රට පුරා පාසල් ගුරුවරු වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව විරෝධතාවයේ යෙදෙති

පසුගිය 24 දා බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ යෙදුනු ගුරුවරුන්ට රනිල් වික්‍රමසිංහ ආන්ඩුව එල්ල කල මුර්ග පොලිස් ප්‍රහාරයට විරෝධය පල කිරීම සඳහා 27 සිකුරාදා රටපුරා පාසල් ගුරුවරු දහස් ගනනක් විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතාවයේ යෙදුනු ගුරුවරුන් කන්ඩායමක්

ගුරුවරුන් 4,000 ක් පමන 24 දා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධතාවයේ යෙදුනේ, ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම, පාසල් නඩත්තු වියදම් දෙමාපියන් මත පැටවීම නතර කිරීම හා අධ්‍යාපනයට දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 6 වෙන් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන ය.

බත්තරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගනයේ සිට පාගමනින් පැමිනි ගුරුවරු අධ්‍යාපන අමාත්‍යාංශයට ලඟාවත්ම පොලීසිය හා කැරලි මර්දන ඒකක කඳුලු ගෑස්, ජල හා බැටන් ප්‍රහාර එල්ල කලහ. ප්‍රහාරයෙන් ගුරුවරු කිහිප දෙනෙක් තුවාල ලැබූහ.

ප්‍රහාරයට විරෝධය දක්වමින් සිකුරාදා පැවති විරෝධතාවලට, ආන්ඩුවේ ප්‍රහාරය හෙලා දකින සටන් පාඨ පුවරු සහ බැනර් ප්‍රදර්ශනය කරමින් ගුරුවරු දහස් ගනනක් සහභාගි වූහ. කම්කරු පන්තිය භේද කිරීම සඳහා පාලක පන්තිය වගාදිගා කරන වාර්ගික ආගමික භේදකරනයන් බිඳ ගෙන, උතුරු හා නැගෙනහිර පලාත් වලට අයත්, යාපනය, ත්‍රීකුනාමලය සහ අම්පාර දිස්ත්‍රික්කයන්හි නගර ගනනාවකම සිය ගනනක් ගුරුවරු විරෝධතාවලට සහභාගි වී සිටියහ.

දකුනු පලාත්වල සෑම අධ්‍යාපන කලාපයකම විරෝධතා පැවතියේ ය. කොලඹ, කලුතර, ගම්පහ, පුත්තලම, ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර ආශ්‍රිතව පැවති විරෝධතාවලට ගුරුවරු සැලකියයුතු සංඛ්‍යාවක් සම්බන්ධ වූහ.

හලාවත මාදම්පේ පැවති ගුරු විරෝධතාවයක්

ප්‍රහාරයට විරෝධය දැක්වීමක් ලෙස, ප්‍රහාරයට පසු දින ඉබ්බාගමුව ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා පිටියක් විවෘත කිරීමට පැමිනි ක්‍රිඩා ඇමති රොෂාන් රනසිංහට පාසලට පැමිනීම වලක්වමින් එම පාසලේ ගුරුවරු විරෝධතාවයක යෙදී ගත්හ.

ගුරුවරුක් දහස් ගනනක් විරෝධතාවලට සහභාගිවීම තුලින් ප්‍රකාශයට පත්වන්නේ, මුර්ග පොලිස් ප්‍රහාරයට එරෙහි ඔවුන්ගේ විරෝධය පමනක් නොවේ. පසුගිය වසර කිහිපය තුල ජීවන වියදම දැවැන්ත ලෙස ඉහල යෑම ද, ගුරු හිගය ඇතුලු අනෙකුත් භෞතික හා මානව සම්පත් කප්පාදු කිරීම මගින් දරුනු අතට හැරී තිබෙන සේවා කොන්දේසි ද හේතුවෙන් පාලක පන්තියේ සියලු කොටස්වලට එරෙහිව ඔවුන් අතර වර්ධනය වන විරෝධය ද එමගින් ප්‍රකාශයට පත්වේ.

ප්‍රහාරයට එරෙහිව මහජන විරුද්ධත්වය වැඩෙන තත්වය හමුවේ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත තමන් විදේශ ගත වී සිටිය දී සිදු වූ දේ පිලිබඳව “කනස්සලු“ වන බවටත්, ඉදිරියේ දී ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවටත් කුහක ප්‍රකාශයක් කලේ ය.

ආන්ඩුවේ ප්‍රහාර ගුරුවරුන්ට පමනක් සීමා වී නැත. පසුගිය මාර්තු මාසයේ දී පෞද්ගලීකරනයට එරෙහි ඛනිජ තෙල් සංස්ථාවේ සේවක වර්ජන මැඩීම සඳහා ආන්ඩුව පොලිස් හා කැරලි මර්දන ඒකකවලට අමතතරව සන්නද්ධ හමුදා බලමුලු ගැන්වී ය. පසුව එහි සේවකයන් 20 ක් සේවයෙන් නෙරපා දැමීමට කටයුතු කලේ ය. ඛනිජ තෙල්, දුම්රිය, සෞඛ්‍ය හා අනෙකුත් අංශවල පැනනැගි වර්ජනවලට එරෙහි අත්‍යාවශ්‍ය සේවා නියෝග පැන වූ ආන්ඩුව එම සේවකයන්ට එරෙහිව මහජනයා උසිගැන්වීම සඳහා මාධ්‍ය මෙහෙයවී ය.

සිකුරාදා දිනයේ ම කොලඹ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ගමන් කල වෛද්‍ය ශිෂ්‍යන්ගේ විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලිසිය හා හමුදා භටයන් දහසකට අධික සංඛ්‍යාවක් මෙහෙයවා තිබුනි. එම හමුදා භටයන් ශිෂ්‍යයන් ලුහුබැඳ පහර දෙන ආකාරයත් අත්අඩංගුවට ගන්නා ආකාරයත් මාධ්‍ය තුල විකාශය කෙරුනි.

ගුරුවරුන්ට මෙන්ම වෛද්‍ය ශිෂ්‍යයන්ට එරෙහි ප්‍රහාරය මගින් ආන්ඩුව පෙන්නුම් කර ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමේ දී කම්කරු පන්තියේ හා තරුනයන්ගේ කවර කොටසකින් හෝ එල්ල වන විරුද්ධත්වයක් නො ඉවසන බවයි.

ගුරුවරුන්ගේ විරෝධතා කැඳවනු ලැබූයේ, ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති 20 ක පමන එකතුවක් වන ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය (ගුවිවෘසස) විසිනි. ඊට ලංකා ගුරු සංගමය (ලගුස), ජනතා විමුක්ති පෙරමුන මෙහෙය වන ලංකා ගුරු සේවා සංගමය (ලගුසේස) හා ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අයත් ඒකාබද්ධ ගුරු සේවා සංගමය (ඒගුසේස) ඇතුලත් වේ.

2021 වසර අග භාගයේ, කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් මාර්ගගත ඉගැන්වීම්වල නිරතව සිටි ගුරුවරුන් ඉන් ඉවත් වී මාස තුනකටත් වැඩි කාලයක් යෙදී ගත් අඛන්ඩ වර්ජනය මෙම සමිති විසින් ආන්ඩුවේ සොච්චම් වැටුප් වැඩි කිරීමක් හමුවේ පාවා දෙන ලදී. එම වැටුප් වැඩි කිරීම ඉල්ලා තිබූ අගයෙන් තුනෙන් එකක් පමනි.

ඉහිලිය නොහැකි ජීවන හා රැකියා කොන්දේසිවලට එරෙහිව ගුරුවරුන් අතර විරෝධය වැඩෙන තත්වය තුල දෙවසරකට පසු සමිති නායකයන් විසින් මෙම විරෝධතා කැඳවා තිබුනේ, ලබන මස 13දා ඉදිරිපත් කරන අය-වැයෙන් තම ඉල්ලීම් ලබාගත හැකිය යන මිත්‍යාවට ගුරුවරු කොටු කර දැමීමටයි. අනෙකුත් ක්ෂේත්‍රයන්හි ජවිපෙ, පෙසප වැනි පක්ෂ විසින් මෙහෙය වනු ලබන වෘත්තීය සමිති ද අය-වැයෙන් රුපියල් 20,000 ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා මේ දිනවල සීමිත විරෝධතා කැඳවා තිබේ. කෙසේ නමුත්, පසුගිය තුන් වසර තුල වැඩි වූ දැවැන්ත ජීවන වියදම පූරනය කිරීමට මෙම සොච්චම කිසිසේත්ම නොසෑහේ.

කෝවිඩ්-19 වසංගතයෙන්, යුක්‍රේන යුද්ධයෙන් හා දැන් පලස්තීනය ඇතුලු මැද පෙරදිග කලාපය තුල ඇවිලී ඇති යුද්ධය මගින් ගැඹුරු වන ලෝක ධනේෂ්වර ක්‍රමයේ අර්බුදය මගින් ලංකාවේ ආර්ථික අර්බූදය තවත් තීව්‍ර කෙරෙමින් පවතී. යුද්ධය හේතුවෙන් දැනටමත් ලෝක වෙලඳපලේ තෙල් මිල ඉහල යෑමේ තර්ජනය මතු කර තිබේ. නිෂ්පාදන සැපයුම් දාමයන් බිඳ වැටීමෙන් හා ලොව පුරා ක්‍රයශක්තිය පහල යෑමෙන් ලංකාවේ අපනයන ආදායම් පසුගිය වසරට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටී ඇත.

ඒ තත්වය තුල ජාමූඅ නය ප්‍රතිව්‍යුහගත කිරීම නැතහොත් අර්බූදයේ බර මහජනයා මත පැටවීම හා වර්ධනය වන විරෝධතා රුදුරුම ආකාරයෙන් තලා දැමීම හැර ආන්ඩුවට අන් විකල්පයක් නැත. සම්මත කර ගැනීමට යන 'ප්‍රති-ත්‍රස්ත පනතේ' හා 'මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනතේ' ප්‍රධාන එල්ලය කම්කරු පන්තික සටන් හා එහි සංවිධාන දඩු ගැසීමයි.

කම්කරු පන්තියේ ඒකාබද්ධ දේශපාලන අරගලයකට සතුරු ගුරු සමිති නායකයෝ, උද්ඝෝෂනය කිරීමේ අයිතිය ආන්ඩුවට ඒත්තු ගැන්වීමේ නිස්සාර ප්‍රයත්නවල යෙදී සිටිති. ගුරුවරුන්ට පහරදීම සම්බන්ධයෙන් කොලඹ මානව හිමිකම් කොමිසමට පැමිනිලි කල ලගුසේස නායක මහින්ද ජයසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හා ලංකාවේ ව්‍යවස්ථාවෙන් උද්ඝෝෂන කිරීමේ අයිතිය පිලිගෙන ඇතැයි කියා සිටියේ ය.

ධනපති ක්‍රමය අර්බුදයට යත්ම ධනේෂ්වර අධිකරනය කම්කරු පන්තියට එරෙහි ආන්ඩුවේ ප්‍රහාරයන් සමග වඩාත් විවෘතවම පෙලගැසී සිටින තතු යටතේ ජයසිංහ මෙසේ කියා සිටියේ ය: “කොයි අවස්ථාවන්හි ද එලෙස ක්‍රියාකල (පහරදීම) යුතු වන්නේ කියන එක පිලිබඳව ශ්‍රේෂ්ඨාධිකරනය යම් නියෝග මාලාවක් පොලීසියට දිය යුතුයි.“

කොලඹ කොටහේන දී විරෝධතාවයකට සම්බන්ධ වූ ලංගුස ලේකම් ජෝසෆ් ස්ටාලින්, “අද ගුරුවරු පාරට බැහැලා දුන්නු පනිවිඩය ආන්ඩුව තේරුම් ගන්නෙ නෑ“ යැයි බෙරිහන් දුන්නේ, ආන්ඩුව ගුරුවරුන්ට එල්ල කල ප්‍රහාරයෙන් සමස්ත කම්කරු පංතියට දී ඇති පනිවිඩයේ අර්ථ භාරය මුලුමනින්ම වසන්කොට කම්කරු පංතිය දේශපාලනිකව නිරායුද කිරීමේ අරමුනෙනි.

ආන්ඩුව දී ඇත්තේ ගුරුවරුන් ඇතුලු කම්කරු පංතියට එරෙහි පංති යුද්ධයේ පනිවිඩයයි. ස්ටාලින් ඇතුලු සමිති නිලධරය විසින් ඉදිරිපත් කරන ආන්ඩුවට පීඩනය යෙදීමේ බංකොලොත් ක්‍රියාමාර්ග වලින් එය පරාජය කල නොහැක. එය පරාජය කල හැක්කේ, සමස්ත කම්කරු පංතිය ඒකාග්‍ර කරගත් දේශපාලන ප්‍රතිප්‍රහාරයකින් පමනි.

ආන්ඩුවේ අය-වැය හා ඉදිරි ජනාධිපතිවරනයකින් මහජනයා මුහුන දෙන ඉහිලුම් නොදෙන කොන්දේසිවලට විසඳුම් ලැබෙතැයි වෘත්තීය සමිති වගා දිගා කරන මිත්‍යාවන් කෙරෙහි කම්කරු පන්තියේ බහුතරයක් තුල කිසිදු විශ්වාසයක් නැත.

ලාභ ගරන ධනපති ක්‍රමය පෙරලා දමා සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා සටන් වදිනුවස්, කම්කරුවන්ගේ ස්වාධීන සටන් සංවිධාන ලෙස ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අවශ්‍යතාවය පිලිබඳව විරෝධතාවයේ නිරත ගුරුවරු සමග ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව සාකච්ඡා කලේ ය.

මාතලේ දිස්ත්‍රික්කයේ ගුරුවරියක් වන ප්‍රියන්ති කියා සිටියේ “ජීවන වියදම පහල දැමීමට හා වැටුප් වැඩි කිරීම සඳහා කම්කරු පන්තියේ පොදු අරගලයක්“ දියත් කල යුතු බවයි. “මේ අය-වැයෙන් අපේ වැටුප් වැඩිවෙයි කියලා මට කිසිදු විශ්වාසයක් නෑ. කොහොම උනත් බඩුමිල තව ඉහල යනවා. නය වාරික කැපිලා මට වැටුපෙන් රුපියල් 30,000 ක් පමනයි ලැබෙන්නේ. මහත්තයා ඉලෙක්ට්‍රික් වැඩ කරන්නේ. නමුත් දැන් වැඩ ලැබෙන්නේ නෑ. දරුවෝ තුන් දෙනාට උගන්නගන්නේ, කන්න අදින්න දෙන්නේ ගොඩක් අමාරුවෙන්“ යයි ඇය ප්‍රකාශ කලා ය.

ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි ගුරුවරියක් ලෝසවෙඅ සමග දීර්ඝ ලෙස කතා කරමින් කියා සිටියේ, ගුරුවරුන්ට තම රැකියාවේ නිරත වීමට නම් ජීවන වියදම සමග ඉහල යන වැටුපක් හා යහපත් රැකියා කොන්දේසි දිනා ගැනීම අවශ්‍ය බවයි.

“2021 වැටුප් අරගලයෙන් පසුව මගේ වැටුප රුපියල් 8,000 කින් වගේ වැඩි වුනා. නමුත් ඒ අතරතුරේ ජීවන වියදම ඒ වගේ කිහිප ගුනයකින් වැඩි වෙලා. ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදන් කිලෝමීටර් 100 ක් පමන දුර පුත්තලම් දිස්ත්‍රික්කයේ පාසලකටයි මම වැඩට යන්නේ. බස් ගාස්තුව පමනක් රුපියල් 25,000 ක් ඉක්මවා යනවා. විදුලිබිල වැඩි කරන එක හරිම අසාධාරනයි. මේ වියදම් අපිට දරා ගන්න බෑ“ යයි ඇය කෝපයෙන් ප්‍රකාශ කලා ය.

ලබන වසරේ මැතිවරනයක් පැවැත්වුවත්, එයින් කවුරු බලයට පැමිනියත්, කම්කරු පන්තියේ වැටුප් ඇතුලු ප්‍රශ්න විසඳන බවට කිසිදු විශ්වාසයක් නොමැති බව පවසමින් ඇය මෙසේ කිවාය. “වෘත්තීය සමිති මේ අය-වැයෙන් හා ඉදිරි මැතිවරනයෙන් අපිට සහන ඉල්ලුවට කිසිවක් අපිට ලැබෙන්නේ නෑ. බලයට පත්වෙන කවර ආන්ඩුව වූවත් ජාමූඅ ප්‍රහාර තවත් තීව්‍ර කිරීම හා මර්දනය වැඩි කිරීම තමයි සිදු කරන්නේ.'

Loading