ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහි සමාගමේ හා පොලීසියේ අඩන්තේට්ටම් අඛන්ඩ ව ඉදිරියට

[මෙය Company and police harassment continues against Alton Estate workers in Sri Lanka යන මැයෙන් 2021 ජූලි 19දා පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ජූලි 14දාට නියමිතව තිබූ, ඕල්ටන් වත්තේ කම්කරුවන්ට විරුද්ධ නඩුව, හැටන් මහේස්ත්‍රාත්වරයෙක් විසින් ඔක්තෝබර් 27දා දක්වා කල් තැබී ය. මුල දී මැයි 28 ආරම්භ කිරීමට නියමිත ව තිබූ මෙම නඩුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ප්‍රමාද වී තිබුනි.

ඕල්ටන් වතු කම්කරුවන් 24 දෙනෙකුට හා තරුනයන් දෙදෙනෙකුට එරෙහි නඩුව, ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) සහයෝගය සහිත ව සමාගම හා පොලීසිය විසින් ගොතන ලද බොරු නඩුවකි. වත්තේ කලමනාකරුට හා සහකාර කලමනාකරුට කායික ව පහර දුන්නේ යයි සමාගම හා පොලීසිය ව්‍යාජ ලෙස කියාපායි. දඩයමට ලක්වූවෝ මෙම චෝදනා සෘජුවම ව ප්‍රතික්ෂේප කර ඇත.

මස්කෙලියට නුදුරු ඕල්ටන් වත්ත, ලංකාවේ විශාලතම සමාගම්වලින් එකක් වන හේලීස් සංගතය විසින් පාලනය කරන හොරන වතු සමාගමේ කොටසකි.

ඕල්ටන් වත්ත [මූලාශ්‍රය: ෆේස්බුක්]

යලි වතාවක් නඩුව කල් දැමීමට ඉදිරිපත් කල හේතුව වූයේ කොවිඩ්-19 වසංගත අර්බුදය යි. මාස හතරකට අධික කාලයක් ගතවන තෙක් නඩුව අසනු ලබන්නේ නැති බව දැන ගැනීම සඳහා කිලෝමීටර 12කට අධික දුරක් සෙනග පිරුනු බස් රථයකින් ගමන් කරන තැනට කම්කරුවන්ට ඇද දමමින්, නඩුව කල්තබා ඇති බව බලධාරීන් කල් තබා දැනුම් දුන්නේ නැත.

මාර්තු 10දා කම්කරුවන් ට දුෂ්කර ඇප කොන්දේසි පැනවුව ද පොලීසිය තවමත් චෝදනා පත්‍ර ඉදිරිපත් කර නැති බව, දඩයමට ලක්වූ කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසී ය.

චෝදනා ගොනු කිරීමට පොලීසිය දක්වන ප්‍රමාදය, එමචෝදනාවල ගොතන ලද ඒවා බව පෙන්නුම් කරන අතර කම්කරුවන් බියවද්දමින් ඔවුන්ට අඩන්තේට්ටම් කිරීම අඛන්ඩ ව දරන උත්සාහයන්ගේ කොටසකි. ඔවුන්ට නියම කර ඇති ඇප කොන්දේසි යටතේ, සෑම මාසයක ම අවසන් ඉරිදා මස්කෙලිය පොලීසියට වාර්තා කල යුතු ඔවුහු, එහි ඇති ලේඛනයක අත්සන් කල යුතු ය.

ඉහල වැටුප් හා යහපත් ජීවන කොන්දේසි සඳහා සටන් කිරීමට, ඕල්ටන් කම්කරුවන් 500ක් පෙබරවාරි 2දා වැඩ වර්ජනයේ යෙදෙනවාත් සමඟ දඩයම ඇරඹුනි. රුපියල් 1,000ක දෛනික වැටුපක් ඉල්ලමින් ඉන් තුන් දිනකට පසුව සීඩබ්ලිව්සීය කැඳවුම් කල එක් දින ජාතික වර්ජනයකට ඔවුහු සම්බන්ධ වූ හ. ජාතික මට්ටමේ වැඩ නැවැත්වීමට වතු කම්කරුවන් 150,000ක් පමන සහභාගි වූ අතර, සීඩබ්ලිව්සීය එම කාර්මික ක්‍රියාව කැඳවූයේ, දරිද්‍ර මට්ටමේ වැටුප් සහ දීර්ඝ කාලයක් තිස්සේ අපේක්ෂා කරන ඉල්ලීම සඳහා සටන් කිරීම වෘත්තීය සමිතිය විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව කම්කරුවන් අතර පවතින පලල් කෝපය හා අතෘප්තිය වාෂ්ප කිරීම පිනිස ය.

වත්තේ කලමනාකාරීත්වයේ ප්‍රකෝපකරනයන්ට එරෙහි ව විරෝධය පල කිරීම පිනිස, ඕල්ටන් වත්තේ කම්කරුවෝ තවත් දවස් 47ක් වැඩ වර්ජනයේ යෙදුනා හ. මෙම අඩන්තේට්ටම් කිරීමට විරුද්ධ ව, පෙබරවාරි 17දා කම්කරුවෝ වත්තේ කලමනාකරුවාගේ නිල නිවසින් පිටත විරෝධතාවේ යෙදුනි. විරෝධතාකරුවෝ වත්තේ කලමනාකරුවන්ට පහර දුන්නේ යයි කියාපාමින්, පොලිස් දඩයම දියත් කිරීම සඳහා හොරන වතු සමාගම මෙම විරෝධතාව ඩැහැගත්තේ ය.

පූඩලු ඔය තේ වතු කම්කරුවෝ කොවිඩ්-19 වන්දි සහ සහනාධාර ඉල්ලා උද්ඝෝෂනය කරති

සමාගම නඩුවට මුහුන දෙන කම්කරුවන් 24 දෙනා ඇතුලු ඕල්ටන් වතු කම්කරුවන් 38 දෙනෙකු මාර්තු මාසයේ දී එක්වරම නෙරපා දැමුවේ, ඔවුන් කලමනාකරුවන්ට පහර දුන්නේ ය යන්න පිලිබඳ කිසිදු විමර්ශනයක් නොකර, ආභියාචනා කිරීම සඳහාද අවසර නො දෙමිනි. ආදායම් අහිමි වූ මෙම කම්කරුවන් ව ඕල්ටන් වතු කලමනාකරනය විසින් අසාදු ලේඛනගත කර ඇති අතර, අනෙකුත් වතුවල රැකියා සොයාගැනීමෙන් ද වලකාලනු ලබයි.

ඕල්ටන් සිට කිලෝමීටර 12ක් පමන දුරින් පිහිටි ලුකොම්බේ වත්ත, වැඩ තහනම් කර ඇති කම්කරුවන්ගෙන් 12 දෙනෙකුට පසුගිය මැයි මාසයේ අනියම් රැකියා ලබා දුනි. එහෙත් ජුනි මාසයේ දී කම්කරුවන් ලුකොම්බේ වත්ත කරා ගමන් කල වෑන් රථය නතර කල මස්කෙලිය පොලීසිය, කොවිඩ්-19 සෞඛ්‍ය රෙගුලාසි හේතුවෙන් වාහනයට ඉදිරියට යාමට ඉඩ දිය නො හැකි බව කම්කරුවන්ට කීවේ ය. රියැදුරාගේ බලපත්‍රය ලබාගත් පොලීසිය, බහුතරයක් කාන්තාවන් වූ එම කම්කරුවන්ට ලුකොම්බේ දක්වා වූ ඉතිරි කිලෝමීටර 10 පයින් යා යුතු බව කීවේ ය.

මෙම සිද්ධියට ඕල්ටන් වත්තේ කලමනාකාරීත්වය සම්බන්ධ යයි තමන් විශ්වාස කරන බව එක් කම්කරු කාන්තාවක් ලෝසවෙඅ වෙත කීවා ය. “අපි ඕල්ටන් වත්තෙන් පිටත් වෙද්දී, එක් වැඩ පරීක්ෂකවරයෙක් අපේ වාහනයේ නොම්මරය සටහන් කරගන්නවා අපි දැක්කා. ඔහු එම තොරතුරු පොලීසියට දුන් බවට මට සහතිකයි. පොලිස් ස්ථානයකට පිටතින් සිටි පොලීසිය විසින් අප නැවැත්වූ විට, ඕල්ටන් වත්තේ සහකාර කලමනාකරුවා ඇතුලේ ඉන්නවා අපි දැක්කා.”

පොලීසිය වෑන් රථය නැවැත්වූ විට උදෑසන 8.30 වූ බවත්, ලුකොම්බේ වත්ත කරා පයින් යාමට උදෑසන 11 තෙක් ගත කිරීමට කම්කරුවන්ට සිදු වූ බවත්, ඇය විස්තර කලා ය. “මේකෙන් වුනේ අපට තේ දලු කිලෝ 5ක් පමනක් කැඩීමට හැකි වී, එදාට රුපියල් 200ක් පමනක් ලැබීම යි. මේ සිද්ධියෙන් පස්සෙ ලුකොම්බේ වත්තේ අයිතිකරුවා අපට තව දුරටත් වැඩ දීම ප්‍රතික්ෂේප කලා.” වත්තේ කලමනාකාරීත්වය හා පොලීසිය තමන්ට ත්‍රස්තවාදීන්ට මෙන් සලකන බවත්, තමන් ව කුසගින්නේ තැබීමට උත්සාහ කරමින් සිටින බවත්, ඇය තව දුරටත් කීවා ය.

වත්ත තුල පොලිස් මුරපොලක් සඳහා වත්තේ සංස්කෘතික ශාලාව යොදා ගැනීමට උත්සාහ දරමින්, හැටන් සහකාර පොලිස් අධිකාරිවරයෙක් ගිය මාසයේ ප්‍රකෝපකාරී ලෙස ඕල්ටන් වත්තට පැමිනියේ ය. වතු කම්කරුවන් මෙයට විරුද්ධ වූ විට, වත්තට මායිම් වන කුඩා නගරයක් තුල පොලිස් ස්ථානයක් ස්ථාපනය කිරීමට පොලීසිය තීරනය කලේ ය.

ඕල්ටන් වත්තේ කරගෙන යන දඩයම, දරිද්‍ර මට්ටමේ වැටුප්, ඉහල දමන වැඩ බර හා දුෂ්කර සමාජ කොන්දේසි අවසන් කිරීමට අධිෂ්ටානවත් වූ ගනනින් ඉහල යන වතු කම්කරුවන්ට එරෙහි ව, සීඩබ්ලිව්සීයේ ද සහයෝගය සහිත ව වතු හාම්පුතුන් හා පොලීසිය විසින් තීව්‍ර කර ඇති ක්‍රියාවන්වල කොටසකි.

වතු කම්කරුවන් තම පාලනය යටතේ තබාගැනීම වෘත්තීය සමිති වෙතින් ගිලිහී යතැයි උත්සුක වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රුපියල් 900ක මූලික වැටුපකින් හා රුපියල් 100ක දීමනාවකින් සමන්විත වන පරිදි රුපියල් 1,000ක දෛනික වැටුපක් ගෙවන ලෙස ජනවාරි මාසයේ දී සමාගම්වලට නියෝග කලේ ය. සීඩබ්ලිව්සී නායක ජීවන් තොන්ඩමන් මෙය කම්කරුවන් ලද ජයග්‍රහනයක් යයි ව්‍යාජ ලෙස කියාපෑවේ ය. සීඩබ්ලිව්සීය රාජපක්ෂ ආන්ඩුවේ පාර්ශවකරුවෙක් වන අතර, තොන්ඩමන් එහි වතු යටිතල පහසුකම් රාජ්‍ය ඇමතිවරයා ය.

මෙම වැටුප් වැඩි කිරීමට ප්‍රතිරෝධය පා ඇති වතු සමාගම්, ඒ වෙනුවට වැඩ බර ඉහල දමා ඇත්තේ ලඟා විය නො හැකි ඉලක්ක පටවමින් හා වැටුප් කපාහරිමිනි. ඕල්ටන් වත්තේ කම්කරුවන්ගේ නව දෛනික තේ දලු ඉලක්කය කිලෝ 18 තෙක් ඉහල දමනු ලැබ ති‌බේ. එම ඉලක්කය ලඟා කර ගැනීමට කම්කරුවෙක් අසමත් වන්නේ නම්, ඔහුට හෝ ඇයට ගෙවනු ලබන්නේ දිනකට රුපියල් 500ක් පමනි.

ඉහල දමන වැඩ බරට හා වැටුප් කප්පාදුවලට එරෙහි ව, අප්‍රේල් මාසයේ පටන් වත්තක් වත්තක් පාසා විරෝධතා අරගල පුපුරා ගොස් ඇත. මෑත සති කිහිපයේ දී, නුවර එලිය දිස්ත්‍රික්කයේ ඩ්‍රේටන්, හැටන්, කොටියාගල, බොගවන්තලාව, ලංකා, මස්කෙලිය හා ග්ලෙනූයිජ් වතුවල කම්කරු විරෝධතා දැක ගන්නට ලැබුනි.

වතු වැටුප් ප්‍රශ්නයට තමන් ආමන්ත්‍රනය කර ඇතැයි දිගට ම අවධාරනය කරන ජනාධිපති රාජපක්ෂ, වැටුප් කප්පාදු හා ඉහල දමන වැඩ බර පිලිබඳ ව මුලුමනින් ම නිශ්ශබ්ද ය. වතු සමාගම්වලට මුලුමනින් සහයෝගය දෙන සීඩබ්ලිව්සී හා අනෙකුත් වතු වෘත්තීය සමිති -ජාතික කම්කරු සමිතිය, කඳුරට ජනතා පෙරමුන හා ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය- කම්කරුවන්ගේ විරෝධතා හා කාර්මික ක්‍රියාවන්ට බාධක පෙරලීමට හෝ විනාශ කිරීමට ඔවුන්ට හැකි සෑම දෙයක් ම කරමින් සිටිති.

වතු කම්කරුවන්ටත් හා සමස්තයක් ලෙස කම්කරු පන්තියටත් ශිෂ්ට සම්පන්න ව ජීවත් විය හැකි වැටුපක් දිනාගැනීමටද, ඔවුන්ගේ සමාජ අයිතීන් ආරක්ෂා කරගැනීමට සහ, ආන්ඩුවේ හා හාම්පුතුන්ගේ මර්දනය පරාජය කිරීමටද හැකිවනුයේ, වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව සමාජවාදී පිලිවෙත්වල පදනම මත කරන ඒකාබද්ධ අරගලයක කොටසක් ලෙස පමනි.

මෙම එකමුතු කමට සටන් කරන ඕල්ටන් කම්කරු ක්‍රියාකාරී කමිටුව (ඒඩබ්ලිව්ඒසී), ඕල්ටන් කම්කරුවන් 24 දෙනාට හා තරුනයන් දෙදෙනාට එරෙහි සියලු චෝදනා ඉවත් කරගන්නා ලෙසත්, නෙරපූ සියලු කම්කරුවන් කොන්දේසි විරහිත ව යලි සේවයේ පිහිටුවන ලෙසත් ඉල්ලා උද්ඝෝෂනයේ යෙදෙයි. ඕල්ටන් වත්තේ සිදු කරගෙන යන මර්දනය අවසන් කරනු ලැබිය යුතු ය.

මෙම උද්ඝෝෂනයට සහාය වන ලෙසත්, ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන ලෙසත්, සමාජවාදී සමානතා පක්ෂය හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉල්ලා සිටියි. කරුනාකර මෙම සටන අනුමත කරන සියලු ලිපි wswscmb@sltnet.lk ලිපිනයට එවන්න.

Loading