සමාජවාදී සමානතා පක්ෂය 2024 ඇමරිකානු ජනාධිපතිවරනයට තම ජනාධිපති සහ උප ජනාධිපති අපේක්ෂකයන් ලෙස ජෝශප් කිෂෝර් සහ ජෙරී වයිට් තෝරා ගනියි

මෙය 2024 පෙබරිවාරි 27 වැනි දින Socialist Equality Party selects Joseph Kishore and Jerry White as its presidential and vice presidential candidates for the 2024 US election යන මැයෙන් පල විය.

අඟහරුවාදා, ඇමරිකාවේ සමාජවාදී සමානතා පක්ෂය 2024 ජනාධිපතිවරනය සඳහා තම අපේක්ෂකයන් ලෙස ජෝශප් කිෂෝර් සහ ජෙරී වයිට් නම් කලේ ය. කිෂෝර් ජනාධිපති අපේක්ෂකයා ලෙස ද වයිට් උප ජනාධිපති අපේක්ෂකයා ලෙස ද තරග කරනු ඇත.

සසප තම ජනාධිපතිවරන උද්ඝෝෂන වෙබ් අඩවිය වශයෙන් socialism2024.org යන වෙබ් අඩවිය ස්ථාපනය කර ඇත.

2024 ඇමරිකානු ජනාධිපතිවරනයේ සසප අපේක්ෂකයෝ: ජෝශප් කිෂෝර් සහ ජෙරී වයිට්

හතලිස් හතර වැනි වියේ පසුවන කිෂෝර්, 1999 සිට සසප (එජ) හි සාමාජිකයෙකි. ඔහු 2008 සසප ආරම්භක සම්මේලනයේ දී ජාතික ලේකම් ලෙස තේරී පත් ව මේ වන විට වසර 16කට ආසන්න කාලයක් එම තනතුරේ වගකීම් ඉටු කරයි. ඔහු 2020 දී ජනාධිපති අපේක්ෂකයා ලෙස සමාජවාදී සමානතා පක්ෂය නියෝජනය කලේ ය.

හැටහතර හැවිරිදි වයිට්,ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කම්කරු පුවත් කර්තෘ වේ. ජෙරී වයිට් 2008, 2012, සහ 2016 යන ජනාධිපතිවරනවල දී සසප ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කලේ ය.

සසප (එජ) ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් සසප මැතිවරන ව්‍යාපාරයේ අරමුන එය දියත් කරමින් නිකුත් කල ප්‍රකාශයකින් මෙසේ පැහැදිලි කලේ ය:

සමාජවාදී සමානතා පක්ෂය මෙම මැතිවරනයට මැදිහත් වන්නේ කම්කරු පන්තියේ දේශපාලන විඥානය ඉහල නැංවීමටයි. එනම් කම්කරු පන්තිය මුහුන දෙන කිසිදු ප්‍රශ්නයක් ධනවාදී සමාජ ක්‍රමය අවසන් කර එය සමාජවාදයෙන් විස්ථාපනය කිරීමකින් තොර ව විසඳා ගත නොහැකි ය යන අවබෝධයත් මෙම ශ්‍රේෂ්ඨ ඓතිහාසික කර්තව්‍යය සාක්ෂාත් කරගත හැක්කේ ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ බලය ලෝක ධනේශ්වර පද්ධතියට එරෙහි ඒකාබද්ධ අරගලයකට බලමුලු ගැන්වීම ඉලක්ක කරගත් ගෝලීය මූලෝපායක් අනුගමනය කිරීමෙන් පමනි යන අවබෝධයත් ඔවුන් තුල වැඩි වර්ධනය කිරීමටයි.

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

සසප මැතිවරන ව්‍යාපාරය ජාත්‍යන්තර කම්කරු පන්තිය දෙසට යොමු වනු ඇති යැයි අවධාරනය කරමින් නෝර්ත් මෙසේ සඳහන් කලේ ය:

“එක්සත් ජනපද මැතිවරනය ලෝක සිදුවීමකි. එක්සත් ජනපදයේ සිදුවන දේ ලෝකයේ සෑම රටකට ම බලපායි. එක්සත් ජනපද මැතිවරනයේ ගෝලීය බලපෑම සැලකිල්ලට ගත් කල, නොවැම්බර් මාසයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලෝකයේ සෑම පුද්ගලයෙකුට ම තිබිය යුතු ය.”

සසප “ධනපති පක්ෂවල දුෂ්ට ස්වෝත්තමවාදයට එරෙහිව සටන් කරමින්” කම්කරු පන්තිය ජාත්‍යන්තර ව ඒකාබද්ධ කිරීමට කටයුතු කරනු ඇතැ යි ඔහු තවදුරටත් මෙසේ සඳහන් කලේ ය.

ජනාධිපතිවරනයට තරඟ කිරීමෙන් “සමාජවාදී සමානතා පක්ෂය, සංගත-මූල්‍ය ආඥාදායකත්වය අවසන් කිරීම, මූල්‍ය-සංස්ථාපිත සමූහ ව්‍යාපාර මත ප්‍රජාතන්ත්‍රවාදී ව පාලිත මහජන අයිතිය පිහිටුවීම සහ දැවැන්ත මිලිටරි-කාර්මික සංකීර්නය බිඳ විසුරුවීම ඉල්ලා සිටින වැඩපිලිවෙලක් ඉදිරිපත් කරනු ඇත,” යැයි නෝර්ත් සඳහන් කලේ ය.

සමාජවාදී සමානතා පක්ෂය “පුහු වාචාල සටන් පාඨ හඬ තලමින්, නිස්සාර ප්‍රකාශ සිදු කරමින් සහ තම ක්‍රියාමාර්ගය පහලම මට්ටම්වලට ගලප්පාලමින් හුදෙක් ඡන්ද ඩැහැ ගැනීමේ යෙදී සිටින සංවිධානයක් නොවේ,” යැයි නෝර්ත් පැහැදිලි කලේ ය. එයට පටහැනි ව, සසප යනු “ඉතිහාසයේ පක්ෂයකි. එහි න්‍යායික, දේශපාලනික සහ ප්‍රායෝගික වැඩකටයුතු පදනම් වී ඇත්තේ සියවසකට වැඩි කාලයක් පුරා විහිදුනු විප්ලවවාදී අරගලයේ අතිමහත් අත්දැකීම් මතයි‍.”

ඔහු වැඩි දුරටත් මෙසේ පැවසී ය:

“1923 දී ආරම්භ කරන ලද ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ස්ටැලින්වාදයට, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට, ප්‍රතිගාමී ජාතිකවාදයට සහ මධ්‍යම පන්තික දේශපාලනයේ අනේක විධ ප්‍රවනතාවන්ට එරෙහි ව ආරක්ෂා කර වර්ධනය කර ඇති මාක්ස්වාදී සමාජවාදයේ ජාත්‍යන්තර මූලධර්ම හා ක්‍රියාමාර්ගය තුල අපගේ සම්ප්‍රදායයන් මුල් බැස ඇත.”

සසප ජනාධිපති ධූර අපේක්ෂකත්වය භාර ගනිමින් කිෂෝර් මෙසේ සඳහන් කලේ ය:

බොහෝ දුරට ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් අපේක්ෂකයින් විය හැකි, ජනාධිපති බයිඩන් සහ හිටපු ජනාධිපති ට්‍රම්ප්, ධනේශ්වර සංගත-මූල්‍ය කතිපයාධිකාරයේ කන්ඩායම් දෙකක් නියෝජනය කරති. ඔවුන් කතා කරන්නේත් පෙනී සිටින්නේත්, බිලියනපතියන්, සුපිරි ධනවත් වෝල් වීදියේ කොටස් හිමියන්, සංගත අවශ්‍යතා සහ මිලිටරි-කාර්මික සංකීර්නය සහ ඔවුන්ගේ යුද්ධය, ආඥාදායකත්වය, අසමානතාවය සහ දරිද්‍රතාවයේ වැඩපිලිවෙල වෙනුවෙනුයි. සසප අපේක්ෂකයන් ලෙස ජෙරී සහ මම ජනගහනයෙන් අතිමහත් බහුතරයක් වන කම්කරු පන්තියේ අවශ්‍යතා නියෝජනය කරමු.

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

ද්වි පක්ෂ ක්‍රමයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙ දෙනාගේ සාරාත්මක ලක්ෂන පැහැදිලි කරමින් කිෂෝර් පෙන්වා දුන්නේ “ට්‍රම්ප් තරඟ කරන්නේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නොව ඒකාධිපතියෙකු වීම සඳහා” බවයි. “රිපබ්ලිකානුවන් උත්සාහ කරන්නේ සමාජ දුක්ගැනවිලි ගසා කමින් ඒවාට හේතුව ලෙස ප්‍රතිගාමී ජාතිකවාදී හලාහල විස වගුරමින්, ලොව පුරා සිටින අපගේ පන්ති සහෝදර සහෝදරියන් පෙන්නා දී ඔවුන්ට එරෙහිව ඇමරිකානු කම්කරුවන් පිහිටුවීමටයි.”

බයිඩන් සහ ඩිමොක්‍රටිකයින් සම්බන්ධයෙන් ඔහු මෙසේ පැවසුවේය: “ඔවුන්ගේ කේන්ද්‍රීය වැඩසටහන වන්නේ යුද්ධය පුලුල් කිරීමයි. තුන්වන වසරේ පවතින, බයිඩන් විසින් උසිගැන්වූ සහ උත්සන්න කල යුක්රේනය අරභයා රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධය ද ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරක ප්‍රහාරයට බයිඩන් ගේ සහයෝගය ද ගෝලීය අධිරාජ්‍යවාදී හා මිලිටරිවාදී න්‍යාය පත්‍රයක කොටසකි. ඒ සැලසුම් මානව වර්ගයා න්‍යෂ්ටික සමූලඝාතනයක ව්‍යසනයට ඇද ගෙන යනු ඇත.”

“ඩිමොක්‍රටිකයින්ට හෝ රිපබ්ලිකානුවන්ට වැඩකරන ජනතාවට සහ තරුනයින්ට පිරිනැමීමට කිසිවක් ඇත්තේ නෑ.” යැයි කිෂෝර් ප්‍රකාශ කලේ ය. “යුද්ධය සහ ධනවතුන්ට ඇපදීම සඳහා නිමක් නැති මුදල් ලබා දෙද්දී, මිලියන ගනනක් කම්කරුවන් ඉහල යන මිල ගනන් මැද කුසට ආහාරයක් සොයා ගැනීමට අරගලයක නිරත වීමට සිදු ව ඇත.”

කම්කරුවන්ගේ අවශ්‍යතාවන් ආරක්ෂා කර ගත හැක්කේ, සමාජවාදය සඳහා වන අරගලය හා ඒකාබද්ධ වූ කම්කරු පන්තියේ කාර්මික සහ දේශපාලනික ප්‍රහාරයක් දියත් කිරීමෙන් පමනක් යැයි සඳහන් කල කිෂෝර් මෙසේ පැවසී ය:

“සමාජවාදය යනු සියල්ලන් අතරේ සැබෑ සමාජ සමානාත්මතාවයයි. ඉන් අදහස් කරන්නේ කම්කරු පන්තිය සූරා කෑම මත පදනම් වූ ආර්ථික පද්ධතිය අහෝසි කර දැමීමයි; ධනවත්ම සියයට එක සතු ව දැවැන්ත ධනය සංකේන්ද්‍රනයක් නිමවා ඇති ආර්ථික ක්‍රමයක් අහෝසි කිරීමයි. ප්‍රධාන විධායක නිලධාරීහු සහ වෝල් වීදියේ විධායකයෝ කම්කරුවා මුලු වසරක් පුරා උපයනවාට වඩා එක දිනකින් සහ ඇතැම් විට පැයකින් පවා උපයති. සමාජවාදය යනු සියලු ධනය නිපදවන, කම්කරු පන්තිය විසින් මෙහෙයවනු ලබන සමාජයකි. එහි අර්ථය වන්නේ ලෝක පරිමානයෙන් නිෂ්පාදනය මත කම්කරු පන්තියේ පාලනය ස්ථාපිත කිරීම මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ දැවැන්ත ප්‍රසාරනයක් ඇති කිරීමයි.”

සසප උප ජනාධිපති අපේක්ෂකත්වය පිලිගනිමින් වයිට් නිකුත් කල ප්‍රකාශයේ දී එක්සත් ජනපදයේ පන්ති අරගලවල ඉතිහාසය වෙත අවධානය යොමු කරමින් මෙසේ පෙන්වා දුන්නේ ය:

“ඇත්ත වශයෙන්ම, ඇමරිකානු කම්කරුවන් අතර සමාජවාදයට කිසිදාක ශ්‍රාවකත්වයක් දිනාගත නොහැකි බවට සහශ්‍ර වාරයක් අපට කියනු ඇත. මෙය මුසාවාදයකි. ඇමරිකාවේ මෙන් අන් කිසි තැනක පන්ති අරගලය පුපුරන සුලු ව නොමැත: 1860 ගනන්වල පැය අටේ වැඩ දිනයක් සඳහා වූ ව්‍යාපාරය 1894 පුල්මන් මහා වැඩ වර්ජනය හරහා හේමාර්කට් සිදු වීමත් සමග කූට ප්‍රාප්තියට පැමිනිනුනි. මෙම අරගලයට ඇමරිකානු සමාජවාදයේ ආරම්භකයා වූ ඉයුජින් ඩෙබ්ස් නායකත්වය දුන්නේ ය. 1930 ගනන්වල කාර්මික වෘත්තීය සමිති සමාජවාදී අදහස් දැරූ කම්කරුවන් විසින් මෙහෙයවනු ලැබුනි. 1960 ගනන්වල පීඩිත කලු කම්කරුවන්ගේ මහජන සිවිල් අයිතීන් ව්‍යාපාරය පැවතුනි. ඇමරිකානු කම්කරු පන්තිය වීරයන් හා දිවි පිදූවන් අපමන පිරිසකට ද ජයග්‍රහන සහ පරාජයන්ගේ අපමන ප්‍රමානයකට ද උරුමකම් කියයි.”

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

“සෑම විටම කේන්ද්‍රීය අභියෝගය වූයේ, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂවලින් සහ ඒවා ආශ්‍රිත මධ්‍යම පන්තික සංවිධානවලින් නිදහස් වීමයි. ඇමරිකානු කම්කරුවන්ට ඩෙබ්ස් සමග අපට මෙසේ පැවසීමට පුලුවන්: ‘ධනපති පක්ෂවලින් ඉවත් වන්න. ඔබ ඒවාට අයිති නෑ.’” යැයි ඔහු වැඩි දුර එකතු කලේ ය.

“ඇමරිකාව් ධනේශ්වර මැතිවරනවල සීමාවන් තුල තම ජනාධිපතිවරන ව්‍යාපාරය ගෙන යාමට සසපට බල කෙරී ඇති බව සඳහන් කරමින් ඔහු තම ප්‍රකාශය මෙසේ අවසන් කලේ ය: “සියලු ම තුන් වැනි පාර්ශ්ව විශේෂයෙන් ම සමාජවාදී පක්ෂ දකිනු අසනු ලැබීමෙන් වලක්වනු ලැබීමට කටයුතු කෙරෙයි. නමුත් අපේ මැතිවරන ව්‍යාපාරය මේ සීමාවලට එරෙහිව ගෙන යනු ලබනු ඇත. එය ජාත්‍යන්තර තලයේ ගෙන යනු ඇත, එය ඓතිහාසික අත්දැකීමේ පදනම මත ගෙන යනු ඇත, එය මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී මූලධර්ම මත එනම් අව්‍යාජ ලෝක සමාජවාදයේ වැඩපිලිවෙල මත දියත් කෙරෙනු ඇත.”

ලෝසවෙඅ පාඨකයන්ට සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපතිවරන උද්ඝෝෂනය ගැන වැඩිදුර තොරතුරු සහ එයට දායක වීම සම්බන්ධ තොරතුරු socialism2024.org යන උද්ඝෝෂන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.

Loading