“මෙම මුර්ගකම් යොදාගෙන ශ්‍රී ලංකාවේ ආන්ඩුව ජාමූඅ බර ජනතාව මත පටවමින් සිටී”: රාජ්‍ය මර්දනයට එරෙහිව සසප රැස්වීමට සහයෝගය ගොඩනැගෙයි

[මෙය “Through this brutality, Sri Lanka’s government is imposing IMF burdens on the people”: Support builds for SEP meeting against state repression මැයෙන් 2022 සැප්තැම්බර් 24 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ඉරිදා (අද) “ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මර්දනය නවතනු! සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!” යන තේමාවෙන් පවත්වන අන්තර්ජාල රැස්වීමට සහාය දක්වන බොහෝ අදහස් අප වෙත ලැබී ඇත. රැස්වීමට මෙම සබැඳිය හරහා ලියාපදිංචි වන්න.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අලුතින් ස්ථාපිත කල “අන්තර්කාලීන” ආන්ඩුව, මාර්තු අග සිට ජූලි මැද දක්වා මුලු දිවයින ම සොලවාලමින් ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකර දැමූ ආන්ඩුවට එරෙහි මහජන විරෝධතාවල නියැලුනු සිසුන් සහ ක්‍රියාකාරීන් මතට මුර්ග ප්‍රහාරයක් එල්ල කර ඇත.

ආරක්ෂක හමුදා විරෝධතාකරුවන්ට රුදුරු ලෙස පහර දී, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සමූහ වශයෙන් අත්අඩංගුවට ගත්තේ ය. රැඳවියන් දහසකට වැඩි පිරිසක් තවමත් සමූහ සිර කඳවුරුවල රඳවා සිටිති.

ජාමූඅ විසින් නියම කරන ලද රුදුරු කප්පාදු වැඩපිලිවෙලක් ක්‍රියාවට නංවන ආන්ඩුව උසිගන්වා ඇති රාජ්‍ය මර්දනයේ අරමුන වන්නේ කම්කරු පන්තිය බිය ගැන්වීමයි. ඉරිදා රැස්වීම, කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස බලමුලු ගැන්වීමට, ග්‍රාමීය ජනතාව ඒ පිටුපස පෙලගස්වා ගැනීමට, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට, කප්පාදුවලට විරුද්ධ වීමට සහ—වැඩබිම් හා නිවහන් පෙදෙස්වල ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනැගීම හරහා—කම්කරු බලය පිහිටු වීමේ පදනම දැමීමටමට සසප කරන අරගලයේ කොටසකි.

සසප සහ සසජාතශි විසින් ගෙන යන දේශපාලන වැඩපිලිවෙලට පුලුල් සහයෝගයක් ලැබී ඇත.

කොලඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂන පීඨයේ උපාධි අපේක්ෂිකා තුෂිනි කෝදාගොඩ මෙසේ පැවසුවා ය: “කිසි ම ආන්ඩුවක් කරන මෙවන් මුර්ග ක්‍රියා මට පිලිගන්න බැහැ. පහුගිය කාලයේ අරගලවලට විශාල පිරිසක් සහභාගි වුනේ සැබෑ හේතු නිසා. ඉන්ධන සහ ආහාර මිල ඉහල යාම සහ අත්‍යවශ්‍ය දේවල හිඟය ඔවුන්ගේ ජීවිතවලට සැබවින් ම බලපෑවා. ඒකයි අපි පාරට ආවේ. දැන් ආන්ඩුව, තමන් මුහුන දෙන ප්‍රශ්න ඉතා සාධාරන ලෙස ඉදිරිපත් කල පුද්ගලයන් අත්අඩංගුවට ගනිමින් සිටිනවා.

“මෙම මුර්ගත්වය, මෙම තීව්‍ර කරන රාජ්‍ය මර්දනය හරහා ආන්ඩුව ජාමූඅ බර ජනතාව මත පටවමින් සිටී. ඔවුන්ට ඕන අපේ පිට මත ඕන බරක් දාන්න පුලුවන් වෙන්න. අප එය පිලිගත යුත්තේ ඇයි?”

තුෂිනි තව දුරටත් පැවසුවේ, “කම්කරු පන්තිය පැරනි වෘත්තීය සමිතිවලින් ස්වාධීන විය යුතුයි. ඔවුන්ගේ ම සැබෑ අරගලයේ සංවිධාන පිහිටුවා ගත යුතු ය යන ඔබේ අදහසට මම එකඟයි. නමුත් එවැනි කාර්යයක් සඳහා අවශ්‍ය දැනුම කම්කරු පන්තියට තිබේදැයි මට සැකයි.”

දැන් අරගලයට එන කම්කරු ජනතාව දේශපාලනික ව සන්නද්ධ කිරීම සඳහා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් හා මූලෝපායක් සමග විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගිය යුතු බව, රැස්වීම සඳහා උද්ඝෝෂනය කරමින් සිටි සසප ආධාරකරුවන් පැහැදිලි කල පසු, එලඹෙන සසප රැස්වීම අගය කල ඇය එයට සහභාගී වීමට අවශ්‍ය බව පැවසුවා ය.

නන්දන පුත්තලම දිස්ත්‍රික්කයේ අනධ්‍යයන පාසල් සේවකයෙකි. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීම හෙලා දුටුවේ ය. “ජීවත්වීමට නොහැකි තත්ත්වයන් නිසා ජනතාව උද්ඝෝෂන කරනවා. දෙමාපියන් බොහෝ ගැටලුවලට මුහුන දෙමින් ඉන්නේ. දුප්පත්කම සහ ඉහල මිල ගනන් නිසා ඔවුන්ගේ දරුවන්ගේ බස් ගාස්තු පමනක් නොව, නිසි ආහාර වේලක් ලබා දීමට පවා ඔවුන්ට හැකියාවක් නැත.”

ආන්ඩු විරෝධී උද්ඝෝෂකයන් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ක්‍රියා නොකරන්නේ නම් ඔවුන්ට දඬුවම් කල යුතු බවට ජනාධිපති වික්‍රමසිංහ කල ප්‍රකාශය නන්දන සිහිපත් කලේ ය. “මෙයින් අදහස් කරන්නේ අපි කම්කරුවන් සහ දුප්පතුන් ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධී ආන්ඩුවේ ක්‍රියාවලට විරුද්ධ නම්, අපගේ සමාජ අයිතීන් සඳහා සටන් කරන්නේ නම් අපට දඬුවම් කල යුතු බවයි! ව්‍යවස්ථාව, අධිකරනය සහ පොලිසිය ධනේශ්වර ක්‍රමය සහ එහි පාලනය ආරක්ෂා කරන රාජ්‍යයේ කොටසකි,” යි මෙම අනධ්‍යයන සේවකයා පැවසී ය.

හිටපු ජනාධිපති රාජපක්ෂට එරෙහි ව කම්කරුවන් අතර ගොඩනැගුනු දැවැන්ත විරෝධය හේතුවෙන් අප්‍රේල් සහ මැයි මාසවල එක්දින මහා වැඩවර්ජන කැඳවීමට වෘත්තීය සමිතිවලට බලකෙරුනු බව ඔහු පෙන්වා දුන්නේ ය. “ඔවුන් අපේ අරගල සීමා කරලා අපිව පාවා දුන්නා” යැයි නන්දන පැවසී ය. “රාජපක්ෂ වෙනුවට වික්‍රමසිංහ පත් කලා. ඔහු මර්දනය තීව්‍ර කරමින් ජාමූඅ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටින අතර වෘත්තීය සමිති ධනවාදයට සහයෝගය දක්වනවා. අපගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට කම්කරුවන් සෑම සේවා ස්ථානයක ම ක්‍රියාකාරී කමිටු පිහිටුවිය යුත්තේ ඒ නිසයි.”

රත්මලාන වැඩපලේ දුම්රිය කම්කරුවෙක් ආන්ඩු විරෝධී විරෝධතාකරුවන්ට එරෙහි ව රාජ්‍ය ප්‍රහාරයට එරෙහි ව කතා කල අතර ඉරිදා රැස්වීමට සවන් දීමට ඔහු සැලසුම් කලේ මන්දැයි පැහැදිලි කලේ ය.

මෙම දඩයමට හේතුව, “ආන්ඩුවට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ක්‍රියාමාර්ග බාධාවකින් තොරව සිදු කිරීමටයි. අත්අඩංගුවට ගැනීම්වලට අපි විරුද්ධ විය යුතුයි.”

වැඩපලේ සිටින ඔහුගේ මිතුරන් සහ සගයන් පවසන ආකාරයට, “මෙය අපට අනතුරු ඇඟවීමක්. අපිත් කම්කරුවන් විදියට උද්ඝෝෂන කලොත් මේ වගේ හිරිහැරවලට, බියවැද්දීම්වලට මුහුන දෙන්න වෙනවා.”

ජාමූඅ නියෝග දුම්රිය කම්කරුවන්ට බලපාන බව පැහැදිලි කරමින් ඔහු තවදුරටත් මෙසේ පැවසී ය: “අවුරුදු 55 ට වැඩි කම්කරුවන් විශ්‍රාම ගත යුතු බවත්, සියලුම ස්ථිර නොවන සේවකයින් සේවයෙන් පහ කල යුතු බවත් අවධාරනය කරමින් චක්‍රලේඛ පැමින ඇත. ආන්ඩුව පවසන්නේ කාර්ය මන්ඩල සංඛ්‍යාවන් ‘අතිරික්තයි’ කියලා. මෙය ඔවුන් පෞද්ගලීකරනය දෙසට ගමන් කරමින් සිටින බවටත්, කැමැත්ත පරිදි බඳවාගැනීමේ සහ දොට්ට දැමීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවටත් වක්‍ර අනතුරු ඇඟවීමකි. මර්දනය කියන්නේ, උද්ඝෝෂනවලට ගියොත් අත්අඩංගුවට ගන්නවා කියන අනතුරු ඇඟවීමයි.”

තම වැඩපලේ දී වෘත්තීය සමිතිවල කාර්යභාරය ගැන කතා කරමින් කම්කරුවා මෙසේ පැවසී ය: “මට ඔවුන්ගෙන් මේ කිසිවක් ගැන අහන්න ලැබෙන්නේ නැහැ. මර්දනයට එරෙහි ව කරන කිසිම ක්‍රියාමාර්ගයක් ගැන ඔවුන් කතා කරන්නේ නැහැ. මේ ප්‍රහාර ගැන සාකච්ඡා කරන්න රැස්වීමක්වත් කැඳවලා නැහැ.”

අගනුවර වන කොලඹ නගර මධ්‍යයේ “ගාලු මුවදොර උද්ඝෝෂනවලට දෙවතාවක් එක් වූ බව” පැවසූ ඔහු, ඉන් පසු ව “දස දහස් ගනන් ජනයා එම විරෝධතාවලට සහභාගි වුවද” නායකයන් “අවශ්‍ය වන වෙනස්කම් මොනවාද යන්න පැහැදිලි කරගෙන නොතිබූ බව” තමන් නිරීක්ෂනය කල බව පැවසී ය. “ඔවුන් නිවැරදි ව නායකත්වය ගත්තේ නැහැ.” යැයි ඔහු පැවසුවේ ය.

Loading