ඔන්ලයින් රැස්වීම: වසංගතය පරාජය කොට ජීවිත ආරක්ෂා කරගැනීමේ ගෝලීය මූලෝපායක් සඳහා!

මෙම රැස්වීම wsws.org/live හරහා සජීවී ව විකාශය කෙරෙනු ඇත.

වේලාව: අගෝස්තු 23 සඳුදා පෙ.ව. 2.30 (ශ්‍රී ලංකාවේ වේලාවෙන්)

ලෝක සමාජවාදී වෙබ් අඩවිය අගෝස්තු 23 වැනි දා සඳුදා පෙව 2.30ට (ශ්‍රී ලංකා වේලාව) ලොව පුරා ප්‍රමුඛ පෙල විද්‍යාඥයන් සහභාගි වන ඔන්ලයින් රැලියක සත්කාරකත්වය දරයි. කොරෝනා වෛරසය පරාජය කොට, මරන රැල්ල නවත්වා වසංගතය අවසන් කිරීමට ගත යුතු යතාර්ථවාදී හා ලඟා විය හැකි පියවරයන්, මෙම රැස්වීම තුල සාකච්ඡාවට ගෙන සංක්ෂිප්ත ව දක්වනු ඇත. වසංගතය අවසන් කොට අනාගතය ප්‍රතිසංස්කරනය සඳහා වන පලල් පරිමාන, අධිෂ්ටානවත් ලෝක පරිමාන මජහන ව්‍යාපාරයකට ආරම්භකත්වය ගැනීමට අවශ්‍ය කරන තොරතුරු හා දැනුම මහජනයාට සම්පාදනය කිරීම එහි ඉලක්කය යි.

5 හැවිරිදි පේටන් කෝප්ලන්ඩ්, ලමුන් තුළ බහු පද්ධතිමය දැවිල්ල ඇතිවන සින්ඩ්‍රෝමය (එම්අයිඑස්-සී) නිසා රෝහල් ගත කර ඇත. ඡායාරූපය: (ට්විටර්/@ක්ලීවන්_එම්ඩී ටාරා කෝප්ලන්ඩ් හරහා)

වෛරසය අහෝසි කිරීම සඳහා කරන ගෝලීය අරගලයේ පෙරමුනෙහි සිටින කීර්තිමත් විද්‍යාඥයින් තිදෙනෙක් මෙම රැස්වීමට සහභාගි වනු ඇත: එනම්, මහාචාර්ය යනීර් බාර්-යාම්, ආචාර්ය දීප්ති ගුර්දාසනී හා මහාචාර්ය මයිකල් බේකර් ය. රැස්වීම මෙහෙයවනු ලබන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ ඩේවිඩ් නෝර්ත් විසිනි.

කොවිඩ්-19 වසංගතය පුපුරා යමින් තිබේ. ඩෙල්ටා ප්‍රභේදය ගෝලීය ව පැතිර යද්දී, නව දෛනික ආසාදන සංඛ්‍යාව එදා මෙදා තුර ඉහල සංඛ්‍යාවන්ට ලඟා වෙමින් තිබේ. ප්‍රධාන පෙලේ ආසාදන පිලිබඳ ඉහල නගින වාර්තා පවතී. වඩාත් ම අන්තරායදායක ලෙස, වෛරසය දීර්ඝ-කාලීන බෙලහීනතාවට හෝ මරනයට හෝ පවා හේතු වෙමින් සිත් කම්පා කරවන සංඛ්‍යාවන්ගෙන් ලමුන්ට ආසාදනය වෙමින් තිබේ.

අප්‍රමානවත් හා ඍජු ව ම වැරදි වන පිලිවෙත් වෛරසයට පැතිර යාමටත්, වඩා පහසුවෙන් බෝ වන හා එන්නත්වලට ප්‍රතිරෝධී වන ප්‍රභේදයන්ට හැරීමටත් ඉඩ සලසා ඇත. වෛරසය පාලනයෙන් පිට පනිද්දී පවා, ලොව පුරා පාසල් සම්පූර්නයෙන් යලි විවෘත කිරීමේ කඩිකුලප්පුව, සමාජීය ව වගකීම් විරහිත වන අතර, වෛරසීය පැතිරීම පිලිබඳ විද්‍යාත්මක ව ස්ථාපිත කරුනු නො සලකා හරී.

“වසංගතය සමග ජීවත් වීමට ඉගෙන ගැනීම” පිලිබඳ ව දැන් මාධ්‍ය කරන කතාව, හුදෙක් ඉහලින් බෝවනසුලු වෛරසය ඉදිරියට දමන ආන්තික අන්තරාය අවතක්සේරු කරනවා පමනක් නො වේ; වෛරසීය පැතිරීම නවත්වමින් වසංගතය අවසන් කිරීමට අවශ්‍ය පියවරයන් ගැනීම ප්‍රතික්ෂේප කිරීම ද එමගින් සාධාරනීකරනය කරයි.

එක්කෝ කොවිඩ්-19 අහෝසි කරදැමීම නැතහොත් මිලියන ගනනක් වන ආසාදිත පුද්ගලයන්ගේ දීර්ඝ-කාලීන බෙලහීනත්වයට හෝ මරනවලට හේතු වෙමින්, ඉදිරියේ එන වසර ගනනාවක් පුරා වසංගතයට අඛන්ඩ ව පැවතීමට ඉඩ දීම යන තියුනු විකල්ප දෙකකට ලෝකය මුහුන දෙයි.

මින් පිලිගත හැක්කේ පලමු විකල්පය පමනි. වෛරසය මුලිනුපුටා දැමීමෙන් තොර ව, ආරක්ෂිත ව “පෙරලා පාසල් කරා යාම” පසෙක තැබුවත්, ආරක්ෂිත වැඩපොලක් පවා තිබෙනු නො හැකි ය. මරනවල දරා සිටිය හැකි “පිලිගත හැකි” මට්ටමක් නැත. වසංගතය පරාජය කල හැකි අතර, එය පරාජය කරනු ලැබිය යුතු ය. ජීවිත ආරක්ෂා කිරීමට පවතින එක ම ඵලදායී හා විද්‍යාත්මක ව පාදිත මූලෝපාය වන්නේ කොවිඩ්-19 මුලිනුපුටා දැමීම ඉලක්ක කරගත් මූලෝපාය පමනි.

කථිකයෝ:

  • මහාචාර්ය යනීර් බාර්-යාම්, නිව් එන්ග්ලන්ඩ් කම්ප්ලෙක්ස් ඉන්ස්ටිට්යුට්, බොස්ටන් මැසචුසෙට්ස්
  • මහාචාර්ය මයිකල් බේකර්, වසංගත විද්‍යාඥ, ඔටේගෝ විශ්ව විද්‍යාලය, නවසීලන්තය
  • ආචාර්ය දීප්ති ගුර්දාසනී, වසංගත විද්‍යාව පිලිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලය
  • ඩේවිඩ් නෝර්ත්, සභාපති, ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලය
Loading