ඉදිරිදර්ශන

කෝවිඩ් එන්නත් වර්ධනය කිරීමට උපකාරී වූ පුරෝගාමී එම්ආර්එන්ඒ විද්‍යාඥයින්ට නොබෙල් ත්‍යාගය පිරිනැමේ

[මෙය Nobel Prize awarded to pioneering mRNA scientists who helped develop COVID vaccines මැයෙන් 2023 ඔක්තෝබර් 3දා පල කල ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනය යි.]

කායික විද්‍යාව නොහොත් වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනමන නොබෙල් ත්‍යාගය කටාලින් කාරිකෝ සහ ඩෲ වයිස්මන් වෙත පිරිනැමීම අතිශයින් ම යෝග්‍ය වේ. ගෝලීය වසයෙන් පුද්ගලයින් මිලියන ගනනකගේ ජීවිත ආරක්ෂා කල ප්‍රති-කෝවිඩ් එම්ආර්එන්ඒ එන්නත් 2020 වසරේ දී ක්ෂනික ව නිර්මානය කිරීමට හැකිවූයේ, කාරිකෝ සහ වයිස්මන්, 1997 දී අරඹා පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ දී වසර ගනනක් ඒකාබද්ධ ව සිදුකල පුරෝගාමී පර්යේෂන හේතුවෙනි.

විශේෂයෙන් ම, එම්ආර්එන්ඒ එන්නත් ඉලක්ක කරමින් පැවතීගෙන යන දැවැන්ත දක්ෂිනාංශික විද්‍යා-විරෝධී උද්ඝෝෂනයක කොන්දේසි පවතින තතු යටතේ, නොබෙල් ත්‍යාගය මෙම විද්‍යාඥයින්ට පිරිනැමීම සතු ව අතිශය වැදගත්කමක් පවතී.

කාරිකෝ සහ වයිස්මන් ගේ විශිෂ්ට ජයග්‍රහනය වූයේ, එම්ආර්එන්ඒ තුලින් සුරක්ෂිත ප්‍රතිශක්තිමය ප්‍රතිචාරයක් නිපදවීමට අවශ්‍ය නියුක්ලියෝසයිඩ් (nucleoside - සෛලවල අඩංගු නියුක්ලීක අම්ල ජලවිච්ඡේදනයෙන් ලබා ගන්නා කවර හෝ සංයෝගයක්) නවීකරනයන් ඔවුන් විසින් සොයා ගැනීම යි. ආරම්භයේ දී 2005 වසරේ ප්‍රසිද්ධ කරන ලද ඔවුන්ගේ සොයා ගැනීම්, විවිධාකාරයේ එම්ආර්එන්ඒ සෛල විසින් හඳුනාගන්නේ හා ඒවාට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්න පිලිබඳ විද්‍යාත්මක අවබෝධය මූලික වසයෙන් වෙනස් කලේ ය.

හංගේරියානු-ඇමරිකානු ජීවරසායන විද්‍යාඥ කටාලින් කාරිකෝ සහ ඇමරිකානු කායික විශේෂ විද්‍යාඥ ඩෲ වයිස්මන්, 2023 ඔක්තෝබර් 2 සඳුදා ෆිලඩෙල්ෆියාහි පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ දී කතා කරති. (ඒපී ඡායාරූප/මැට් රොව්‍ර්කේ) [AP Photo/Matt Rourke]

දශක ගනනක් තිස්සේ ඔවුන් සිදු කල පර්යේෂනවල දී, සම-විද්‍යාඥයන්ගේ ගනන් නැති අභියෝගයන් හා සංශයවාදයන් හමුවේ කාරිකෝ සහ වයිස්මන් යන දෙදෙනා ම නො සැලී සිටිය හ. 1955 දී හංගේරියාවේ උපන් කාරිකෝ, ඇගේ ස්වාමි පුරුෂයා සහ දෙහැවිරිදි දියනිය සමග 1985 දී එක්සත් ජනපදයට සංක්‍රමනය වූවාය. රාත්‍රීන් හි හා සති අන්තයන්හි වැඩ කරමින්, ඇය වහා ම එම්ආර්එන්ඒ පර්යේෂන සඳහා අනුරාගයක් වර්ධනය කර ගත් නමුත්, ප්‍රදානයන් හෝ ස්ථීර රැකියාවක් ලබා ගැනීම සඳහා දශක ගනනක් තිස්සේ අරගලයේ යෙදුනා ය. ඔහුගේ ක්ෂේත්‍රය තුල දිදුලන විද්‍යාඥයෙකු ලෙස ප්‍රකට වයිස්මන්, ප්‍රතිශක්තිවේදය සහ ද්‍රැමක සෛලවල භූමිකාව තුලට තමන්ගේ ම ආලෝචනාවන් බද්ධ කල විට එම්ආර්එන්ඒ තාක්ෂනයේ විභවය අවබෝධ කරගත්තේ ය.

මානව වර්ගයාගේ සියලු විද්‍යාත්මක හා සංස්කෘතික ජයග්‍රහනවල දී මෙන්, කාරිකෝ සහ වයිස්මන්ගේ වැඩ කටයුතු වනාහි භූගෝලය පුරා විද්‍යාඥයන්ගේ යෝධ සාමූහික ශ්‍රමයේ නිෂ්පාදිතය යි.

1800 ගනන් මැද පරිනාමය පිලිබඳ ව චාල්ස් ඩාවින් හා එම ඌරුව ලද ග්‍රෙගර් ජොහාන් මැන්ඩල් ද 1869 දී ස්විස් රසායන විද්‍යාඥ ෆ්‍රෙඩ්‍රික් මීස්චර් විසින් න්‍යුක්ලෙයික් අම්ලය ඒකලනය (වෙන්කර ගැනීම) කිරීම ද 1910 දී ජර්මානු ජීවරසායන විද්‍යාඥ ඇල්බ්‍රෙෂ්ට් කොසල් විසින් න්‍යුක්ලෙයික් අම්ලයේ කාබනික සංකීර්නයන් විස්තර කිරීම ද 1940 ගනන්වල දී ඔස්වල්ඩ් ඒවරි හා අර්වින් චාගාෆ් විසින් ජීවරසායන විද්‍යාව සංවර්ධනය කිරීම ද 1950 ගනන්වල දී ජේම්ස් වොට්සන්, ෆ්‍රැන්සිස් ක්‍රික් හා රොසලින් ෆ්‍රැන්ක්ලින් විසින් ඩීඑන්ඒ විද්‍යාව තුල ලත් ජයග්‍රහනයන් ද 1961 දී විද්‍යාඥ කන්ඩායම් ගනනාවක් විසින් එම්ආර්එන්ඒ සොයා ගැනීම ද 1970 ගනන්වල සිට විද්‍යාඥයින් දහස් ගනනකගේ සාමූහික වැඩ කටයුතු තුලින් ජාන විද්‍යාව හා ජීව විද්‍යාවන් තුල සිදු කරන වඩ වඩා වේගවත් වන වර්ධනයන් ද මෙම ක්‍රියා දාමයේ විශිෂ්ට සැතපුම් කනු අතරට ඇතුලත් වේ.

කාරිකෝ සහ වයිස්මන්ගේ 2005 වසරේ පර්යේෂන පත්‍රිකාව මෙන් ම, 2008 හා 2010 දී ඔවුන් ප්‍රසිද්ධ කල වැඩිදුර තීරනාමත්මක සොයා ගැනීම් විද්‍යාඥ ප්‍රජාව විසින් පිලිගන්නා ලද්දේ ආසන්න වසයෙන් පූර්න නිශ්ශබ්දතාවකිනි. පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයෙන් අරමුදල් සැපයීම ප්‍රතික්ෂේප කිරීම නිසා, 2013 දී බයෝඑන්ටෙක් සමාරම්භ කිරීමට කාරිකෝ ක්‍රියා කලා ය. 2019 දී එම්ආර්එන්ඒ සෙම්ප්‍රතිෂ්‍යා එන්නතක් සඳහා පර්යේෂන එම සමාගම විසින් ඇරඹූ අතර, එම වසරේ දෙසැම්බරයේ දී චීනය තුල කෝවිඩ්-19 වසංගතය පුපුරා යාම විසින් එම පර්යේෂනය අභිබවනය කෙරුනි.

වෛද්‍යමය, තාක්ෂනික හා විද්‍යාත්මක සංවර්ධනය වේගවත් කරන අනෙකුත් බොහෝ අර්බුදකාරී උදාහරන මෙන් ම, වසංගතයෙන් උදාකල හදිසිභාවය දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පැවති පර්යේෂනයන් ක්‍රියාකාරී වීමේ ගම්‍යතාව නිර්මානය කලේ ය. “නව සොයා ගැනීම්වල මාතෲ වන්නේ අවශ්‍යතාවයි” යන පැරනි ප්‍රස්ථා පිරුල යලි වතාවක් සනාථ කෙරුනි.

චීනයේ වුහාන් නගරයේ තෙතබරිත වෙලඳපොලක දී සාර්ස්-කෝව්-2 වසංගතයේ ආරම්භක පැතිර යාමෙන් ටික කලකට පසුව, වෛරසයේ අනුක්‍රමය (ප්‍රවේනිය) සොයා ගන්නා ලද අතර, එහි ජානමය ද්‍රව්‍ය 2020 ජනවාරි 11දා ප්‍රසිද්ධ කරනු ලැබී ය. දවස් ගනනක් ඇතුලත, ෆයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා යන සමාගම් දෙක ම මූලාකෘතික එම්ආර්එන්ඒ එන්නත් වර්ධනය කර තිබුනු අතර, ඒවා ඉක්මනින් ම සායනික අත්හදා බැලීම් සඳහා ඇතුලත් කෙරිනි. මෙම පෙර නුවූ විරූ වේගයන් අත්කර ගැනීමට හැකිවූයේ, කාරිකෝ, වයිස්මන් සහ අනෙකුත් විද්‍යාඥයන්ගේ පූර්ව පර්යේෂන හේතුවෙනි.

2020 දෙසැම්බර් 11දා, ෆයිසර්-බයෝඑන්ටෙක් එම්ආර්එන්ඒ එන්නතට හදිසි භාවිතා අවසරය එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (එෆ්ඩීඒ) විසින් ප්‍රදානය කරන ලද අතර, ඉන් සතියකට පසු ව, මොඩර්නා එම්ආර්එන්ඒ එන්නතට එම අවසරය ලැබුනි. මේවා සහ අනෙකුත් එන්නත්වලට අනුමැතිය ලැබීමේ සිට ගත වූ වසර තුනකට ආසන්න කාලය තුල, ලොව පුරා බිලියන 13.4ට අධික මාත්‍රාවන් සුරක්ෂිත ලෙස භාවිතා කරනු ලැබ තිබේ.

එන්නත්වල ජීවිත ආරක්ෂා කිරීමේ බලපෑම් ප්‍රතික්ෂේප කල නො හැකි අතර, ඒවා නවීන විද්‍යාවේ මෙම ‌ෙඑතිහාසික ජයග්‍රහනය අවධාරනය කරයි. 2020 දෙසැම්බර් 8 සිට 2021 දෙසැම්බර් 21 දක්වා කෝවිඩ්-19 එන්නත් ලොව පුරා අතිරේක මරන මිලියන 14.4 සිට 19.8 දක්වා ප්‍රමානයක් වැලැක්වූ බව 2022 ජුනි මාසයේ පල කල අධ්‍යයනයක් සොයා ගත්තේ ය. ඉන්පසු ව ගත වුනු වසර දෙක තුල, තවත් ජීවිත මිලියන ගනනක් බේරා ගනු ලැබ ඇත්තේ, කෝවිඩ්-19 හේතුවෙන් පුද්ගලයින් කෝටි ගනනක් රෝහල් ගත වීම ගෝලීය පරිමානයෙන් වලක්වා තිබෙන අතරේ ය.

එහෙත්, ලාභ හඹා යන ධනපති වෙලඳපොලෙහි අරාජික ස්වභාවය විසින් කෝවිඩ්-විරෝධී එන්නත් යොදා ගැනීම සීමා කලේ ය. සෑම මහාද්වීපයක් මත ම නිෂ්පාදනයේ හා බෙදාහැරීමේ ජාල වේගයෙන් ගොඩනැගීම වෙනුවට, සීමිත එන්නත් සැපයීම් කරා ප්‍රවේශ වීම සඳහා යුද වැදීම පිනිස ජාතීන් එකිනෙකාට එරෙහි ව පිහිටුවන ලද්දේ, ඖෂධ ඒකාධිකාරයන් අතිශයින් ම බියජනක වසංගත ලාභ ඉපැයීමේ නිරත ව සිටිද්දී ය.මොඩර්නා සංගතයේ නැස්ඩැක් කොටස් මිල 2020 ජනවාරියේ දී පැවති ඩොලර් 20 සිට 2021 අගෝස්තුව වන විට ඩොලර් 484ක උපරිම අගය දක්වා 24 ගුනයකින් නැගුනේ, ඉහල ම කොටස් හිමියන් බිලියන ගනන් සමුච්ඡය කරගනිද්දී ය.

අද දින දක්වා ම එන්නත් අසමානතාව අඛන්ඩ ව පවතින්නේ, අඩු දියුනු රටවල් මෙන් ම ධනවත් රටවල පවා බිලියන ගනන් ජනයාට අලුතින් ම වර්ධිත එන්නත් මාත්‍රා වෙත ප්‍රවේශය අහිමි කෙරෙද්දී ය. මූලික වසයෙන්, ලෝකයේ දුප්පත් ම රටවල් තුල, දල වසයෙන් පුද්ගලයින් බිලියන 2.4ක් දෙනා මුලුමනින් ම එන්නත් කිරීමෙන් තොර ව සිටිති. ඉහල-ආදායම් සහිත රටවල ජනගහනයෙන් සියයට 66.4ක් අඩු තරමින් එක් වර්ධිත මාත්‍රාවක් හෝ ලබා ඇති නමුත්, අඩු-ආදායම් සහිත රටවල ජනගහනයෙන් වර්ධිත මාත්‍රා ලබා දී ඇත්තේ සියයට 4කට පමනි.

(ඡායාරූපය දත්ත තුල අපේ ලෝකය/සීසී බීවයි 4.0) [Photo by Our World In Data / CC BY 4.0]

තව ද එන්නත් හඳුන්වාදීම සමගින්, එන්නත් වනාහි ඒවා විසින් ම වසංගතය අවසන් කරනු ඇත්තා වූ “විශ්මිත පතුරමක්” ය යන ව්‍යාජ කියාපෑම අත්වැල් බැඳ ගත්තේ ය. පලමු ව ඩෙල්ටා ප්‍රභේදය විසින් ද ඉන් අනතුරු ව ඔමික්‍රෝන් ප්‍රභේදයන්ගේ අනුප්‍රාප්තික රැලි විසින් ද මෙම කියාපෑම් ඉක්මනින් ම උඩුයටිකුරු කරන ලදී. සාර්ස්-කෝව්-2 වසංගතය ඉක්මනින් ම ගෝලීය වසයෙන් මුලිනුපුටා දැමීම සඳහා පවතින සියලු මහජන සෞඛ්‍ය පියවරයන් උපයෝගී කරගන්නා පලල් මූලෝපායකින් වෙන් කල කල්හි, ආක්‍රමනශීලී වෛරස් සම්ප්‍රේෂනයට හා පරිනාමනයට මුහුන දුන් එන්නත්වල ඵලදායීත්වය ඉක්මනින් ම අඩු විය.

2021 පටන් ලොව පුරා නිල පිලිවෙත වන “එන්නත්-පමනක්” මූලෝපාය දැඩි ලෙස අසාර්ථක වී ඇත. දැනට තක්සේරුගත කර ඇති පරිදි මරන මිලියන 28ක් වසංගතයට පවරනු ලබන්නේ, ලොව පුරා කෝටි ගනන් ජනයා දීර්ඝ කෝවිඩ් තත්ත්වයන්ගෙන් පීඩා විඳිද්දී ය.

එම්ආර්එන්ඒ එන්නත්වල මූලික ප්‍රතිලාභ ලෙස ඒවා පරිමානගත කල හැකි වීම වේගයෙන් නිපදවිය හැකි වීම සහ නම්‍යශීලීත්වය තිබෙන නමුත් සාර්ස්-කෝව්-2 වෛරසයේ නව ප්‍රභේදයන් හා සරිලන පරිදි මෙම විභවය කිසිදු ආකාරයකින් යථාවත් කරගනු ලැබ නැත. ආරම්භක එන්නත් සැලසුම් කිරීමෙන් ආසන්න වසයෙන් වසර තුනකට - මෙම කාලය තුල ආධිපත්‍යධාරී බවට පැමින ඇති අටක් හෝ ඊට වැඩි ප්‍රභේදයන් හේතුවෙන් බොහෝ රටවල් මහා පරිමාන ආසාදන අත් දැක ඇත - පසු ව, එම්ආර්එන්ඒ එන්නත් දෙවරක් පමනක් යාවත් කාලීන කර ඇති අතර ඒවා සැලසුම් කරන ලද ප්‍රභේදයන් වෛරසීය දෘෂ්ටි පථයෙන් නො පෙනී ගිය පසු ව පමනක් සුලභ කරනු ලැබ ඇත.

අතිරේක ලාභ ඉපදවිය නොහැකි බවට නිෂ්පාදකයන් ගනන් බලා තිබෙන තතු තුල, යාවත්කාලීන කරන ලද අනුපූරක එන්නත් හඳුන්වාදීම මන්දගාමීවීම වනාහි, මුලුමනින් ම ධනපති වෙලඳපොලේ නිෂ්පාදිතයකි.

අන්ත-දක්ෂිනාංශික හා ෆැසිස්ට් බලවේග වගා දිගා කිරීම ඉලක්ක කර ගත්, ම්ලේච්ඡ එන්නත්-විරෝධී සාවද්‍ය තොරතුරු උද්ඝෝෂන මුදාහරිනුවස්, වසගතය විසින් ප්‍රේරනය කරන ලද සමාජ හා ආර්ථික අර්බුදය උපයෝගී කරගැනීමට පාලක පන්තියේ සැලකිය යුතු කොටස් ක්‍රියා කර ඇත. එලොන් මස්ක් වැනි බිලියනපතියන්ගේ සහයෝගය සහිත ව සමාජ මාධ්‍ය හරහා ඒ සියල්ල බුරුතු පිටින් ප්‍රචාරය කරනු ලැබ තිබේ.

දක්ෂිනාංශික ජනතාවාදී හා විද්‍යා-විරෝධී භීතිය පැතිරීමේ ප්‍රතිබද්ධය බවට පත් වී ඇති එම්ආර්එන්ඒ එන්නත් මත මෙම ප්‍රචාරනයෙන් වැඩි කොටසක් කේන්ද්‍රගත වී ඇත. උපකල්පිත පරිදි “ජාන චිකිත්සාවේ” නිමග්න වන එම්ආර්එන්ඒ එන්නත් සමගින් තමන් හා තම දරුවන් මරා දැමීම ඉලක්ක කරගත් යෝධ කුමන්ත්‍රනයක් පවතින බව විශ්වාස කිරීමට මිලියන ගනන් ජනයා නො මග යවනු ලැබ තිබේ.

අප්‍රසිද්ධියේ පැවති මෙම එන්නත්-විරෝධී ව්‍යාජ-විද්‍යාව ප්‍රධාන ධාරාවේ දේශපාලනය තුලට තෙරපනු ලැබ ඇත. එන්නත් විසින් ස්වේච්ඡතාව (autism) ජනනය කරන්නේය යන බොරුව තොරොම්බල් කරන සහ එන්නත්කරනය කුමන්ත්‍රනයක් ලෙස හුවා දක්වන 'කුමන්ත්‍රන න්‍යායවේදියෙකු' ලෙස දීර්ඝ කාලයක් අපහාසයට බඳුන් වී සිටින කනිෂ්ට රොබට් එෆ්. කෙනඩි දැන් 2024 මැතිවරනයේ දී එක්සත් ජනපද ජනාධිපති ධූරය සඳහා තරඟ කරන්නෙකි. ලමා සෞඛ්‍ය ආරක්ෂාව නමැති ඔහුගේ එන්නත්-විරෝධී සංවිධානයෙහි අරමුදල් 2018 දී ඩොලර් මිලියන 1.1ක සිට 2021 දී ඩොලර් මිලියන 15.7 දක්වා අහස උසට නැගුනේ ඒ හා සමාන එන්නත්-විරෝධී කන්ඩායම් යෝධ මුදල් ගලා ඒම් දැකගෙන තිබෙද්දී ය.

එක්සත් ජනපදය, ජර්මනිය හා ලොව පුරා රටවල් තුල, මෙය යුදෙව්-විරෝධය හා ප්‍රතිගාමී දේශපාලනයේ අනෙකුත් රූපාකාර යලි ඉස්මතු වීමක් සමග සමීප ව අතිනත ගෙන ඇත. සෑමවිට ම රුදුරු යුදෙව්-විරෝධී හා සමාජවාද-විරෝධී යටිපෙලක් සමගින් ආචාර්යවරුන් වන පීටර් හෝටෙස්, පීටර් ඩැස්සැක් හා අනෙකුත් බොහෝ සප්‍රතිපත්තික විද්‍යාඥයින් ඉලක්ක කරගනිමින්, මෙම ෆැසිස්ට් බලවේග උමතුව කරා අවුලුවා ඇත.

සත්‍ය වසයෙන් ම, 1920 ගනන් හා 1930 ගනන්වල දී යුදෙව්-විරෝධය ඉටු කල භූමිකාව වැනි විශාල භූමිකාවක්, අද්‍යතන ෆැසිස්ට් දේශපාලනය තුල කෝවිඩ් ප්‍රතික්ෂේප කරන හා එන්නත්-විරෝධී ව්‍යාපාරය ඉෂ්ට කරන්නේ, “යුදෙව් භෞතික විද්‍යාවට” එරෙහි නාසි උද්ඝෝෂනයට කැපී පෙනෙන සමානකම් දක්වමිනි.

ජර්මනිය තුල හිට්ලර් බලය‌ට නැගීමෙන් යන්තම් මාස ගනනකට පසුව, 1933 ජුනි මාසයේ දී, රුසියානු විප්ලවයේ ශ්‍රේෂ්ඨ සම-නායකයා වූ ලියොන් ට්‍රොට්ස්කි, තාක්ෂනික වර්ධනයේ වේගවත් යුගයක් තුල පවා, වඩාත් ම පසුගාමී සංකල්පයන් මල් පල ගත හැකි බවට අවධානය කැඳවී ය. ධනවාදයේ මරලතෝනිය මධ්‍යයේ, විද්‍යාත්මක අභිවර්ධනය සහ සමාජ පසුගාමීත්වය මෙම පරස්පර-විරෝධය පිලිබඳ ව අදහස් දක්වමින්, ට්‍රොට්ස්කි මෙසේ ලිවී ය:

අද දින, ගොවි නිවාසවල පමනක් නො ව නගරයේ අහස සූරන නිවාස සංකීර්නයන් තුල ද විසිවන ශතවර්ෂයේ පුද්ගලයා අතර දසවන හෝ දහතුන්වල ශතවර්ෂයේ පුද්ගලයා ද ජීවත් වෙයි. මිලියන සියයක් පුද්ගලයන් විදුලි බලය භාවිතා කරන අතර, යන්ත්‍ර-මන්ත්‍ර ගුරුකම් ගැන තවමත් විශ්වාස කරයි. රේඩියෝව හරහා රෝමයේ පාප්වරයා අද්භූත බලයෙන් ජලය වයින් බවට හැරවීම පිලිබඳ ව විකාශය කරයි. මිනිසාගේ සුධීමත්භාවය විසින් නිර්මානය කරන ලද අද්භූත ජනක යාන්ත්‍රනයන්ට මග පෙන්වන ගුවන් නියමුවෝ ඔවුන්ගේ ස්වේදකය (sweater) මත සුර පලඳිති. අන්ධකාරයේ, අඥානභාවයේ හා ම්ලේච්ඡත්වයේ කෙතරම් නම් සංචිතයකට ඔවුන් හිමිකම් කියයි ද!

වර්තමාන කාල පරිච්ඡේදයේ සුවිශේෂී මූලිකාංගයන්ගෙන් එකක් වන්නේ, විද්‍යාත්මක ක්‍රමයේ මූලික අවබෝධය අහිමි කරනු ලැබ ඇති ජනගහනයෙන් සැලකිය යුතු කොටසකට, මානව වර්ගයාගේ යෝධ තාක්ෂනික අභිවර්ධනයන් පිලිබඳ අවබෝධය අහිමිකර තිබීම යි. ධනපති පාලක ප්‍රභූහු එය අනුභව කරමින් භීතිය හා මුග්ධත්වය වගා කරති.

එසේ වුවත්, කම්කරු පන්තිය තුල විද්‍යාව මුල් බසින ප්‍රමානයට මානව ප්‍රගමනයේ බලය වඩා ශ්‍රේෂ්ඨ වන්‌නේ ය. මානව වර්ගයාගේ විද්‍යාත්මක ජයග්‍රහන අසීමිත වන අතර අප මුහුන දෙන සියලු ගැටලු ජයගනු ලැබිය හැක. නිෂ්පාදන මාධ්‍යවල පුද්ගලික අයිතිය හා ලෝකය ප්‍රතිමල්ලව ජාතික-රාජ්‍යයන්ට බෙදී තිබීම මත පදනම් වන පවත්නා සමාජ සබඳතා විශාලතම බාධකය යි.

එන්නත්-විරෝධී මූලිකාංග සමග ගැටුම විද්‍යාත්මක ප්‍රජාව ඇතුලත විවාදයක් නො වේ. එය වනාහි, අවිද්‍යාවට, භීතියට, සංස්කෘතික පසුගාමීත්වයට හා අද්‍යතන දේශපාලන ප්‍රතිගාමීත්වයේ වඩාත් ම අනතුරුදායක රූපාකාරයන්ට එරෙහි ව අව්‍යාජ විද්‍යාඥයන්ගේ හා ප්‍රගතිශීලී චින්තනයේ සියලු නියෝජිතයන්ගේ අරගලයකි.

විද්‍යාත්මක අභිවර්ධනය සහ නව සොයාගැනීම් පිලිබඳ මාක්ස්වාදී ආකල්පය, මානව ප්‍රගතිය පිලිබඳ විශ්වාසයෙන් කාවැදී ඇත. එම්ආර්එන්ඒ තාක්ෂනයේ යෝධ විභවයමත් පවතින්නේ ඉස්මතු වීමේ ආරම්භක අවධියේ ය. “බෝවන රෝග, නිෂ්ක්‍රීය සෛල සම්බන්ධ ජානමය රෝග, පිලිකාව, කන්තුක වාහිනී සහ මස්තිෂ්ක වාහිනී හා අනෙකුත් රෝග ඇතුලු විවිධ වර්ගයේ ශ්වසනාබාධමය රෝගවලට එරෙහි බලගතු චිකිත්සාවක් බවට එම්ආර්එන්ඒ මත පදනම් වන චිකිත්සාවන් පත්වෙනු ඇතැයි අපේක්ෂා කරන” බව නේචර් සඟරාව 2022 මැයි මාසයේ වාර්තාවක් තුල සටහන් කලේ ය.

සෑම විද්‍යාත්මක ක්ෂේත්‍රයක ම මල්පල ගැනීමට අමතර ව, මෙම විභවය සම්පූර්නයෙන් මල්පල ගැනීමට, ගෝලීය ආර්ථිකය හා සමස්තයක් ලෙස සමාජය සමාජවාදී ප්‍රතිසංවිධානය කිරීම අවශ්‍ය කරයි. ෆයිසර්, මොඩර්නා හා අනෙකුත් යෝධ ඖෂධ සමාගම් සියල්ල, ජාත්‍යන්තරකරනය කොට සියලු දෙනාට නිදහස් ප්‍රතිකාර ලබාගත හැකි පරිදි යලි සකස් කරනු ලැබිය යුතු ය. සියල්ලට ඉහලින් මහජන සෞඛ්‍යය, දේශගුන වෙනසේ බලපෑම් ආපසු හැරවීම, සියලු මානවයන්ට ඉහල ගුනාත්මක අධ්‍යාපනය හා ජීවන තත්ත්වයන් සහතික කිරීමට, යුද්ධය හා මූල්‍ය කතිපයාධිකාරය වෙනුවෙන් නාස්ති කරන ට්‍රිලියන ගනන් මුදල් අල්ලාගෙන නැවත බෙදාහරිනු ලැබිය යුතු ය.

Loading