2024 දී සිනමාව, රූපවාහිනිය සහ දේශපාලනය

[මෙය Film, television and politics in 2024 යන මැයෙන් 2024 දෙසැම්බර් 31 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

2024 සිදුවීම් බහුල වසරක් වූ අතර, ඊටත් වඩා සිදුවීම් බහුල වසරක් පැමිනීමට නියමිත ය. න්‍යෂ්ටික සන්නද්ධ බලවතෙකු වන රුසියාවට එරෙහි ව යුද්ධය සඳහා කොන්දේසි නිර්මානය කිරීම අරමුනු කරගත් තම නිර්දය ප්‍රකෝප කිරීම් සහ සාමාන්‍යයෙන් ගාසා තීරයේ සහ මැද පෙරදිග සිදුවෙමින් පවතින සමූහ ඝාතන සමග 2024 දී අධිරාජ්‍යවාදය තම “රතු ඉරි” මකා දැමීය. එක්සත් ජනපදයේ, ඩොනල්ඩ් ට්‍රම්ප් “ආඥාදායකත්වයක්” පොරොන්දු වෙමින් නැවත බලයට පැමිනීමට ආසන්න ය.

ඒකාධිපතිවාදයට සහ මිලිටරිවාදයට හැරීම ලෝක ජනගහනය දැඩි ලෙස අනතුරේ හෙලයි; නමුත් එය හුදකලා වී වටලනු ලැබ සිටින බව හඟින ධනේශ්වරයේ දුර්වලකම සහ බිය ද පිලිබිඹු කරයි. තීව්‍ර සමාජ ප්‍රතිගාමීත්වයත්, වඩාත් දුෂ්ට, ෆැසිස්ට් බලවේගවල දිරිගැන්වීමත්, මිය යමින් තිබෙන පද්ධතියක් විසින් ආත්මාරක්ෂාව සඳහා යොදා ගනු ලබන මංමුලා සහගත මාධ්‍යයන් වේ.

නෝ අදර් ලෑන්ඩ් චිත්‍රපටය

එක්සත් ජනපදයේ දේශපාලන ජීවිතය දැන් බොහෝ දුරට එකක් පසුපස එකක් පැමිනෙන කම්පනයන්ගෙන් සමන්විත වේ; එය දශක කිහිපයකට පෙර සිතාගත නොහැකි වූ දෙයකි. අතිශය ආත්මාර්ථකාමී, දුෂ්ට, ප්‍රජාතන්ත්‍ර-විරෝධී කොටස්වල, ආර්ථික වශයෙන් සහ වෙනත් ආකාරයකින් මහජන මරනයන් හා ඛේදවාචකයන් තුලින් ලාභ ලබන අයගේ නැගීම දිරිමත් කිරීමට කොවිඩ්-19 වසංගතය දායක වී තිබේ. පාලක පන්තිය ක්‍රියා කරන්නේ ඉතාමත්ම අදූරදර්ශී ලෙස ය; එහි ක්‍රියාවන්ට කිසිදු ප්‍රතිවිපාකයක් නැතිවාක් මෙනි.

නමුත් මහජන මතය මත ඇති කරන බලපෑම ද ඇතුලු ව ඒවාට ප්‍රතිවිපාක ඇත. යුනයිටඩ් හෙල්ත්කෙයාර් හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රයන් තොම්සන් ඝාතනය කිරීම කෙරෙහි ප්‍රතිචාරය ඒ පිලිබඳ ක්ෂනික දර්ශනයක් ලබා දුන්නේය. මෙම සිද්ධිය, ලාභ ලබන සෞඛ්‍ය සේවා පද්ධතිය සහ සාමාන්‍යයෙන් විශාල සමාගම් කෙරෙහි උතුරා යන කෝපයක් අවුලුවාලී ය.

පසුගිය ශතවර්ෂයේ ඇමරිකානු සංගත ප්‍රභූවේ ප්‍රධාන ප්‍රකාශන වලින් එකක් සහ එහි කීර්තිමත් සහ අධිකාරී මූලාශ්‍රය වන හාවර්ඩ් බිස්නස් රිවීව් සඟරාවේ එක් කනස්සල්ලුසහගත ප්‍රකාශයක් විශේෂයෙන් සැලකිය යුතුය. තොම්සන් ඝාතනයට ප්‍රතිචාරය පිලිබඳ එහි ලිපියේ සඳහන් වන්නේ:

සංගතවල පාරිභෝගික, සේවක සහ මහජන කලකිරීම කෝපයක් දක්වා වර්ධනය වී ඇති බව පෙනේ. අප, ‘මම නුඹව විශ්වාස නොකරමි’ යන ලෝකයේ සිට සෙමෙන් සෙමෙන් ‘මම නුඹට වෛර කරමි’ දක්වා මාරු වී ඇති අතර, ඇමරිකානු මහජනතාවගෙන් විශාල පදාසයකට දැන් ධනවාදය සහ ධනපතියන් කෙරෙහි දැඩි එදිරිවාදීකමක් දැනේ. මෑත සංඛ්‍යාලේඛන, මෙම කැකෑරෙන කලකිරීම් උතුරා නටන කෝපයක් බවට පත්වෙමින් තිබෙන බවට සාක්ෂි දරයි. පිවු රිසර්ච් ට අනුව, ධනවාදය සෘනාත්මකව දකින ඇමරිකානුවන්ගේ ප්‍රතිශතය 2019 මැයි මාසයේ සියයට 33 සිට 2022 අගෝස්තු මාසයේදී සියයට 39 දක්වා වැඩි වී ඇති අතර, ජස්ට් කැපිටල් හි සමීක්ෂනවලින් පෙන්නුම් කරන්නේ, තරුන, දුප්පත් සහ සුදු ජාතික නොවන මිනිසුන් අපගේ වත්මන් ආර්ථික ක්‍රමය කෙරෙහි ඊටත් වඩා අඳුරු දැක්මක් ඇති බවයි. 2024 ගෝල්අප් මත විමසුමකට අනුව, ඔවුන්ට ප්‍රධාන සමාගම් කෙරෙහි 'විශාල' හෝ 'සෑහෙන තරමේ' විශ්වාසයක් ඇති බව දැන් පවසන්නේ ඇමරිකානුවන්ගෙන් සියයට 16 ක් පමනක් බව යි; එය 2001 දී සියයට 28 සිට පහත වැටී තිබේ. තවද, සංගත නායකයින් (විධායක නිලධාරීන්, අධ්‍යක්ෂවරුන් සහ කොටස් හිමියන්) සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන් සහ කම්කරුවන් අතර විශ්වාසයේ භයානක බිඳ වැටීමක් සිදුව තිබේ.

කැපී පෙනෙන ලෙස, එක්සත් ජනපදයේ වඩාත්ම කීර්තිමත් ව්‍යාපාරික සඟරාව, “ඇමරිකානු මහජනතාවගේ පුලුල් කොටසකට දැන් ධනවාදය හා ධනපතියන් කෙරෙහි දැඩි ද්වේශයක් දැනෙන” බව පිලිගනී.

පැරඩයිස් චිත්‍රපටය

වෙනස් කල යුතු දේ වෙනස් කරමින්, කම්කරු පන්තියේ චින්තනය මත පලමු ලෝක යුද්ධයේ බලපෑම පිලිබඳ ලියොන් ට්‍රොට්ස්කිගේ අදහස් සලකා බැලීම වටී.

කම්කරු පන්තියේ පෙරටුගාමීන් පෙර සිටම “න්‍යායිකව', “බලය අයිතියේ මව” බව දැන සිටියද, තවමත් එහි දේශපාලන චින්තනය තුල මුලුමනින්ම පැතිර ඇත්තේ “අවස්ථාවාදයේ, ධනේශ්වර නීතිවාදයට අනුගත වීමේ ආත්මයෙන්” බවට ඔහු තර්ක කලේය.

ට්‍රොට්ස්කි තවදුරටත් මෙසේ පවසයි:

දැන් [කම්කරුවෝ] මෙම නීතිවාදය හෙලා දැකීමට සහ ඉවත දැමීමට කරුනුවල ඉගැන්වීම් වලින් ඉගෙන ගනිමින් සිටිති. දැන් ඔවුන්ගේ මනෝවිද්‍යාවේ ස්ථිතික බලවේග, ගතික බලවේග මගින් ආදේශ කරයි. යෝධ තුවක්කුවලින් ඔවුන්ගේ ඔලුවලට පහර දෙන්නේ, බාධාවකින් ගොඩ ඒමට නොහැකි නම් එය විනාශ කල හැකි ය යන අදහසයි.… අයෝමය අවශ්‍යතාවය නම් වූ මිට මෙලවූ හස්තය දැන් ධනේශ්වර සමාජයේ සියලුම කොන්දේසිවලට, එහි නීතිවලට, සදාචාරයට, ආගමට එරෙහි ව ලෙලවමින් සිටී. [1914] අගෝස්තු 4 වන දින ජර්මානු චාන්සලර් පැවසුවේ “අවශ්‍යතාවය නීතිය නොදනී” යනුවෙනි. පාලකයින් ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙමින් වට්ටි-අම්මලාගේ භාෂාවෙන් එකිනෙකාට බොරුකාරයින් යැයි චෝදනා කර ගනිති. ආන්ඩු ඒවායේ ගරුගාම්භීර ලෙස පිලිගත් බැඳීම් ප්‍රතික්ෂේප කරයි.

ඔහු තවදුරටත් මෙසේ පවසයි:

දේශපාලන එකතැන පල්වීමේ කාල පරිච්ඡේදයක් ප්‍රකාශ කරන නීත්‍යානුකූලභාවයේ මෝහන නිද්‍රාව රැඩිකල් ලෙස සුව කරමින්, මේ සියලු තත්වයන්, කම්කරු පන්තියේ මානසික ආකල්ප තුලට ප්‍රගාඪ වෙනසක් ගෙන ආ යුතු බව පැහැදිලි නොවේ ද?

දේපල හිමි පන්තීන්ට, ඔවුන් සන්ත්‍රාසයට පත් කරන මෙම වෙනස, ඉක්මනින් ම හඳුනා ගැනීමට සිදුවනු ඇත. යුද්ධයේ පාසල හරහා ගමන් කල කම්කරු පන්තියකට, තම රට තුල පලමු බරපතල බාධාව මුනගැසුනු වහාම, බලයේ භාෂාව භාවිතා කිරීමේ අවශ්‍යතාවය දැනෙනු ඇත. ධනේශ්වර නීතියේ අන පරිදි කම්කරුවන් රඳවා තබා ගැනීමට උත්සාහ කරන විට, ‘අවශ්‍යතාව නීතිය නොදනී,’ යනුවෙන් කම්කරුවන් හඬ නගනු ඇත.

දැන්, ධනවතුන්, බැංකු සහ මහා සංගත කෙරෙහි එදිරිවාදිකම් බහුලව පවතින එක්සත් ජනපදයේ දැනටමත් පුපුරන සුලු තත්වයක් තුල, එතරම් ම පුලුල් අවිශ්වාසයකට හා වෛරයකට ලක්ව ඇති ප්‍රකෝටිපතියන්ගේ, කතිපයාධිකාරීන්ගේ ආන්ඩුවක් බව ආඩම්බරයෙන් හා නිර්ලජ්ජිතව ප්‍රකාශ කරන, එලඹෙන ජාතික ආන්ඩුවක් කරා අප තල්ලු කර තිබේ.

රිප්ලි චිත්‍රපටය

චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා මෙම සංකීර්න, කම්පන සහගත ක්‍රියාවලීන් පිලිබඳ මෙතෙක් කථා කර ඇත්තේ ඉතා දුර්වල ලෙස ය, ඉතා නොසතුටුදායක ලෙස ය. කලාකරුවන්ට ඉදිරියේදී කිරීමට බරපතල වැඩ කොටසක් තිබේ.

ඇමරිකානු චිත්‍රපට සහ රූපවාහිනී කර්මාන්තය දැවැන්ත අර්බුදයකට මුහුන දෙමින් සිටී. එක් අතකින් එයට අවශ්‍ය වන්නේ, සමාජ දේශපාලන කැලඹිලිවලින් හිස සඟවාගෙන, තම ප්‍රේක්ෂකයින් තමන් වෙත ඇද ගැනීමට ය; අනෙක් අතට, ලාභ ලබා ගැනීම සඳහා ලෝක ව්‍යාප්ත ආදායමෙන් මිලියන සිය ගනනක්, බිලියන ගනනක් පවා අවශ්‍ය වන මෙගා-ව්‍යාපෘති සඳහා වැඩි වැඩියෙන් අවධාරනයක් ලබා දීම සඳහා ආර්ථික හා තාක්ෂනික මාරුවීම්වලට එය තල්ලු කරයි. දස දහස් ගනනකට රැකියා අහිමි වී ඇති අතර ධනවාදය යටතේ සමස්ත ක්ෂේත්‍ර සඳහාම විනාශය ගෙන එන්නේයැයි කියනු ලබන කෘතිම බුද්ධිය (AI) වැනි අසාමාන්‍ය විද්‍යාත්මක දියුනුව හඳුන්වා දීමෙන් තවත් බොහෝ දෙනෙකුට තර්ජනයක් එල්ල වී ඇත.

එක් විචාරකයෙක් මෑතකදී නිරීක්ෂනය කලේ:

2024 දෙවන කාර්තුවේ නිෂ්පාදන සඳහා ඩොලර් බිලියන 11.3 ක් වියදම් කර ඇති හොලිවුඩ් චිත්‍රාගාර, 2022 එම කාල සීමාවට වඩා සියයට 20 ක පහත වැටීමක්, එනම්, කර්මාන්ත ක්‍රියාකාරකම්වල පසුබෑමක් පිලිබිඹු කරයි. ගෝලීය වශයෙන්, චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදන මට්ටම් සියයට 20 කින් පහත වැටුනු අතර, එක්සත් ජනපදය පූර්ව වැඩ වර්ජන මට්ටම්වලට වඩා තියුනු ලෙස සියයට 40 පහත වැටීමක් අත්දුටුවේය. ග්‍රේටර් ලොස් ඇන්ජලීස් ප්‍රදේශය එහි රූගත කිරීම් දින ගනන් සඳහා පස් අවුරුදු සාමාන්‍යයට සාපේක්ෂව, සියයට 36.4 ක අඩුවීමක් අත්විඳ ඇති අතර, එය ප්‍රධාන අංශවල නිෂ්පාදන මන්දගාමිත්වයේ පුලුල් බලපෑම අවධාරනය කරයි. (විනෝදාස්වාද හවුල්කරුවන්)

වරයිටි වාර්තා කරන ආකාරයට, මෙම වසරේ සමස්ත චිත්‍රපට ආදායම,

ගෝලීය වශයෙන් ඩොලර් බිලියන 30.5 දක්වා ලඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය 2023 සිට සියයට 10 ට වඩා අඩු ය; එය පූර්ව වසංගත මට්ටම් වලින් සියයට 20 කට ආසන්න වේ. චිත්‍රපට ශාලා කර්මාන්තය විශාල වශයෙන් සංස්කෘතිය මත රඳවා තබා ගැනීමේ වඩා හොඳ මිනුමක් වන ටිකටිපත් මිල දී ගැනීම් දල වශයෙන් මිලියන 800 කට ලඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඊට හාත්පසින්ම වෙනස්ව, කොවිඩ් වසංගතය චිත්‍රපට ව්‍යාපාරය උඩු යටිකුරු කිරීමට පෙර, සිනමාහල්වල සාමාන්‍යයෙන් වාර්ෂිකව ටිකට්පත් අලෙවිය බිලියන 1.3 ක් පමන විය.

ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පතේ මෑත ලිපියක්, දැනට පවතින මන්දගාමිත්වය තුල අරගල කරමින් සිටින, රූපවාහිනී සහ චිත්‍රපට පසුබිම් (තාක්ෂනික) සේවකයින්ගේ තත්වය සාරාංශගත කරයි:

ස්ට්‍රීමිං ප්ලැට්ෆෝම් සතු සබස්ක්‍රයිබ් ප්‍රමාන හැකිලෙමින් පවතියි; චිත්‍රාගාර අයවැය කප්පාදු කරමින්, රැකියා කපා හරින අතරේ, මූලාකෘතික වැඩසටහන්කරනයෙන් (original programming) දැනටමත් පසුබැස ඇත. [2023 ලේඛකයින් සහ නලුවන්ගේ] වැඩ වර්ජන, මන්දගාමී වීම ගැඹුරු කලා පමනි: ලාභ නොලබන සංවිධානයක් වන ෆිල්ම්එල්ඒ (FilmLA) ට අනුව, ලොස් ඇන්ජලීස් හි චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදනය 2024 තුන්වන කාර්තුවේ දී, පෙර වසරේ එම කාලයට වඩා සියයට 5 කින් අඩු විය.

ටයිම්ස් යෝජනා කරන්නේ “චිත්තවේගී ආතති රැල්ලක් කර්මාන්තය පුරා පැන නැගී ඇති බවයි. පසුබිම් සේවකයින් අතර සියදිවි නසාගැනීම් ගනනය කිරීම දුෂ්කර වන අතර බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ එය අඩුවෙන් වාර්තා වී ඇති බවයි. තවද, ඉහත සඳහන් කල පරිදි,

කෘතිම බුද්ධිය සහ අතථ්‍ය නිෂ්පාදනයේ දියුනුව එම කාංසාවන් විශාල කරයි. ඩිස්නි සමාගමේ 2019 දී, ඩිජිටල් චලන චිත්‍ර රැගත් ද ලයන් කිංග් සහ චිත්‍රාගාරයෙන් මතුවට පැමිනීමට නියමිත ස්නෝ වයිට් ප්‍රතිනිර්මානය වැනි ව්‍යාපෘති වල... ඩිජිටල් පරිසරයන් සම්ප්‍රදායික කට්ටල (sets) ප්‍රතිස්ථාපනය කර, සමස්ත කාර්ය මන්ඩල අංශවල අවශ්‍යතාවය ඉවත් කරයි.

කලාත්මක බව—චිත්‍රාගාර විධායකයින්ගේ අවසාන අපේක්ෂාව—සම්බන්ධයෙන් මේ මොහොතේ ප්‍රතිඵල හීන ය. චිත්‍රපට ශාලා සුපිරි වීර කතා සහ සජීවිකරන චිත්‍රපටවලින් පිරී ඇති අතර, දශක ගනනාවකට පෙර මේවා බොහෝ දුරට ලමුන් සඳහා වන දේ ලෙස සැලකීමට ඉඩ තිබුනි.

ෆ්‍රොම් හිල්ඩ්, විත් ලව්

චිත්‍රපට නිෂ්පාදකයින් වත්මන් අර්බුදයේ සංයුක්ත ස්වභාවය සහ ඇඟවුම් හඳුනා ගනු ඇතැයි අපේක්ෂා කල නොහැකි මුත්, කලාකරුවන් තමන් තෝරා ගන්නා මාධ්‍යය කුමක් වුවද, සිදුවීම් ගැන වඩාත් බැරෑරුම් ලෙස සිතන ලෙසත්, ඔවුන්ගේ යුගයේ ස්වභාවයට වඩාත් සමීප වන ලෙසත් ඉල්ලා සිටීමට අපට අයිතියක් ඇත.

“පීක් ටීවී” හි අවසානය සහ තිර රචනය කරන ලද රූපවාහිනී කතාමාලාවල “ස්වර්නමය යුගයේ” නැගීම සහ වැටීම ගැන විවිධ අදහස් පල වී තිබේ. නිෂ්පාදනය අඩු වී ඇති අතර, අවම වශයෙන් තාවකාලිකව හෝ ගුනාත්මක භාවය අඩු වී තිබේ. නෙට්ෆ්ලික්ස් සහ අනෙකුත් විකාශන සේවා වෝල් ස්ට්‍රීට් හි පීඩනය යටතේ ලාභදායිත්වය ප්‍රමුඛස්ථානයක් බවට පත් කරගෙන ඇත; විධායකයින්ගේ ආර්ථික මංමුලා සහගත බව සහ අදූරදර්ශී බව, ඔවුන් දැනට නිකුත් කරන දෙවන සහ තෙවන මට්ටමේ “නිෂ්පාදනවලින්” වහනය වේ.

එක්සත් ජනපදයේ හෝ බ්‍රිතාන්‍ය චිත්‍රපට කර්මාන්තයේ එකදු ප්‍රධාන නිෂ්පාදනයක්වත් මේ වසරේ අපගේ ලැයිස්තුවල නැත. (වෙරේනා නීස් සහ පෝල් බොන්ඩ් 2024 ලැයිස්තු වලට දායක විය)

2024 දී එක්සත් ජනපදයේ සිනමාහල්වල (නෝ අදර් ලෑන්ඩ් තිරගත වූයේ ඉතා කෙටි කාලයකි) තිරගත වූ චිත්‍රපට:

No Other Land (Basel Adra & Rachel Szor & Hamdan Ballal & Yuval Abraham)

Disco Boy (Giacomo Abbruzzese)

The Mother of All Lies (Asmae El Moudir)

Green Border (Agnieszka Holland)

The Goat Life (Blessy Ipe Thomas)

The Apprentice (Ali Abassi)

Art College 1994 (Liu Jian)

Wicked Little Letters (Thea Sharrock)

2024 දී නැරඹීමට හැකි වූ (රූපවාහිනිය ආදී මාධ්‍යයන්ගෙන් බෙදා නොහරින ලද, චිත්‍රපට උලෙලවල දී පමනක් තිරගත වූ) චිත්‍රපට:

Paradise (Prasanna Vithanage)

To a Land Unknown (Mahdi Fleifel)

Riefenstahl (Andres Veiel)

Where Olive Trees Weep (Zaya and Maurizio Benazzo)

H2: The Occupation Lab (Idit Avrahami and Noam Sheizaf)

Julian Assange and the Dark Secrets of War (Sarah Mabrouk, Can Dündar)

Guardians of the Formula (Dragan Bjelogrlić)

Bheed (Anubhav Sinha)

From Hilde, with Love (Andreas Dresen)

Johnny & Me—A Journey Through Time with John Heartfield (Katrin Rothe)

Leonardo (Ken Burns, Sarah Burns and David McMahon)

Brother (Clement Virgo)

රූපවාහිනිය

Ripley (Steven Zaillian)

Leonardo (Ken Burns, Sarah Burns and David McMahon)

Mr Bates vs The Post Office (directed by James Strong, written by Gwyneth Hughes)

Wolf Hall: The Mirror and the Light (directed by Peter Kosminsky, written by Peter Straughan)

***

තරුන කාල් මාක්ස්

නව සියවසේ හතරෙන් එකක් (හෝ ඊට වැඩි ප්‍රමානයක්) ගෙවී ගොස් ඇත. පහත දැක්වෙන කිසිදු චිත්‍රපටයක් විශිෂ්ට කෘති ලෙස හැඳින්වීමට නොහැකි වනු ඇත, නමුත් ඒවා අතර නිසැකවම ඉතා හොඳ සහ කැපී පෙනෙන ඒවා තිබේ:

A World Not Ours (Mahdi Fleifel)

Omar (Hany Abu-Assad)

Peterloo (Mike Leigh)

Platform (Jia Zhang-ke)

Waltz With Bashir (Ari Folman)

සැලකිය යුතු වෙනත් චිත්‍රපට:

Land of Plenty (Wim Wenders)

House of Mirth (Terence Davies)

Court (Chaitanya Tamhane)

99 Homes (Ramin Bahrani)

Colonia (Florian Gallenberger)

Sami Blood (Amanda Kernell)

The Mauritanian (Kevin Macdonald)

Directions (Stephan Komandarev)

Parasite (Bong Joon Ho)

A Separation (Asghar Farhadi)

Isle of Dogs (Wes Anderson)

Waiting for the Barbarians (Ciro Guerra)

Ahed’s Knee (Nadav Lapid)

Lost Illusions (Xavier Giannoli)

Tár (Todd Field)

Oppenheimer (Christopher Nolan)

Iraqi Odyssey (Samir)

J’accuse (Roman Polanski)

The Young Karl Marx (Raoul Peck)

Lincoln (Steven Spielberg)

Free State of Jones (Gary Ross)

පීටර්ලූ

***

රිචඩ් ෆිලිප්ස්: 2024 හොඳම චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා

චිත්‍රපට

All We Imagine as Light (Payal Kapadia) – India

Paradise (Prasanna Vithanage) – Sri Lanka

Bheed (Anubhav Sinha) – India

Poor Things (Yorgos Lanthimos) – United States

The Apprentice (Ali Abassi) United States

From Hilde, with Love (Andreas Dresen) – Germany

Perfect Days (Wim Wenders) – Germany

Guardians of the Formula (Dragan Bjelogrlić) – Serbia

Coup de Chance (Woody Allen) – France

Leonora Addio (Paolo Taviani) – Italy

Io Capitano (Matteo Garrone) – Italy

The Children’s Train (Cristina Comencini) – Italy

රූපවාහිනී සහ කෙටි-කතා මාලා

Wolf Hall: The Mirror and the Light (directed by Peter Kosminsky, written by Peter Straughan) – United Kingdom

Ripley (Steven Zaillian) – United States

Deadloch (Ben Chessell, Gracie Otto, Beck Cole) – Australia

වෙයාර් ඔලිව් ට්‍රීස් වීප්
වාර්තා චිත්‍රපට

Where Olive Trees Weep (Zaya Benazzo, Maurizio Benazzo) – United States

Leonardo (Ken Burns, Sarah Burns and David McMahon) – United States

ස්ටෙෆාන් ස්ටේන්බර්ග්: 2024 දී කැපී පෙනෙන චිත්‍රපට…

2024 ආධිපත්‍යය දැරුවේ, අධිරාජ්‍යවාදී යුද්ධයේ ව්‍යාප්තිය සහ යුරෝපයේ, මැද පෙරදිග හා අප්‍රිකාවේ දේශපාලන ප්‍රතිගාමිත්වයත්, ලෝක කම්කරු පන්තියේ විරුද්ධත්වයේ ආලෝලනයත් ය.

ඔවුන්ගේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා, ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන්, ගාසා තීරයේ දිනපතා සිදු කරන කුරිරුකම්වලට එරෙහිව සිය හඬ අවදි කිරීමට නිර්භීත වූ කලාකරුවන්, චිත්‍රපට හා සංස්කෘතික සේවකයින් බිය ගන්වා වාරනය කරන අතරම, ඊශ්‍රායලයේ බටහිර-පිටුබලය ලබන ෆැසිස්ට් ආන්ඩුවට අනුකූල, උදාසීන සංගත මාධ්‍යයන් මත විශ්වාසය තබා ඇත.

ආධුනික ශිල්පියා

ඔවුන්ගේ සියොන්වාදී පීඩකයන් අතින් වසර ගනනාවක් තිස්සේ පලස්තීනුවන් අත්විඳින දුක්විඳීම් චිත්‍රනය කරන නෝ අදර් ලෑන්ඩ් චිත්‍රපටිය තැනූ ඊශ්‍රායල සහ පලස්තීනුවන් අතර සහයෝගීතාවය පලමුව නොසලකා හැරීම සහ පසුව හෙලාදැකීම සඳහා ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, හරිතයන් සහ ව්‍යාජ වම්මුන් විසින් මෙහෙයවන ලද උද්ඝෝෂනය මේ සම්බන්ධයෙන් ආදර්ශරූපී වේ.

No Other Land සහ මෙම ලැයිස්තුවේ ඇති අනෙකුත් චිත්‍රපට බොහොමයක් ලෝසවෙඅ හි සමාලෝචනය කරනු ලැබ ඇත.

2. The Apprentice

3. From Hilde, With Love

4. Riefenstahl

5. Julian Assange and the Dark Secrets of War

6. Paradise

7. Small Things Like These - මෙම චිත්‍රපටය නිරූපනය කරන්නේ, අයර්ලන්තයේ කතෝලික කන්‍යා සොහොයුරියන්ගේ අනුකම්පා විරහිත පාලන තන්ත්‍රය, ඔවුන්ගේ විවාහයෙන් පිටත උපන් දරුවන් සූරාකන සහ අපයෝජනයට ලක් කරන ආකාරයයි - අධ්‍යක්ෂනය කලේ ටිම් මීලන්ට්ස් විසිනි, තිර රචනය එන්ඩා වොල්ෂ් සහ ක්ලෙයාර් කීගන් විසිනි (දෙවැන්නාගේ නවකතාවෙන්).

වැදගත් වාර්තා චිත්‍රපට දෙකක්:

කෙන් බර්න්ස්, සාරා බර්න්ස් සහ ඩේවිඩ් මැක්මහෝන් (බීබීසී අයිප්ලේයර් හි ඇත) විසින් නිර්මිත පුනරුද කලාකරු ලියෝනාඩෝ ඩා වින්සි පිලිබඳ කැපී පෙනෙන කොටස් දෙකකින් යුත් කතා මාලාව සහ එක්සත් රාජධානියේ චැනල් 4 හි ලබා ගත හැකි Undercover: Exposing the Far Right.

අවසාන වශයෙන්, න්‍යෂ්ටික යුද්ධයේ ප්‍රතිවිපාක ගැන අනතුරු අඟවන සහ දැවෙන යථාර්ථය පිලිබඳ පැරනි චිත්‍රපටයක් සහ නව නාට්‍ය නිෂ්පාදනයක් ගැන විශේෂ සඳහනක් කල යුතු ය.

අධ්‍යක්ෂ මික් ජැක්සන් සහ ලේඛක බැරී හයින්ස් විසින් නිර්මිත ත්‍රෙඩ්ස් රූපවාහිනී චිත්‍රපටය, 1984 දී ඉතා අඩු වියදමකින් සාදන ලද්දකි. එය ඉරානයට එරෙහි ඇමරිකානු ප්‍රහාරයකින් පසු ලෝක යුද්ධය සහ න්‍යෂ්ටික විනාශය දක්වා වේගයෙන් වර්ධනය වීම නිරූපනය කරයි (බීබීසී අයිප්ලේයර් හි ඇත).

දැනට ලන්ඩනයේ වේදිකා ගත වන සහ අන් කවරදාටත් වඩා අදාල වන, ස්ටැන්ලි කුබ්‍රික්ගේ සම්භාව්‍ය ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ලව් හි පලමු රංග ශාලා නිෂ්පාදනය—මිනිස් සෞඛ්‍යයට බරපතලම අවදානම ජලයේ ෆ්ලෝරයිඩකරනය ලෙස සලකන, යුද්ධයෙන් උමතු වූ ඇමරිකානු ජෙනරාල්වරයෙකු විසින් සෝවියට් සංගමයට එරෙහි ප්‍රකෝපකාරී ප්‍රහාරයකින් පසු ඇතිවන න්‍යෂ්ටික විනාශය ගැන ය.

නූතන සිනමාවේ අර්බුදය ගැන කෙනෙකුට පැවසිය හැකි බොහෝ දේ ඇත; නමුත්, 2024 දී චිත්‍රපට සමාලෝචනය කිරීමේ දී මට පෙනී ගිය කරුනක් වන්නේ චිත්‍රපට යනු “නිෂ්පාදන” බවටත් සහ වටිනා “වෙලඳ නාමයක” කොටස් ලෙසත් අඛන්ඩව සඳහන් කිරීමත් නලු නිලියන් ද සාර්ථක “වෙලඳ නාමයක” කොටසක් වීම ගැන ආඩම්බර වන බවට ප්‍රකාශ කිරීමත් ය; මෙම කාලකන්නි “නිෂ්පාදන” බොහොමයක් බැංකු සහ හෙජ් අරමුදල් (වෘත්තීය අරමුදල් කලමනාකරුවන් විසින් මුදල් එකතු කර කලමනාකරනය කරන පුද්ගලික ආයෝජකයින්ගේ සීමිත හවුල්කාරිත්වයකි) මගින් මූල්‍යනය කරනු ලැබේ.