[මෙය Campaign to defend victimised Sri Lankan estate workers wins significant support යන මැයෙන් 2023 ජූලි 17 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
මස්කෙලිය ඕල්ටන් වතුයායේ කම්කරුවන් 22 දෙනෙකුට සහ තවත් තරුනයින් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩු ඉල්ලා අස්කර ගන්නා ලෙසට බල කරමින්, ශ්‍රී ලංකා වතු කම්කරු ක්‍රියාකාරී කමිටුවේ පෙත්සම් උද්ඝෝෂනයට ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව වැදගත් ප්‍රතිචාර ලැබී තිබේ.
ජුලි 15 වනදා වන විට කම්කරුවන් 500 කට අධික පිරිසක් ඔන්ලයින් සහ ලිඛිත පෙත්සම් වලට අත්සන් තබා තිබිනි. වතු, වරාය, බැංකු, දුම්රිය, සෞඛ්‍ය, නිදහස් වෙලඳ කලාප, හෝටල්, කුරුඳු සහ ධීවර කම්කරුවන් මෙන්ම තරුනයන් සහ විශ්වවිද්‍යාල සිසුන් ද ඊට ඇතුලත් ය.
තමාට ශාරීරිකව පහරදී, තම නිවසට අලාභහානි කල බවට ඕල්ටන් වතුයායේ කලමනාකරු විසින් කරන ලද බොරු චෝදනා මත, 2021 අප්‍රේල් මාසයේදී, ඕල්ටන් වතුයායේ කම්කරුවන්ට එරෙහිව පොලිසිය විසින් හැටන් මහේස්ත‍්‍රාත් අධිකරනයේ නඩු පවරන ලදී. කලමනාකරු මෙම අසත්‍ය පැමිනිල්ල කලේ, වර්ජිත සේවකයින්ට දිගින් දිගටම හිරිහැර කිරීම සම්බන්ධයෙන් කම්කරුවන් පෙබරවාරි 17 වන දින ඔහුගේ නිවසින් පිටත විරෝධතා දැක්වීමෙන් පසුව ය.
නීතිපතිවරයා විසින් තවමත් චෝදනා සකස් කර නොමැති බව පවසමින් වසර දෙකහමාරකට ආසන්න කාලයක් මෙම නඩු, විභාග නොකර ඇදී ගොස් ඇත. මේ වසරේ ජුනි 21 වැනිදා නඩුව යලි සැප්තැම්බර් 20 වැනිදාට කල් තැබිනි.
ප්‍රධාන වතු වෘත්තීය සමිතිය වන ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) විරෝධතාවයේ නිරත වූ කම්කරුවන්ගේ නම් පොලිසියට සැපයූ අතර පසුව ඔවුන් අත්අඩංගුවට ගෙන අවසානයේ දැඩි ඇප කොන්දේසි මත නිදහස් කෙරුනි. ඕල්ටන් වතුයාය පාලනය කරන හොරන වැවිලි සමාගම විසින් එම දෝෂාරෝපන සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂනයක් නොපවත්වාම බොරු චෝදනා මත කම්කරුවන් 34 දෙනෙකු වහා සේවයෙන් නෙරපා දැමීය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පෙරමුන, උඩරට ජනතා පෙරමුන සහ කම්කරු ජාතික සංගමය ඇතුලු ශ‍්‍රී ලංකාවේ අනෙකුත් වතු වෘත්තීය සමිති, මෙම නිහීන දඩයම ගැන මුනිවත රකිමින්, ඊට නිහඬව සහාය දක්වති.
ඕල්ටන් වතුයාය තුල කලමනාකාරිත්වයේ සහ පොලිසියේ මර්දනය, ඔවුන්ගේ දරිද්‍රතාවයෙන් පහල වැටුප්, සමාජ හා ජීවන තත්වයන් පිරිහීම හා කොඳු කැඩෙන වැඩ බර පිලිබඳව වතු කම්කරුවන් අතර වතු සමාගම් වලට එරෙහිව නැගෙන විරෝධය මැඩපැවැත්වීම සඳහා එල්ල කරන පුලුල් ප්‍රහාරයක කොටසකි.
2021 දී තලවාකැලේ කටුකැලේ වත්තේ කම්කරුවන් 11 දෙනෙකු දඩයමට ලක් කරමින් ඉවත් කරන ලද අතර, හැටන් අසල වැලිඔය වත්තෙන් කම්කරුවන් පස් දෙනෙකු නෙරපා හරින ලදී. මෙම කම්කරුවන්ට එරෙහිව පොලිසිය නඩු පවරා ඇත.
සමාජවාදී සමානතා පක්ෂය සහ ශ්‍රී ලංකාවේ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව මෙම මර්දනයට එරෙහිව කම්කරුවන් බලමුලු ගැන්වීමට අඛන්ඩව උද්ඝෝෂනය කර ඇත. මෙම පෙත්සම ඕල්ටන් වතුයායේ දඩයම හෙලා දකින අතරම, ඔවුන්ගේ සියලුම නඩු වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, සේවයෙන් පහ කරන ලද සියලුම කම්කරුවන් කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවන ලෙසත් ඉල්ලා සිටියි.
මෙම උද්ඝෝෂනයට සහාය දෙන ලෙස අපි ජාත්‍යන්තරව කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු. එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ පුලුල් අරගලයේ කොටසකි.
මෙම උද්ඝෝෂනයේදී, ආධාරකරුවන් විසින් අපට පවසන ලද අදහස් කිහිපයක් සහ අප වෙත ලැබී ඇති ජාත්‍යන්තර ලිපි කිහිපයක් පහත පල කරමු.
***
විශ්‍රාමික දුම්රිය සේවකයෙක් මෙසේ පැවසීය: “වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය සාධාරන වෙන්නේ ඔවුන්ට ජීවත් වීමට සරිලන ආදායමක් නොලැබෙන හින්දා. ආන්ඩුව මීට පෙර කියා සිටියේ සාධාරන වැටුප් වැඩිවීමක් ලබාදෙන බවයි. තමන්ට එම වැටුප් වැඩිවීම නොලැබුනු නිසා වතු කම්කරුවන් සිය අරගලය ආරම්භ කලා. මර්දනය මුදාහැරීමෙන් හාම්පුතුන් සහ ආන්ඩුව උත්සාහ කරන්නේ [වතු කම්කරුවන්] බිය ගැන්වීමටයි.”
මෙම දඩයම වාර්තා කිරීමට ධනේශ්වර මාධ්‍ය අපොහොසත් වීම ගැන සඳහන් කල ඔහු පැවසුවේ, “මෙම මර්දනකාරී තත්වය මම සොයා ගත්තේ ඔබෙන් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් විතරමයි.”
දුම්රිය සේවකයින් ද ඔවුන්ගේ සමාජ අයිතීන් සම්බන්ධයෙන් එම ගැටලුවලටම මුහුන දෙමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය. “ආන්ඩුව අපට ගෙවමින් සිටි වැටුප් වර්ධක කපා හැරීම අපේ විශ්‍රාම වැටුපට බලපෑවා. ඉහල යන ජීවන වියදමට මුහුන දෙන්න අපිට බැහැ. දුම්රිය වෘත්තීය සමිති වතුවල ඔවුන්ගේ සගයන්ට වඩා වෙනස් නැහැ. ඔවුන් අපේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සටන් කරන්නේ නැහැ.”
යාපනයේ රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරන එස්. මුලයිතිව්‍යාන් පැවසුවේ, “මම මෙම ව්‍යාපාරයට සහය දක්වන අතර, එම සේවකයන්ට එරෙහි නඩු ඉල්ලා අස්කරගෙන ඔවුන්ට රැකියා ලබා දෙන ලෙස ඉල්ලා සිටින මෙම පෙත්සමට අත්සන් කරනවා. වතු කම්කරුවන් දීර්ඝ කාලයක සිට දුක්විඳින ප්‍රජාවක් වන අතර ඔවුන් මුහුන දෙන ප්‍රශ්න අවසන් කල යුතුයි. ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඔබ කරන සටන ඉතා අගය කොට සලකනවා.”
යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ඒ. යාලිනී පැවසුවේ, “මමත් වතු ප්‍රදේශයකින් පැමිනි කෙනෙක්; වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ රාශියක් තිබුනත් කම්කරුවන් තවමත් දුක් විඳිනවා. මේ ව්‍යාජ නඩු කම්කරුවන්ට එරෙහිව යොදා ගැනීමට අපට ඉඩ දිය නොහැකියි. මෙම නඩු වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, සේවයෙන් පහ කරන ලද සේවකයන් කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවන ලෙසත් මම ඉල්ලා සිටිනවා.”
ජූනි 24 දා, මහනුවර ජාතික රෝහලේ සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව විසින් සංවිධානය කරන ලද රැස්වීමකදී, ඕල්ටන් වතු කම්කරුවන් සඳහා වන පෙත්සම් ව්‍යාපාරයට සහය දක්වන යෝජනාවක් ඒකමතිකව සම්මත කෙරුනි.
එහි මෙසේ සඳහන් විය: “අපි ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහි දඩයම හෙලා දකිමු. වසර දෙකකට අධික කාලයක් තිස්සේ අපමන දුක් විඳි කම්කරුවන්ට එරෙහිව කිසිදු විශ්වාසනීය චෝදනාවක් ඉදිරිපත් කිරීමට පොලිසියට සහ නීතිපතිවරයාට නොහැකි වී තිබේ. මෙම රැස්වීම ඔවුන්ට එරෙහිව ඇති සියලුම නඩු වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, වැඩ තහනමට ලක්වූ සියලුම සේවකයින් වහාම නැවත සේවයේ පිහිටුවන ලෙසත් ඉල්ලා සිටියි.”
ලෝක සමාජවාදී වෙබ් අඩවි පාඨකයින් විසින් එවන ලද ලිපිවල පිටපත් ද වතු කම්කරු ක්‍රියාකාරී කමිටුවට ලැබී තිබේ.
නිව් යෝර්ක් නගරයේ අධ්‍යාපන සේවකයෙක් පහත ලිපිය ශ්‍රී ලංකා නීතිපතිවරයාට, පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවා ඇත.
මහත්මයානෙනි: නිව් යෝර්ක් නගරයේ සිට මම මේ ලියන්නේ, සියලුම පොලිස් චෝදනා වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, ජීවත්වීමට සුදුසු වැටුප්, වඩා හොඳ සේවා කොන්දේසි සහ ආහාර සහන පවා ඉල්ලා උද්ඝෝෂනයට සහ වැඩවර්ජනවලට පෙලඹී පීඩාවට පත් වූ සියල්ලන්ම කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා වතු ක්‍රියාකාරී කමිටුව විසින් කරන ලද ඉල්ලීමට සහය පල කරමිනි.
මෙම පෙත්සම, ශ්‍රී ලාංකවේ රට තුල කාරනයකට අත පෙවීමක් ලෙස සැලකිය නොහැක්කේ, මා වෙනුවෙන් තේ නිෂ්පාදනය කරන අයගේ සහ තේ වෙලඳාමේ ජාත්‍යන්තර පාරිභෝගිකයින්ගේ සුබසාධනය, ලොව පුරා මානුෂික සැලකිල්ලකට ලක්විය යුතු වනවා පමනක් නොව, ජාත්‍යන්තර කම්කරු පන්තියේ අයිතිවාසිකම් සුරැකීම සියලු කම්කරුවන්ට අතිශයින්ම වැදගත් කාරනයක් වන බැවිනි. මම ගෝලීය ඉතිහාසය ඉගැන්වූ අධ්‍යාපන සේවකයෙක්මි. ලෝකයේ දිනෙන් දින කම්කරුවන් සංඛ්‍යාව වැඩි වන අතර, ධනවාදය යටතේ ලාභ සඳහා තුච්ඡ තරඟයක් තුල එක් ප්‍රදේශයක කම්කරුවන්ට එල්ල කරන ප්‍රහාරවල බලපෑම දැන් ඉක්මනින් ව්‍යාප්ත වී තවත් තැන්වල ප්‍රතිනිර්මානය වන බව මම දනිමි.
මස්කෙලිය අප්-කොට් හි ඕල්ටන් වතුයායේ, හැටන් හි වැලිඔය වත්තේ සහ කටුකැලේ වතුයායේ කම්කරුවන්ට එරෙහිව මෙම හිරිහැරය සිදුවී ඇත. කඩිනම් අධිකරන ක්‍රියා පටිපාටිවලට ඇති අයිතිය ප්‍රතික්ෂේප කරමින්, චෝදනා පත්‍ර යවා නැති හෝ චෝදනා ඉදිරිපත් කර පවා නොමැති හෝ උසාවියට පෙනී සිටින දින කල් දමා තිබෙන, හුදෙක් තම පවුලේ සහ තමන් ගේ යහපැවැත්ම අපේක්ෂා කරන කම්කරුවන්ට එරෙහි දඩයමක ස්වභාවය මෙම චෝදනා තුල තිබේ. එපමනක් නොව, මෙම පීඩාවන් පැහැදිලිවම, උද්ධමනය, වැටුප් කැපීම, සමාජ ප්‍රතිලාභ කප්පාදු කිරීම සහ ඵලදායිතාව ඉහල නැංවීම සඳහා වැඩ බර වැඩි කිරීම මගින් පොදු ආර්ථික අර්බුදයේ බර කම්කරුවන්ගේ උර මත පැටවීමේ උත්සාහයේ කොටසකි. එපමනක් නොව, මෙම පීඩාවන්, පැහැදිලි ලෙසම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කම්කරු විරෝධී ක්‍රියාමාර්ග පැනවීම සඳහා ක්‍රියා කරන සියලුම පාර්ලිමේන්තු පක්ෂවලට අභියෝගයක් වන්නාවූ මහා වැඩවර්ජනවලට තල්ලු කෙරෙන අයුරින් වැටුප් කැපීම, සමාජ ප්‍රතිලාභ කප්පාදු කිරීම සහ ඵලදායිතාව ඉහල නැංවීම සඳහා වැඩ බර වැඩි කිරීම මගින් සාමාන්‍ය ආර්ථික අර්බුදයේ බර කම්කරුවන්ගේ උර මත පැටවීමේ ප්‍රයත්නයේ කොටසකි.
ශ්‍රී ලංකාවේ සහ ගෝලීය වශයෙන් තේ කර්මාන්තයේ දුෂ්කරතාවයට හෝ ධනේශ්වර අර්බුදයට කම්කරුවන් වගකිව යුතු නැත. යුක්තිය විසින් ඉල්ලා සිටින්නේ, ගෙතූ බොරු බවට ලෝකයාගේ ඇස්පනා පිට පෙනෙන චෝදනා ඉවත් කර ගැනීම, සේවයෙන් පහ කරන ලද සියලුම කම්කරුවන් යලි සේවයේ පිහිටුවීම සහ කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම ය. ඔබට ස්තූතියි.
පිලිපීනයේ කම්කරුවෙක් විසින් තවත් ලිපියක් එවා ඇත. එහි මෙසේ සඳහන් විය:
“මම පිලිපීනයේ කම්කරුවෙක්මි. ඕල්ටන්, වැලිඔය සහ කටුකැලේ වතු කම්කරුවන්ට සහ ඔවුන්ගේ ආධාරකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩු වහාම නතර කර ඉවත් කල යුතු බවට කරන ඉල්ලීමට මම දැඩි ලෙස සහය පල කරමි. තමන්ට පමනක් නොව වතුවල සිටින සියලුම කම්කරුවන්ට, වඩා හොඳ වැටුප් හා සේවා කොන්දේසි නිවැරදිව ඉල්ලා සිටින කම්කරුවන්ට සහ ඔවුන්ගේ ආධාරකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.
මෙම කම්කරුවන් හුදකලා වී ඇති බව ඔබ සිතනවා විය හැකිය. එය එසේ නොවෙයි. ඔවුන්ගේ අරගලය පිලිපීනයේ සහ අනෙකුත් සියලුම රටවල කම්කරුවන්ගේ අරගලයයි. මෙහි කම්කරුවෝ ලංකාවේ වෙන්නේ සිදු වන්නේ කුමක්දැයි දනිති, බලා සිටිති. ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ වේදනාව සහ පීඩාව අපට දැනේ. ඔවුන්ගේ ධෛර්යය සහ ප්‍රතිපත්තිමය ස්ථාවරය අපට ආස්වාදය ගෙන දේ.
සුභ පැතුම්, දාන්තේ පැස්ට්‍රානා
මෙම උද්ඝෝෂනයට සහයෝගය දැක්වීම සඳහා කරුනාකර පෙත්සමට අත්සන් කර, පහත බලධාරීන්ට ලිපි යවන්න. ශ්‍රී ලංකාවේ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුවට ද පිටපත් එවන්න.
* සංජය රාජරත්නම්, නීතිපති
අංක 159, අලුත්කඩේ, කොලඹ 12
ඊමේල්: administration@attorneygeneral.gov.lk
* පී.වී. ගුනතිලක, ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය
ඊමේල්: civilsecurity@defence.lk
* C. D. වික්‍රමරත්න, පොලිස්පති
ඊමේල්: telligp@police
ශ්‍රී ලංකා වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව
ඊමේල්: plantationacsl@gmail.com
වැඩිදුර කියවන්න
- ශ්රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්රජාතන්ත්රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!
- දඩයමට ලක් වූ වතු කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා සසප සහ ක්‍රියාකාරී කමිටු මෙම ඉරිදා විරෝධතාවක් පවත්වයි
- වතු කම්කරුවන්ට එරෙහිව ගොනු කර ඇති බොරු නඩු ඉල්ලා අස්කරගනු! අත්හිටවූ සියලුම සේවකයන් කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවනු!
- දඩයමට ලක්වූ වතු කම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා ගෙනයන උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමේ උත්සාහයට විරුද්ධ වෙනු!
