සමාජවාදී සමානතා පක්ෂය (සසප), සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සමග එක්ව,“එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ මැතිවරන: කම්කරු පන්තියට දේශපාලන පාඩම්” යන මැයෙන්, දෙසැම්බර් 7 දා ප.ව. 4 ට, කොලඹ මහවැලි කේන්ද්‍රයේදී පවත්වන ප්‍රසිද්ධ රැස්වීම සඳහා, සසප/සසජාතශි සාමාජිකයෝ, කොලඹ නගරයේ සහ එය අවට පිහිටි, කම්හල්, වැඩපොල, කම්කරු නිවස්නා ප්‍රදේශ සහ විශ්වවිද්‍යාල ආශ්‍රිතව පසුගිය දින කීපය පුරා උද්ඝෝෂනයක යෙදී ගත්හ.
රැස්වීම සඳහා නිකුත් කල කැඳවුමේ සිංහල සහ දෙමල පිටපත් බෙදා හරිමින් සසප/සසජාතශි කල මෙම උද්ඝෝෂනයේදී, එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමේත්, ශ්‍රී ලංකාව තුල ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුව බලයට පැමිනීමේත් දේශපාලන ඇඟවුම් පැහැදිලි කරමින් කෙරුනු සාකච්ඡාවන්ට කම්කරුවෝ සහ තරුනයෝ උනන්දුවෙන් සහභාගි වූහ.
ගෝලීය නිෂ්පාදනය සහ ආර්ථිකය පෙරනොවූ පරිදි ඒකාග්රව පවත්නා මෙම යුගයේ, කම්කරුවන්, තරුනයන් සහ අවශේෂ පීඩිත කොටස් මුහුනදෙන සෑම සමාජ-ආර්ථික ප්‍රශ්නයක්ම ජාත්‍යන්තර ආර්ථික සහ දේශපාලනික වර්ධනයන් සමග සමීපව බැඳී පවත්නා බැවින්, එම ප්‍රශ්න වලට විසඳුම් සෙවීමේදී, ජාත්‍යන්තර වර්ධනයන් පිලිබඳ සමීප අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය බව උද්ඝෝෂකයෝ කම්කරුවන්ට සහ තරුනයන්ට පෙන්වා දුන්හ.
ගෝලීය ධනේශ්වර පද්ධතියේ කේන්ද්‍රය වන, එත්සත් ජනපදයේ දේශපාලන වර්ධනයන් පිලිබඳ අවබෝධය මේ අතරින් අතිමූලික බවත්, එක්සත් ජනපද ජනාධිපතිවරනයෙන් ෆැසිස්ට්වාදී ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමේ දේශපාලන පාඩම් උකහා ගැනීම වැදගත් වන්නේ මේ අර්ථයෙන් බවත්, මෙහිදී තවදුරටත් පැහැදිලි කෙරුනි.
කොලඹ මහජන බැංකු මූලස්ථානයේ සේවයේ නියුතු කම්කරුවෙකු සාකච්ඡාවට එකතු වෙමින් පැවසුවේ, ඇමරිකානු ජනාධිපතිවරනයෙන් ට්‍රම්ප් තේරී පත්වුව ද, වත්මන් ජනාධිපති ජෝ බයිඩන්, ගාසාවේ ජන සංහාරයට දෙන සහයෝගය සහ යුක්රේනය අරබයා රුසියාවට එරෙහිව නැටෝ බලයන් ගෙනයන යුද්ධයේදී එක්සත් ජනපදය ඉටු කරන භූමිකාවේ ද වෙනසක් ඇතිවිය නොහැකි බවයි.
ඔහු මෙසේ සඳහන් කලේය: “මම හිතන්නේ ට්‍රම්ප්ගේ යුද ප්‍රතිපත්ති බයිඩන්ගෙන් වෙනස් වෙන්නේ නැහැ........තවමත් යුක්රේනය පැත්තෙන් රුසියාවට විරුද්ධවත්, ඊශ්‍රායලය පැත්තෙන් ගාසාවට විරුද්ධවත් යුද්ධය යනවා නේද. ඔබ කියන පරිදි ට්‍රම්ප් එයට විරුද්ධව කිසිවක් කියන්නෙ නෑ.”
ට්‍රම්ප් මැතිවරන උද්ඝෝෂනයේදී මවා පෑ යුද විරෝධය හේතුවෙන් මහජනතාව තුල ඇතිව තිබෙන ව්‍යාකූලත්වයන් ගැන කතා කරමින් ඔහු මෙසේ කීවේය: “අනෙක් රටවල්වලට ඇඟිලි ගහන්නේ නැහැ කියලා ට්‍රම්ප් මැතිවරන කාලෙදි කිව්වා. ඒ නිසා හුඟක් අයගෙ අදහසක් තියෙනවා ට්‍රම්ප්ගෙ ඇඟිලි ගැසීම අඩුවෙයි කියලා. ඒ වුනත් මට හිතෙනවා මේ තත්ත්වය දිගටම යයි කියලා, මොකද ඔබ පැහැදිලි කල ආකාරයට ඇමරිකාව මුහුන දීල ඉන්න ආර්ථික අර්බුදය නිසාම ට්‍රම්ප්ට සිද්ධ වෙනව යුද්ධය ඉදිරියටම ගෙන යන්න.”
දරුනු ලෝක යුද තත්ත්වයක් ඇතිවිය හැකි බවද ඔහු පිලිගත්තේය.
තවත් මහජන බැංකු සේවකයෙක්, ශ්‍රී ලංකාව තුල මෑත දී බලයට පැමිනි ජාජබ ආන්ඩුව පිලිබඳව විවේචනාත්මකව තම කතාව ආරම්භ කලේය. “කියපු තරම් දෙයක් නැහැ. වෙඩිමල් පත්තු කරාට ප්‍රතිඵලයක් නැහැ. මමත් ඡන්දය දුන්නේ එන්පීපී (ජාජබ) එකට තමයි......ඒගොල්ලො පටන් ගනිද්දි කිව්වේ [භාන්ඩවල] මිල පාලනය කරනවා කියලා. දුප්පත් අයට පොඩි හෝ සහනයක් දෙනවා කිව්වා. ඒ වෙනුවට බඩුමිල එන්න එන්න වැඩිවෙනව. හිටපු ජනාධිපති වික්‍රමසිංහගෙ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ඒ විදියටම කෙරීගෙන යනව.”
ට්‍රම්ප් ගේ යුද විරෝධී මවාපෑම් වලින් ව්‍යාකූලත්වයට පත්ව සිටි මහජන බැංකුවේම වෙනත් සේවකයෙක් මෙසේ පැවසීය: “මම කැමතියි ට්‍රම්ප් පත් වෙච්ච එක ගැන. ට්‍රම්ප් කියන්නේ යුදවාදියෙක් නෙමෙයි. එයාගේ තියෙන්නේ ජාතිවාදී අදහස්. මම කැමතියි ඇමරිකාව අනෙක් රටවලට අත පොවන්නේ නැත්නම්.”
තමා ජනාධිපතිත්වයට පත් වූ පලමු දිනයේ සිටම, චීන ආනයනයන්ට සියයට 35 ක ද, කැනේඩ්යානු සහ මෙක්සිකානු ආනයනයන්ට සියයට 25 ක ද තීරු බද්දක් අය කරන බවට ට්‍රම්ප් පසුගිය සතියේ කල ප්‍රකාශය, ඔහු විසින් දියත් කිරීමට සූදානම් වන වෙලඳ යුද්ධයේ ගැඹුර පෙන්නුම් කරන බව සසප/සසජාතශි උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ. මෙවන් වෙලඳ යුද්ධයන් සන්නද්ධ යුද්ධයන් බවට පත්වන අයුරු ඓතිහාසික උදාහරන මගින් පෙන්වාදුන්විට ඔහු මෙසේ කීවේය: “දෙවන ලෝකයේ දී පොඩි දේවල් යුද්ධ බවට පත්වුනා. මේ වගේ වෙලඳ යුද්ධයකින් තුන්වන ලෝක යුද්ධයක් ඇතිවෙන්නත් පුලුවන්.”
ලෝක යුද්ධයක් නැවැත්වීම පිලිබඳව කෙරුනු සාකච්ඡාවේදී ඔහු මෙසේ පැවසීය: “එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේක නවත්වන්න විදියක් නැහැ. දෙවන ලෝක යුද්ධය ඉවර වෙලා ඒක පටන් ගත්තට මම හිතන්නේ නැහැ ඒගොල්ලන්ට තුන්වන ලෝක යුද්ධයක් නවත්තන්න පුලුවන් කියලා.”
එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු, ලොවපුරා යුද්ධ අවුලුවන එක්සත් ජනපදය ප්රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ උපකරනයක් බවත්, එවැන්නකින් යුද්ධය නැවැත්විය හැකිය යන අදහස සාවද්‍ය බවත් පැහැදිලි කල උද්ඝෝෂකයෝ, යුද්ධය නතරකල හැකි එකම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තිය බව පෙන්වා දුන්හ.
ඔහු මෙසේ පැවසීය: “ඒ ගැන මම හිතනවා. ලොවපුරා කම්කරුවන් ඉදිරියට ඇවිල්ලා තීරන අරගෙන එකතු වෙලා ලෝක යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නගන්න ඕන කියන අදහසට මම එකඟයි.”
විශ්වවිද්‍යාල සිසුන් මුහුනදෙන දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය ඇතුලු ශිෂ්‍ය කන්ඩායම් කීපයක්, ජාජබ ආන්ඩුවේ අගමැතිනි සහ අධ්‍යාපන ඇමතිනී හරිනි අමරසූරිය සමග පසුගිය කල සාකච්ඡාවේදී, ආන්ඩුව මුහුන දී ඇති අර්බුදය හේතුවෙන් එම ප්‍රශ්න කිසිවක් “මේ මොහොතේ” විසඳිය නොහැකි බවට ඇය කල ප්‍රකාශය හේතුවෙන් ආන්ඩුව කෙරෙහි විශ්වවිද්‍යාල සිසුන් අතර වැඩී ඇත්තේ බලගතු කෝපයකි.
කොලඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ ශිෂ්‍යාවන් කන්ඩායමක්, අමරසූරිය ගේ ප්‍රකාශය කෙරෙහි තම කෝපය පල කරමින් කියා සිටියේ, තමා මුහුන දී සිටින්නේ, කල් දැමිය නොහැකි දැවෙන ප්‍රශ්න වලට බවයි.
ඔවුන්ගෙන් දෙදෙනෙකුගේම ගම් පලාත් මොනරාගල, බදුල්ල වැනි දුර බැහැර වුව ද, දෙමාපියන්ගේ එක් අයෙකු රජයේ රැකියාවක නිරත වීම හේතුවෙන් ඔවුනට නේවාසිකාගාර පහසුකම් හිමි වී නැත. ඉන් එක් ශිෂ්‍යාවක් තම ජීවන වියදම හා පෝෂන තත්වය සම්බන්ධව මෙසේ විස්තර කලා ය: “අපි සෑම කෙනෙක්ම බෝඩින් ගාස්තුවලට විතරක් රුපියල් 9,000 ක් වැය කරනවා. උදේ දවල් කැන්ටිමේ කෑම ගන්නවා, රෑට කඩෙන් ගන්නවා. මාලු නැති කෑම එකක් රුපියල්150 ක් වෙනවා. අපිට නිසි පෝෂ්‍යදායි ආහාර වේලක් ලැබෙන්නේ නෑ”.
පවුලේ දැනට අධ්‍යාපනය ලබන සහෝදර-සහෝදරියන් නො මැති බැවින් සහ දෙමාපියන් රජයේ රැකියාවන්හි නිරත බැවින්, අවම ලෙස වියදම් පිරිමසා ගැනීමට හැකි රුපියල් 20,000 ක පමන මුදලක් තමා වෙනුවෙන් වැය කිරීමට ඔවුනට හැකි නමුත්, බොහෝ ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ගේ දෙමාපියන්ට එසේ කල නොහැකි බව ඇය ප්‍රකාශ කලා ය.
“අපි ජාතික ජන බලවේගයට ඡන්දය දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු නතර කරාවි කියල හිතාගෙන. ඒත් ඒ කොන්දේසි පෙර පරිදිම ක්‍රියාත්මක වෙනව. හොරු අල්ලීමෙන් විතරක් රටේ ප්‍රශ්න විසඳන්න බෑ. මේ විදිහට තව ඉදිරියට ගියොත් මහජනයා ආයෙත් නැගිටියි” ඇය කීවාය.
තවත් නීති පීඨ ශිෂ්‍යයෙකු වන අසංක, සසජාතශි උද්ඝෝෂකයන් සමග සාකච්ඡාවට සම්බන්ධ වී මෙසේ ප්‍රකාශ කලේ ය. “මමත් ඡන්දෙ දුන්නා තමයි ජාජබ ට. මොක ද වෙන දෙන්න කෙනෙක් නැති නිසා. නමුත් ජාමූඅ වැඩපිලිවෙල ක්‍රියාවට දමනව කියන්නේ විශාල ප්‍රහාරයක් මහජනයට එල්ල වෙනවා කියන එකයි. ජාමූඅ සමග මේ විදිහට ගනුදෙනු කරපු කිසිම රටක් ගොඩඇවිල්ල නෑ.”
'ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැතුව මොකක්ද තියෙන විසඳුම කියන එකත් ප්‍රශ්නයක්. සසප මොකක් ද ඉදිරිපත් කරන විසඳුම? යනුවෙන් අසංක ප්‍රශ්න කලේ ය.
බැංකු, මහා පරිමාන කම්හල්, දැවැන්ත වතුයායන් කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කරන, ධනපති පන්ති පාලනය රැකගනුවස් විදේශ වලින් ලබාගත් බිලියන සංඛ්‍යාත නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කරන, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් මත පාදක වූ කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වැදීම මේ සඳහා ඇති එකම විසඳුම බව උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.
අධිරාජ්‍යවාදී යුද්ධයටත්, කප්පාදුවට සහ ආඥාදායකත්වයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් මත, ලෝක කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ඉදිරි දර්ශනයක් සම්පාදනය කෙරෙන දෙසැම්බර් 07 රැස්වීමට සහභාගිවන ලෙස කල ආරාධනය ඔහු පිලි ගත්තේය.