොෆ් ගත් හදිසි තීරනය අවධාරනය කරන්නේ, ඇයගේ ගමනේ හදිසි අවශ්‍යතාවයි. 1940 දී නිව් යෝර්ක් සිට මෙක්සිකෝ නගරය දක්වා ගුවන් ගමන් නොයන තරමට මිල අධික වූ අතර පැය 16 ක් ගත විය. නමුත් ඇගිලොෆ් දැරූ වියදම අවපාතය කාලයේ රාජ්‍ය සේවකයෙකුගේ වැටුපෙන් දැරීමට අපහසු වුවද, හැකි තරම් ඉක්මනින් මෙක්සිකෝ නගරය වෙත යාමේදී ඒ සඳහා කිසිදු වියදමක් ඇය නොදැරුවාය. ඇය රැකියාවෙන් නිවාඩු ලබාගෙන බ්‍රහස්පතින්දා පිටත්ව ගියේ, වැඩ සතිය අවසන් වන තෙක් බලා නොසිටිමිනි. මෙම අවස්ථාව වන විට, ඇය ඒ වන විටත් වසර තුල ඇගේ දෛනික රැකියාවෙන් මාස තුනක් ගත කර තිබුනි.

විශාල වියදමක් දරා ඇය මෙක්සිකෝ නගරයට හදිසියේ නැවත පැමිනීම, ඇය පසුව ප්‍රකාශ කලාක් මෙන් හුදෙක් උදරයේ ආබාධයක් හෝ හෝ උන්නතාංශ අසනීපයකින් (altitude sickness) පෙලෙන වැඩිහිටියෙකුට සැනසිල්ල ලබා දීම සඳහා යැයි විශ්වාස කල නොහැකිය.

ඇගිලොෆ්ගේ ගමනට මාස කිහිපයකට පෙර 1940 පෙබරවාරි මාසයේදී නගර දෙක අතර සාපේක්ෂව වේගවත් ගුවන් ගමන් මාර්ගයක් ස්ථාපිත කරන ලදී. පෙබරවාරි මාසයේ දී විශාලතම ගුවන් සමාගම් දෙකක් වන ඊස්ටර්න් සහ පෑන් ඇමරිකන්, නගර දෙක අතර එක රැයකින් සේවා සැපයීම සඳහා හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. 1940 දී, එක්සත් ජනපදය හරහා දේශීය සංචාර චාරිකා සඳහා අද ඩොලර් 4,500 කට සමාන මුදලක් වැය විය. [115] නව මාර්ගයක ජාත්‍යන්තර ගමන් සඳහා ඊටත් වඩා පිරිවැයක් දැරීමට සිදුවනු ඇත.

“මෙක්සිකන් ෆ්ලයර්” නමින් හැඳින්වෙන ඇගිලොෆ් ගමන් ගත් නව සේවාව මහත් උද්‍යෝගයකින් යුතුව විවෘත කරන ලද අතර එය ජාතික ප්‍රවෘත්ති අවධානය දිනා ගත්තේය. [116] වොෂිංටන් ඊවිනිං ස්ටාර් 1940 පෙබරවාරි 26 වන දින වාර්තා කල පරිදි: “ටෙක්ස් (ටෙක්සාස්) හි බ්‍රවුන්ස්විල් හරහා වොෂිංටන් සහ මෙක්සිකෝ නගරය අතර එක රැයකින් ගුවන් සේවාවක් විවෘත කිරීමේ උත්සවය බදාදා රාත්‍රී 9 ට වොෂිංටන් ගුවන් තොටුපලේදී පැවැත්වේ. රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින් සහ රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් ඊට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ” [117] එක්සත් ජනපදයේ මෙක්සිකානු තානාපතිවරයා ද සහභාගී වූ අතර ඔහුගේ දියනිය “පලමු යානය නම් කරන ලදී.”

1940 වසරේ "මෙක්සිකෝ ෆ්ලයර්හි" කාලසටහන [Photo: Timetableimages.com]

ඇගෙලොෆ් නැගෙනහිර-පෑන් ඇමරිකානු “මෙක්සිකානු ෆ්ලයර්” සේවාව මඟින් ගමන් කල බව එෆ්බීඅයි ලේඛනවලින් තහවුරු වේ. ඇය අගෝස්තු 8 වන දින රාත්‍රී 7: 15 ට ඊස්ටර්න් එයාර්ලයින්ස් ඩීසී -3 යානයකින් නිව්යෝක් සිට පිටත් වූ අතර, වොෂිංටන් ඩීසී, ඇට්ලන්ටා, නිව් ඕර්ලියන්ස්, හූස්ටන්, කෝපස් ක්‍රිස්ටි සහ ටෙක්සාස්හි බ්‍රවුන්ස්විල්හි නතර කරන ලදී. පසුදා උදේ 8: 10 ට ඇය බ්‍රවුන්ස්විල් වෙත පැමිනි අතර, බ්‍රවුන්ස්විල් සිට පිටත් වූ පෑන් ඇමරිකානු ගුවන් යානයකට පෙරවරු 9: 10 ට මාරු වී, මෙක්සිකෝ නගරයට පැමිනීමට පෙර මෙක්සිකෝවේ ටැම්පිකෝහි රාත්‍රී 12:35 ට නතර විය. [118] ගුවන් යානයේ මගී ලැයිස්තුවක් පෙන්නුම් කලේ, ඇගිලොෆ්ගේ ගුවන් යානයෙන් මෙක්සිකෝ නගරයට යන තවත් මගීන් 10 දෙනෙකු පමනක් සිටි බවයි, මෙම නව රාත්‍රි ගුවන් ගමනේ සුවිශේෂී ස්වභාවය ඉන් පෙන්නුම් කරයි. [119]

ඇගිලොෆ් “පුද්ගලික” සංචාරයක් යැයි පැවසූ දේට සාපේක්ෂව, දේශපාලන හේතූන් මත ට්‍රොට්ස්කි හමුවීමට ගිය එස්ඩබ්ලිව්පී නායකයින් සාමාන්‍යයෙන් මෙක්සිකෝ නගරයට ගියේ මිනියාපොලිස් හෝ නිව්යෝක් සිට සැතපුම් 2,000 කට වඩා දුර ගෙවමිනි. 1941 මිනියාපොලිස් රාජද්‍රෝහී නඩු විභාගයේදී එස්ඩබ්ලිව්පී නායකත්වයට එරෙහිව නඩු පැවරීමේදී රජයේ නඩු පවරන්නන්, ටෙක්සාස්හි මෝටර් රථ අළුත්වැඩියා කිරීමේ තැනකින් සාක්ෂි ඉදිරිපත් කල අතර, එස්ඩබ්ලිව්පී නියෝජිත කන්ඬායමේ පැරනි පොන්ටියක් රිය එක් ගමනක් අතර මඟ කැඩුන අතර එස්ඩබ්ලිව්පී නායකයන් අතරමං වී ඇත. [120]

ඇගිලොෆ් මෙක්සිකෝවට පැමිනීමට සැලසුම් කර ඇති බව දැනගත් විගස ජැක්සන්-මෝනාඩ්, නැවත ට්‍රොට්ස්කි පරිශ්‍රයට පැමින සෙඩෝවාට පැවසුවේ, සිල්වියා නැවත පැමිනෙන බවත් ට්‍රොට්ස්කි හමුවීමට අවශ්‍ය බවත්ය. යුවලට ඔවුන් හමුවීමට වේලාවක් නියම කර ගැනීමට ඔහු උත්සාහ කලේය. ඝාතනයෙන් පසු පොලිස් සම්මුඛ සාකච්ඡාවකදී සෙඩෝවා මෙසේ පැහැදිලි කලාය.

දින දෙකකට පසු [එනම්, ඔහු මෝටර් රථය ගෙන ගියාට පසු] සිල්වියාට නිවාඩුවක් ඇති බවත්, මෙක්සිකෝවේ හොඳ කාලගුනික තත්වය භුක්ති විඳීම සඳහා ගුවන් යානයකින් පැමිනෙන බවත් අපට පැවසීමට (එලිමහනේ) ඔහු ආපසු පැමිනියේය. අද ඔහු අගනා රසකැවිලි පෙට්ටියක් ද ගෙනැවිත් කියා සිටියේ සිල්වියා ඔවුන්ට දීම පිනිස එය තමාට දුන් නමුත් ඔහුගේ පලමු සංචාරයේදී ඔහුට ඒවා අමතක වූන එක ගැන කනගාටු වන බවත් ය. මගේ ස්වාමිපුරුෂයාට දීම සඳහා ඔහු හිට්ලර් සහ ස්ටාලින් නමින් පොතක් ගෙනාවා. එහි කතුවරයා මට දැන් මතක නැත. ඔහු අපට පැවසූයේ සිල්වියා පසුදා පැමිනෙන බවය. සෙනසුරාදා අපට ඇය සමඟ හමුවක් ගත හැකිදැයි විමසීය. මෙම දිනය ඒ වෙනුවෙන් යොදාගත නොහැකි වූ අතර, අපි සඳුදා හෝ අඟහරුවාදා පැමිනෙන ලෙස යෝජනා කලෙමු. [121]

ඇගිලොෆ්ගේ පැමිනීමත් සමඟ ජැක්සන්-මෝර්ඩ් මාරියා ක්‍රිස්ටිනා හෝටලයෙන් පිටව ගියේය. මෙම යුවල ප.ව. 1.30 ට පමන මොන්ටෙජෝ හෝටලයට පැමිනියහ. [122] 1940 අගෝස්තු අග සිට ලැබී ඇති පොලිස් වාර්තාවලට අනුව, “ඔවුන් නැවතී සිටින කාලය තුල ජැක්සන්ට කිසිදු අමුත්තෙකු හෝ ඇරයුම් කාඩ්පතක් ලැබුනේ නැත.” [123]

මෙක්සිකෝ නගරයේ මොන්ටෙජෝ හෝටලය (අනුග්‍රහය- ඩේවිඩ් නෝර්ත්) [Photo by David North]

අගෝස්තු 10 වන දින එනම් මෙක්සිකෝ නගරයට පැමිනි දිනට පසු දින ඇගිලොෆ් ට්‍රොට්ස්කි නිවසට පැමිනියාය. පසුව මෙම සංචාරයේ අරමුන කුමක්දැයි මෙක්සිකානු පොලිසිය ඇයගෙන් විමසූ විට ඇය පැවසුවේ, “හෙලෝ කියන්ට හා තමන් නගරයේ සිටින බව ඔවුන්ට දන්වන්නට” බවයි. [124] සෙඩෝවා පසුව පැහැදිලි කලේ, ඇගිලොෆ් මෙක්සිකෝ නගරයට පැමිනීමෙන් පසුව, ජැක්සන්-මෝර්නාඩ් “නිතර නිතර අපව බැලීමට එන්ට පටන් ගත්” බවයි. [125]

1940 අගෝස්තු මස මැද භාගය: තමා සහ ජැක්සන්-මෝර්ඩ් විවාහක හෝ විවාහ ගිවිසගෙන සිටින බව ඇගිලොෆ් සෙඩෝවාට ව්‍යාජ ලෙස පවසයි

මෙම එක් ආරම්භක සංචාරයකදී ඇගිලොෆ් සෙඩෝවාට පැවසුවේ, දෙදෙනා විවාහ ගිවිසගෙන සිටින බවයි. ලුරි මෙක්සිකෝ නගරයට පැමිනි පසු මෙසේ ලිවීය.

රේමන් පිරිහී ගෙස් ඇති බව සිල්වියාට වැටහුනි. ඇගේ සහෝදරිය වන හිල්ඩාට ඇය මෙසේ ලීවය. “ ජැක්ට පාචනය හෝ ඊටත් වඩා දරුනු ආබාධයක් ඇත. " ඔහු වෙහෙසට පත්ව ඇති බවක්, බර අඩුවී ඉක්මනින් කේන්ති යන බවක් පෙනී ඇත. කෙසේ වෙතත්, ඔවුන්ගේ ආදර ජීවිතය හොඳින් සිදුවන බව පෙනෙන්නට තිබුනි. තමා සමඟ විවාහ වන ලෙස ජැක් ඉල්ලා සිටින බව ඇය නටාලියා සෙඩෝවාට පාපොච්චාරනය කලාය. නටාලියා මෙම අවස්ථාව යොදාගෙන විවාහ ජීවිතය පිලිබඳව ඇයට උපදෙස් ලබා දුන්නාය. [126]

සෙඩොවා පසුව කී දේ මත පදනම් වූ කල පෙනී යන්නේ, දෙදෙන විවාහ ගිවිසගෙන නොව, ජැක්සන්-මෝර්ඩ් දැනටමත් විවාහ වී ඇති බව යි. සෙඩෝවා මෙසේ ලිවීය. ජැක්සන්-මෝර්නාර්ඩ් “ අප විසින් මුලින්ම පිලිගත්තේ ජැක්සන්-මෝර්ඩ් සිල්වියා ඇගිලොෆ්ගේ ස්වාමිපුරුෂයා ලෙසය. අප ඉදිරියේ එය විශ්වාසදායකය (අවධාරනය මුල් පිටපතේ). ” [127]

අගෝස්තු මාසයේ ජැක්සන්-මෝර්ඩ් හමුවීමට එකඟ වීමේදී ඇගිලොෆ්ගේ විවාහය සෙඩෝවාට අතිශයින්ම වැදගත් කාරනයක් විය. නමුත් ඇගිලොෆ්ගේ ප්‍රකාශය බොරුවකි. ඝාතනයෙන් පසුව පොලිසියට ඇය දුන් සම්මුඛ සාකච්ඡාවේදී ඇගිලොෆ් කියා සිටියේ, ඇය සහ ජැක්සන්-මෝර්නාඩ් විවාහ වී නොසිටි බවයි. සම්මුඛ පරීක්ෂනයේ පිටපතේ ඇය හඳුන්වා ගන්නේ “ තනිකඩයෙක් ” ලෙස ය. " ඇගිලොෆ් 1939 පෙබරවාරි මාසයේ දී පැරිස් සිට නිව්යෝර්ක් දක්වා පැමිනීමට පෙර ඇය විවාහ ගිවිගෙන සිටියේ යයි තමන්ට පැවසූ බව මාරි ක්‍රේපෝ පවසයි. [128] සෙඩෝවාට මෙම “නව” තොරතුරු පැවසීමට වසරකට පෙර මෙය සිදුවිය.

අගෝස්තු මාසයේ සෙඩෝවාට දුන් මෙම බොරු නිවේදනය මඟින් ඇගිලොෆ්, ජැක්සන්-මෝර්ඩ් වඩ වඩාත් සැකයට බඳුන්වන මොහොතේ ම ඔහුගේ නිර්ව්‍යාජත්වය පෙන්නුම් කිරීමට රුකුල් දුන්නාය.

ඇගිලොෆ් ඇගේ “ස්වාමිපුරුෂයා” පරිශ්‍රය තුලට ගෙන එයි

අගෝස්තු 20 ප්‍රහාරයට සතියකට පෙර, ඇගිිිිිලොෆ් ජැක්සන්-මෝර්නාර්ඩ්ව ට්‍රොට්ස්කි පරිශ්‍රය තුලට ගෙන ආවේය. එය ට්‍රොට්ස්කි සහ ඝාතකයා අතර පැවැත්වූ එකම දේශපාලන සාකච්ඡාව බවට පත්විය. සෙඩෝවා සහ ට්‍රොට්ස්කි, ට්‍රොට්ස්කිගේ මරනයට ක්ෂනිකව තුඩුදුන් කාලය තුල නිතරම වාගේ සිල්වියා සහ ඇගේ "සැමියා" එහි පැමිනීම ගැන සැකයෙන් පසුවූහ:

එල්ඩී [ලෙව් ඩේවිඩොවිච් - ට්‍රොට්ස්කි] සිය විවේක කාලය “ජැක්සන්” වෙනුවෙන් කැප කිරීමට කිසිසේත් කැමති වූයේ නැත. බැරෑරුම් සාකච්ඡාවක් සඳහා දිනය හා වේලාව එල්ඩී සමඟ කල්තියා සූදානම් කල යුතු බව ඉතා හොඳින් දන්නා කරුනකි. “ජැක්සන්” කවදාවත් මෙසේ  ඉල්ලුම් කලේ නැහැ. ඔහු සෑම විටම පැමිනියේ පූර්ව දැනුම්දීමකින් තොරව ය. එකම වේලාවටය. සිදු වූ එකම සහ එකම දේශපාලන සාකච්ඡාව අපරාධයට සතියකට පෙර -ඔබේ දැනගැනීම පිනිස- ය. ඔහුගේ බිරිඳ සිල්වියා ඇගිලොෆ් සමඟ සංචාරයක් සඳහා ඔහු මා සමඟ එකඟත්වයකට එලඹ තිබුනි. මම වේලාව, එනම් 5, වඩාත් පහසු බව වටහා ගතිමි. නමුත් සිල්වියා පැමිනියේ තනිවම නොව ඇගේ සැමියා සමඟය. අපි ඔවුන්ව එලිමහනේ දී මුනගැසුනෙමු. මම ඔවුන්ට තේ සඳහා කෑම කාමරයට ආරාධනා කලෙමි.

දේශපාලන සංවාදයක් පැවැත්වූ පලමු හා අවසාන අවස්ථාව මෙයයි. සිල්වියා ඇගිලොෆ් සුලුතරයේ ස්ථාවරය උනුසුම් ලෙස හා උද්‍යෝගයෙන්  යුතුව ආරක්ෂා කලාය. එල්ඩී ඇයට සන්සුන්ව හා මිත්‍රශීලීව පිලිතුරු දුන්නේය. ඇගේ සැමියා විස්මයජනක හා විහිළු සහගත අදහස් කිහිපයක් ඉදිරිපත් කලේය. මේ සියල්ලට විනාඩි 15 කට වඩා ගත නොවීය. එල්.ඩී. සමුගත්තේ, ඔහුගේ වැඩ කටයුතු කිරීමට, සතුන්ට කෑම දීමට තිබෙන බව පවසමිනි. අපි හැමෝම නැගිට්ටා. සුපුරුදු පරිදි “ජැක්සන්ලා” අපෙන් සමුගෙන, ඔවුන්ට හදිසි කටයුත්තක් ඇති බව පවසමින් ඉක්මනින් පිට විය. සුහදශීලී ලෙස නොවුනත් අපි ඔවුන්ව රඳවාගෙන හිටියේ නැහැ. “ජැක්සන්” මෙක්සිකෝවෙන් පිටත්ව යන බැවින් මෙම “සංචාර” අවසන් වීමට ආසන්න බව අපි දැන සිටියෙමු. … අද නොවේ නම්, හෙට, මානසිකව අපි අපටම කියාගත්තා, “ඔහුට යන්න දෙන්න, ඉක්මනින්නම් වඩා හොඳ යි (අවධාරනය ඈඳින).” [129]

ෂැට්මන්වාදී සුළුතරයේ ස්ථාවරය ගැන ඇගිලොෆ් “උනුසුම්ව හා උද්යෝගිමත්ව” තර්ක කල මෙම සාකච්ඡාව, ජැක්සන්-මෝර්නාඩ්ට  “සම්භාව්‍ය” මාක්ස්වාදියෙකු ලෙස පෙනී සිටීමේ හැකියාව ලබා දුන්නේය.

1940 අග17: සන්-මෝර්ේ “රහඅසථක උතහයක්?

ඉන් දින කිහිපයකට පසු, අගෝස්තු 17 වන දින, ජැක්සන්-මෝර්නඩ් නොදන්වාම ට්‍රොට්ස්කිගේ නිවසේ පෙනී සිටිමින්, එස්ඩබ්ලිව්පීය තුල ෂැට්මන්වාදී සුලු ධනේශ්වර සුලුතරය සමඟ වූ කන්ඩායමික සටන පිලිබඳව තමා කෙටුම්පත් කල ලිපියක් ට්‍රොට්ස්කි ලවා සමාලෝචනය කර ගැනීමට අවශ්‍ය බව කියා සිටියේය. ජැක්සන්-මෝර්නාඩ් පැහැදිලි කල පරිදි මෙම ලිපිය, ඇගිලොෆ්, සෙඩෝවා සහ ට්‍රොට්ස්කි සමඟ මෑතකදී කල සාකච්ඡාවේ ප්‍රතිපලයකි. 17 වන දින පැවති කෙටි සාකච්ඡාව, ජැක්සන්-මෝර්නාඩ් සහ ට්‍රොට්ස්කි තනිවම හමු වූ පලමු අවස්ථාවයි.

සෑම විටම සිතූ පරිදි අගෝස්තු 17 එලඹෙන ප්‍රහාරය සඳහා “පෙරහුරුවක්” වූ බවයි. නමුත් මෙම සංචාරයේ අරමුන ප්‍රහාරයම විය හැකිද? අගෝස්තු 17 වන දින නොදන්වාම සිල්වියා නොමැතිව පැමිනීමෙන් ජැක්සන්-මෝර්නාඩ් කලබලයට පත්විය හැකිද? මෙම හිරු රැසින් පිරුනු දවසේදී, ජැක්සන්-මෝර්නාඩ්, දින තුනකට පසු ඔහු තම ප්‍රහාරය සිදු කිරීමට භාවිතා කරන ලද ඇල්පෙන්ස්ටොක් (හිම පොරොව) මෙන්ම පිස්තෝලය සහ කිනිස්ස සඟවා තැබීමට භාවිතා කරන ලද වැහි කබාය පැලඳ සිටියේය. පෙරහුරුවක් සඳහා පමනක් පැමිනි ගමනේදී වැහි කබාය පැලඳ සිටීමේ අවදානම ගත්තේ ඇයි?

ජැක්සන්-මෝනාඩ්ට ට්‍රොට්ස්කි සමඟ පමනක් හමුවීම පැවැත්වීමට හැකි විය. විශේෂයෙන් ඔහුගේ සැබෑ භූමිකාව පිලිබඳව දැනටමත් පැවති සැකයන් සැලකිල්ලට ගන්නා කල එය නැවත සිදු වීමට අපහසු අවස්ථාවක් විය. ඩොයිස්චර් පැහැදිලි කල පරිදි, අගෝස්තු 17 රැස්වීමට පෙර පවා ට්‍රොට්ස්කි මේ මිනිසාගේ කටයුතු පිලිබඳව සැක පහල කර තිබුනි:

ඔහු [ජැක්සන්-මෝනාඩ්] තම වානිජ්‍ය ප්‍රධානියාගේ “මූල්‍ය දක්ෂතා” ගැන කතා කල අතර, හතරවන ජාත්‍යන්තරයට උපකාර කිරීම සඳහා කොටස් හුවමාරුවේ යම් යම් මෙහෙයුම් සිදු කිරීමට ඔහු සමඟ ඉදිරිපත් විය. දිනක්, ට්‍රොට්ස්කි සහ හැන්සන් සමඟ [ට්‍රොට්ස්කි නිවසේ] ඇවෙන්ඩා වියානාහි “ආරක්ෂාව තර කිරීමේ වැඩ” නරඹමින් ඔහු කියා සිටියේ, “ඊලඟ ප්‍රහාරයේදී ජීපීයූව ඊට වඩා වෙනස් ක්‍රමයක් භාවිතා කරනු ඇති” නිසා මේවා නිෂ් පල බවය; එය කුමන ක්‍රමයක් විය හැකිදැයි විමසූ විට ඔහු පිලිතුරු දුන්නේ ගසා බසා දාන ක්‍රමයකටය.

නිවැසියන්ට මෙවැනි සිදුවීම් හා තවත් ඒවා සිහිපත්ව තිබුනේ මාස තුන හතරකට පසුවය. ඒ ඒවායෙහි අනිටු පෙර නිමිති ගැන සිහිපත් වුනාට පසුවය. ඒ දිනවල ඔවුන්ට “ජැක්සන්ගේ” අශෝභන කෝපයට වඩා නරක දෙයක් ඒවායේ පෙනී ගියේ නැත. ඔහු ගැන එතරම් දැන නොසිටි ට්‍රොට්ස්කි පමනක්. … ඔහුගේ ලොක්කා, “මූල්‍ය දක්ෂතා”, “ව්‍යාපාරය” සඳහා ඔහු බාරගත් කොටස් හුවමාරු සමපේක්ෂන ගැන “ජැක්සන්ගේ” කථා වලින් කෝපයට පත්විය.[130]

ඩොයිස්චර්, නටාලියා සෙඩෝවාගේ ලියොන් ට්‍රොට්ස්කිගේ ජීවිතය සහ මරනය පිලිබඳ පොත උපුටා දක්වයි:

නටාලියා මෙසේ පවසයි. “මේ කෙටි සංවාද මට අප්‍රසන්න වුනා. ලියොන් ඩේවිඩොවිච් ද ඒවායින් තුෂ්නිම්භූත විය. මේ [මර්කේඩර්ගේ] ඉතා ධනවත් ලොක්කා කවුද?' ඔහු මට කිව්වා. ඒවා සොයා ගත යුතුය. එය සමහර විට ෆැසිස්ට් වර්ගයේ ලාභ ගරන්නෙකු විය හැකිය. සිල්වියාගේ ස්වාමිපුරුෂයා තවදුරටත් මෙහි වැද්ද නොගැනීම අපට වඩා හොඳ විය හැකිය. ”[131]

අගෝස්තු 17 රැස්වීම ට්‍රොට්ස්කිගේ සැකය ගැඹුරු කල අතර “සිල්වියාගේ ස්වාමිපුරුෂයා” නැවත දැකීමට තමාට කිසි විටෙකත් අවශ්‍ය නොවන බව ප්‍රකාශ කිරීමට ඔහු පෙලඹුනි. ඩොයිස්චර් මෙසේ ලිවීය:

අකමැත්තෙන් නමුත් වගකීමෙන් යුතුව ට්‍රොට්ස්කි, තමා සමඟ අධ්‍යයන කාමරයට පැමිනෙන ලෙස “ජැක්සන්ට” ආරාධනා කලේය. එහිදී ඔවුහු තනිවම සිටිමින් ලිපිය සාකච්ඡා කලහ. මිනිත්තු දහයකට පමන පසුව ට්‍රොට්ස්කි කලබලයට හා කනස්සල්ලට පත්ව ආපසු පැමිනියේ ය. ඔහුගේ සැකය හදිසියේම උත්සන්න විය; ඔහු තවදුරටත් "ජැක්සන්" දැකීමට කැමති නැති බව නටාලියාට පැවසීය. ඔහු කලබලයට පත්වූයේ මිනිසා උඩින් පල්ලෙන් ලිවූ අනම්මනම් ගැන නොවේ. ඒ ඔහුගේ හැසිරීම් රටාවය ගැනයි. ඔවුන් ලියන මේසයේ සිටියදී සහ ට්‍රොට්ස්කි ලිපිය කියවමින් සිටියදී, “ජැක්සන්” ඔහුගේ හිසට ඉහලින් එබීගෙන, සම්මුඛ පරීක්ෂනයේ අවසානය දක්වාම රැඳී සිටියේය! හැම වෙලාවෙම තොප්පිය දමාගෙන එයාගේ කබාය අල්ලාගෙන සිටියේය! ට්‍රොට්ස්කි ආගන්තුකයාගේ හැසිරීමෙන් කෝපයට පත් වූවා පමනක් නොවේ; ඔහුට නැවතත් යම් හොරයක් ඉවවැටුනි.

ඒ මිනිසා වංචාකාරයෙක් යන හැඟීම ඔහුට තිබුනි. “ජැක්සන්” ගේ හැසිරීම අනුව ඔහු “ප්‍රංශ ජාතිකයෙකුට වඩා වෙනස්” බව ඔහු නටාලියාට පැවසීය. එහෙත් ඔහු ප්‍රංශයේ හැදී වැඩුණු බෙල්ජියම් ජාතිකයෙකු ලෙස පෙනී සිටියේය. ඇත්තටම ඔහු කවුද? ඔවුන් මෙය සොයාගත යුතුයි. නටාලියා මවිත විය; ට්‍රොට්ස්කි “ජැක්සන්” ගැන අලුත් යමක් වටහාගෙන ඇති බවක් පෙනෙන්නට තිබුනත්, තවමත් නිගමනයකට එලඹීමට ඉක්මන් නොවී ය. එහෙත් ඔහු පැවසූ දෙයෙහි ගම්‍ය භයානක ය: “ජැක්සන්” ඔහුගේ ජාතිකත්වය ගැන ඔවුන්ව රවටා ඇත්නම්, ඔහු එසේ කලේ ඇයි? ඔහු වෙනත් දේවල් ගැනත් ඔවුන්ව රවට්ටුවේ නැද්ද? කුමක් ගැන ද? [132]

“ට්‍රොට්ස්කිගේ අවසාන වසර” පිලිබඳ ඔහුගේ වාර්තාවේ ඩේවිඩ් නෝර්ත්, 1977 දී ප්‍රකට මෙක්සිකානු එක්සෙල්සියර් මාධ්‍යවේදියෙකු වන එඩ්වාඩෝ ටෙලෙස් වර්ගාස් සමඟ පටිගත කල සම්මුඛ සාකච්ඡාවක් උපුටා දැක්වීය. ඝාතනයට දින තුනකට පෙර 1940 අගෝස්තු 17 වන දින සිදු වූ ට්‍රොට්ස්කි සමඟ ඔහුගේ අවසන් හමුවීම සිහිපත් කලේය.

එඩ්වාඩෝ ටෙලෙස් වර්ගාස්, 1976 දෙසැම්බර් (අනුග්‍රහය- ඩේවිඩ් නෝර්ත්) [Photo by David North]

ශ්‍රේෂඨ විප්ලවවාදියා කෙරෙහි අවංක ප්‍රසාදයක් සහිතව ටෙලෙස් වර්ගාස්, ට්‍රොට්ස්කි ඔහුට පැවසූ දෙයින් දැඩි සේ කලබලයට පත්විය. ටෙලෙස් වර්ගාස් උතුරට සම්බන්ධයි: “ට්‍රොට්ස්කි කිසිවෙකු විශ්වාස නොකල මොහොතක් උදා විය. ඔහු කිසිවෙකු කෙරෙහි විශ්වාසය තැබුවේ නැත. ඔහු නම් සඳහන් නොකලත් ඔහු මට කීවේ: 'ඔවුන්ගෙන් එක් අයෙකු හෝ නිවසට පිවිසීමට අවසර ඇති පිටතින් පැමිනෙන මගේ මිතුරෙකු විසින්, මා මරා දමනු ඇත. මොකද ස්ටාලින්ට මගේ ජීවිතය නොනසා බැහැ. ”

මෙම සංචාරය අගෝස්තු 17 වන දින සිදු වූ බව සලකන විට, ට්‍රොට්ස්කිගේ සැකයට බඳුන්වූ අය ජැක්සන්-මෝර්නාඩ් විය හැකි ය. [133]

ජැක්සන්-මෝර්නාාඩ් අගෝස්තු 17 වන දින ට්‍රොට්ස්කි ඝාතනය නොකලේය. ඒ වෙනුවට, ඝාතකයා ට්‍රොට්ස්කිගේ සැකය වැඩි කරන අයුරින් ක්‍රියා කල අතර තවදුරටත් “ජැක්සන් දැකීමට තමාට කිසිදු කැමැත්තක් නැති බව” ප්‍රකාශ කිරීමට ඔහු පෙලඹුනි. මෙම අවබෝධයත් සමඟ ජීපීයූ කුමන්ත්‍රනයට විශාල පසුබෑමක් විය යුතු දේ සිදුව තිබේ. එහෙත් ට්‍රොට්ස්කි ඝාතනය කිරීමට ජැක්සන්-මෝර්නාට ලැබුන අවසාන අවස්ථාව එය නොවීම සැලකිය යුතු කාරනයකි.

1940 අග20උදසහ දහවල

අගෝස්තු 20 දා උදේ 9 ට ජැක්සන්-මෝර්නාඩ් මොන්ටෙජෝ හෝටලයෙන් පිටත්ව ගිය නමුත් “වෙනස් මනසකින් දහවල් කාලයේදී ආපසු එහි පැමිනියේය” යනුවෙන් ලුරි පැහැදිලි කලේය. [134] පසුව ඒග්ලොෆ් කියා සිටියේ ජැක්සන්-මෝර්නාඩ් එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සිටි බවත් ඔවුන් නැවත එක්සත් ජනපදයට යාමට සැලසුම් කරන බවත්ය. “සිල්වියා ඔහුගෙන් ඇහුවා ඇයි මෙතරම් ප්‍රමාද වුනේ” කියා, ලූරි ලිවීය. තානාපති කාර්යාලයේ දී “ඔහුට දිගු පෝලිමක සිටින්නට සිදුවී යයි ඔහු ප්‍රතිචාර දැක්වීය”. ඔහුගේ ස්නායු සන්සුන් කිරීම සඳහා ඔවුන් ඇවිදින්න යා යුතු යයි ඇය යෝජනා කලාය. දිවා ආහාරය එනතෙක් බලා සිටින කල ඔවුන්ට බොන්න පුළුවන්” [135]

නගර මධ්‍යයේ ඇවිද යමින් සිටියදී මෙම යුවලට ඔටෝ ෂොස්ලර් සහ ඔහුගේ බිරිඳ හමුවී රාත්‍රී ආහාරය සඳහා ඔවුන් හමුවීමට කථාකර ගත්හ. 1939 මුල් කාලයේ සිට මෙක්සිකෝවේ ට්‍රොට්ස්කිගේ ආරක්ෂවට සිටි ෂොස්ලර්, නිවසේ සේවය කල අනෙක් ඕනෑම අයෙකුට වඩා දිගු ඉතිහාසයක් ට්‍රොට්ස්කි සමග ඇත. [136]

ජර්මානු කම්කරු පන්තික පවුලක 1905 දී උපත ලැබූ ෂොස්ලර්, ට්‍රොට්ස්කිගේ ලේකම් ලෙස ලෙස 1932 පටන් සේවය කල අතර ට්‍රොට්ස්කි තුර්කි දිවයිනේ ප්‍රින්කිපෝවට පිටුවහල් කිරීමෙන් පසුව එම වසරේ නොවැම්බර් මාසයේ දී ට්‍රොට්ස්කි සමග කෝපන්හේගන් කරා ගමන් කලේ ඔහුගේ ලේකම් හා ආරක්ෂකයා ලෙසය. පියරි බෲවේගේ සටහන් කරන්නේ, 1933 නොවැම්බර් හා 1934 අප්රේල් අතර කාලයේ ෂොස්ලර්, නැවතත් ට්‍රොට්ස්කිගේ ලේකම් ලෙස වැඩ කලේ, ට්‍රොට්ස්කි ප්‍රංශයේ බාබාසොන් වෙත පිටුවහල් කර සිටියදීය.

අගෝස්තු 20 ප්‍රහාරයෙන් පසු ෂොස්ලර්ව පොලිසිය විසින් සම්මුඛ සාකච්ඡාවකට භාජනය කරන ලදී. ඔහු මෙසේ පැවසීය

20 වන දින දහවල් 1 ට පමන සහ බෙලාස් ආර්ට්ස් මාලිගාව අසලදී, ප්‍රකාශකයාට [ෂොස්ලර්] ෆ්‍රෑන්ක් ජැක්සන් සහ සිල්වියා ඇගිලොෆ් [137] හමුවී ආචාර කොට කතාබස් කලේය. සිල්වියා ප්‍රකාශකයාට පැවසුවේ ඊලඟ දවසේ ඔවුන් එක්සත් ජනපදයට ආපසු යන බවත් මේ හේතුව නිසා අද දහවල් ඔවුන් ට්‍රොට්ස්කි මහතා සහ ඔහුගේ බිරිඳ හමුවීමට කොයොකාන් වෙත යන බව හා [එක්සත් ජනපදයට, ඔවුන් කියා සිටියේ] ඔවුන් ගමන් කරන්නේ, මෙහි උන්නතාංශය සහ ආහාර නිසා ජැක්සන් අසනීප වූ බැවිනි. [138]

ඇගිලොෆ්ට දැන ගැනීමට අවශ්‍ය වූයේ එදින රාත්‍රියේ ෂොස්ලර් ට්‍රොට්ස්කි නිවසේ සිටීද යන්නයි. ඔහු ඇගිලොෆ් සහ ජැක්සන්-මෝර්නාඩ්  පැවසුවේ තමා පරිශ්‍රයෙන් පිටව සිටීමට අදහස් කරන බවයි. ඇගිලොෆ් රාත්‍රී ආහාරය ගැනීමට තමන් හා එක්වන ලෙස ඉල්ලා සිටියාය. ෂොස්ලර් එම ආරාධනය ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කල අතර ඔහු ද සිටින බවින් පසුවදා ට්‍රොට්ස්කි නිවසට පැමිනෙන ලෙස කියා සිටි නමුත් එදින රාත්‍රි භෝජනය සඳහා ඔවුන් යා යුතු බව ඇගිලොෆ් අවධාරනයෙන් කියා සිටියාය. ප්‍රකාශය දිගටම:

ගුවන් යානය පිටත් වීමට පෙර ඔවුන්ගේ සූට්කේස් සූදානම් කිරීමට ඇති නිසා (ෂොස්ලර්) කියන වේලාවට ඊලඟ දිනයේ පැමිනිය නොහැකි බව සිල්වියා ප්‍රතිචාර දක්වමින් පැවසුවාය. සමුගැනීම පිනිස ඔහුට අද සවස කොයොකාන් වෙත යන්ට නොහැකි දැයි ඇය ප්‍රකාශකයාගෙන් විමසුවාය. ඔහු [ෂොස්ලර්] පිලිතුරු වශයෙන් කියා සිටියේ, මෙය ඔහුගේ නිවාඩු දිනය බැවින් ඔහු නඟරයේ සිටිය යුතු බවය. එම අවස්ථාවේදී සිල්වියා අද දිනයේ ඔහුට රාත්‍රී ආහාර ගැනීමට ඔවුන් හමුවීමට කැමති දැයි විමසූවාය. ආරාධනය කරන විට ජැක්සන් පැවසුවේ, රාත්‍රියේදී තමාට ඔවුන් හා එකවිය හැකි බවයි. රාත්‍රී 7: 30 ට ෆ්‍රැන්සිස්කෝ මැඩෙරෝ ඇනිව්හිදී හමුවීමට එකඟ විය. සැන් ජුවාන් ඩි ලෙට්‍රන් හිදී ජැක්සන් තමාට කථා කරමින් සිටීමට කාලයක් නොමැති බව පවසා පිටත්ව ගියේය. [139]

ෂොස්ලර් සමඟ සාකච්ඡා පැවති අවධිය ලුරි පැහැදිලි කරයි:

ඔහු [ජැක්සන්-මෝනාඩ්] දිගටම නොසන්සුන් ලෙස ක්‍රියා කලේය. හදිසියේම ඔහු වැදගත් දෙයක් අමතක වී ඇති බව කියා, පිටව ගියේය. ඔහුගේ දුර්වල සෞඛ්‍යය හේතුවෙන් ඔහුගේ රළුබව ඇතිව තිබෙන බව යුක්තිසහගත කිරීමට සිල්වියා උත්සාහ කලාය. “ ඔහු දුර්වල සෞඛ්‍ය තත්වයක පසුවන්නේ නිසැකවම උන්නතාංශය සහ ඔහු අනුභව කල ආහාර නිසා ය. අපි යන්නේ ඒ නිසයි. ” [140]

හමුවීම සූදානම් කිරීමෙන් පසුව ජැක්සන්-මෝර්නාඩ් සහ ඇගිලොෆ් නැවත මොන්ටෙජෝ හෝටලයට පැමිනියහ. පසුව ඇගිලොෆ්ගෙන් ලබාගත් පොලිස් ප්‍රශ්න කිරීම්වල පිටපත පහත පරිදි වේ.

ඇය අවසන් වරට එදින ජැක්සන් දුටු වේලාව කීයද යන ප්‍රශ්නයට පිලිතුරු දෙමින් කියා සිටියේ, එය දල වශයෙන් දහවල් 2 මිනිත්තු 10 කට පසු බවයි. ඔහු නැගී සිටි විට වැහි කබාය අඳින්නේදැයි ඔහුගෙන් ඇසූ බව ඇය සඳහන් කලාය. ඔහු පිලිතුරු දුන්නේ එය රැගෙන යනවාද නැත්නම් ඒ සඳහා ආපසු එනවාද යන්න ඔහු දැන සිටින බව ය. අවසානයේදී එය තිබූ අල්මාරියෙන් එය රැගෙන යාමට තීරනය කලේය. [141]

වැහි කබාය තුල සැඟවී ඇත්තේ අපරාධය සඳහා භාවිතා කරන ඇල්පෙන්ස්ටොක් (හිම පොරවක්) මෙන්ම කිනිස්සක් සහ පිස්තෝලයකි.

ෂොස්ලර් ට්‍රොට්ස්කිගේ නිවසට කතා කිරීමට උත්සාහ ගනියි

එදින සවස 6: 30 ට ෂොස්ලර් සහ ඔහුගේ බිරිඳ, ඇගිලොෆ් සහ ජැක්සන්-මෝර්නාඩ් හමුවීමට එකඟ වූ ස්වස්තික අවන්හලට පැමිනියහ. ෂොස්ලර් පසුව මෙක්සිකානු පොලිසියට මෙසේ පැවසීය:

විනාඩි 15 ක් හෝ 20 කට පමන පසුව සිල්වියා පැමිනියාය. ඇය [ෂුස්ලර්ට] දැනුම් දුන්නේ, ජැක්සන්ට කුමක් සිදුව ඇත්දැයි තමා නොදන්නා බවය. එකට කෑම (දහවල්) ගැනීමෙන් පසුව තමන්ට ඇල්ෆ්රෙඩො විනස් මහතා සමග හදිසි ප්රශ්නයක් ඇති බව කියා සිටිමින් (ජැක්සන්) පිටව ගියේය. ... ට්‍රොට්ස්කිගෙන් සමු ගැනීම සඳහා ඔහු නැවත පැමිනෙන බවත් පසුව ඔවුන් කලින් එකඟ වූ පරිදි රාත්‍රී ආහාරයට යාමටත් ඔහු එකඟ විය. [142]

ජැක්සන්-මෝර්නාඩ් රාත්‍රී ආහාරය සඳහා නොසිටියේ ඔහු කොයොආකාන් හි සිටි බැවිනි. ඔහු ඒ වන විටත් තනිවම පරිශ්‍රයට පැමින සිටියේය. ඔහු ට්‍රොට්ස්කි හා ආරක්ෂකයින්ට පැවසුවේ යුවල පසුදා පිටත්ව යාමට පෙර සමුගැනීම සඳහා ඇගිලොෆ් ඉක්මනින්ම පැමිනෙනු ඇති බවයි. [143] මුරකරුවෝ ඔහුට ඇතුලට යාමට ඉඩ දුන්හ. සිල්වියා සාමාන්‍යයෙන් එක්සත් ජනපදයට යාමට පෙර සමුගැනීම සඳහා පැමිනෙනු ඇත. ඇය ගේ පසුගිය හැසිරීම් රටාව එසේ බැවින් ජැක්සන් මොනාඩ්ගේ පැමිනීම ස්වාභාවික බව පෙනී ගියේය.

මේ අතර, ඇගිලොෆ් සමග නගර මධ්‍යයේ පසුවූ ෂොස්ලට, ජැක්සන් මොනාඩ්ගේ නොපැමිනීම ගැන වඩ වඩාත් උත්සුක විය. ඔහු විනාස්හි ලිපිනය ඇගෙන් ලබා ගැනීමට සමත් විය. මෙම පුද්ගලයා 1329 හෝ 1331 පැසියෝ ඩි ලා රිෆෝමාහි සේවය කල බව පෙනේ. [144] ජැක්සන්-මෝර්නාඩ් සිටීදැයි විමසීමට ට්‍රොට්ස්කි නිවසට කථා නොකරන ලෙස ඇගිලොෆ් තමාගෙන් ඉල්ලා සිටි බව ෂොස්ලර් පොලිසියට පැවසීය:

ඇගිලොෆ්ගේ නොසංසුන්තාවය නිසා ඔහු [ෂොස්ලර්] යෝජනා කලේ, ජැක්සන් සමුගැනීමට ගොස් ඇත්දැයි සොයා බැලීමට ඔවුන් ට්‍රොට්ස්කි නිවස ඇමතිය යුතු බවයි. කෙසේ වෙතත් සිල්වියා පැවසුවේ, " අප දැනටමත් එකට යන්න එකඟවී ඇති බැවින් ඔහු එහි නොසිටින බව මට සහතිකයි, එබැවින් එසේ නොකරන්න” යනුවෙනි.[145]

ෂොස්ලර් ඇය කියා සිටි කාර්යාලය පිහිටා තිබූ විනා මහතාගේ ලිපිනයට ඇජිලොෆ් සමඟ ගිය නමුත් එවන් ලිපිනයක් නොපැවතුනි. ඇය ඔවුන් වෙනත් ලිපිනයන් වෙත ගෙන ගිය නමුත් ජැක්සන්-මෝර්නාඩ් සොයාගත නොහැකි විය.

ෂොස්ලර් අවසානයේ පරිශ්‍රය අමතා ට්‍රොට්ස්කිට පහර දී ඇති බව දැන ගත්තේය. ඒ බව ඇයට දැනුම් දීමෙන් පසු ෂොස්ලර් මෙසේ පැහැදිලි කලේය. “ සිල්වියා මහත් සේ කලබල වී අඬන්න පටන්ගත්තා. ” [146] ඔවුන් කුලීරථයක් රැගෙන කොයොකාන් හි වියානාහි 55 කැලේ නම් ලිපිනය වෙතට ගියා.

ට්‍රොට්ස්කි ගේ නිවසට මෙක්සිකානු පොලිසිය පැමින සිටි අතර ට්‍රොට්ස්කි රෝහලට ඇතුලත් කර ඇත. ට්‍රොට්ස්කිගේ මෙක්සිකානු මුර කරු වන මැල්කියුඩෙස් බෙනිටෙස් සැන්චේස්ට අනුව, ට්‍රොට්ස්කි රෝහලට ගෙන යාම ප්‍රමාද වුනේ, ජෝසප් හැන්සන් දුරකථනය අරක් ගෙන "ග්‍රීන්ක්‍රොස් වෙත කථාකිරීමට අසාර්ථක ප්‍රයත්නයක" යෙදී සිටි බැවිනි. [147] අවසානයේදී, මුරට සිටි තවත් සාමාජිකයෙකු වන චාල්ස් කෝනල්, වෛද්‍යවරයෙකු සෙවීමට දිවගිය අතර ඔහු විනාඩි 20න් පමන පැමිනියා. තීරනාත්මක කාලයක් අපතේ ගියා.

දැන් පරිශ්‍රය තුල සිටින ඇගිලොෆ් කලබලයට පත්වූ බවක් පෙනුනි. ලුරි මෙසේ ලිවීය:

ව්‍යාකූලව පසුවූ සිල්වියා කාමර හරහා දිව ගියාය. ඇය නැවියන්ගේ ශෛලියෙන් යුත් සුදු කමිසයක් හා  ඊට උඩින් පැරනි සම් වලින් සාදන ලද දුඹුරු පැහැති කබායක් පැලඳ සිටියාය. ඇයගේ සිරුර ඉතා ලාබාල පෙනුමකින් යුතු විය. ඇගේ ඇඳුම අවසථාවට නොගැලපෙන බව පෙනෙන්නට තිබුනි. ඇය තම ජීවිතයේ අක්‍රමිකතාවයෙන් පෙලෙන දරුවෙකු හා සමාන විය. ඉඳහිට ඇය කෑගැසීමෙන් බාධා කලාය: “ මා පාවිච්චි කර ඇතුවා පමනි!” [148]

ඇගඅතඅඩවටගන

මෙක්සිකානුවන් ඇගිලොෆ්ගේ රඟපෑමට හසු නොවීය. ප්‍රධාන පෙලේ මෙක්සිකානු ට්‍රොට්ස්කිවාදීයෙක් හා ට්‍රොට්ස්කිගේ පිටුවහලේ නිවස සංවිධානය කරන ලද ඔක්ටාවියා ෆරනෑන්ඩෙස්, මෙක්සිකානු ශාස්ත්‍රාලික ඔලිවියා ගෝල් වෙත, ඇගිලොෆ් ට්‍රොට්ස්කිගේ පරිශ්‍රයට පැමිනි පසුව සිදු වූ දේ පැවසුවේ, "ගිලන් රථය ' මෙක්සිකෝ ' [රෝහල] කරා ට්‍රොට්ස්කි රැගෙන ගිය පසුව කමාන්ඩර් ගලින්ඩෝ සිල්වියාට කීවේ, ' ඔබව රඳවාගන්නවා” යනුවෙනි.‍

ඔක්ටාවියෝ ෆර්නැන්ඩස් (අනුග්‍රහය CEIP)

ඇගිලොෆ් ජීපීයූ ව සඳහා වැඩ කරන බව තමා විශ්වාස කරන බව ෆර්නැන්ඩස් පැහැදිලි කලේය. ඔහු පැවසුවේ:

මම ඔහුට [කමාන්ඩර් ගැලින්ඩෝ] ඒත්තු ගැන්වූයේ, මට ඇයව දමාගත් පොලිස් කාරයේ නැගීමට ඉඩ දෙන ලෙසයි. එහි රියදුරු, සිල්වියා සහ මම ද අපට පිටුපසින් අන දෙන නිලධාරි ගැලින්ඩෝ සහ නියෝජිතයන් දෙදෙනෙක් සිටියහ. මම 1934 සිට සිල්වියා දැන සිටියෙමි. මම ඇය සමඟ කතා කිරීමට උත්සාහ කලෙමි. ඇය හිස්ටීරියා ප්‍රහාරයකින් පීඩා විඳි අතර වැලපෙමින් සිටියා. “ ඔවුන් ජැක්සන්ට ඇතුළුවීමට ඉඩ දුන්නේ ඇයි? ”“ ඔවුන් ජැක්සන්ට ඇතුළුවීමට ඉඩ දුන්නේ ඇයි? " යනුවෙන් යලි යලිත් ඇසුවාය. "මම "ජැක්සන් ඔබේ සැමියා නොවේ ද ? ” “ ඔව්, නමුත් ඔවුන් ඔහුට ඇතුල් වීමට ඉඩ දුන්නේ ඇයි? ”යයි ඇය අතොරක් නැතිව ඇසුවාය. ඒ නිසා මම දැනගත්තා ඇය යමක් තේරුම් ගෙන ඇති බවත්, ජැක්සන්ට ගෙට ඇතුළු වීමට අප ඉඩ නොදිය යුතුය යන අවම වශයෙන් එක් හේතුවක්වත් ඇය දැන සිටි බවත්. එකම පිලිතුරක් හැරෙන්නට ඇයට මගේ ප්‍රශ්නවලට පිලිතුරු දිය නොහැකි විය: ඔහු “සැක සහිත දේවල්” සමඟ සම්බන්ධව සිටි බව ඇය දැන සිටියාය. අර්මිටා ගොඩනැගිල්ලේ ලැගුම් ගෙන සිටි බිල්ස් හෝ එවැනි යම් අයෙකු සමඟ.. … “නමුත් ඔබ එය දන්නේ නම්, නඩු විභාගය පිලිබඳව [මැයි මාසයේ දරන ලද උත්සාහයෙන් පසුව, සික්විරෝස් පිලිබඳව ] ඔවුන් සික්විරෝස් හට එර්මිටා ගොඩනැගිල්ලේ කාර්යාලයක් ඇති බව ප්‍රකාශයට පත් කර තිබියදී, අපට අනතුරු අඟවූයේ නැත්තේ ඇයි?” ඇය පිලිතුරු දුන්නේ නැත. අපි එම ස්ථානයට පැමිනියෙමු, ඔවුන් ඇයව රැගෙන ගිය අතර මට තවදුරටත් ඇය සමඟ කතා කිරීමට නොහැකි විය. [149]

ප්‍රහාරයෙන් පසු: ඇගිලොෆ් භ්‍රාන්තියෙන් පෙලෙන බවක් පෙන්වයි

ඇගිලොෆ් සහ ජැක්සන්-මෝර්නාඩ් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙක්සිකානු පොලිසිය, ඔවුන් වෙන් කොට තනි තනිව ප්‍රශ්න කිරීමට උත්සාහ කලේය. මෙම සම්මත පොලිස් උපක්‍රමය භාවිතා කිරීමෙන් බලධාරීන් බලාපොරොත්තු වුනේ, සැකකරුවන්ගේ කථා එකිනෙකට අනුකූලද යන්න තීරනය කිරීම සහ විමර්ශනය ඉදිරියට ගෙන යාම සඳහා, නොගැලපීම් භාවිතා කිරීම සඳහා පිලිතුරු කට්ටල දෙක සංසන්දනය කිරීමට ය.

ජූලියන් ගොර්කින් විසින් ප්‍රකාශයට පත් කරන ලද "මට වහාම කොන්සල්වරයා හමුවීමට අවශ්‍යයි - සිල්වියා ඇගිලොෆ්" සටහන [Photo: Note published by Julian Gorkin]

අත්අඩංගුවට ගැනීමෙන් පසු ජැක්සන්-මෝර්නාර්ඩ්ගෙන් අසන ලද ප්‍රශ්න වලට ක්ෂනික පිලිතුර වූයේ, ජීපීයූ සමග මොනම සම්බන්ධයක් හෝ ප්‍රතික්ෂේප කිරීම සහ ඇගිලොෆ් සමඟ ඔහුගේ විවාහයට විරුද්ධ වූ විට ට්‍රොට්ස්කිට පහර දුන් අමනාපයෙන් පසුවූ ට්‍රොට්ස්කිවාදියෙකු බව ප්‍රකාශ කිරීමයි. නැවතත්, සිල්වියාගේ නම ඔහුගේ බොරුවේ කේන්ද්‍රයේ දිස් වේ.

පොලිසිය ප්‍රශ්න කිරීමට උත්සාහ කල විට සිල්වියා ඇගිලොෆ් ඊට ප්‍රතිචාර නොදැක්වීය. ලුරි මෙසේ ලිවීය, “ නැවියන්ගේ වන් සුදු බ්ලවුසය ඉවත් නොකරම සිල්වියා ප්‍රහාරයෙන් පස දින කිහිපයක් ඇඳේ ගත කලාය. කවුරුහරි කාමරයට ඇතුළු වූ විගස ඇය කෑගසා අනෙක් පස හැරුනාය. [150]

එෆ්බීඅයි සහ මෙක්සිකානු පොලිසිය ඇය සමඟ කථා කිරීමට උත්සාහ කල ද එයින් කිසිදු පලක් නොවීය. අගෝස්තු 22 වන දින මෙක්සිකෝවේ එක්සත් ජනපද කොන්සල් කාර්යාලයේ ජෝර්ජ් ෂෝ “ඇය සමඟ කතා කිරීමට උත්සාහ කල නමුත් ඇය ස්නායු අර්බුදයකට ඇද වැටුනි.” [151]

මෙක්සිකානු පොලිසිය විශ්වාස කලේ ප්‍රශ්නවලට පිලිතුරු නොදීම සහ විමර්ශනය අවහිර කිරීම සඳහා ඇය මවාගත් උමතුවකින් පෙලුන බවයි. ඇය රඳවාගෙන සිටියදී ඇගිලොෆ් වෙත පැමිණීමට නියමිතව සිටි වෛද්‍ය නිලධාරි වෛද්‍ය මොයිස් ඔරොස්කෝ අගෝස්තු 24 වන දින මෙක්සිකානු පුවත්පතක් වන නෝවඩේඩ්ස් වෙත පැවසුවේ, ඇගිලොෆ් “ විශිෂ්ට විකට නළුවෙකු බවට සැකයක් නැත." අන්ත මානසික ආතතිය, කාංසාව හෝ සන්ත්රාසයේ ප්රහාර විවිධ පුද්ගලයන්ට හෘද ස්පන්දන වේගය වැඩි කරන අතර, සන්ත්රාසයට ගොදුරුවී ඇති අවස්තාවක ඇගිලොෆ්ගේ හෘද ස්පන්දන වේගය වැඩි නොවන බැවින් ඇය බොරු කරන බව නිසැකය. [152] වෛද්‍ය ඔරොස්කෝ නොවෙඩේඩ්ස් වෙත මෙසේ පැවසීය:

ඇය මනෝ විද්‍යාව පිලිබඳ මහාචාර්යවරියකි. ඇයගේ දැනුමෙන් ඇය ප්‍රශ්න කිරීම් වලක්වා ගන්නේ කෙසේද සහ ඇය වින්දිතයා ලෙස පෙනී සිටින්නේ කෙසේද යන්න දනී. ඇය, ඇගේ තරමට ඔවුන් ඇය ගැන දන්නා ප්රමානයට වඩා ප්රශ්න කිරීම් වලදී ඇයට ඔවුන්ගේ මනෝ විද්යාව වටහා ගත හැකිය, ඔබ තේරුම් ගත යුතු දේ එයයි. ප්‍රහාර එල්ලවන විට ඇගේ හෘද ස්පන්දනය සාමාන්‍ය තත්වයේ පැවති අතර එයින් පෙන්නුම් කරන්නේ එය තනිකරම උපක්‍රමයක් බවයි. [153]

අගෝස්තු 26 වෙනිදා නොවෙඩේඩ්ස් තවත් ලිපියක් පල කරමින් මෙසේ විස්තර කලේය. “ දින ගෙවී යත්ම, මෙම කාන්තාව විසින් අනුගමනය කරන ලද අමුතු ආකල්පය, පෙන්වනු ලබන ඇගේ හිස්ටීරියාව සහ සෝවියට් රතු හමුදාවේ හිටපු නායකයාගේ ඝාතකයාගේ ජීවිතය අලලාගත් තත්වයන් හා විශ්මය දනවන දේවල් සලකා බැලීමේදී, ඇයගේ නිර්දෝෂීභාවය විශ්වාස කිරීම වඩාත් දුෂ්කර වෙමින් තිබේ. ” [154]

ඝාතනයෙන් පසු සිල්වියා ඇගිලොෆ් (වමේ) සහ මර්කාඩර් (දකුනේ)

ඇගිලොෆ්ගේ ආතතිය පැහැදිලිවම රංඟනයකි. ඇය පොලිස් විමර්ශනය ප්‍රමාද කල අතර ජැක්සන්-මෝර්නාර්ඩ්ට ඇගේ සිදුවීම් පිලිබඳ දැක්ම සමඟ සැසඳීමට ගත් උත්සාහයට බාධා කලාය. මෙයින් ජැක්සන්-මෝර්නාර්ඩ්ට, ඔහුගේ සිහි එලවාගෙන, නිව් යෝර්ක් නගරයේ ජීපීයූ ප්‍රධානීන් සමඟ එක්ව ඔහු විසින් සකස් කරන ලද චෝදනා මඟහැරීම් සියල්ල එකට එකතු කිරීමට කාලය ලබා දුන්නේය.

සමඟඇග්‍රශ

ඇගිලොෆ් අවසානයේ ප්‍රශ්න වලට ප්‍රතිචාර දැක්වීමට පටන් ගත්තාය. විමර්ශනය අධීක්ෂනය කරන ලද්දේ ලියාන්ඩ්‍රෝ සැන්චෙස් සලාසාර් විසිනි. ඔහු ඇගිලොෆ් සමඟ සම්මුඛ සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති අතර ඇයගේ හැසිරීම අධ්‍යයනය කිරීමට සහ විමර්ශනයේ මුල් අවධියේදී ඉදිරිපත් කරන ලද කරුනු වලට ඇයගේ පිලිතුරු සංසන්දනය කිරීමට අවස්ථාව ලැබුනි.

ජැක්සන්-මෝනාඩ්ගේ ජීපීයූ සහකාරියක ලෙස ඇයගේ අපරාධය ගැන ඔහුට ඒත්තු ගියේය. ලුරි පැහැදිලි කලේ:

විමර්ශනය භාරව සිටි කර්නල් ලියාන්ඩ්‍රෝ සලාසාර්, සිල්වියා ඇග්ලෙෆ් ඝාතනයේ හවුල් කාරියක් ලෙස සලකා ඇය ගැන ඇස ගසාගෙන සිටින ලෙස ආරක්ෂකයෙකුට නියෝග කලේය. ඔහු සිතුවේ ඇය වටා සිදුවන දේ තේරුම් ගැනීමට තරම් ආධුනික කෙනෙකු සිටිය නොහැකි බවයි. රේමන්, ක්‍රීඩා තරඟවලට සහභාගී නොවූ හෝ ක්‍රීඩා ගැන කිසිඳු පේලියක් ලියා නැති ක්‍රීඩා මාධ්‍යවේදියෙකු බව ඇය විශ්වාස කරන්නේ කෙසේද? පැරීසියේ සිටි අයෙකු ජනමාධ්‍යවේදියෙකු ලෙස මෙක්සිකෝවේ දී සමත් වූ පුද්ගලයා, ඔහු නටාලියා සෙඩෝවාට පැවසූ පරිදි යාන්ත්‍රික ඉංජිනේරුවෙකු, දියමන්ති පිලිබඳ විශේෂඥයෙකු හෝ ඔටෝ ෂොස්ලර්ට පැවසූ පරිදි සීනි සහ තෙල් පිලිබඳ නිපුනයෙකු වූයේ කෙසේදැයි ඇය සැක නොකලේ මන් ද? ඔහු ආගුස් ඒජන්සිය වැනි ව්‍යාපාරයක විකිනුම්කරුවෙකු වැනි ඔහුගේ විවිධාකාර අනන්‍යතා සහ විශ්වාස කල නොහැකි කථා වලින් ඇය ඔහුව සැක නොකරන්නේ කෙසේද? සිල්වියා මේ සියලු ප්‍රශ්නවලට මුළුමනින්ම ව්‍යාකූල ලෙස පිලිතුරු දුන්නාය. [155]

විමර්ශනයට නායකත්වය දුන් අනෙකුත් පොලිස් නිලධාරීහු ද එම නිගමනවලට එලඹීමට පටන් ගත්හ. ඉංග්රීසි භාෂාවෙන් පලවන පාම් බීච් පෝස්ට් අගෝස්තු මස 26 වන දින වාර්තා කලේ " ජොසේ මැනුවෙල් නුනෙස් පොලිස් ප්රධානියාට අනුව, ඇය [ඇගලොෆ්] කරුනු වලට අසුවිය හැකි බවය. [156] ඇගේ රැඳවුම් කාලය දීර්ඝ විය හැකි බව පෙනී ගියේය.

ලියාන්ඩ්‍රෝ සැන්චෙස් සලාසාර් [Photo: Mexican National Institute of Anthropology and History]

අගෝස්තු මස 30 වන දින, ප්‍රහාරය පිලිබඳ ඇගේ ක්‍රියාකලාපය නිසා සිල්වියා ඇජිලොෆ්ගේ සේවායෝජකයා විසින් ඇය සේවයෙන් පහ කලේය. නිව්යෝර්ක් සමාජ සුභසාධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී විලියම් හොඩ්සන්, “ නිල වශයෙන් ප්‍රකාශයට පත් කලේ, දින 6 කට පෙර ඇගේ නිවාඩුව අවසන් වී ඇති නිසා හා ඇය නැවත සේවයට පැමිනීම ගැන කිසිවක් නොදන්නා නිසාත්, මෙක්සිකොවේ සිදුවීම් වටා ඇති ප්‍රසිද්ධිය නිසාත්, ඇගේ වැඩ කොන්ත්‍රාත්තුව අවලංගු කල බව ය. සිල්වියාගේ සදාචාරාත්මක අවුල් සහගත තත්වය සැලකිල්ලට ගෙන මෙය සිදුවිය යුතු බව හොඩ්සන් මාධ්‍යයට ප්‍රකාශ කලේය. ” [157]

ඇජමර්කාඩරනට න හම

ඔවුන්ගේ විමර්ශනයේ කොටසක් ලෙස පොලිසිය එක් අවස්ථාවකදී, 20 වනදායින් පසු පලමු වතාවට එකිනෙකා මුහුනට මුහුන ලා සිටුවීමේදී ඔවුන්ගේ ප්‍රතිචාරය පරීක්ෂා කිරීම සඳහා ඇගිලොෆ් සහ ජැක්සන්-මෝර්නාර්ඩ් එකම කාමරයට ගෙන එන ලදී. එකිනෙකා මුනගැසුන විට, ජැක්සන්-මෝර්නාර්ඩ් ඔහුගේ හිසෙහි අත් ගසාගෙන ඔහුව රැගෙන යන ලෙස පොලිසියෙන් අයැද සිටියේය. ඇගිලොෆ් යලිත් උමතුවෙන් මෙන් ඔවුන්ගේ සම්බන්ධතාවය ගැන ඔහුගෙන් කිසිදු ප්‍රශ්නයක් ඇසීම හෝ ඔවුන් දෙදෙනා එකට ගත කල කාලය තුල ඔහු ඇයට පැවසූ බොරු පැහැදිලි කරන ලෙස ඉල්ලීම ප්‍රතික්ෂේප කලාය. රැස්වීම අවසන් කරන ලෙස ඇයද ඉල්ලා සිටියාය.

ජීපීයූව සමඟ තිබූ ඔහුගේ සබඳතා හෙලි කිරීමට ඇය උනන්දු වූයේ නම්, ඇගිලොෆ් ට ඔහු මුහුන ට මුහුන හමුවූ අවස්ථාවේදී එසේ කිරීමට ඉඩ තිබුනි. ඔහු ජීපීයූ ඒජන්තයෙකු බව දැන් නොවැරදීම පෙන්විය හැකි ය. ඔහුව හඳුනන එස්ඩබ්ලිව්පී හි සියලු පුද්ගලයින් අතරින්, ඔහුගේ කතාවේ ඇති නොගැලපීම් පිලිබඳව ඔහුට බලපෑම් කිරීමට ඇය වඩාත් සුදුසුය. අර්මිටා සිද්ධිය ගැන, ඔහු සමඟ සහභාගී වූ බව කියා සිටි 1940 මාර්තු ස්ටැලින්වාදී රැලිය ගැන, 1938 හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක සමුළුවට ඔහුගේ සහභාගිත්වය ගැන, ආගුස් මුද්‍රනාලය ගැන හෝ ඔහුගේ දෙමව්පියන් ගැන සහ ඔහුගේ මුදල් තත්වය ගැන ඔහුගෙන් විමසීමට ඇයට හැකියාව තිබුනි. සිද්ධියට සම්බන්ධ ඔහු දන්නා පුද්ගලයන් ගැන ද ඔහු ගෙන් විමසීමට හැකියාව තිබුනි. මේ සියල්ල පොලිස් විමර්ශනයට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇති අතර මෙක්සිකානු බලධාරීන්ට තීරනාත්මක මඟ පෙන්වීම් ලබා දෙනු ඇත.

නමුත් ඒ වෙනුවට ඇය කෑගැසුවා: “ මේ මිනීමරුවා මගෙන් ඈත් කරන්න. ඔහුව මරන්න! ඔහු ට්‍රොට්ස්කි ඝාතනය කලා! ඔහුව මරන්න! ඔහුව මරන්න! ” [158]

මෙය ස්ටැලින්වාදීන්ගේ අරමුනු සමඟ ගැලපේ. ගෝර්කිංට අනුව, ජැක්සන් මොනාර්ඩ්ගේ ව්‍යාජ පාපොච්චාරනයේ ප්‍රකාශයෙන් බලාපොරොත්තු වුනේ, ට්රොට්ස්කිගේ ආරක්ෂකයින් ඔහු මරා දැමීමට පෙලඹවීමයි, එවිට ඔහුට කථා කිරීමට සිදු නොවේ. ට්රොට්ස්කිගේ හිස තුලට හිම පොරොව ගැසූ වහාම ජැක්සන් මොනාර්ඩ්ම ට්‍රොට්ස්කිගේ ආරක්ෂකයින්ට පැවසුවේ, "මාව මරන්න! එකවරම මා මරන්න, මා ජීවත්ව සිටි යුතු නෑ, මා මරන්න, මා එය කලේ ජීපීයූවේ අන පරිදි නොවේ, ඒත් මා මරන්න!" යනුවෙනි. [159]

ඔහුගේ මරනය ඉල්ලා සිටීමෙන්, ඇගිලොෆ් විමර්ශනයට බාධා කලා පමනක් නොව, ඇය ක්‍රියා කලේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සාමාජිකයෙකු එම තත්වයන් යටතේ හැසිරෙන ආකාරයට සම්පූර්නයෙන්ම පටහැනි ලෙස ය.

1940 වන විට ඇගෙලොෆ් සමාජවාදී දේශපාලනයේ වසර හයක ඉතිහාසයක් ඇති විශ්වාසවන්ත ට්‍රොට්ස්කිවාදියෙකු ලෙස පෙනී සිටියේය. ඇයගේ කටයුතු ස්ටැලින්වාදී මහා ත්‍රස්තවාදයේ කාලය පුරා විහිදී ගියේය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, ස්ටැලින්වාදී නිලධරයේ ප්‍රති-විප්ලවවාදී ස්වභාවය ප්‍රකාශ කිරීමක් ලෙස දේශපාලන විරුද්ධවාදීන් ක්‍රමානුකූලව ඝාතනය කිරීමේ ස්ටැලින්වාදී ක්‍රමවේදය හෙලා දකියි. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මෙම ක්‍රමවේදයන්ට විරුද්ධ වූයේ ත්‍රස්තවාදය, ප්‍රචන්ඬත්වය සහ ශාරීරික පලිගැනීම්වලින් නොව, දේශපාලන හෙලිදරව් කිරීම් හා අධ්‍යයන ක්‍රමවේදයන්ගෙනි. මේ හේතුව නිසා, ප්‍රහාරයෙන් පසු තම ප්‍රහාරකයා පනපිටින් තබා ගන්නා ලෙස ට්‍රොට්ස්කි විසින්ම තම ආරක්ෂකයින්ට නියෝග කලේය. එවිට ජීපීයූ හි කාර්යභාරය හෙලි වනු ඇත: “ ඔවුන්ට කියන්න ඔහුව මරන්න එපා කියලා.ඔහු කතා කල යුතුයි. ” [160]

ඇගිලොෆ් ඊට වෙනස්ව ඔහු මරා දමා නිහඬ කරන ලෙස ඉල්ලා සිටියාය. මෙම ප්‍රමුඛත්වය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සාමාජිකයෙකුට වඩා ස්ටැලින්වාදියෙකුගේ ප්‍රතිචාරයට බොහෝ සෙයින් සමාන ය. ඝාතකයා සැබවින්ම කවුද සහ ඔහු වැඩ කරන්නේ කා සමඟද යන්න පිලිබඳ තොරතුරු ලබා ගැනීමට උනන්දුවක් දක්වන කෙනෙකුගේ ප්‍රතිචාරය එය නොවේ.

මතු සම්බන්ධයි,

සටහන්:

[පෙන්වා නැති මුල් ප්‍රකාශයන් පලමු කොටසේ හෝ දෙවන කොටසෙහි ඇත]

[97]එම පි. 219–20.

[94] 1940 අගෝස්තු 24 දිනැති ජේ. එඩ්ගර් හුවර්ගේ FBI වාර්තාව.

[95] ලුරි, පි. 245.

[96] සැන්චෙස් සලසාර්, පි. 136.

[97] එම 219 –20 පි .

[98] එම පි. 220 .

[99] 1940 අගෝස්තු 23 එෆ්බීඅයි වාර්තාව.

[100] නියෝජිත N.O ස්කොට් විසින් 1940 සැප්තැම්බර් 13 වන දින FBI වාර්තාව.

[101] පුයිග්වෙන්ට් 2, s41 ස්ථානයේ.

[102] 1940 සැප්තැම්බර් 4 දිනැති බී ඊ සැකට් සඳහා එෆ්බීඅයි වාර්තාව.

[103] 1940 සැප්තැම්බර් 1 වන දින මෙක්සිකෝ නගරයේ එක්සත් ජනපද කොන්සල් ජනරාල්ගේ සංදේශය.

[104] වොල්කොගොනොව්, පි. 459 .

[105] එම, පි. 456 .

[106] පුයිග්වෙන්ටස් 4,503 ස්ථානයේ.

[107] එම 4,526. ස්ථානයේ

[108] එම. 4,545. ස්ථානයේ ඩිරේෂියන් ජෙනරල් ඩි ඉන්වෙස්ටිටේෂන්ස් පොලිටිකාස් වයි සොසියල්ස්, කැජා 127. එක්ස්පීඩියන්ට් 27, පිගිනාස් 108 –09.

[109] 4,503 ස්ථානයේ පුයිග්වෙන්ට්ස්

[110] ඩොයිට්ෂර්, පි. 497 .

[111] 4,527 ස්ථානයේ පුයිග්වෙන්ටෙස්.

[112] එම ආකිවෝ ජෙනරාල් ඩි ලා නැසියන් ගැන සඳහන් කිරීම. විනිශ්චය සභාව සුපිරි ඩි ජස්ටීෂියා ඩෙල් ඩීඑෆ් ඒඕ 1940. කජා 3,265. ෆෝලියෝ 602993, පේජිනා 41.

[113] එම 4,546 ස්ථානයේ

[114] එම 4,503 ස්ථානයේ .

[115] " රත්රන් යුගය ගුවන් ගමන් සඳහා වියදම, " සංචාරක + විවේක අගෝස්තු 13, 2017, දක්වා මෙතැනින් ලබාගත හැක.

[116] 1940 සැප්තැම්බර් 25 වන දින, ඒජන්ත ආර්.එන්. හොස්ටනිගේ එෆ්බීඅයි වාර්තාව.

[117] "මෙක්සිකෝ නගරයට එක රැයකින් ගුවන් සේවා ආරම්භ කිරීම සඳහා, " වොෂින්ටන් ඊවිනිං ස්ටාර්, පෙබරවාරි 26, 1940 මෙතනින් ලබාගත හැකි ය.

[118] 1940 සැප්තැම්බර් 25 වන දින ඒජන්ත ආර්.එන්. හොස්ටනිගේ එෆ්බීඅයි වාර්තාව.

[119] එම

[120] “ ස්මිත් පනතේ නඩු විභාගය සහ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට ආන්ඩුව රිංගීම ” 2016 දෙසැම්බර් 8 වන දින ලෝක සමාජවාදී වෙබ් අඩවිය එරික් ලන්ඩන් මෙතැනින් ලබාගත හැක .

[121] පුයිග්වෙන්ටස් 4,532 ස්ථානයේ.

[122] එම 4,546 ස්ථානය.

[123] එම.

[124] බැරන් කෘස්, පි. 165 .

[125] “ නටාලියා ට්‍රොට්ස්කි අපහාසය වැරදි මඬගැසීමකි, ” සෝෂලිස්ට් ඇපීල්, 1940 ඔක්තෝබර් 26.

[126] ලුරි, පි. 245.

[127] “ නටාලියා ට්‍රොට්ස්කි සදොස් අපහාසයකට පිලිතුරු දෙයි.

[128] එල්. මර්කාඩර්, ජී. සැන්චෙස්, මගේ සහෝදරයා ට්‍රොට්ස්කි මරා දැමීය (මොස්කව්: කුච්කොවොපෝල්, 2011 [රුසියානු සංස්කරනය]), පි. 159 .

[129] “ නටාලියා ට්‍රොට්ස්කි සදොස් අපහාසයකට පිලිතුරු දෙයි.

[130] ඩොයිට්ෂර්, පි. 497 .

[131] එම පි. 497 –98.

[132] එම පි. 498 .

[133] ඩේවිඩ් නෝර්ත්, “ට්‍රොට්ස්කිගේ අවසන් වසර, හයවන කොටස,” ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2020 සැප්තැම්බර් 8.

[134] ලුරි, පි. 246.

[135] එම, 246-47 පි.

[136] ඔටෝ ෂෝ ඔස්ලර්ගේ ට්‍රොට්ස්කියානා චරිතාපදානය බලන්න .

[137]මෙක්සිකානු පොලිසිය නිතරම Jackson " Jacson " ලෙස ත්" " " Sylvia " Silvia” ලෙසත් ලිවීය

[138] බැරන් කෘස්, පි. 47 .

[139] එම.

[140] ලුරි, පි. 247.

[141] බැරන් කෘස්, පි. 166.

[142] එම 47-48 පි .

[143] ජෝසප් හැන්සන්, “අවසානය දක්වා ට්‍රොට්ස්කි සමඟ ”, හතරවන ජාත්‍යන්තරය සඟරාව, 1940 ඔක්තෝබර්, පි. 117.

[144] බැරන් කෘස්, පි. 48 .

[145] එම.

[146] එම.

[147] එම පි. 53 .

[148] ලුරි, 250-51 පි .

[149] ගෝල්, පි. 354-55.

[150] ලුරි, පි. 261 .

[151] එම පි. 262.

[152] නිදසුනක් වශයෙන්, එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය මෙසේ පැහැදිලි කරයි, (153) “ඔබේ ශරීරය 'සටන් හෝ පියාසැරි' ක්‍රමයට යාම නිසා භීතිකාව පිලිබඳ ශාරීරික රෝග ලක්ෂන ඇති වේ. ඔබේ ශරීරය වැඩි ඔක්සිජන් ප්‍රමානයක් ගැනීමට උත්සාහ කරන විට, ඔබේ හුස්ම වේගවත් වේ. ඔබේ ශරීරය ඇඩ්‍රිනලින් වැනි හෝමෝන නිකුත් කරන අතර එමඟින් ඔබේ හදවත වේගයෙන් ස්පන්දනය වන අතර ඔබේ මාංශ පේශි දැඩි වේ. ” ලූරි පි 262. මෙතැනින් ලබාගන්න.

“The physical symptoms of a panic attack are caused by your body going into ‘fight or flight’ mode. As your body tries to take in more oxygen, your breathing quickens. Your body also releases hormones, such as adrenaline, causing your heart to beat faster and your muscles to tense up.” Available here.

[153] ලුරි, පි. 262.

[154] එම පි. 264.

[155] එම පි. 252 .

[156] එම pp. 264–65.

[157] එම pp. 267–68.

[158] සැන්චෙස් සලසාර්, පි. 149 .

[159] එම පි. 141.

[160] හැන්සන්, පි. 116.

Loading