විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් නිදහස් කරගැනීම පිලිබඳ රැස්වීමට සහභාගී වන්න

ව්‍යාජ චෝදනා මත එක්සත් ජනපදයට උදර්පනය කිරීමේ අනතුරට ලක්ව සිටින විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් නිදහස් කර ගැනීමේ ගෝලීය ව්‍යාපාරයේ කොටසක් ලෙස පෙබරවාරි 24 (හෙට) සවස 7 ට පැවැත්වෙන ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමට සහභාගීවන මෙන් කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් උනන්දුවන සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු.

රැස්වීම සංවිධානය කරනු ලබන්නේ කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක) විසිනි. අසාන්ජ් නිදහස් කිරීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) අරගලයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන බ්‍රිතාන්‍ය සමජවාදී සමානතා පක්ෂයේ (සසප) සහකාර ජාතික ලේකම් තෝමස් ස්ක්‍රිප්ස් මෙම රැස්වීම අමතයි.

අනෙකුත් කථිකයන් වන්නේ කප්‍රනිආක ලේකම් සහ ශ්‍රී ලංකාවේ සසප දේශපාලන කමිටු සාමාජික ප්‍රගීත් අරවින්ද, සසප දේශපාලන කමිටු සාමාජික පානි විජේසිරිවර්ධන සහ ඉන්දියාවේ හජාජාක ආධාරකරුවන්ගේ කන්ඩායමේ සාමාජිකයෙකු වන අරුන් කුමාර් ය.

මෙතැනින් ලියාපදිංචිවන්න.

https://chords-org-lk.zoom.us/meeting/register/tJErdO-qpjstGtUsss7VVWb_ChMpQHzhXXgQ