වසංගතය, ධනවාදයේ ගෝලීය අර්බුදය, පන්ති අරගලයේ පුනර්ජීවනය හා සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) කර්තව්‍යයෝ - දෙවන කොටස

පහත දැක්වෙන්නේ 2022 මැයි 14-16 දක්වා අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) තුන්වන ජාතික සම්මේලනය විසින් ඒකමතිකව සම්මත කරන ලද ප්‍රධාන යෝජනාවේ දෙවන කොටසයි. එහි පලමු කොටසට මෙතැනින් අවතීර්න විය හැක.

සසප කොංග්‍රසය “රාජපක්ෂ ආන්ඩුවට එරෙහි මහජන නැගිටීම හා සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ” හදිසි යෝජනාව ද සම්මත කලේය.

ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ අර්බුදය, ඒකාධිපති පාලනයක් වෙත මාරුව හා පන්ති අරගල

30. භූගෝලයේ සෑම කොනක මෙන් ම, ශ්‍රී ලංකාවේ ධනපති පන්තියේ හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ අර්බුදය ද කොවිඩ්-19 වසංගතය විසින් තියුනු ලෙස තීව්‍ර කර ඇත. සියලු‍ ප්‍රජාවන්ට අයත් කම්කරුවන්, ගම්බද දුගීන් හා තරුනයන් අතර, ඔවුන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට එරෙහි ප්‍රහාරවලට විරුද්ධ ව කෝපය වර්ධනය වෙද්දී, ධනපති ආර්ථිකය බහුවිධ ගැටලු‍ විසින් අරක්ගනු ලැබ පවතී. එක්සත් ජනපදය, ඉන්දු-පැසිෆික් කාලපය තුල සිය සගයන් මෙහෙයවාගෙන චීනයට එරෙහි ව අවුලු‍වන භූ-දේශපාලනික ප්‍රතිමල්ලතා, ශ්‍රී ලංකාවේ ප්‍රභූවෙහි දේශපාලන අර්බුදය උත්සන්න කිරීමේ ප්‍රධාන සාධකයකි.

31. පසුගිය වසරේ වසංගතය ඉස්මතු වුනු තැන් පටන්, ලංකාවට තත්ත්වය පාලනය කර ගත හැකි බවට ප්‍රකාශ දෙමින් ජාතිකවාදී පූච්චානම් දෙඩවූ රාජපක්ෂ ආන්ඩුව, එහි බලපෑම සාපරාධී ලෙස නො තකා හැරියේ ය. මාර්තු 20දා රට අගුලු‍ දැමීමට බලකෙරුන ද එක් මසකට පසුව ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය හා මහ ව්‍යාපාරිකය වෙනුවෙන් ආර්ථිකය යලි විවෘත කිරීම ආරම්භ කලේ ය. එතැන් පටන්, නව ආසාදන රැලි ඉස්මතු වූ විට, ස්වාධීන සෞඛ්‍ය විශේෂඥයන් විසින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය පියවරයන් ගන්නා ලෙස කල ඉල්ලීම් ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ, සීමිත සීමාකිරීම් පමනක් පමුනුවමිනි. ඩෙල්ටා ප්‍රභේදය ජීවිත දහස් ගනනක් බිලිගැනීම ඇරඹූ විට හා ගරා වැටුනු සෞඛ්‍ය සේවා පද්ධතිය බිඳ වැටුනු විට, අගෝස්තු 20දා සිට සති හයක අගුලු‍ දැමීමක් පැනවීමට ආන්ඩුවට සිදු විය. පසුගිය මාස දෙකේ දී පමනක් මරන සංඛ්‍යාව 9,400 සිට 13,600 දක්වා පිම්මේ ඉහල ගියේ ය. ඔක්තෝබර් 25දා වන විට, මරන ගනන 13,640ක් හා ආසාදන ගනන 536,645ක් විය. පසුගිය දශක හතර පුරා ඛාදනය වූ සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩි දියුනු කිරීමට, ආන්ඩුව කිසිදු වැදගත් පියවරක් ගත්තේ නැත. මේ වසර හා ලබන වසර සඳහා සෞඛ්‍ය සේවා අයවැය ප්‍රතිපාදන පිලිවෙලින් රුපියල් බිලියන 30කින් හා 6කින් කපා දමනු ලැබ තිබේ.

කොලඹ රෝහලේ COVID-19 වින්දිතයන්ගේ මල සිරුරු [ඡායාරූපය: WSWS] [Photo: WSWS]

32. රාජපක්ෂ අනුගමනය කලේ “රංචු ප්‍රතිශක්ති” පිලිවෙත යි. ආන්ඩුව “එක් අතකින් වෛරසය සීමා කරමින් හා අනෙක් අතින් අඛන්ඩ ආර්ථික ක්‍රියාකාරීත්වය තහවුරු කරමින්” තුලනයක යෙදෙන බවත්, “මෙම නව සාමාන්‍යයට අප සියලු‍ දෙනා අනුගත විය යුතු” බවත්, පසුගිය වසරේ දෙසැම්බරයේ රටෙහි ව්‍යාපාරික සමුලු‍වක් අමතා ඔහු කීවේ ය. මානව ජීවිතවලට ඉහලින් ලාභවලට ප්‍රමුඛතාව දීමේ පිලිවෙත අනුයමින්, පසුගිය වසරේ අප්‍රේල් මැද සිට අත්‍යවශ්‍ය නො වන සේවාවන් පවා විවෘත ව තැබීමට ආන්ඩුව පියවර ගත්තේ ය. “එක ම විසඳුම එන්නත්කරනයයි” යි ඔහු ප්‍රකාශ කලේ ය. “නව සාමාන්‍යය” සමග ජීවත් වීමට රට ඉගෙන ගත යුතු බවත්, ඔහුගේ ධුර කාලයේ ඉතිරි වසර තුන තුල ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා තමන් අසීරු පියවරයන් ගන්නා බවත්, ඔක්තෝබර් 7දා යලි වතාවක් රාජපක්ෂ ඉහල පෙලේ රාජ්‍ය නිලධාරීන්ට කීවේ ය. වයස 12ට අඩු ලමුන් ව එන්නත් කිරීමෙන් පවා තොර ව පාසල් යලි විවෘත කිරීම ඇරඹීමට ආන්ඩුව ක්‍රියා කර ඇත.

ගෝලීය මූල්‍ය කතිපයාධිකාරය හා රටෙහි මහ ව්‍යාපාරිකය විසින් අනවනු ලබා ඇති “වසංගතය සමග ජීවත් වීමේ” මෙම පිලිවෙත කම්කරු පන්තිය ප්‍රතික්ෂේප කල යුතු ය. සිය සහෝදර පක්ෂ සමග එක්ව ශ්‍රී ලංකාවේ සසප සටන් වදින්නේ, විනාශයට පවතින එක ම විසඳුම වන වසංගතය ගෝලීය පරිමානයෙන් අවසන් කිරීමේ විද්‍යාව මත පාදක පිලිවෙත සඳහායි

ගෝලීය මූල්ය කතිපයාධිකාරය හා රටෙහි මහ ව්යාපාරිකය විසින් අනවනු ලබා ඇති “වසංගතය සමග ජීවත් වීමේ” මෙම පිලිවෙත කම්කරු පන්තිය ප්රතික්ෂේප කල යුතු ය. සිය සහෝදර පක්ෂ සමග එක්ව ශ්රී ලංකාවේ සසප සටන් වදින්නේ, විනාශයට පවතින එක ම විසඳුම වන වසංගතය ගෝලීය පරිමානයෙන් අවසන් කිරීමේ විද්යාව මත පාදක පිලිවෙත සඳහායි.

33. රාජපක්ෂ 2019 නොවැම්බරයේ ජනාධිපතිවරනය ජයග්‍රහනය කලේ, ඊට පෙර පැවති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජනපද-ගැති සමගි ආන්ඩුව කෙරෙහි වූ මහජන අතෘප්තිය ගසා කමිනි. අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු යෙදී ගත් තිස් අවුරුදු දෙමල-විරෝධී යුද්ධයේ ලේවැකි අවසානය ආරක්ෂක ලේකම් ලෙස අධීක්ෂනය කල හිටපු කර්නල්වරයෙකු වන රාජපක්ෂ, ආන්තික දේශපාලන අර්බුදයක ගිලී සිටි පාලක ප්‍රභූවට, “ස්ථාවර” හා “ශක්තිමත්” ආන්ඩුවක් පොරොන්දු විය. සිය ගනනක් මරා දමමින් 2019 පාස්කු ඉරිදා දින  අයිඑස්අයිඑස් පිටුබලය ලබන ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදී කන්ඩායමක් එල්ල කල බිහිසුනු ප්‍රහාරය, රාජපක්ෂ හා ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) විසින් ඩැහැගත්තේ, “පලමුව ජාතික ආරක්ෂාව” යන ප්‍රතිගාමී උද්ඝෝෂනය දියත් කිරීම සඳහා  ය. මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයක් හා දෙමල සුලු‍තරයට එරෙහි වර්ගවාදී ප්‍රචාරයක් අවුලු‍වමින්, රාජපක්ෂ ෆැසිස්ට්වාදී සිංහල බෞද්ධ කන්ඩායම් හා මිලිටරියේ කොටස් රැලි කරගත්තේ ය. සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), නව සම සමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඇතුලු‍ “වාම” පක්ෂවල ද්‍රෝහීත්වය නිසා මැතිවරනය ජයගැනීමට රාජපක්ෂට හැකි විය. සසප පමනක් සටන් වදින ක්‍රියාමාර්ගය වන, ධනපති පාලනයට එරෙහි ව කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු‍ගැන්වීමට විරුද්ධ වෙමින්, එම පක්ෂ කලින් පැවති පාලන තන්ත්‍රයට එරෙහි සමාජ විරෝධය මැතිවරන හා විරෝධතා දේශපාලනයේ කුනු වූ රාමුව තුලට කොටුකර අපසරනය කිරීමට උදවු වූ හ.

34. රාජපක්ෂගේ ප්‍රයත්නයන් කේන්ද්‍රගත කරන ලද්දේ ජනාධිපතිගේ ආඥාදායකත්වයක් සඳහා පදනම ශක්තිමත් කර ගැනීමට ය. විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුනරත්න ආරක්ෂක ලේකම් ධුරයට පත් කිරීම ඇතුලු‍ ව, මූලික තනතුරුවලට විශ්‍රාමික හා සේවයේ සිටින ජනරාල්වරු පත් කරමින්, රාජපක්ෂ රාජ්‍ය පරිපාලනය මිලිටරීකරනය කිරීම ආරම්භ කලේ ය. ආන්ඩුවේ ව්‍යාපාර-ගැති පිලිවෙත් ක්‍රියාවට දැමීම පිනිස, කොවිඩ්-19 කාර්ය සාධක බලකාය යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා යටතේ තබනු ලැබ ඇත. පසුගිය වසරේ ඔක්තෝබරයේ දී, 1978 ව්‍යවස්ථාවේ ඒකාධිපති විධායක ජනාධිපති බලතල පුනස්ථාපනය කරමින්, පාලක ශ්‍රීලපොපෙ 20වන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව හරහා තල්ලු‍ කරගත්තේ ය. මේ වන විට, ජනාධිපතිවරයාගේ අතේ වඩා වැඩි බලතල ගොනු කරගැනීම සඳහා නව ව්‍යවස්ථාවක් සූදානම් කරනු ලැබෙමින් පවතී. මෑතදී කුප්‍රකට මුස්ලිම් විරෝධී අන්තවාදී සංවිධානයක් වන බොදුබල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ නායකත්වයෙන් රටෙහි නීති වෙනස් කිරීම සඳහා ”‍එක රටක්, එක් නීතියක්”‍ නම්වූ කාර්ය සාධක බලකායක් පිහිටුවීම වාර්ගික ප්‍රකෝපකාරිත්වයන්  ඇවිලවීම සහ ඒකාධිපතිත්වයක් දෙසට ගන්නා තවත් පියවරකි.

35. ධනවාදයේ ගැඹුරු ම ගෝලීය අර්බුදයේ බලපෑමට බඳුන් ව අවුල් ජාලයක් වී ඇති ආර්ථිකය “ගොඩදමා ගැනීම” ආන්ඩුවේ ප්‍රධාන උත්සුකය යි. 1948 නිදහසේ පටන් පෙර නුවූ විරූ ලෙස, ශ්‍රී ලංකාවේ දදේනි වර්ධන අනුපාතය 2020 දී සියයට ඍන 3.6 දක්වා පහත වැටී ඇත. අපනයන ආදායම හා විදෙස් ප්‍රේෂන පහල ගොස් තිබෙන අතර, සංචාරක කර්මාන්තය මුලු‍මනින් ම පාහේ බිඳ වැටී තිබේ. රට පවතින්නේ විදේශීය නය ගෙවීම පැහැර හැරීමක් අද්දර ය. පවත්නා නය යලි ගෙවීමට තව තවත් නය ගන්නා අතරතුර, රාජ්‍ය ආදායම් ඇදවැටීම හිලවු කිරීම සඳහා නොවැම්බර් දක්වා ගෙවී ගිය මාස 18 තුල මහ බැංකුව රුපියල් ටි්‍රලියන 2ට වැඩියෙන් මුද්‍රනය කර තිබීම, උද්ධමනය ඉහල නංවා 2020 ජනවාරියේ පටන් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව රුපියල සියයට 13කින් නිල වසයෙන් අවප්‍රමානය වීමට තුඩු දී ඇත. 2021 දී වර්ධනය දදේනියෙන් සියයට 3.3 දක්වා “ප්‍රකෘතිමත්” විය හැකි යයි පුරෝකථනය කල ලෝක බැංකුව අවිනිශ්චිතතාවන් අඛන්ඩ ව පවතින බවට ඉඟි කලේ ය.

36. මහා සංගත පිම්බීම සඳහා ආන්ඩුව පියවරයන් මාලාවක් දියත් කලේ ය. වානිජ බැංකුවල නය දීමේ ධාරිතාව ඉහල දැමීම සඳහා, එය මහ බැංකුව හරහා රුපියල් බිලියන 278ක් නිදහස් කලේ ය. මාස ගනනක් යන තෙක්, බැංකු පොලී අනුපාත සියයට 4 මට්ටමට අඩු කිරීමට ක්‍රියා කල ආන්ඩුව, තව ද ඇපවලින් තොර ව හා ආපසු නො ගෙවීමේ  වියදම රජය විසින් දරමින් නය නිකුත් කලේ ය. බදු මුක්තීන් සම්පාදනය කරමින් හා ලාභ ශ්‍රම කොන්දේසි ගැඹුරු කරන අතරතුර ලාභාංශ මාරුකිරීම්වලට අවසර දෙමින්, විදේශීය ප්‍රාග්ධනයට වැඩිමනත්    සහන නිවේදනය කෙරුනි.

37. මීට විපරීත ව, කම්කරුවන් හා දුගීන් ඇද දමනු ලැබ තිබෙන්නේ, යෝධ සමාජ අර්බුදයක් තුලට ය. ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් සියයට 68ක් පමන සේවයේ යෙදෙන්නේ, සමාජ ආරක්ෂාව රහිත අඩමාන රැකියා සහිත අවිධිමත් අංශයේ ය. මෙම කම්කරුවන්ගෙන් මිලියන 1.5ක් දරිද්‍රතාවට ඇද වැටීමේ ඉහල අන්තරායකට මුහුන දෙන බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය සොයාගෙන ඇත. බොහෝ කම්හල් තුල වැටුප් හා අතිකාල ගෙවීම කපා දමා තිබෙන්නේ, වැඩ දිනය නීත්‍යානුකූල පැය 8න් ඔබ්බට දිගු කරන අතර ය. අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස 500,000ට අධික පිරිසක් දරිද්‍රතාවට ඇද වැටී ඇතැයි ලෝක බැංකුව තක්සේරු කරන අතර, එය “2019 දී සියයට 9.2ක් වූ ඩොලර් 3.2 දරිද්‍රතා රේඛාවෙන් පහල සිටි සංඛ්යාව 2020 දී සියයට 11.7 දක්වා” ඉහල යාමට හේතු විය.

38. ආන්ඩුව කප්පාදු වැඩපිලිවෙලක නව වටයක් මුදාහැරීම අරඹා ඇත. සැප්තැම්බරයේ දී හා ඔක්තෝබරයේ දී හාල්, තිරිඟු‍ පිටි, කිරි පිටි, කෑම පිසීමට ගන්නා ගෑස් හා සිමෙන්ති මත දීර්ඝ කාලයක් පැවති පාලන මිල පද්ධතිය ඉවත් කිරීමට එය ක්‍රියා කලේ, එම භාන්ඩවල මිල ගනන් ක්ෂනිකව සියයට 10 සිට 80 දක්වා ඉහල යවමිනි. මෙය, 1977 දී එවකට දුගීන් සඳහා පැවති සීමිත සමාජ ආරක්ෂනයන් කප්පාදු කරමින් රට ගෝලීයකරනයට ඒකාග්ර කිරීම සමග ඇරඹුනු වෙලඳපොල බලවේගවලට  මිල තීරනය කිරීමට ඉඩදීමේ නව අවධියකි. වැඩකරන ජනයාගේ මූර්ත වැටුප් හා සොච්චම් ආදායම් උග්‍ර උද්ධමනයෙන් වියලා දැමීමට ඉඩහැරීමේ මෙම රුදුරු   පිලිවෙත ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කරගනිමින් ලාභ අවශ්‍යතා රැකගැනීම සඳහා ලාභ ශ්‍රම කොන්දේසි ගැඹුරු කිරීම සඳහා යොමුවී ඇත. වරාය, විදුලිය හා බලශක්ති සම්පත් වැනි මූලික අංශ තවදුරටත් පුද්ගලීකරනය කිරීම ආරම්භ කරනු ලැබ ඇත. කොලඹ වරාය අසල පිලිසැකසුම් කල ඉඩමක් මත චීන අරමුදල් යොදා ඉදිකර තිබෙන කොලඹ වරාය නගරය, රටෙහි නීති පද්ධතියෙන් මුලු‍මනින් ම පාහේ නිදහස් ය.

39. විශේෂයෙන් ම මැද පෙරදිග රටවල ඩාදිය වගුරන කම්කරුවන් ඇතුලු‍ ව, වසංගතය හේතුවෙන් ආපසු පැමිනීම තෝරා ගත් අය පැමිනීම සීමා කරමින්, සංක්‍රමනික කම්කරුවන් කෙරෙහි ද අධිකාරීන් දැක්වූයේ එම ම්ලේච්ඡ ආකල්පය ම ය. විදෙස් ප්‍රේෂන උපයා ගැනීමට මංමුලා සහගත ව ක්‍රියා කරන රාජපක්ෂ පාලනය, ඔවුන් ආපසු පැමිනීමට විරුද්ධ විය. ඒකාධිපති පාලකයන් යටතේ මෙම රටවල් තුල අනුකම්පා විරහිත ලෙස සූරාකෑමට භාජනය වන කෝටි සංඛ්‍යාත සංක්‍රමනික කම්කරුවන් අතර ශ්‍රී ලාංකිකයන් මිලියනයක් පමන සිටිති.

40. මෙම ප්‍රහාරවලට එරෙහි ව ශ්‍රී ලංකාවේ කම්කරු පන්ති ප්‍රතිරෝධයේ නව අවධියක් ඇරඹී තිබේ. එය පන්ති අරගලයෙහි ගෝලීය පුනර්ජීවනයේ ඒකාග්‍ර කොටසකි. සෞඛ්‍යය, අධ්‍යාපනය, වරාය, තැපැල් හා දුම්රිය වැනි රාජ්‍ය අංශ තුල, පසුගිය මාස දහය පුරා විරෝධතා හා වැඩ වර්ජන පුපුරා ගියේ ය. ඔක්තෝබරයේ අවසන් සතිය තෙක්, 250,000ට අධික ගුරුවරුන් වැඩි වැටුප් ඉල්ලා ඔවුන්ගේ දීර්ඝතම වැඩ වර්ජනයේ යෙදුනි. වෘත්තීය සමිති එම අරගලය පාවා දුනි. ආරක්ෂිත සේවා කොන්දේසි හා පහසුකම් ඉල්ලා, දසදහස් සංඛ්‍යාත රාජ්‍ය අංශයේ සෞඛ්‍ය කම්කරුවෝ අරගල මාලාවක නිරත වූ හ.    වැටුප් කැපීම්, අධික වැඩබර හා පොලිස් මර්දනයට විරුද්ධ ව තේ හා රබර් වතුවල කම්කරුවෝ අඛන්ඩ සටන්වල නිරත වී ඇත. අනාරක්ෂිත සේවා කොන්දේසි වලට , වැටුප් හා රැකියා කප්පාදුවට සහ වැඩ පැය ගනන් ඉහල දැමීමට විරෝධය පල කරන ඇඟලු‍ම් සේවකයන් අතර ද අතෘප්තිය වර්ධනය වෙමින් තිබේ

41. වී, එලවලු‍ හා අතිරේක භෝග අස්වනු වගාවන්ට බරපතල පහරක් එල්ල කරමින් ආන්ඩුව පැනවූ පොහොර ආනයන තහනමට එරෙහිව ශ්‍රී ලංකාවේ ගම්බද ප්‍රදේශ පුරා සැප්තැම්බරයේ සිට යෝධ විරෝධතා ව්‍යාපාරයක් පුපුරා ගොස් ඇත. ගම්බද කැලඹිල්ලෙන් පෙන්නුම් කරන්නේ, දරිද්‍රතාව හා විරැකියාව, නයබරිත කම සහ අනුප්‍රාප්තික පාලන තන්ත්‍රවල ආශීර්වාදය සහිත ව අතරමැදියන්, බැංකු හා බහු-ජාතික සංගතයන් විසින් සූරාකෑම මගින්, කාලාන්තරයක් තිස්සේ පීඩා විඳින ගම්බද ජනයා අතර ගොඩගැසී ඇති   ගැඹුරු කෝපයයි. නගර වෙත සංක්‍රමනය වූ බොහෝ තරුන ජනයාට රැකියා අහිමිව ගම්බදට යාමෙන් එම ප්‍රදේශවල තරුන විරැකියාව ඉහල ගොස් ඇත. දුගී ධීවර ප්‍රජාව ද නයබරිත කමට, අතරමැදියන් විසින් සූරාකෑමට සහ ධීවර කර්මාන්තයට බලහත්කාරයෙන් කඩා වදින බහුජාතික සංගතයන්ට මුහුන දෙති. රැකියා විරහිත කම්කරු ජනතාවක් ගම්බද ප්‍රදේශවල මතු වී තිබේ. වසංගතය මේ සියලු‍ කොටස් වල අර්බුදය තීව්‍ර කර ඇත.

2020 සැප්තැම්බර් 20 වැනි දින, ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව උඩ රතල්ල වතු කම්කරුවන් පිකට් කරමින් සිටින තේ වතු කම්කරුවන් (WSWS Media)

ගම්බද කම්කරුවන් අතර ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම--ගොවි ජනයා තම අත යටට ගැනීමට ධනපති පක්ෂ දරන උත්සාහයන් වලකා--දුගී ගොවීන් තමන් වටා රැලි කර ගනිමින් ධනපති පීඩකයන්ට විරුද්ධ සටන සඳහා කම්කරු පන්තිය වෙතට දිනාගත හැකි වන ලක්ෂ්‍යයක් වනු ඇත. ධනවාදයේ ග්‍රහනයෙන් ගම්බද දුගීන් හා පීඩිත ජනයා විමුක්ත කරගත හැකි හා සමාජවාදය සඳහා එය නිරත වන සටන තුල ඔවුන්ගේ ගැටලු‍වලට ආමන්ත්‍රනය කරන පදනම සූදානම් කල හැකි එක ම විප්ලවවාදී බලවේගය වන්නේ කම්කරු පන්තිය යි. එහෙත්, කම්කරු පන්තියට ගම්බද දුගීන් හා පීඩිතයන් සඳහා එවන් නායකත්වයක් සම්පාදනය කල හැක්කේ, ධනේශ්වරයේ සෑම කොටසකින් ම ස්වාධීන වූ දේශපාලන බලවේගයක් ලෙස නැගී සිටීමෙන් පමනි.

42. වසංගතය යනු, තම ජාත්‍යන්තර සහෝදරයන් සමග එකමුතු වන කම්කරු පන්තියේ දේශපාලන අරගලයක් හරහා පමනක් විසඳනු ලැබිය හැකි ප්‍රධාන ව්‍යසනයක් බව, මුල පටන් ම අනතුරු ඇඟවූ ශ්‍රී ලංකාවේ එක ම දේශපාලන පක්ෂය සසප යි. හජාජාක විශ්ලේෂනය මත පදනම් වූ ප්‍රකාශයක් ලෝසවෙඅ මගින් 2020 මාර්තු 21දා තරම් ඈත දී නිකුත් කරමින් සසප මෙසේ ප්‍රකාශ කර සිටියේය:   “තීව්‍ර වෙමින් පවතින ව්‍යසනය ජයගැනීමට සියලු‍ විද්‍යාත්මක හා තාක්ෂනික වත්කම්, යෝධ මූල්‍යමය සම්පත් හා සියල්ලන්ට නොමිලේ ප්‍රවේශ විය හැකි සෞඛ්‍යාරක්ෂනය සම්පාදනය කිරීම අවශ්‍ය කරයි. ජාතික දේශසීමා කපාගෙන කරන තාර්කික සැලසුමක් කල හැකි වන්නේ, ලෝක ආර්ථිකය සමාජවාදී ප්‍රතිසංවිධානය කිරීමක පදනම මත පමනකි.”      මෙම අරගලයේ කොටසක් ලෙස, ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනේ කොටසක් ලෙස ලංකාව තුල කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ සඳහා ක්‍රියාමාර්ගය සසප ඉදිරිපත් කලේ ය.

43. ආර්ථිකය යලි විවෘත කිරීමට සහ අනාරක්ෂිත කම්හල් හා වැඩපොලවලට කම්කරුවන් ලක්ෂ ගනනක් ආපසු යැවීමට විරුද්ධ ව සසප අනතුරු ඇඟවී ය. මහජන සෞඛ්‍ය සේවය වර්ධනය කිරීමට රුපියල් බිලියන ගනන් ඉල්ලා සිටි පක්ෂය, “මෙම ඉල්ලීම් සඳහා සටන් කිරීමට, වෘත්තීය සමිතිවලින් ස්වාධීන කම්හල් හා වැඩපොල ක්‍රියාකාරී කමිටු ගොඩනගන” ලෙස කම්කරුවන්ට කැඳවුම් කලේ ය (ලෝසවෙඅ, “ශ්‍රී ලංකාව: අනාරක්ෂිත වසංගත කොන්දේසි යටතේ ආපසු වැඩට යාමට විරුද්ධ වනු! රැකියා විනාශය එපා!!”, /si/articles/2021/09/19/pers-s19.html 2020 අප්‍රේල් 19). සසප අනතුරු ඇඟවීම කටුක ලෙස සනාථ කරමින්, විශේෂයෙන් ම ඇඟලු‍ම් කම්හල් ඇතුලු‍ වැඩපොලවල් කොරෝනා වෛරසය පතුරුවන තෝතැනි බවට පත්විය. වෘත්තීය සමිති සමාගම් වෙත දෙන පිටුබලය හෙලාදකිමින්, කම්හල් තුල බලහත්කාරී වැඩෙහි යෙදවීමට විරුද්ධ ව පක්ෂය අඛන්ඩ ව ගෙනගිය උද්ඝෝෂනය, කම්කරුවන්ගේ පලල් අවධානය දිනාගත්තේ ය.

43. ආර්ථිකය යලි විවෘත කිරීමට සහ අනාරක්ෂිත කම්හල් හා වැඩපොලවලට කම්කරුවන් ලක්ෂ ගනනක් ආපසු යැවීමට විරුද්ධ ව සසප අනතුරු ඇඟවී ය. මහජන සෞඛ්ය සේවය වර්ධනය කිරීමට රුපියල් බිලියන ගනන් ඉල්ලා සිටි පක්ෂය, “මෙම ඉල්ලීම් සඳහා සටන් කිරීමට, වෘත්තීය සමිතිවලින් ස්වාධීන කම්හල් හා වැඩපොල ක්රියාකාරී කමිටු ගොඩනගන” ලෙස කම්කරුවන්ට කැඳවුම් කලේ ය (ලෝසවෙඅ, “ශ්‍රී ලංකාව: අනාරක්ෂිත වසංගත කොන්දේසි යටතේ ආපසු වැඩට යාමට විරුද්ධ වනු! රැකියා විනාශය එපා!!” 2020 අප්රේල් 19). සසප අනතුරු ඇඟවීම කටුක ලෙස සනාථ කරමින්, විශේෂයෙන් ම ඇඟලුම් කම්හල් ඇතුලු වැඩපොලවල් කොරෝනා වෛරසය පතුරුවන තෝතැනි බවට පත්විය. සමාගම් වෙත වෘත්තීය සමිති දෙන පිටුබලය හෙලාදකිමින්, කම්හල් තුල බලහත්කාරී වැඩෙහි යෙදවීමට විරුද්ධ ව පක්ෂය අඛන්ඩ ව ගෙනගිය උද්ඝෝෂනය, කම්කරුවන්ගේ පලල් අවධානය දිනාගත්තේ ය.

44. වැඩෙන පන්ති අරගල කෙරෙහි භීතියට පත් රාජපක්ෂ පාලන තන්ත්‍රය, මැයි මාසයේ දී අත්‍යවශ්‍ය මහජන සේවා (ඊපීඑස්ඒ) පනත හා අගෝස්තුවේ දී හදිසි අවස්ථාව පැනවී ය. විෂඝෝර ඊපීඑස්ඒ පනත යටතේ, වැඩ වර්ජන ඇතුලු‍ කාර්මික ක්‍රියා තහනම් කිරීමට ආන්ඩුව පියවර ගෙන ඇත. මෙම මර්දනීය නීතිය උල්ලංඝනය කිරීම හෝ එසේ කිරීමට අනුබල දීම බරපතල දඬුවම් ලැබීමට හේතු වේ. විෂඝෝර හදිසි නීතිය පනවන ලද්දේ, ආහාර හිඟය හා ගබඩා කිරීම වැලැක්වීම හා මිල පාලනය සඳහා යන කඩතුරාව යටතේ ය. ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව සතුව හදිසි තත්ත්වය යොදාගැනීම පිලිබඳ අතීත වාර්තාවක් පවතී.    නිදහසේ පටන් ගෙවුනු වසර 73න් 40ක් පුරා හදිසි නීති පාලනයක් ගෙනයන ලද්දේ, කම්කරු අරගල තලා දැමීමට, ම්ලේච්ඡ දෙමල-විරෝධී යුද්ධය ගෙන යාමට හා ගම්බද සංහාර සඳහා ය. අතීතයේ දී මෙම නීතියට විරුද්ධ ව කම්කරු පන්තිය බලමුලු‍ගැන්වීමට ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරමින් සටන් වැදුනේ, සසප හා එහි පූර්වගාමියා වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) පමනි. ඒ හා සමාන ව, යලිත් මතුකර ඇති අන්තරායන් පැහැදිලි කරමින් සහ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන්ගේ සහයෝගය සහිත ව මර්දකාරී නීතිවලට විරුද්ධ ව සටන් කිරීමට ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරමින්    වර්තමානයේ දී මූලිකත්වය ගෙන ඇත්තේ ද සසප පමනකි. (ලෝසවෙඅ: “රාජපක්ෂගේ හදිසි නීතියට එරෙහි ව ශ්‍රී ලංකාවේ කම්කරුවන් ආරක්ෂා කරනු!”, 2021 සැප්තැම්බර් 19).

45. පාලක පක්ෂය, විරුද්ධ පක්ෂ සහ ඔවුන්ගේ සිංහල ස්වෝත්තමවාදී අත්ගෙඩි, කම්කරු පන්තිය බෙදා දුර්වල කිරීම පිනිස, දෙමල හා මුස්ලිම් සුලුතරයන්ට විරුද්ධ ව වාර්ගික උද්ඝෝෂන තීව්ර කරමින් සිටිති. ඉස්ලාමීය අන්තවාදී කන්ඩායමක් විසින් එල්ල කල 2019 පාස්කු ඉරිදා ප්රහාරය, මුස්ලිම්වරුන්ට විරුද්ධ ව අඛන්ඩ ප්රකෝපකරනයන් සඳහා යොදාගනු ලැබේ. වෛරසය පැතිරීම ගැන මුස්ලිම්වරුන්ට දොස් නගන ලද අතර, වාර්ගික ආතතීන් ඇවිලවීමට කොවිඩ්-19න් මියගිය මුස්ලිම්වරුන්ගේ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ නියෝග පනවන ලදී. විශ්රාමික රියර් අද්මිරාල්වරයෙකු වන මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර, සැප්තැම්බර් 22දා පාර්ලිමේන්තුවේ දී මෙසේ කීවේ ය: “අයිඑස්(අයිඑස්) දෘෂ්ටිවාදය පවත්නා තාක් කල්, ඕනෑ ම මුස්ලිම් තරුනයෙක් ත්රස්තවාදී ප්රහාරයක් එල්ල කල හැක.” මේ අතර, දෙමල වැසියන්ට විරුද්ධ ව “එල්ටීටීඊ (දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ) ත්රස්තවාදය යලි හිස එසවීම” පිලිබද උද්ඝෝෂනයක් ගොඩනගනු ලැබ තිබේ.

පක්ෂ නායකයන්, මානව හිමිකම් ක්රියාකාරිකයන් හා තරුන කවියෙකු වන අහ්නාෆ් ජසීම් ඇතුලු මුස්ලිම්රුවන් කිහිප සියයක් සහ දෙමල ජනමාධ්යවේදීන් කිහිප දෙනෙකු විෂඝෝර ත්රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ 2020 සිට අත්අඩංගුවට ගනු ලැබ ඇත. ශ්රී ලංකාවේ පාලක පන්තිය, 1948 පටන් එහි අර්බුදයේ සෑම අවධියක දී ම මෙම විෂකුරු වාර්ගික ආයුධය යොදාගෙන ඇති අතර, 1983 ඇරඹුනු තිස් අවුරුදු සිවිල් යුද්ධය තුලින් එය කූටප්රාප්ත කෙරුනි. ඉමහත් විනාශයක් රට තුල ඇති කරමින්, එල්ටීටීඊයට එරෙහි යුද්ධය 2009 මැයි මාසයේ දී ම්ලේච්ඡ ලෙස අවසන් විය. එතෙකුදු වුවත්, අන් කවරදාටත් වඩා පාලක පන්තියට එහි අර්බුදයේ නව අවධියේ දී වාර්ගික හලාහල විෂ අවශ්ය ය.

46. කලාපය තුල භූ-දේශපාලනික ප්රතිමල්ලවතා විසින්, රාජපක්ෂ පාලනයේ හා පාලක ප්රභූවේ දේශපාලන අර්බුදය වැඩි දියුනු කර ඇත. මෙම භූ-දේශපාලනික ආතතීන්ගේ කේන්ද්රයේ පවතින්නේ, චීනයට එරෙහි ව වොෂින්ටනයේ අඛන්ඩ තර්ජනයන් ය. එක්සත් ජනපදය හා කලාපයේ එහි සගයා වන ඉන්දියාව, ඔවුන්ගේ මූලෝපායික අවශ්යතා සමග ශ්රී ලංකාව පෙලගැසිය යුතු බවට අනවා සිටිති. ගෝඨාභය රාජපක්ෂ බෙයිජිනයෙන් ඉහල මූල්යමය සහයෝගය ලබා ගැනීමට උත්සාහ කරන තතු යටතේ, චීනයේ සගයෙකු නො වන ලෙසට වොෂින්ටනය ඔහුට අනතුරු අඟවා ඇත. ඉන්දියානු සාගර කලාපය තුල එක්සත් ජනපදයේ තර්ජනයන්ට ප්රතිප්රහාර දීමට බෙයිජිනය ක්රියාවට දමා ඇති එක් තීරුවක් එක් මාවතක් ආරම්භකත්වයේ කොටසක් ලෙස සලකන, චීන අරමුදලින් ඉදි කෙරුනු කොලඹ වරාය නගරයේ මෙහෙයුම් සිදු කිරීමට කොලඹ පාලනය සැලසුම් කරද්දී, සිවිල් යුද්ධයේ අවසන් මාස කිහිපය තුල සිදු කල යුද අපරාධ පිලිබද ප්රශ්න මතු කරමින්, මාර්තු මාසයේ දී වොෂින්ටනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (යූඑන්එච්ආර්සී) හරහා යෝජනාවක් ඉදිරිපත් කරගත්තේ ය. මෙය කොලඹ පාලනයට බෙයිජිනය සමග සබඳතා බිඳ දමන ලෙස වොෂින්ටනය යොදන පීඩනයෙහි කොටසකි.  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය යුද අපරාධවලට වගකිවයුත්තන්ට එරෙහි ව යෝජනා සමගින් ඉදිරියට යන ලෙස සාමාජික රටවලින් ඉල්ලා ඇත. 2015 දී, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට පීඩනය යෙදීමට ශ්රී ලංකාවේ යුද අපරාධ යොදාගත් එක්සත් ජනපදය, චීනයෙන් ඈත් වීමට අසමත් වූ විට ඔහු බලයෙන් ඉවත් කිරීම සඳහා තන්ත්ර-මාරු මෙහෙයුමක් ක්රියාවට දැමුවේ ය. සසප යලි යලිත් විස්තර කර ඇති පරිදි, නොගිනිය හැකි යුද අපරාධවලට වගකිව යුතු එක්සත් ජනපදය හා අනෙකුත් ප්රධාන අධිරාජ්යවාදී බලයන්ට, ශ්රී ලංකාවේ හෝ වෙනත් කිසිදු රටක ප්රජාතන්ත්රවාදී අයිතීන් කෙරෙහි උත්සුකයක් නැත. ඔවුන් ඉදිරියට දමා ඇත්තේ තමන්ගේ ම මූලෝපායික අවශ්යතාවන්ය.

වොෂින්ටනය සතුටු කිරීමට වෙර දරන කොලඹ පාලනය, කලින් ආන්ඩුව යටතේ ආරම්භ කරන ලද ආකාරයට, එක්සත් ජනපදයේ ඉන්දු-පැසිෆික් බලකාය තුලට ශ්රී ලංකාවේ මිලිටරිය ඒකාග්රකරනය දිගටම පවත්වාගෙන යයි. මෑතක දී, රාජපක්ෂ ආන්ඩුව, ප්රධාන මහා පරිමාන ක්ෂේත්රයන්හි ආයෝජනය කිරීම සඳහා එක්සත් ජනපදයට ඉඩ දී ඇත. එක්සත් ජනපදය නායකත්වයෙන් සිදු කෙරෙන චීනයට එරෙහි ආක්රමනශීලී ක්රියා ලෝක යුද්ධයේ තර්ජනය තීව්රවීම පෙන්නුම් කරයි. එය නැවැත්විය හැක්කේ ජාත්යන්තර කම්කරු පන්තියට පමනි46. කලාපය තුල භූ-දේශපාලනික ප්‍රතිමල්ලතා විසින්, රාජපක්ෂ පාලනයේ හා පාලක ප්‍රභූවේ දේශපාලන අර්බුදය වැඩි දියුනු කර ඇත. මෙම භූ-දේශපාලනික ආතතීන්ගේ කේන්ද්‍රයේ පවතින්නේ, චීනයට එරෙහි ව වොෂින්ටනයේ අඛන්ඩ තර්ජනයන් ය. එක්සත් ජනපදය හා කලාපයේ එහි සගයා වන ඉන්දියාව, ඔවුන්ගේ මූලෝපායික අවශ්‍යතා සමග ශ්‍රී ලංකාව පෙලගැසිය යුතු බවට අනවා සිටිති. ගෝඨාභය රාජපක්ෂ බෙයිජිනයෙන් ඉහල මූල්‍යමය සහයෝගය ලබා ගැනීමට උත්සාහ කරන තතු යටතේ, චීනයේ සගයෙක් නො වන ලෙසට වොෂින්ටනය ඔහුට අනතුරු අඟවා ඇත. ඉන්දියානු සාගර කලාපය තුල එක්සත් ජනපදයේ තර්ජනයන්ට ප්‍රතිප්‍රහාර දීමට බෙයිජිනය ක්‍රියාවට දමා ඇති එක් තීරුවක් එක් මාවතක් ආරම්භකත්වයේ කොටසක් ලෙස සලකන, චීන අරමුදලින් ඉදි කෙරුනු කොලඹ වරාය නගරයේ මෙහෙයුම් සිදු කිරීමට කොලඹ පාලනය සැලසුම් කරද්දී, සිවිල් යුද්ධයේ අවසන් මාස කිහිපය තුල සිදු කල යුද අපරාධ පිලිබද ප්‍රශ්න මතු කරමින්, මාර්තු මාසයේ දී වොෂින්ටනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (යූඑන්එච්ආර්සී) හරහා යෝජනාවක් ඉදිරිපත් කරගත්තේ ය. මෙය කොලඹ පාලනයට බෙයිජිනය සමග සබඳතා බිඳ දමන ලෙස වොෂින්ටනය යොදන පීඩනයෙහි කොටසකි.  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය යුද අපරාධවලට වගකිව යුත්තන්ට එරෙහි ව යෝජනා සමගින් ඉදිරියට යන ලෙස සාමාජික රටවලින් ඉල්ලා ඇත. 2015 දී, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට පීඩනය යෙදීමට ශ්‍රී ලංකාවේ යුද අපරාධ යොදාගත් එක්සත් ජනපදය, චීනයෙන් ඈත් වීමට අසමත් වූ විට ඔහු බලයෙන් ඉවත් කිරීම සඳහා තන්ත්‍ර-මාරු මෙහෙයුමක් ක්‍රියාවට දැමුවේ ය. සසප යලි යලිත් විස්තර කර ඇති පරිදි, නොගිනිය හැකි යුද අපරාධවලට වගකිව යුතු එක්සත් ජනපදය හා අනෙකුත් ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයන්ට, ශ්‍රී ලංකාවේ හෝ වෙනත් කිසිදු රටක ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙරෙහි උත්සුකයක් නැත. ඔවුන් ඉදිරියට දමා ඇත්තේ තමන්ගේ ම මූලෝපායික අවශ්‍යතාවන්ය.

වොෂින්ටනය සතුටු කිරීමට වෙර දරන කොලඹ පාලනය, කලින් ආන්ඩුව යටතේ ආරම්භ කරන ලද ආකාරයට, එක්සත් ජනපදයේ ඉන්දු-පැසිෆික් බලකාය තුලට ශ්‍රී ලංකාවේ මිලිටරිය ඒකාග්‍රකරනය දිගටම පවත්වාගෙන යයි. මෑතක දී, රාජපක්ෂ ආන්ඩුව විශාල පරිමානයේ මූලික අංශවලට ආයෝජනය කිරීම සඳහා එක්සත් ජනපදයට ඉඩ දී ඇත. එක්සත් ජනපදය නායකත්වයෙන් සිදු කෙරෙන චීනයට එරෙහි ආක්‍රමනශීලී ක්‍රියා ලෝක යුද්ධයේ තර්ජනය තීව්‍රවීම පෙන්නුම් කරයි. එය නැවැත්විය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියට පමනි.

47. වසංගතය පිලිබඳව ආන්ඩුව අනුගමනය කරන සාපරාධී පිලිවෙත, එහි ඒකාධිපති පාලනයක් දෙසට යන ගමන හා වැඩ කරන ජනයා මත ආර්ථික අර්බුදයේ බර පැටවීම ආදී ප්‍රහාර සමග ශ්‍රී ලංකාවේ විරුද්ධ පක්ෂවලට කිසිදු මූලික මතභේදයක් නැත. ආන්ඩුව පිලිබඳ ව මෙම පක්ෂ ගනන් බලා කරන සීමිත “විවේචන” එල්ල වී ඇත්තේ, නැගෙන සමාජ විරෝධය පීලි පැන්නවීමට හා මැඩලීම සඳහායි. එජාප, සමගි ජන බලවේගය (සජබ), දෙජාස, ජවිපෙ හා මුස්ලිම් පක්ෂ සහ වතු වෘත්තීය සමිති, අගමැතිවරයා පසුගිය වසරේ කැඳවූ සර්ව-පාක්ෂික රැස්වීම්වලට සහභාගි වී, කොවිඩ්-19ට ජනාධිපතිගේ ප්‍රතිචාරය අගය කල අතර ආර්ථිකය යලි විවෘත කිරීමට ඔවුන්ගේ ආධාරය හා සහයෝගය ලබා දුනි. රාජපක්ෂ පරිපාලනය මිලිටරීකරනය කිරීමට ගන්නා පියවරවලට විරුද්ධ වී නැති ඔවුහු, සුලු‍තරයන්ට එරෙහි එහි වර්ගවාදී උද්ඝෝෂනයට අභියෝග කර නැත. පාලක හා විරුද්ධ පක්ෂවල පොදු භීතිය වන්නේ, වාර්ගික රේඛා නොතකා කම්කරුවන් අතර වර්ධනය වන සමාජ කෝපය ධනපති පාලනයට අභියෝග කරනු ඇතැයි යන්න ගැනය. කොලඹ වරාය නගරය ක්‍රියාත්මකවීම ආරම්භ කල විට, වොෂින්ටනයේ අවශ්‍යතා සමග පෙල ගැසෙමින්, මෙම විරුද්ධ පක්ෂ ඔවුන්ගේ චීන-විරෝධී ආස්ථාන පෙන්නුම් කර තිබේ. සබජ හා (යම් අවස්ථාවල දී අධිරාජ්‍ය-විරෝධී පූච්චානම් දොඩවන) ජවිපෙ, “රට තුල චීන භූමිභාගයකට අවසර දීම” ගැන ආන්ඩුව විවෘත ව විවේචනය කල හ. තම ප්‍රජාතන්ත්‍රවාදී හෝ සමාජීය අභිලාෂයයන් ආරක්ෂා කරගැනීම සඳහා කිසිදු සහයෝගයක් මෙම පක්ෂ තුලින් සොයා ගැනීමට කම්කරුවන්ට නො හැක.

2006 දී යාපනයේ මුර සංචාරයේ යෙදී සිටි ශ්‍රී ලංකා සොල්දාදුවන් දෙමල මහජනතාවට එරෙහිව නැගී සිටි දශක තුනක සිවිල් ශ්‍රී ලංකාවේ සිංහල ධනේශ්වර ප්‍රභූව මධ්‍යයේ ය. (ඒපී ඡායාරූපය/එරංග ජයවර්ධන, ගොනුව)

48. එජාප හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) යන සාම්ප්‍රදායික ධනේශ්වර පක්ෂවල ඇද වැටීම තුල, ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවෙහි ඓතිහාසික අර්බුදය තියුනු ලෙස ප්‍රකාශයට පත් වී ඇත. 1948 පටන් එම පක්ෂ දෙක මාරුවෙන් මාරුවට රට පාලනය කල හ. පසුගිය මහා මැතිවරනයේ දී, එජාපයේ ජාතික ඡන්ද ප්‍රමානය යන්තම් 250,000ක් දක්වා ඇද වැටුනු අතර, එයට දිනාගත හැකි වූයේ එක් ආසනයක් පමනි. එජාපයේ බහුතර මන්ත්‍රී කන්ඩායම සජබ පිහිටුවීමට එක් වීම නිසා    පසුගිය වසරේ පෙබරවාරියේ දී එම පක්ෂය දෙකඩ විය. හිටපු ජනාධිපති සිරිසේන නායකත්වය දෙන ශ්‍රීලනිපය, මුලු‍මනින් ම වාගේ අක්‍රීය වී තිබේ. 2016 දී ශ්‍රීලනිප මන්ත්‍රී කන්ඩායමක් විසින් බිහිකල පාලක ශ්‍රීලපොපෙ සමග ශ්‍රීලනිප පෙරමුනුගත ව සිටී. ප්‍රජාතන්ත්‍ර හා සමාජීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාර ද දෙමල-විරෝධී ප්‍රජාගනවාදය හා යුද්ධය ද හේතුවෙන්, සිංහල වර්ගවාදයේ ගිලී සිටින මෙම පක්ෂ මහජනයා අතර අපකීර්තියට පත් ව තිබේ. දේශපාලන අස්ථාවරත්වය මධ්‍යයේ, පාලක ප්‍රභූවේ බහුතර කොටසක් කම්කරු පන්තිය පරාජය කිරීම සඳහා රාජපක්ෂ හා ශ්‍රීලපොපෙ වෙතට හැරී ආඥාදායක පාලනයකට සහයෝගය දෙති.

49. වසංගත අර්බුදය මධ්‍යයේ, දෙජාස, දෙමල මහජන සන්ධානය හා දෙමල ජාතික මහජන පෙරමුන ඇතුලු‍ දෙමල ධනේශ්වර ජාතිකවාදී පක්ෂ තවදුරටත් දකුනට මාරු වී ඇත. චීනයට එරෙහි වොෂින්ටනයේ මූලෝපායික කක්ෂය යටතට කොලඹ ස්ථීර ලෙස ගෙන ඒමට එය ගන්නා නව පියවරයන් සමගින් ඔවුන් පෙල ගැසී ඇත. මෙහි කොටසක් ලෙස, දෙජාස පෙරමුනේ සිටිමින්, 2021 මාර්තුවේ දී යූඑන්එච්ආර්සී වෙත එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් ඉදිරිපත් කල යෝජනාවට ඔවුන් සහයෝගය දී තිබේ.

2002 දී බිහිකරන ලද දෙජාස, වොෂින්ටනය වෙත එල්ටීටීඊය කල ආයාචනාවන්ට පිටුබලය දුන්නේ ය. මහින්ද රාජපක්ෂ ඉවත් කිරීම සඳහා, එක්සත් ජනපදයේ නායකත්වයෙන් 2015 දී ක්‍රියාවට දැමූ තන්ත්‍ර-මාරු මෙහෙයුමට සහයෝගය දීම පිනිස එජාපය සමග සහයෝගී වූ එය, 2019 දක්වා එක්සත් ජනපද-ගැති සිරිසේන-වික්‍රමසිංහ පාලන තන්ත්‍රය බලයේ තබා ගැනීම සඳහා උදවු විය. දෙජාසහි ප්‍රධාන පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ), සිංහල පාලක ප්්‍රභූවේ දෙමල-විරෝධී වාර්ගික පිලිවෙතට ප්‍රතිචාර වසයෙන් 1949 දී පිහිටුවන ලද අතර එය දෙමල ජාතිකවාදයේ ආරක්ෂකයා ලෙස පෙනී සිටියේ ය. අනුප්‍රාප්තික කොලඹ පාලන තන්ත්‍රයන් සමග බලය බෙදාගැනීමේ සැලසුම් යථාවත් කරගැනීමට උත්සාහ දැරීමේ කුනු වූ ඉතිහාසයක් එයට තිබේ. පන්ති සමගිය ප්‍රදර්ශනය කරමින්, දෙජාස, රාජපක්ෂගේ ඒකාධිපති පියවරයන්ට විරුද්ධ නො වේ. දෙමල, සිංහල හා මුස්ලිම් කම්කරුවන් ඔවුන්ගේ පන්ති අරගලවල දී පෙන්නුම් කරන වෛෂයික එකමුතුව කෙරෙහි, කොලඹ පාලන තන්ත්රය හා පාලක ප්‍රභූව මෙන් ම දෙමල පක්ෂ ද මාරාන්තික බියක් දක්වති. ඔවුන්ගේ ජාතිකවාදී දේශපාලනය යොමු වී පවතින්නේ, කොලඹ පාලන තන්ත්‍රයේ වාර්ගික ප්‍රකෝපකරනයන්ට සේවය කරමින්, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීම දෙසට ය. මේ කිසිදු දෙමල පක්ෂයක් දෙමල මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නියෝජනය නො කරන අතර, ඒ වෙනුවට දෙමල ප්‍රභූවේ අවශ්‍යතා සුරක්ෂිත කරගැනීම සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ භූ-මූලෝපායික අවශ්‍යතාවන්ට සේවය කිරීමට උත්සුකව සිටිති.

50. 2009 මැයි මාසයේ දී එල්ටීටීඊය ලත් පරාජය, ප්‍රධාන වසයෙන් මිලිටරිමය ප්‍රශ්නයක් නො ව, වෙනම රාජ්‍යයක් අටවා ගැනීම පිනිස, එක්සත් ජනපදය හා ඉන්දියාව ඇතුලු‍ ප්‍රධාන බලවතුන්ගේ සහයෝගය ලබා ගැනීමට ගනන් බැලූ, වාර්ගික සුවිශේෂිතතාවාදය මත පදනම් වූ එහි බංකොලොත් ජාතික බෙදුම්වාදී පිලිවෙතෙහි ප්‍රතිඵලයක් වූ බව සසප විස්තර කර ඇත. සිය භූ-දේශපාලනික අවශ්‍යතා සඳහා යොදාගත හැකි විට වොෂින්ටනය බෙදුම්වාදී කන්ඩායම්වලට පිටුබලය දීමට විරුද්ධ නැත. එහෙත්, එල්ටීටීඊයේ කැඳවුමට විරුද්ධ වුනු වොෂින්ටනය, එය තලා දැමීමට සහයෝගය දුන්නේ, වොෂින්ටනයේ මූලෝපායික සගයා වන ඉන්දියාව එහි බෙදුම්වාදය මගින් අස්ථාවර කරනු ඇතැයි යන භූ-දේශපාලනික ගනන් බැලීම් මත ය

51. එල්ටීටීඊය වැනි දෙමල පක්ෂවල පිලිවෙත් පදනම් වන්නේ “ස්වයං-නීර්න අයිතිය” මත යි. එල්ටීටීඊය ඍජු ව ම වෙන ම රාජ්‍යයක් තනාගැනීම සඳහා ඉල්ලා සිටිද්දී, එය පරාජය වන තෙක් එයට සහයෝගය දුන් දෙජාස හා අනෙකුත් පක්ෂ, කොලඹ පාලන තන්ත්‍රය සමග බලය විමධ්‍යගත කිරීමක් හෝ බලය බෙදාගැනීමේ සැලසුමක් දැන් ඉල්ලා සිටිති. “අභ්යන්තර ස්වයං-නීර්නය” ලෙස මෙය විස්තර කරන දෙජාස, එය එක දිගට ම ප්‍රතික්ෂේප කිරීම වෙන ම රාජ්‍යයක් සඳහා වන ඉල්ලීම හෙවත් “බාහිර ස්වයං-නීර්නය යුක්තියුක්ත” කරනු ඇතැයි අනතුරු අඟවයි. එය කවර රූපාකාරයක් ගත්ත ද එහි ස්වයං-නීර්න අයිතිය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවන්ට පිටුබලය දීම හරහා එහි සහයෝගය ලබාගැනීමට උත්සාහ කිරීම සමග බැඳී තිබේ.

එක්සත් සමාජවාදී පක්ෂය (එසප) සහ නව සම සමාජ පක්ෂය (නසසප) වැනි ශ්‍රී ලංකාවේ ව්‍යාජ-වාම පක්ෂ ද සමහර හිටපු රැඩිකල්ලු‍ ද ස්වයං-නීර්නය ඇතුලු‍ දෙමල මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට සහයෝගය දීමේ නාමයෙන්, දෙමල ධනේශ්වර පක්ෂවල මෙම අධිරාජ්‍ය-ගැති උද්ඝෝෂනයට සහයෝගය දෙති. ව්‍යාජ-වාම එසප හා නසසප, ලෙනින් ව්‍යාජ ලෙස උපුටා දක්වමින් මෙම සහයෝගය සුජාතකරනය කිරීමට උත්සාහ දරති. විශ්මයට කාරනාවක් නොවන පරිදි, දෙමල පක්ෂවලට සමාන ව, මෙම කන්ඩායම් ද ජාත්‍යන්තර ව මෙන් ම දේශීය ව අංක එකේ යුද අපරාධකාරයා හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් උල්ලංඝනය කරන්නා වන එක්සත් ජනපදයේ ව්‍යාජ මානව හිමිකම් උද්ඝෝෂනයට සහයෝගය දෙති.

52. දෙමල පක්ෂ හා මධ්‍යම පන්තික කන්ඩායම්, ඔවුන් විසින් ස්වයං-නීර්නය සේවයට කැඳවා ගැනීම දෙමල මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නියෝජනය කරතියි කියන කියාපෑම සසප ප්‍රතික්ෂේප කරයි. මෙම මධ්‍යම පන්තික කන්ඩායම්වල කියාපෑම්වලට මාක්ස්වාදය සමග කිසිදු සම්බන්ධක් නැත.1998 දී නිකුත් කරන ලද භූගෝලීයකරනය සහ ජාතන්තර කම්කරු පන්තිය නමැති කෘතිය ඇතුලු‍ ප්‍රමුඛ විශ්ලේෂන මාලාවක් තුල හජාජාක පෙන්වා දී ඇති පරිදි, නිෂ්පාදනයේ ගෝලීයකරනය සමගින් ලෝක ආර්ථිකය තුල ඇති වුනු තියුනු වෙනස්වීම්, ජාතික ව පාදිත සියලු‍ ක්‍රියාමාර්ගයන්ට වලකපා සියලු‍ ජාතිකවාදී සංවිධානයන් තවදුරටත් දකුනට තල්ලු‍ කර තිබේ. තව ද දෙවන ලෝක යුද්ධයෙන් පසුව බිහිකරන ලද මෙම “ජාතික විමුක්ති ව්‍යාපාර”, කිසිදාක සියලු‍ ජනවාර්ගික ප්‍රජාවන්ගේ එකමුතුව හා ඒවායේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිට නැත.

ඉහත සඳහන් කල ප්‍රකාශය තුල හජාජාක මෙසේ විස්තර කලේ ය: “ලෙනින් සඳහා නම්, ජාතික ස්වයං-නීර්න අයිතියට තිබුනේ එකම අර්ථයක්, එකම එක අර්ථයක්ම පමනකි. එය වනාහි වෙනම, ස්වාධීන රාජ්‍යයක් තැනීමේ අයිතිය ය. මෙම අයිතිය බොල්ශෙවික් පක්ෂය සඳහා දැරුවේ ‘නිෂේධනීය’ සන්ධාරයක් බව ඔහු යලි යලිත් අවධාරනය කලේ ය. එනම්, බොල්ශෙවික්වරුන්, මෙම අයිතිය පිලිගැනීමේ දී, ජාතික බෙදුම්වාදය තමන්ට රුචි වූ ක්‍රියාමාර්ගයක් ලෙස යෝජනා කලේ නැතැයි යන්න ය.”

ලෙනින් ඔහුගේ නිගමන උකහාගත් එම ඓතිහාසික-භෞතිකවාදී විධික්‍රමය මත ම පදනම් ව, ඓතිහාසික ව වෙනස් කාලපරිච්ඡේදයක් තුල ජාතික ස්වයං-නීර්නයෙහි අර්ථය විස්තර කිරීමට හජාජාක කටයුතු කලේ ය: “එක් සමයක ප්‍රගතිශීලී හා විප්ලවවාදී අන්තර්ගතයක් පැවති සූත්‍ර හා සටන් පාඨ තවත් කාලයක දී මුලු‍මනින් ම වෙනස් අර්ථයකින් ගැනීම මාක්ස්වාදී ව්‍යාපාරයේ ඉතිහාසයේ දී බොහෝවිට දක්නට ලැබෙන දෙයකි. ජාතික ස්වයං-නීර්නය ඉදිරිපත් කරන්නේ හරියට ම ඒ සමාන තත්ත්වයකි.

“ලෙනින් අවුරුදු අසූවකට අධික කලකට පෙර නිර්වචනය කල ආකාරයට වඩා මුලු‍මනින් ම වෙනස් අර්ථයක් අද ජාතික ස්වයං-නීර්නය විසින් දරනු ලැබේ. ස්වයං-නීර්න අයිතිය ඉදිරිපත් කර තිබෙන්නේ, මාක්ස්වාදීන් විසින් පමනක් නො වේ; එය පසුගාමී රටවල ජාතික ධනේශ්වරයන් විසින් ද අධිරාජ්‍යවාදීන් විසින් ද ඉදිරිපත් කරනු ලැබ ඇත. පලමු වන ලෝක යුද්ධයේ අවසානයේ පටන් එක් හෝ තවත් අධිරාජ්‍ය බලයන් විසින් පවත්නා ප්‍රදේශ බෙදා ගැනීම එල්ල කරගත් සැලසුම් යුක්ති සහගත කිරීම සඳහා මෙම ‘අයිතිය’ මතු කරනු ලැබ ඇත.”

53. මෙම විශ්ලේෂනය මත පදනම්ව එහි ක්‍රියමාර්ගය අභිවර්ධනය කරන ලංකාවේ එක ම පක්ෂය, විකොස හා එහි පසුප්‍රාප්තික සසප යි. ස්ථිරසාරවව යුද්ධයට විරුද්ධ වී ඇති විකොස/සසප, උතුරින් හා නැගෙනහිරින් මිලිටරිය ඉවත් කරන ලෙස ඉල්ලමින්, වාර්ගික රේඛා හරහා කම්කරුවන්ගේ ජාත්‍යන්තරවාදී හා සමාජවාදී එකමුතුව වෙනුවෙන් සටන් වැදී ඇත. දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක් හා ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා කැඳවුම් කරමින්, 1987 නොවැම්බර් 19දා “ශ්‍රී ලංකාවේ තත්ත්වය හා විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ කර්තව්‍යයෝ” යන හිසින් හජාජාක නිකුත් කල ප්‍රකාශය මත පදනම් ව, මෙම අරගලය වර්ධනය කරනු ලැබ තිබේ. ගෙවී ගිය වසර 34 තුල මෙම ඉදිරි දර්ශනය මුලු‍මනින් ම සනාථ වී ඇත.

54. ශ්‍රී ලංකාවේ පන්ති අරගලයන් පුනර්ජීවනය වීම ඉල්ලා සිටින්නේ, විශේෂයෙන් ම එහි මූලික කොටස් ඇතුලු‍  කම්කරු පන්තිය තුල සසප පදනම වර්ධනය කරගැනීම සඳහා ක්‍රමානුකූල හා ක්‍රියාකාරී දේශපාලන මැදිහත් වීමකි. මෙම අරගල වර්ධනය වන්නේ වෘත්තීය සමිතිවලට ඉහලින් හෝ ඒවාට විරුද්ධ ව ය. සිය ජාත්‍යන්තර සගයන් මෙන් ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ද රාජ්‍යයේ හා මූල්‍ය ප්‍රාග්ධනයේ මෙවලම් බවට පරිවර්තනය වී ඇත. වසංගතය විසින් ප්‍රේරනය කරන ලද සමාජ විරෝධයේ වර්ධනය හේතුවෙන් ඒවා භීතියට පත් වෙති. කොලඹ වරායේ දී, පුද්ගලීකරනයට එරෙහි කම්කරුවන්ගේ අරගලය ඉන්දියානු-විරෝධී උද්ඝෝෂනයක් බවට අපසරනය කිරීමට වර්ගවාදී කන්ඩායම් සමග ඍජු ව ඒකාබද්ධ වූ වෘත්තීය සමිති, කම්කරුවන්ගේ අරගලය දියබත් කිරීම සඳහා ආන්ඩුව සමග ගනුදෙනුවකට එලඹුන හ. වතුකරයේ දී, වැඩබර ඉහල දැමීමට, වැටුප් හා රැකියා කප්පාදුවට සහ සටන්කාමී කම්කරුවන් මැඩීමට, වෘත්තීය සමිති සමාගම් සමග ඍජු ව වැඩකරති. ආර්ථිකය යලි විවෘත කිරීමේ දී හා අනාරක්ෂිත කොන්දේසි යටතේ කම්කරුවන් ආපසු වැඩට දැක්කීමේ දී, වෘත්තීය සමිති ආන්ඩුවට සම්පූර්න පිටුබලය දුන් හ. අරගල වලක්වනු ලබන අතර රැකියා හා වැටුප් කප්පාදු කිරීම් සාකච්ඡා කිරීමට, වෘත්තීය සමිති නිලධරයෝ නිරන්තරයෙන් රාජ්‍ය නිලධාරීන් හා සමාගම්වල හාම්පුතුන් සමග එකට වාඩි වෙති. සමාජ හා ජීවන කොන්දේසි මත ප්‍රහාර, ගෝලීය අර්බුදයක් විසින් නිෂ්පන්න කරනු ලැබ, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය විසින් ප්‍රේරනය කරනු ලැබ ඇත. ධනපති පන්තියේ හා රාජ්‍යයේ මෙම ඒජන්ත සංවිධාන වෙතින් බිඳී වෙන් වීමටත්, පන්ති අරගලය වර්ධනය කිරීම සඳහා ක්‍රිකජාස ධජය යටතේ තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු වැඩපොලවල ගොඩනැගීමටත්, කම්කරුවන්ට සහයෝගය දීමට සසප තම අරගලය ගැඹුරු කල යුතු ය.

55. වසංගත අර්බුදය, ජාත්‍යන්තර සන්තතියක කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ව්‍යාජ-වාම කන්ඩායම්වල දක්ෂිනාංශික මාරුව හෙලිදරව් කර ඇත. මෙම මාරුවේ ආන්තික ප්‍රකාශනය වන්නේ නසසප යි. දක්ෂිනාංශික එජාපය සමග දශක ගනනාවක සමීප ඒකාබද්ධතාවෙන් අනතුරු ව, මෙම ව්‍යාජ-වාම කන්ඩායම පසුගිය වසරේ එජාප ලැයිස්තුවෙන් මහ මැතිවරනයට තරඟ කලේ ය. හතරවැනි ජාත්‍යන්තරයේ එක්සත් ලේකම් මන්ඩලය යන ජාත්‍යන්තර පැබ්ලෝවාදී කන්ඩායම, එහි නිල ශාඛාව වූ නසසපයේ ද්‍රෝහී දේශපාලනයට පිටුබලය දුන්නේ ය. දශක හයකට පමන ආසන්න කාලයකට පෙර, ජාත්‍යන්තර සමාජවාදී මූලධර්ම මුලු‍මනින් ම අතහැර දමා, සිරිමා බන්ඩාරනායකගේ ධනේශ්වර ආන්ඩුවට ඇතුලු‍ වූ ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප) පාවාදීම සූදානම කලේ ද පැබ්ලෝවාදීන් විසිනි. මෙම පාවා දීම 30-අවුරුදු ලේවැකි වාර්ගික යුද්ධය ඇතුලු‍ එක් ව්‍යසනයකට පසු තවෙකක් වැඩකරන ජනයා වෙත ගෙන ආවේ ය. නසසපයේ පිරිහීම මූර්තිමත් කරන්නේ, අධිරාජ්‍යවාදයේ ඒජන්තයන් ලෙස ජාත්‍යන්තර ව පැබ්ලෝවාදීන්ගේ භූමිකාව යි. (ලෝසවෙඅ, ”ව්‍යාජ-වාම හතරවන ජාත්‍යන්තරයේ බියුරෝව නසසපයේ සාමාජිකත්වය අත්හිටුවීම නිවේදනය කරයි”. 2020නොවැම්බර් 27). මෙම අපකීර්තිමත් හා පිරිහුනු පක්ෂය අත්හැර දැමීමෙන් පසු, පැබ්ලෝවාදී බියුරෝව දැන් නසසපයෙන් බිඳී ගිය කන්ඩායමක් වන වාම හඬ එහි ශ්‍රී ලංකා ශාඛාව ලෙස ලැයිස්තුගත කර ඇත. එය සංවිධානය කරනු ලබන්නේ, දැන් ධනවාදයට එරෙහි ව අරගලයට එන කම්කරුවන් හා තරුනයන් පීලි පන්නවා, ට්‍රොට්ස්කිවාදය වෙත හැරීමෙන් වැලැක්වීම සඳහා ය.   

56. ධනපති පාලනයට පක්ෂපාතීත්වය පෙන්නුම් කර ඇති ව්‍යාජ-වාම පෙසප, අන්ත-දක්ෂිනාංශික ස්වෝත්තමවාදී ෆැසිස්ට්වාදී බලවේග සමග පෙලගැසෙමින් සිටියි. වසංගතයට එරෙහි ව සටන් කිරීමට ආන්ඩුව ගනු ලබන්නේයැයි කියූ ප්‍රයත්නයන්ට “වෙනස්කම් නො තකා” සහයෝගය පුද කරන බව ප්‍රකාශ කරමින්, පෙසප පසු ගිය වසරේ අප්‍රේල් මාසයේ අගමැති මහින්ද රාජපක්ෂට ලිවී ය. ආර්ථිකය යලි විවෘත කිරීමට සහයෝගය දීමෙන් පසුව, පෙසප වෘත්තීය සමිති නායක දුමින්ද නාගමුව වසංගතය හේතුවෙන් “කම්කරුවන් මුහුන දෙන ගැටලු‍” සාකච්ඡා කිරීම සඳහා කම්කරු ඇමති මුනගැසී, ඇමතිවරයා එම ගැටලු‍ විසඳීමට සූදානම් යයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ ය. කොලඹ වරායේ කම්කරුවන්, මේ වසර මුල දී, වරායේ එක් පර්යන්තයක බහුතර කොටස් ඉන්දියානු සමාගමකට විකුනා දමමින් පුද්ගලීකරනය කිරීමට එරෙහි ව උද්ඝෝෂනයක් දියත් කල විට, පුද්ගලීකරනයට එරෙහි කම්කරුවන්ගේ අරගලය පීලි පැන්නවීම සඳහා වූ ඉන්දියානු-විරෝධී උද්ඝෝෂනයක් දියත් කිරීමට පෙසප වරාය වෘත්තීය සමිති හා සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී කන්ඩායම් සමග එක් විය.

ග්‍රීසියේ හා ස්පාඤ්ඤයේ කම්කරු පන්තිය පාවා දුන් සිරිසාවට හා පොදේමෝස් පක්ෂයට ආකර්ශනය වී සිටින පෙසප එම මාවතේම ගමන් කරයි. පසුගිය මාස කිහිපය තුල, පාලක සභාගයේ හවුල්කරුවන් වන ශ්‍රීලනිප, ලසසප හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය සමග පෙසප සාකච්ඡා ආරම්භ කලේ ය. එය විසින් පාලනය කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) සජබ සමග සාකච්ඡා කරයි. විප්ලවීය වර්ධනයන් කෙරෙහි භීතියට පත්ව සිටින පෙසප, කම්කරුවන්ට හා දුගීන්ට උගුල් ඇටවීම සඳහා ධනේශ්වර හා ධනපති-ගැති පක්ෂ සමග පලල් සන්ධානයක් වාත්තු කරගැනීමට උත්සාහ දරයි.

මතු සම්බන්ධයි.

Loading