සසජාතශි ව්‍යාපාරයට එක් වී එය ගොඩ නගනු!

විශ්වවිද්‍යාල අනතුරුදායක ලෙස නැවත විවෘත කිරීමට එරෙහි වනු! ශිෂ්‍යයන් සහ තරුනයන් වසංගතයට එරෙහිව සටන් කල යුතුය!

[මෙය 2022 ජනවාරි 23 වැනි දින Oppose the dangerous reopening of universities! Students and youth must take up a fight against the pandemic! යන මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

2022 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල නැවත ආරම්භ වන විට මෙම ප්‍රකාශය සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සාමාජිකයින් විසින් ඕස්ට්‍රේලියාව පුරා සිසුන් සහ තරුනයින් වෙත බෙදා හරිනු ඇත.

එක්සත් ජනපදය, බ්‍රසීලය සහ බටහිර යුරෝපයේ රටවලට සාපේක්ෂව ආසාදන සහ මරන සංඛ්‍යාව අඩු මට්ටමක තබා ගැනීම සඳහා ඕස්ට්‍රේලියාව වරක් ලොව පුරා “සාර්ථක ප්‍රවෘත්තියක්” ලෙස ප්‍රශංසා කරනු ලැබීය. ඉතා ශීග්‍රයෙන් සම්ප්‍රේෂනය වන ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් රට තුල දැන් දෛනික ආසාදන 100,000 ක් අත්විඳිමින් සිටී. මරන පිලිබඳ වාර්තා සතියකට කිහිප වතාවක් බිඳ වැටෙමින් පවතින අතර, පසුගිය දින හත තුල පමනක් මරන 398 ක් සිදු විය.

2020 සැප්තැම්බර් මාසයේදී මිචිගන් විශ්ව විද්‍යාලයේ වර්ජන කරන උපාධිධාරී සිසුන් [අනුග්‍රහය: ලෝසවෙඅ මාධ්‍ය]

ඕස්ට්‍රේලියානු කොවිඩ් ආසාදනවල වැඩිවීම ලොව පුරා ආන්ඩු සහ ආයතනික මාධ්‍ය විසින් ප්‍රවර්ධනය කරන ලද මිනීමරු “වෛරසය සමඟ ජීවත් වන්න” පිලිවෙතේ ප්‍රතිඵලයකි. සාමාන්‍ය ජන ජීවිතයට මොනතරම් බලපෑමක් තිබුනත්, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් සහ ප්‍රාන්ත ආන්ඩු—ලිබරල්-ජාතික සභාගය සහ ලේබර් පක්ෂය—ව්‍යාපාර-ගැති ව්‍යාපාර, පාසල් සහ විශ්ව විද්‍යාල යලි විවෘත කිරීමත් සමඟ ආසාදන වැඩිවීම මධ්‍යයේ ඉදිරියට ගොස් ඇත්තේ මූල්‍ය කතිපයාධිකාරයේ ලාභ අවශ්‍යතා මත ය.

මෙම ලාභය මත පදනම් වූ මිනීමරු ධාවනයට එරෙහිව තරුනයින් සහ ශිෂ්‍යයන් සටන් කල යුතුය!

ජනගහනය මත ආන්ඩු විසින් කරන තුච්ඡ අත්හදා බැලීමේ පෙරමුනේම තබා ඇත්තේ තරුනයන් ය. නැවත විවෘත කිරීමේ පිලිවෙතේ කොටසක් ලෙස, විශ්ව විද්‍යාල සහ පාසල් පුද්ගල ඉගැන්වීම් වෙත ආපසු යාමට සැලසුම් කරයි. රට පුරා සිටින සිසුන් තදබදයෙන් යුතු පන්ති කාමරවලට සහ දේශන ශාලා තුලට පැටවීම මාරාන්තික වෛරසය පාලනයකින් තොරව ව්‍යාප්ත වීමට හේතු වනු ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස තවදුරටත් සමූහ මරන සහ ඛේදවාචකයකට මග පාදනු ඇත.

මෙම මස මුලදී සිඩ්නි හි යෝග්‍ය, තරුන, සෞඛ්‍ය සම්පන්න, ද්විත්ව එන්නත් කරන ලද ජේම්ස් කොන්ඩිලියෝස්ගේ මරනය තරුනයින් වෛරසයෙන් ආරක්ෂිත නොවන බව අවධාරනය කරයි. කොවිඩ්-19 හි බලපෑමට තරුනයින් අනාරක්‍ෂිත බවට—ලාභය මත පදනම් වූ “වෛරසය සමඟ ජීවත් වීමේ” පිලිවෙත සාධාරනීකරනය කිරීමට භාවිතා කරන ලද—රජයේ මාධ්‍ය බොරුව මෙයින් නිෂ්ප්‍රභා කෙරේ. ඔමික්‍රෝන් වැඩිවීම මධ්‍යයේ ලමා රෝහල් ගතවීම් සෑම රටකම පාහේ වාර්තාගත මට්ටමක පවතී. ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ද සඳහන් කර නොමැති දිගුකාලීන කොවිඩ් හි ප්‍රතිවිපාක, තවමත් සම්පූර්නයෙන් වටහාගෙන නොමැත. කෙසේ වෙතත්, දන්නා දෙය නම්, ආරම්භක ආසාදනයෙන් පසු මාස ගනනාවක් දුක් වේදනා පැවතිය හැකි බවයි.

කෝවිඩ්-19 හේතුවෙන් අති විශාල ආසාදන සංඛ්‍යා, වාර්තාගත රෝහල්ගතවීම් සහ මරන තිබියදීත්, මුහුනට මුහුන ඉගැන්වීම නැවත ආරම්භ කරන ලෙස මහා ව්‍යාපාරිකයින් විසින් කරන ලද ඉල්ලීම් සමඟ රට පුරා විශ්ව විද්‍යාල එකිනෙකට සමීපව ගමන් කරයි.

මෙල්බර්න් හි මොනෑෂ් විශ්ව විද්‍යාලය ජනවාරි 27 වන දින නැවත විවෘත කරන බව නිවේදනය කරන අතර මෙල්බර්න් විශ්ව විද්‍යාලය තම සිසුන් සඳහා මාර්ගගතව සහ කායිකව පවත්වන “මිශ්‍ර” ආකෘතියක් අනුව ක්‍රියාත්මක වනු ඇත. සිඩ්නි හි නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය 2022 හි පලමු වාරය සඳහා නැවත කායිකව සහභාගීවන ඉගැන්වීම් වෙත යාමට සැලසුම් කරයි.

මෙල්බර්න් හි වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ—මෙහි විශාල කම්කරු පන්තියක් සහ සංක්‍රමනික ශිෂ්‍ය ජනගහනයක් සිටිති—විශ්ව විද්‍යාල සේවකයින්ට නත්තලට පෙර උපදෙස් දෙනු ලැබුවේ කොවිඩ්-19 ආසාදන සංඛ්‍යා පාලනයෙන් ඔබ්බට ගියද ගිම්හාන පාඨමාලා පුද්ගලිකව නැවත ආරම්භ කරන බවයි.

මෙම නැවත විවෘත කිරීම ව්‍යාපාරික හිතවාදී වෘත්තීය සමිතිවල පූර්න සහයෝගය ඇතිව ඉදිරියට ගොස් ඇත. ජාතික තෘතීයික අධ්‍යාපන සංගමයේ (එන්ටීඊයූ) සහකාර ජාතික ලේකම් ගේබ් ගූඩින් විසින් 2021 නොවැම්බර් 8 වන දින වෘත්තීය සමිතියේ සඟරාව වන ඇඩ්වකේට් හි “අගුලු දැමීම අතහැර දැමීම සහ ඉදිරි ගමන පිලිබඳ ආවර්ජනයන්” යන මාතෘකාවෙන් ලිපියක් ලිවීය. ඔමික්‍රෝන් පැතිරීම හේතුවෙන් වත්මන් වැඩිවීම තවමත් ආරම්භ වී නොතිබුනද, එම අවස්ථාවේ ජාතික වශයෙන් දෛනික රෝගීන් සංඛ්‍යාව 1,000 ඉක්මවිය. ලිපියේ, ගූඩින් මෙසේ ලිවීය: “අගුලු දැමීමෙන් ඉවතට සංක්‍රමනය වන මෙම කාල පරිච්ඡේදයේ මෙම මොහොත අප විසින් ඩැහැගත යුතු අතර, ‘ආපසු සංක්‍රමනය නොවන’ බවට සහතික විය යුතු ය, ඒ වෙනුවට ‘ඉදිරියට සංක්‍රමනය’ විය යුතුය.”

විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීමේ තල්ලුවට විරුද්ධ වීම තබා, රට පුරා වේගයෙන් ආසාදන ඉහල යාම ගැන හෝ එන්ටීඊයූ වචනයක්වත් ලියා නැත. මහා ආසාදන මධ්‍යයේ විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් ජාතික ශිෂ්‍ය සංගමය ද ඒ හා සමානව නිහඬව සිටියි.

ඕස්ට්‍රේලියාවේ ලමයින් අනාරක්ෂිත පන්ති කාමරවලට ගාල් කෙරේ. එහි, දරුවන්ට හෝ ඔවුන්ගේ ගුරුවරුන්ට හෝ ඔවුන්ගේ අධ්‍යාපනයේ අවශ්‍යතා සඳහා ආරක්ෂිත යැයි තවදුරටත් මවාපෑමක් හෝ නොමැත. ඒ, මූල්‍ය ප්‍රභූව සඳහා ලාභ උපදවා ගැනීමට ඔවුන්ගේ දෙමාපියන්ට නැවත රැකියාවට යාමට බල කිරීම සඳහා ය. මෙය සිදු වන්නේ අවුරුදු 12 ට අඩු බොහෝ අය එන්නත් ලබා නොගෙන සිටින තත්වයන් යටතේ ය. ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පසුගිය සතියේ දැඩි ලෙස අවධාරනය කලේ: “අපගේ පරමාර්ථය, පලමු වාරයේ පලමු දිනය සඳහා ආපසු යන්න, ආපසු රැඳී සිටින්න.”

සත්කාරක සේවය, සිල්ලර වෙලඳාම, ගබඩා කිරීම, බෙදා හැරීමේ සේවා සහ වෙනත් කර්මාන්තවල සේවය කරන තරුන කම්කරුවන් වෛරසයේ භයානක ව්‍යාප්තියේ පෙරමුනේ සිටිති. කුලී, ආහාර, බිල්පත්, අධ්‍යාපනය සහ අනෙකුත් ජීවන වියදම් ගෙවීම සඳහා ඔවුන්ට බොහෝ විට රැකියා කිහිපයක් කිරීමට සහ තදබද නවාතැන් වල ජීවත් වීමට සිදු වේ. මෙම අංශවල, මහා සම්ප්‍රේෂනය මධ්‍යයේ අන්තරායන් නොතකා නැවත සේවයට පැමිනෙන ලෙස තරුනයින්ට ලොක්කන් සහ ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය විසින් බලපෑම් කරනු ලැබේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද මෑත සම්මුඛ සාකච්ඡා වලදී, තරුන කම්කරුවන් ඔවුන්ගේ අනාරක්ෂිත සේවා කොන්දේසි සහ ආන්ඩුවේ උදාසීනත්වයත්, ව්‍යාපාරික ප්‍රතිපත්තිවල “වෛරසය සමඟ ජීවත් වනු” උද්ඝෝශනය මධ්‍යයේ කම්කරුවන් මුහුන දෙන අන්තරායන් පිලිබඳවත් හෙලිදරව් කලහ.

නමුත් වෙනසක් සිදුවෙමින් පවතී. තරුනයන්, ශිෂ්‍යයන් සහ කම්කරුවන් මෙම සමූහ මරන වලට හා දුක්ඛිත තත්වයට ඉදිරියට යාමට ඉඩ නොතබනු ඇත. ජාත්‍යන්තරව, “රංචු ප්‍රතිශක්තිය” සහ මහජන ආසාදන යන මිනීමරු මහා ව්‍යාපාරික ප්‍රතිපත්තියට එරෙහිව කම්කරු පන්තියේ වැඩෙන ව්‍යාපාරයක් පවතී.

මුහුනට මුහුන ලා ඉගැන්වීමට නැවත පැමිනීමේ මිනීමරු සැලසුම්වලට එරෙහිව ලොව පුරා ගුරුවරු අරගලයට පැමින ඇත. ප්‍රංශයේ ඇස්තමේන්තුගත ගුරුවරුන්ගෙන් සියයට 75 ක් ජාතික වැඩ වර්ජනයකට සහභාගී වූහ. මහා ව්‍යාපාරිකයන් වෙනුවෙන් ඩිමොක්‍රටික් පක්ෂය විසින් අනුගමනය කරන පාසල් යලි විවෘත කිරීමේ ප්‍රතිපත්තිවලට එරෙහිව චිකාගෝ හි ගුරුවරු 25,000 ක් බලගතු විරෝධතාවයකට සහභාගී වූහ. ආසාදන අඛන්ඩව ඉහල යන අතරවාරයේ පාසල් නැවත විවෘත කිරීමට ඕස්ට්‍රේලියාවේ උසස් පාසල් සිසුන් අතර වැඩෙන විරෝධයක් ද පවතී. ශ්‍රී ලංකාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, කැනඩාව සහ වෙනත් තැන්වල දේශපාලනික වශයෙන් බංකොලොත් වූ වෘත්තීය සමිති යාන්ත්‍රනයෙන් පිටත සංවිධානය වූ ක්‍රියාකාරී කමිටු තුල අධ්‍යාපනඥයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන්, වසංගතය අතරතුර නොසැලකිලිමත් ලෙස පාසල් නැවත විවෘත කිරීම නැවැත්වීමේ අවශ්‍යතාවය පිලිබඳව සාකච්ඡා කර ඇත.

ජාත්‍යන්තරව, මෝටර් රථ කම්කරුවන්, තැපැල් සේවකයින්, ප්‍රවාහන සේවකයින් සහ අනෙකුත් කර්මාන්ත අතර ඊ සමාන වර්ධනයන් ඇති වී තිබේ. වසංගතය අවසන් කර ජීවිත බේරා ගැනීමට තරුනයින් සහ සිසුන් හැරිය යුත්තේ —ජාත්‍යන්තර කම්කරු පන්තිය නම් වූ—මෙම සමාජ බලවේගය වෙත ය.

කොවිඩ්-19 වසංගතය වඩාත් මාරාන්තික රෝගයක—එනම්, දිරාපත් වන ධනේශ්වර ක්‍රමයේ රෝග ලක්ෂනයකි. වසංගත අර්බුදය නවීන විද්‍යාව විසින් පුරෝකථනය කරන ලද අතර විද්‍යාත්මක දැනුමෙන් පෙන්නුම් කරන්නේ එය සම්පූර්නයෙන්ම වලක්වා ගත හැකි බවත් තවමත් අවසන් කිරීමේ හැකියාව පවතින බවත්‍ ය. මුල් පැතිර යාමේ සිට චීනයේ වෛරසය මර්දනය කිරීමෙන් පෙන්නුම් කරන්නේ විද්‍යාත්මකව තීරනය කරන ලද මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග මගින්—දැඩි අගුලු දැමීම්, මුහුනු ආවරන නියෝග, නිසි නිරෝධායන පහසුකම්, මහා එන්නත් වැඩසටහන් සහ ප්‍රමානවත් සම්බන්ධතා සොයා ගැනීම් මගින්—කොවිඩ්-19 තුරන් කල හැකි බවයි. නමුත් මෙය තනි රටක පවත්වාගෙන යා නොහැක. කොවිඩ්-19 තුරන් කිරීම සඳහා ජාත්‍යන්තරව සම්බන්ධීකරනය වූ තුරන් කිරීමේ වැඩසටහනක් අවශ්‍ය වේ.

කෙසේ වෙතත්, ව්‍යාපාර වසා දැමීම, කම්කරු පන්තිය සූරාකෑම හරහා ලාභ ඉපැයීමේ ඔවුන්ගේ හැකියාව කපා හැරිය හැකි බැවින් මෙම විද්‍යාත්මක වැඩපිලිවෙල කුඩා, ධනවත් සුලුතරය විසින් ප්‍රතික්ෂේප කර ඇත. කම්කරුවන්, ඔවුන්ගේ පවුල්, කුඩා ව්‍යාපාර සහ සමස්ත සමාජයම දුක් විඳිද්දී සෑම රටකම මූල්‍ය කතිපයාධිකාරය දිගටම තර වෙමින් සිටිති. පාසල්වල සහ විශ්ව විද්‍යාලවල පුද්ගල-පුද්ගලික ඉගැන්වීම් යලි ආරම්භ කිරීම ඇතුළුව “ආර්ථිකය යලි විවෘත කිරීමේ” තල්ලුව ධනේශ්වර ලාභයේ වියදමින් සිදුවන සමාජ ඝාතනයක අභ්‍යාසයකි.

සසජාතශි යනු, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරන ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ගෝලීය තරුන හා ශිෂ්‍ය ව්‍යාපාරය යි, එය වසංගතය සංලක්ෂිත කර ඇත්තේ, සමාජ විඥානය මත ප්‍රගාඪ බලපෑමක් ඇතිකල හැකි, පලමු ලෝක යුද්ධයට සමාන, ලෝක ඉතිහාසයේ 'ප්‍රේරක සිදුවීමක්' ලෙස ය. ජාත්‍යන්තරව මිලියන ගනනක් කම්කරුවන් සහ තරුනයින් පාසල් හා විශ්ව විද්‍යාල වලින් පිටත අධ්‍යාපනය ලබමින් සිටිති. එම පාඩම නම්, ජීවිතයට ඉහලින් ලාභ තබන ධනේශ්වර ක‍්‍රමයේ තුච්ඡ සාපරාධීත්වය යි.

වසංගතය දේශපාලන වැඩපිලිවෙල පිලිබඳ ප්‍රශ්නය කේන්ද්‍රීයව මතු කරන බව සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ අවධාරනය කරති. ධනවාදය විසින් කොවිඩ්-19 වසංගත අර්බුදය නිර්මානය කර ඇතිවා පමනක් නොව, එය, මනුෂ්‍ය වර්ගයා මුහුන දෙන සියලුම දරුනු සමාජ ගැටලු වලට හේතුව ද වේ: ඒවා නම්, තවත් ව්‍යසනකාරී ලෝක යුද්ධයකට තල්ලුව, පාරිසරික විනාශය, වැඩෙන සමාජ අසමානතාවය සහ ෆැසිස්ට්වාදයේ තර්ජනය යි.

අසමානතාවය පිලිබඳ නවතම ඔක්ස්ෆෑම් විස්තරය අද ලෝකයේ පන්ති සබඳතාවල තත්වය සාරාංශගත කලේය. 2020 මුල් භාගයේ වසංගතය ආරම්භයේ සිට 'සෑම පැය 26 කට වරක්ම නව බිලියනපතියෙකු නිර්මානය වී ඇත' යනුවෙන් එය ප්‍රකාශ කලේය. වාර්තාව තවදුරටත් මෙසේ පැවසීය: “ලෝකයේ ධනවත්ම මිනිසුන් 10 දෙනා ඔවුන්ගේ ධනය දෙගුන කරගෙන ඇති අතර, මිලියන 160 කට අධික ජනතාවක් දරිද්‍රතාවයට තල්ලු වී ඇතැයි දර්ශකයන් පෙන්නුම් කරයි. මේ අතර, ඇස්තමේන්තුගත මිලියන 17 ක ජනතාවක් කොවිඩ්-19 වලින් මිය ගොස් ඇත—දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු දැක නැති පරිමානයේ විනාශයකි.”

ධනේශ්වර ක්‍රමයට ලෝක ජනගහනයේ දුක්ඛිතභාවය හා සමූහ මරන වැලැක්විය නොහැකි නම්, එය පෙරලා දමා මානව වර්ගයාගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා සමාජවාදී ක්‍රමයක් ප්‍රතිස්ථාපනය කල යුතුය.

විශ්ව විද්‍යාලයේ එකම අව්‍යාජ සමාජවාදී විප්ලවවාදී සමාජය ලෙස, වසංගතයට ධනවාදයේ සාපරාධී ප්‍රතිචාරයට එරෙහිව තරුනයන් හා සිසුන් බලමුලු ගැන්වීම සහ සමාජවාදය සඳහා කම්කරු පන්තියේ ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරයක් සඳහා සසජාතශි සටන් කරනු ඇත. සසජාතශි සමාජයට සම්බන්ධ වීමෙන් හෝ ඔබේ පාසලේ හෝ විශ්ව විද්‍යාලයේ එවැන්නක් පිහිටුවා ගනිමින් අද මෙම අරගලයේ ඔබේ ස්ථානය ගන්නා ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. වැඩි විස්තර සඳහා සසජාතශි සම්බන්ධ කරගන්න.

Loading