ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ජාමූඅ කප්පාදු පිලිවෙත්වලට පිටුබලය දෙයි

[මෙය, 2022 ජූනි 23 දා,Sri Lankan trade unions back IMF austerity polic ies යන හිසින් ද පලවිය.]

ශ්‍රී ලංකාවේ ආන්ඩුව, වෘත්තීය සමිතිවල සක්‍රීය සහාය ඇතිව, රැකියා සහ සමාජ කොන්දේසි මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ) විසින් විධානය කරන ලද නව වටයක ප්‍රහාරයන් මුදා හැරීම ආරම්භ කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකුවේ හා භාන්ඩාගාරයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමග දින 10ක සාකච්ඡා ආරම්භ කිරීමට ජාමුඅ කන්ඩායමක් සඳුදා කොලඹට පැමිනියේ ය. රජයේ වියදම් අඩු කිරීම, පුද්ගලීකරනය වේගවත් කිරීම සහ අනෙකුත් කප්පාදු පියවරයන් ක්‍රියාවට නැංවීම සඳහා වන කොලඹ ආන්ඩුවේ යෝජනා කෙරෙහි සාකච්ඡාවන්හි දී අවධානය යොමු කෙරේ. විදේශ නය හිමියන්ට නය ගෙවීම සඳහා නය ප්‍රතිව්‍යූහගත කිරීම සාකච්ඡාවේ ප්‍රධාන කරුනකි.

මෙම පියවරයන් මගින් රැකියා, වැටුප් සහ විශ්‍රාම වැටුප් මෙන්ම සෞඛ්‍යය හා අධ්‍යාපනය තවදුරටත් කප්පාදු කෙරෙනු ඇත. එය මිලියන ගනනක් කම්කරුවන්ට හා දුගීන්ට දැඩි ලෙස බලපානු ඇත. සමහර වෘත්තීය සමිති මෙම යෝජනාවලට නිහඬව පිටුබලය දෙන අතරේ තවත් සමහරු විවෘතව මෙම කම්කරු පන්ති විරෝධී පියවරයන් වැලඳ ගනිමින් සිටිති.

රනිල් වික්‍රමසිංහ [මූලාශ්‍රය: එක්සත් ජාතික පක්ෂය ෆේස්බුක්] [Photo: United National Party Facebook]

රනිල් වික්‍රමසිංහ [මූලාශ්‍රය: එක්සත් ජාතික පක්ෂය ෆේස්බුක්]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ දැනටමත් රාජ්‍ය අංශයේ ලක්ෂ 8කට අධික රැකියා ප්‍රමානයක් අහෝසි කිරීමට යෝජනා කර ඇත්තාහ. රාජ්‍ය අංශයේ වැටුප් බෙහෙවින් වැඩි බවට ජාමුඅ පුන පුනා කරන ලද පැමිනිලිවලට අනුකූලව, රාජ්‍ය අංශයේ රැකියා දැඩි ලෙස කප්පාදු කිරීමේ ආන්ඩුවේ අරමුන වන්නේ 2021 දී රුපියල් බිලියන 845.7 (US $ බිලියන 4.2) වූ වැටුප් පිරිවැය අඩකින් අඩු කර ගැනීමයි.

රාජ්‍ය පරිපාලන සහ මිනිස් බල හා මානව සම්පත් අමාත්‍යංශ මෙම කප්පාදු පැනවීමට සැලසුම් කරන ආකාරය දැනටමත් නිවේදනය කර ඇත.

එක් යෝජනාවක් වන්නේ රාජ්‍ය සේවකයන්ට වසර පහක වැටුප් රහිත නිවාඩු ලබා දෙමින් විදේශ රැකියා සඳහා අයදුම් කිරීමට යොමු කිරීමයි. රැකියා විනාශ කිරීම මෙන්ම, එයින් මුදල් අහේනියෙන් පෙලෙන රජයට විදේශ ආදායමක් උපයා දෙනු ඇතැයි බලධාරීහු විශ්වාස කරති.

නරක අතට හැරෙන ඉන්ධන හිඟය උපුටා දක්වමින් රාජ්‍ය අංශයේ බොහෝ සේවකයින් සඳහා සති දෙකක “නිවසේ සිට වැඩ” කිරීමේ නියෝගයක් ආන්ඩුව මේ සතියේ නිකුත් කලේ ය. ඊට පෙර රාජ්‍ය අංශයේ දින හතරක සතියක් හඳුන්වා දුන්නේ ය.

පවතින මධ්‍යගත ආයතන බිඳ දමමින් දිස්ත්‍රික් සහ ප්‍රදේශීය මට්ටම් දක්වා රාජ්‍ය සේවය විමධ්‍යගත කිරීමට ජනාධිපති රාජපක්ෂ පසුගිය සතියේ යෝජනා කලේ ය. “මහජනතාවට කාර්යක්ෂම සේවාවක්” සැපයීම සඳහා අවශ්‍ය පියවරක් ලෙස හුවා දක්වන නමුත් එය මෙම සේවාවන් විසුරුවා හැරීමේ තවත් පියවරකි.

බරපතල ප්‍රතිවිපාක ගැන තම සාමාජිකයින්ට අනතුරු ඇඟවීමක් තබා, කිසිදු වෘත්තීය සමිතියක් මෙම පියවර කිසිවකට විරුද්ධ වී නැත. ඊට ප්‍රතිකූලව, රාජ්‍ය අංශයේ සමහර වෘත්තීය සමිති තම සාමාජිකයින් විදේශ රැකියා සඳහා යොමු කිරීම සඳහා උද්ඝෝෂන ආරම්භ කර ඇත.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ (රහෙනිස) සභාපති සමන් රත්නප්‍රිය රාජ්‍ය සේවකයන්ට විදේශ රැකියා ලබා ගැනීම සඳහා රජය කරන ඉල්ලීම ප්‍රවර්ධනය කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. රත්නප්‍රිය වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ (රහෙනිස) සභාපති සමන් රත්නප්‍රිය

රත්නප්‍රිය මාධ්‍ය සාකච්ඡාවකදී මෙසේ පැවසීය: “අපි දැන් ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති හෙද නිලධාරීන් විශේෂ ව්‍යාාපෘතියක් හරහා රට යැවීමට සූදානම් වෙමින් සිටිමු. මෙහි රෝහල්වල සේවක හිඟයක් තිබුනත් අපි එය කරන්නේ ඩොලර් ගේන්න. එහෙම කරන්නේ අපි රට ගැන හිතන නිසා”. රත්නප්‍රියගේ දේශප්‍රේමී මවාපෑම ඔහු ජාමුඅ එක් නියෝගයක් ක්‍රිත්මක කරන බව වසන් කිරීමටයි.

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ (සෞවෘස) සභාපති රවී කුමුදේශ් වඩාත් පැහැදිලිව එය ඉදිරිපත් කලේ ය. ආන්ඩුවේ වැඩපිලිවෙල පිලිබඳව ලෝසවෙඅ ඔහුගෙන් විමසූ විට ඔහු මෙසේ පැවසීය: 'රාජ්‍ය සේවකයින්ගෙන් අඩක් ගෙදර යැවීම වෙනුවට, ජාමූඅ අපෙන් ඉල්ලා සිටින දෙයට කීකරුඅවනත වෙමින්, ඔවුන් විදේශ රැකියා සඳහා යොමු කල හැකියි'.

රහෙනිස සහ සෞවෘස මෙවන් ප්‍රතිගාමී ප්‍රතිචාරයන් සිදු කරන්නේ ඔවුන් සහ අනෙකුත් සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති විසින් වහල් ලෙස අනුමත කරන ලදුව, අනුප්‍රාප්තික ආන්ඩු විසින් අරමුදල් කප්පාදු කිරීම නිසා ඇති වූ මහජන සෞඛ්‍යයේ තීව්‍ර වන කඩා වැටීමක සන්දර්භය තුල ය.

මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව රජයේ රෝහල්වල අවම වශයෙන් හෙද කාර්ය මන්ඩලයේ 30,000 ක හිඟයක් පවතී. හෙදියන් විශාල වශයෙන් විදේශ රැකියාවලට යාම රජයේ රෝහල් වසා දැමීම ඉක්මන් කරන අතර නිදහස් මහජන සෞඛ්‍යය කප්පාදු කිරීමට රජයට සහාය වනු ඇත. අනෙකුත් රාජ්‍ය අංශයේ සේවකයින් විදේශ රැකියාවලට යාම සහ ඒ ආශ්‍රිත රැකියා කප්පාදුව රාජ්‍ය සේවාවල ද එවැනිම කඩා වැටීමක් නිර්මානය කරනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන් විදේශ රැකියාවලට යාමට විරුද්ධ නැත. වත්මන් සමාජ ව්‍යසනයෙන් ගැලවීමේ මාධ්‍යයක් ලෙස බොහෝ රාජ්‍ය සේවකයින් විදේශ රැකියා සෙවීමට කැමැත්තක් දක්වන නමුත් එය රාජ්‍ය රැකියා විශාල වශයෙන් කප්පාදු කිරීමට තුඩු දෙනු ඇති. ශ්‍රී ලංකාවේ ධනවාදයේ මෙම අර්බුදයට කම්කරු පන්තිය වගකිව යුතු නැත. එහි බර ජනතාව මත පැටවීමට ආන්ඩුව සහ ජාමූඅ දරන උත්සාහයට ඔවුන් විරුද්ධ විය යුතුය.

ජාමුඅ විධානයන් මත ආන්ඩුව මෑත කාලයේ ගත් පියවරයන් උද්ධමනය පෙර නොවූ විරූ මට්ටම් කරා තල්ලු කර ඇත. ඊයේ නිකුත් කරන ලද සංඛ්යා ලේඛනවලට අනුව, මැයි මාසය සඳහාශ්‍රී ලංකාවේ වසරින් වසර උද්ධමන අනුපාතය සියයට 45.3 දක්වා ඉහල ගියේය. ආහාර උද්ධමනය සියයට 58 දක්වා නැගුනි.

මෙම තීව්ර වැඩිවීම් සිදු වුයේ, කොවිඩ්-19 වසංගතය විසින් නිර්මානය කරන ලද පසුගිය සැප්තැම්බරයේ ආරම්භ වූ සර්පිලාකාර ගෝලීය උද්ධමනයේ ප්‍රතිපලයක් ලෙස ය. යුක්‍රේනයේ, රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ වක්‍ර යුද්ධය මගින් එය තවදුරටත් තීව්‍ර විය.

උද්ධමනය කම්කරුවන්ගේ වැටුප් හා දුප්පතුන්ගේ සොච්චම් ආදායම ඛාදනය කොට තිබේ. කම්කරුවන්ගේ ජීවන තත්වයන් ආරක්ෂා කිරීමට වෘත්තීය සමිති කිසිවක් කරන්නේ නැත. සෑම රටකම වෘත්තීය සමිති මෙන්ම, ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ද මෙම අර්බුදය සඳහා කම්කරු පන්තිය ලවා වන්දි ගෙවීමට ආන්ඩුවට සහ මහා ව්‍යාපාරිකයන් ට සහය දීමට හැකි උපරිමය කරමින් සිටිති.

කම්කරුවන් හා තරුනයන් මැයි 6දා මහනුවරදී විරෝධතා උද්ඝෝෂනයක [ලෝසවෙඅ මාධ්‍ය ]

පසුගිය ජූලි මාසයේදී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් 200,000ක් වැඩි වැටුප් සඳහා අන්තර්ජාල ඉගැන්වීම් වර්ජන ක්‍රියාමාර්ග සහ විරෝධතා ආරම්භ කල විට, අධ්‍යාපන වෘත්තීය සමිති නායකයෝ එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ හමුවූහ. 'වර්තමාන ගෝලීය තත්ත්වය සහ රටේ මූල්‍ය දුෂ්කරතා යටතේ, මේ මොහොතේ වැටුප් ප්‍රශ්නය නිවැරදි කිරීමට ආන්ඩුවට හැකියාවක් නැතැ' යි රාජපක්ෂ ඔවුන්ට පැවසීය.

“වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් ක්ෂනික වැටුප් වැඩිවීමක් කල නොහැකි බවට පැහැදිලි අවබෝධයක්” ඇති බවත් වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් “ප්‍රතිපත්තිමය තීරනයක් ගන්නා ලෙස” ආන්ඩුවෙන් ඉල්ලා සිටින බවත් පවසමින් වෘත්තීය සමිති නායකයෝ ඔහුට ප්‍රතිචාර දැක්වූහ. දින 100ක වැඩ වර්ජන ක්‍රියාමාර්ගයෙන් පසු මුල් ඉල්ලීමෙන් තුනෙන් එකක වැටුප් වැඩිවීමක් පිලිගනිමින් වෘත්තීය සමිති තම සාමාජිකයින් පාවා දුන්හ.

එමෙන් ම, ආන්ඩුව පෙබරවාරි මාසයේදී සෞඛ්ය සේවකයින්ගේ වැටුප් ඉල්ලීම් ප්රතික්ෂේප කල විට, සෞවෘස නායක කුමුදේශ් මාධ්ය වෙත පැවසුවේ තම සාමාජිකයින් “වෘත්තිකයන්” බවත් “රට අත්විඳින මූල්ය දුෂ්කරතා” තේරුම් ගත් බවත්ය. වෘත්තීය සමිතිය, “දැනට මුදල් සඳහා බලපෑමක් නොකරන්නේ ඒ නිසා බවත් ”, ඕනෑම සමථයක් ඇතිකරගත හැක්කේ “මූලධර්මය” තුල පමනක් බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

අප්‍රේල් මාසයේ දී, ජනාධිපති රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් මහජන විරෝධතා සහ පෙලපාලි පුපුරා යාමෙන් පසුව වෘත්තීය සමිති සම්බන්ධීකරන කමිටුව සහ වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව විසින් කැඳවනු ලද අප්‍රේල් 28 සහ මැයි 6 යන දෙදින මහා වැඩවර්ජන දෙක එම සමිති පාවා විසින් පාවා දෙනු ලැබුහ.

වෘත්තීය සමිති විසින් මෙම වැඩවර්ජන කැඳවනු ලැබුවේ කම්කරුවන්ගේ කෝපය අන්තර්කාලීන ධනේශ්වර පාලන තන්ත්‍රයක් සඳහා විරුද්ධ පක්ෂවල කැඳවීම පිටුපසට හරවා යැවීමටයි. කෙසේ වෙතත්, මිලියන ගනනක් කම්කරුවන් සිය ජීවන තත්වයන් ආරක්ෂා කර ගැනීම සඳහා වර්ජනයට එක්වූ විට, ඉන් බියට පත් වූ වෘත්තීය සමිති තව දුරටත් වැඩවර්ජන කැඳවීම නතර කලහ.

මෙම පාවාදීම, ජනාධිපති රාජපක්ෂට වික්‍රමසිංහ අගමැති කරවීමටත්, ජාමූඅ දැඩි කප්පාදු පැනවීමටත් විවරයක් සැපයීය.

ආන්ඩුව හා මහා ව්‍යාපාරිකයන් වෙනුවෙන් කාර්මික පොලිසියක් ලෙස ක්‍රියාකරන වෘත්තීය සමිති තුල සිරවී සිටියහොත් කම්කරු පන්තියට ඉදිරියට යා නොහැකි බව සසප අවධාරනය කරන්නේ එබැවිනි.

වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව සෑම වැඩපොලකම, වත්තකම සහ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම මගින් කම්කරුවන් අරගලයේ පාලනය තමන්ගේම අතට ගත යුතුය.

සිය අවශ්‍යතා සඳහා කම්කරු පන්තියට සටන් කිරීමේ මාධ්‍යයන් ලෙස සියලු විදේශ නය වහාම ප්‍රතික්ෂේප කිරීම ඇතුලු ඉල්ලීම් මාලාවක් සසප ඉදිරිපත් කර ඇත. කම්කරුවන් මුහුන දෙන දැවැන්ත සමාජ හා ආර්ථික අර්බුදයට ධනේශ්වර ක්‍රමය තුල විසඳුමක් නැත. අවශ්‍ය වන්නේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සහ සමාජවාදී ප්‍රතිපත්ති සඳහා වන දේශපාලන අරගලයයි.

මෙම අරගලයේ දී ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ මිතුරා වන්නේ එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ, යුරෝපයේ ද අසල්වැසි ඉන්දියාවේ සහ පකිස්ථානයේ ද තීරනාත්මක අරගලවලට පැමින ඇති ජාත්‍යන්තර කම්කරු පන්තියයි. ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය හරහා ලොව පුරා කම්කරුවන්ගේ අරගල සමග සම්බන්ධ වන ලෙස සසප ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී කමිටුවලින් ඉල්ලා සිටී.

Loading