සඳුදා (දෙසැම්බර් 2) විරෝධතාවයේ නිරත වූ පාසල් සංවර්ධන නිලධාරීන්ට (පාසංනි) එල්ල කල ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරය කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය දැඩි ලෙස හෙලා දකී.
මෙම විරෝධතාවයේ නියැලෙමින් සිටියදී පොලිසිය විසින් ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගත් ගුරුවරුන් හතරදෙනාට එරෙහි චෝදනා ඉවත්කර ගැනීමටත්, ඔවුන් වහා නිදහස් කිරීමටත් බල කරන ලෙස, කක්‍රිකසා කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.
අපගේ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය (කක්‍රිකසා) දුම්රිය, වරාය, තේ වතුකරයේ , ඇඟලුම් සහ සංක්රමනික කම්කරුවන් සහ ගුරුවරුන් අතර ද ගොඩනගා ඇති කම්කරු ක්‍රියාකාරී කමිටුවලින් සමන්විත වේ. කම්කරුවන්ගේ ජීවන හා සේවා කොන්දේසි මෙන්ම ප්රජතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට හා දිනා ගැනීමට ඔවුන් එකමුතුකර සටන් වැදීමට අපි ක්‍රියාකරමින් සිටිමු.
ජනතා විමුක්ති පෙරමුන ප්රමුඛ ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව විසින් යොදවන ලද පොලිසියේ මර්දනීය ක්‍රියාවන්, තම රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි ආරක්ෂා කර ගැනීම සඳහා කම්කරු පන්තියට ඇති මූලික ප්රජාතන්ත්රවාදී අයිතියට එරෙහිව එල්ල කෙරුනු ප්රහාරයකි.
අනුප්‍රාප්තික ආන්ඩු විසින් පාසංනි ලෙස නම් කර ඇතත්, ඇත්ත වශයෙන්ම, පසුගිය වසර හතර තුල රජයේ පාසල්වල ගුරුවරුන් ලෙස ඔවුහු සේවය කරති. රාජ්‍ය ගුරු සේවයේ නියැලී සිටින අයට වඩා අඩු වැටුප් ලබන ඔවුහු, රාජ්‍යයේ සූරාකෑමට ලක්ව සිටිති.
පාසංනි ගුරුවරුන් පසුගිය වසර කිහිපය තුල තනිවම හෝ අනෙකුත් කම්කරුවන් සමඟ ඒකාබද්ධව වැඩ වර්ජන සහ විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වී ඇත්තේ, අනෙකුත් ගුරුවරුන්ට හිමි අයිතිවාසිකම් ලැබෙන පරිදි ඔවුන් ගුරු සේවයට අන්තර්ග්රහනය කරන ලෙස ඉල්ලමිනි.
දෙසැම්බර් 2 වැනිදා, පැලවත්තේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඔවුහු තම ඉල්ලීම් වෙනුවෙන් උද්ඝෝෂනයක් පැවැත්වූහ. එය කැඳවා තිබුනේ පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය (පාසංනිසං) විසිනි. ජවිපෙ/ජාජබ නායකයෝ මහජනයා රවටා ඡන්දය ඩැහැගැනීම සඳහා, අනෙකුත් ජන කොටස්වලට පොරොන්දු මාලාවක් ලබා දුන් අයුරින්, බලයට පත්වීමෙන් පසු පාසංනි ගේ ප්‍රශ්න වහා විසඳන බවට පොරොන්දු වූහ.
ඔවුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙනවා වෙනුවට ආන්ඩුව කලේ, ජල ප්‍රහාරක රථවලින් සන්නද්ධ පොලිස් භටයින් සිය ගනනක් යොදවා පාසංනි උද්ඝෝෂනය මැඩපැවැත්වීමට නියෝග කිරීම යි. පොලිසිය විරෝධතාකරුවන්ට අතින්පයින් පහර දුන්නේය. පසුව ඔවුහු ගුරුවරුන් හතර දෙනෙකු අල්ලාගෙන කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට රැගෙන ගියහ.
එල්.පී.එස්. අබේවික්‍රම, එච්.වයි.එල්. පෙරේරා, කේ.එම්.ජී. කොස්වත්ත, සහ එච්.ඩබ්ලිව්.ආරච්චිගේ අත්අඩංගුවට ගත් මෙම ගුරුවරුන් වේ. ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් දෙසැම්බර් 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ
ඔවුන් කල අපරාධය කුමක්ද? ඒ, ගුරු සේවයට අන්තර්ග්රහනය කර ගන්නා ලෙස ඔවුන්ගේ යුක්තිසහගත අයිතීන් ඉල්ලා සිටීම යි. නීතිවිරෝධී රැස්වීමක කොටස්කරුවන් වීම, රථවාහන ගමනාගමනයට බාධා කිරීම සහ පොලිසියට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසිය ඔවුන්ට චෝදනා කරයි.
මෙම චෝදනාවලට අධිකරනයේ වරදකරු වුවහොත් එම ගුරුවරුන් සිවුදෙනාට වසර තුනක් දක්වා සිරදඬුවම් සහ මුදල් දඩ නියම කල හැකිය.
අපි මෙසේ ප්‍රකාශ කරමු: අත්අඩංගුවට ගත් මෙම ගුරුවරුන් සිවුදෙනා, ජනාධිපති දිසානායක ආන්ඩුව සූදානම් කරමින් තිබෙන පන්ති යුද්ධයේ පලමු ගොදුර බවට පත්ව සිටිති.
කම්කරු පන්තිය මෙම ප්‍රහාර වලට ඉඩ නොදිය යුතුය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) නිර්දය කප්පාදු වැඩපිලිවෙල තීව්ර කරන ආන්ඩුව, වැඩි කල්යන්නට මත්තෙන් ඔබට ද අත තබනු ඇත, පන්ති සහෝදර සහෝදරියන්ගේ එක් කොටසකට පහර දීම යනු අප සැමට පහර දීමකි!
*අපි කම්කරුවන්ගෙන් මෙසේ ඉල්ලා සිටිමු: මෙම ගුරුවරුන් සිවුදෙනා වහාම රිමාන්ඩ් භාරයෙන් නිදහස් කරන ලෙස ඉල්ලා හඬ නඟන්න. ඔවුන්ට එරෙහි සියලු චෝදනා ඉවත් කරගනු; ගුරුවරුන්ගේ විරෝධතාවයට එල්ල වූ පොලිස් ප්‍රහාරය හෙලා දකිමු.
*මේ සඳහා ප්‍රකාශ නිකුත් කරන ලෙසත්, පිකටින් වැනි කාර්මික ක්‍රියා සංවිධානය කරන ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
මෙම පොලිස් මෙහෙයුම සමස්ත කම්කරු පන්තියටම අනතුරු ඇඟවීමකි. ජාමූඅ කප්පාදු පියවර මුලුමනින්ම ක්‍රියාවට නැංවීමේ තම පොරොන්දුවට අභියෝගක් වන කම්කරුවන්ගේ ඕනෑම ක්‍රියාමාර්ගයක් තලා දැමීමට ජවිපෙ/ජාජබ තන්ත්රය පසුබට නොවනු ඇත.
පොලිසියේ මර්දනකාරී ක්‍රියාමාර්ගයෙන් පසු දස දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසකට නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය මධුර සේනාරත්න හමුවීමට අවසර ලැබිනි. ඔහු කලේ, පාසංනි ගැටලුව කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කරන බවට ‘පොරොන්දු වීම’ පමනි.
ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා යයි ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මන්ඩල අනු කමිටුවක් පත් කරන ලදී. ඒ සමගම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් මන්ඩලයේ සැබෑ තීන්දුව මෙසේ ප්‍රකාශයට පත්කලේය: “මෙවැනි සංකීර්න හා දීර්ඝ ප්‍රශ්නවලට ක්ෂනික විසඳුම් ලබා දීමට ආන්ඩුවට හැකියාවක් නැහැ.”
මෙය පාසංනි ගේ සාධාරන ඉල්ලීම්වලට කිසිදු විසඳුමක් නොලැබෙන බවට දුන් පනිවිඩයකි. එසේම, “මෙවැනි සංකීර්න හා දීර්ඝ ප්‍රශ්නවලට ක්ෂනික විසඳුම් ලබා දිය නොහැකි” බව පැවසීම, ආන්ඩුව සියලුම කම්කරුවන්ට දෙන පනිවිඩයකි.
මේ වනාහි, ජාමූඅ කප්පාදු ජනතාවට ඇති කරන බලපෑම ලිහිල් කරනුවස් එය සමග “නැවත සාකච්ඡා” කරන බවට, විධායක ජනාධිපති ක්‍රමය සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුලු සියලු මර්දන නීති අහෝසි කරන බවට, මහජනතාවට සුබසාධන සහ සහනාධාර සහතික කරන බවට පොරොන්දු වූ ආන්ඩුවකි.
ආර්ථික අර්බුදය හේතුවෙන් “අප එල්ලී සිටින්නේ නූලක ය... වැරදිවලට ඉඩක් නැත” යනුවෙන් දිසානායක ජනාධිපතිවරයා සිය මංගල ප්‍රතිපත්ති ප්රකාශයේදී සඳහන් කලේය. ඒ වෙනුවට, ආන්ඩුවේ අවධානය යොමු වනු ඇත්තේ “ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සහ අදාල ආර්ථික පාර්ශ්වකරුවන්ට”—එනම්, ශ්‍රී ලංකාවේ සහ ගෝලීය ප්රාග්ධනයට—“විශ්වාසය යලි තහවුරු කිරීම” යි.
එසේම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රතිඥාව ගැන ද නිහඬව සිටින දිසානායකරට පුරා සන්නද්ධ හමුදා කැඳවීම ඇතුලු එහි පුලුල් බලතල භාවිතා කරයි.
භාන්ඩාගාරයේ මුදල් නොමැති බැවින් “ලක්ෂ 13 ක් වන රාජ්‍ය සේවකයන් අවම වශයෙන් 750,000 දක්වා අඩු කිරීමට” ආන්ඩුව පියවර ගන්නා බව ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව පසුගිය සතියේ ප්‍රකාශ කලේය. එනම් රැකියා 550,000 ක් විනාශ කිරීමයි.
පුද්ගලීකරනය සහ වානිජකරනය ඇතුලුව, රාජ්‍ය ව්‍යවසායන් සිය ගනනක් ක්‍රමානුකූලව “ප්‍රතිව්‍යුහගත කිරීම” සහ අනෙකුත් ඒවා වසා දැමීම ආරම්භ කර ඇත. එවැනි ප්‍රතිව්‍යුහගත කිරීම් රාජ්‍ය ව්‍යවසායන් (රාව්‍ය) හි තවත් රැකියා සිය දහස් ගනනක් විනාශ කරනු ඇත, වැටුප් හා විශ්‍රාම වැටුප් කප්පාදු ක්‍රියාත්මක කරනු ඇත.
ආන්ඩුව විශාල විශේෂ ආර්ථික කලාප පහක් ආරම්භ කරන බව දිසානායක ප්‍රකාශ කර තිබේ. මේවා, ගෝලීය ආයෝජකයින්ගේ සහ ඔවුන්ගේ ලංකාවේ මහා ව්‍යාපාරික තැරැව්කරුවන්ගේ ලාභ ශ්‍රම වේදිකා බවට පත් වනු ඇත.
මේ සියල්ල ආන්ඩුව විසින් සූදානම් කරමින් සිටින දරුනු ප්‍රහාරවල කොටසකි. ධනේශ්වර පද්ධතිය තුල හා මෙරටට සීමාවූ ජාතික විසඳුම් නොමැත.
අපේ පැත්තෙන්, සියලු ධනේශ්වර පක්ෂවලින් සහ ධනේශ්වර ගැති වෘත්තීය සමිතිවලින් ස්වාධීනව සංවිධානය වෙමින් අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අප සූදානම් විය යුතුය. පාසංනි ගුරුවරුන්ට පහර දීම අනතුරු ඇඟවීමක් ලෙස අප විසින් සැලකිය යුතුය.
දිසානායක පාලනයට සමගාමීව, ජනතා විමුක්ති පෙරමුන සහ අනෙකුත් ධනපති පක්ෂ විසින් පාලනය කරනු ලබන සහ අනෙකුත් ස්වාධීන යයි කියා ගන්නා වෘත්තීය සමිතිවල නිලධරයන් පාසංනි ට එරෙහිව පෙල ගැසී ඇත.
ජනතා විමුක්ති පෙරමුනේ වෘත්තීය සමිතිවල ඇතැම් නිලධාරීන් මැති ඇමැතිවරුන් වී ඇත. පොලිස් නිලධාරීන්ට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය කම්කරු අමාත්‍ය සහ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ, පාසංනි ගුරුවරුන්ට චෝදනා කලේය. ඔහු කියා සිටියේ සෑම කෙනෙකුම “ආන්ඩුවට [ප්‍රශ්න විසඳීමට] කල් ලබා දිය යුතු” බවයි, මන්ද එය තේරී පත්වුනා පමනි යි ඔහු කීවේය..
ලංකා ගුරු සංගමයේ නායක ජෝසප් ස්ටැලින් තමන් ස්වාධීනව ක්‍රියාකරන බව මවා පෙන්වන නමුත්, ඔහු ජවිපෙ/ජාජබ ආන්ඩුවට පක්ෂ ය. පාසංනි ගුරුවරුන් ගුරු සේවයට අන්තර්ග්රහනය කර ගැනීමට තමන් දැඩි ලෙස විරුද්ධ වන්නේ, එය ගුරු සේවය සඳහා වන රාජ්‍ය නීති උල්ලංඝනය කරන හෙයින් බව ස්ටැලින් කියා සිටියේ ය..
කම්කරුවන්ට තම අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම වෘත්තීය සමිති නිලධරයන් මත විශ්වාසය තැබිය නොහැක. ඔබේ සේවා ස්ථානවල, කම්කරු පන්තියේ නිවහන් ප්‍රදේශවල සහ වතුකරයේ ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ එබැවිනි. වෘත්තීය සමිති නිලධරයන්ට සහ ධනපති පක්ෂවලට කිසිදු නියෝජනයක් ලබා නොදිය යුතුය.
මෙම පදනම මත, ඔබේ වින්දිත සහෝදරයින් නිදහස් කර ගැනීමටත්, ඔබේ ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කිරීමටත් අරගලය දියත් කිරීමට ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස අපි පාසංනි ගෙන් ඉල්ලා සිටිමු.
වඩාත් පුලුල්ව හා හදිසිභාවයෙන්, පහත ඉල්ලීම් මත කම්කරු පන්තියට එක්වන ලෙස කක්‍රිකසා කැඳවුම් කරයි;
ම්ලේච්ඡ ජාමූඅ වැඩසටහන එපා!
පුද්ගලීකරනය හෝ කවර හෝ ප්‍රතිව්‍යුහගත කිරීමක් එපා. ! සියලුම රාජ්‍ය ව්‍යවසායන් කම්කරුවන්ගේ ප්රජාතන්ත්රවාදී පාලනය යටතට පත් කරනු.!
විදේශ නය ආපසු ගෙවීම එපා!
අපගේ සගයන් වන්නේ අපගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන්ය. එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ, යුරෝපය පුරා, ඕස්ට්‍රේලියාවේ, ඉන්දියාවේ සහ වඩාත් පුලුල්ව, සංගතවල සහ ආන්ඩුවල ප්‍රහාරවලින් තම අයිතීන් ආරක්ෂා කර ගැනීමට කම්කරුවන් අරගලයට පැමින ඇත.
මෙම අරගලයේ දී මෙසේ ක්‍රියා කරන ලෙස අපි ඔබ උනන්දු කර සිටින්නෙමු: ලංකාවේ කම්කරුවන් ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව ගොඩනගා ගත යුතුය ! මෙය සාක්ෂාත් කර ගත හැක්කේ, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) සමඟ සම්බන්ධ වීමෙනි,
ඔබේ සේවා ස්ථානවල ක්‍රියාකාරී කමිටු පිහිටුවීම සඳහා ඔබට සහාය වීමට කක්‍රිකසා සූදානමින් සිටී.
අප හා සම්බන්ධ වීමට:
දුරකථන අංකය: 0773562327
WhatsApp අංකය 0773562327
ඊමේල් ලිපිනය: