[මෙය Eighteen months after being accused, still no trial for framed-up Sri Lankan plantation workers මැයෙන් 2022 අගෝස්තු 25 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
මස්කෙලියට ආසන්න ඕල්ටන් වත්තේ සටන්කාමී කම්කරුවන්ට එරෙහිව අටවා ඇති බොරු නඩුව මෙතෙක් විභාගයට ගෙන නොමැත. ඒ හේතුවෙන් එම කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ අනෙකුත් සමාජ අයිතීන් අහිමි කෙරී පවතී. වැටුප් හා ජීවන තත්වයන් වර්ධනය කර ගැනීම සඳහා කම්කරුවන් විසින් කාර්මික උද්ඝෝෂනයක් දියත් කිරීමෙන් අනතුරු ව පසුගිය වසර මුල දී දඩයම ආරම්භ විය.
2021 පෙබරවාරි 2 වන දින, වැඩි වැටුප් ඉල්ලා ඕල්ටන් වතු කම්කරුවන් 500 ක් පමන වැඩ නැවැත් වූ අතර, පෙබරවාරි 5 වන දින ඔවුහු තම සගයන් 150,000 ක් සමඟ වතු කම්කරුවන්ගේ එක්දින ජාතික වැඩ වර්ජනයකට සහභාගී වූහ. වතු කලමනාකාරීත්වයේ අඩන්තේට්ටම් වලට විරෝධය පල කරමින් ඕල්ටන් කම්කරුවෝ මාර්තු 22 දක්වා වැඩ වර්ජනයේ නිරත වූහ.
පෙබරවාරි 17 දා කලමනාකරු නිවාස පරිශ්‍රය අසල පැවති විරෝධතාවයක් අතරතුර කලමනාකරුට ශාරීරික ව හිරිහැර කිරීම සහ ඔහුගේ නිවසට හානි කල බවට චෝදනා කරමින්, කම්කරුවන් 22 දෙනෙක් සහ තරුනයින් දෙදෙනෙක් බොරු චෝදනා මත පොලීසිය විසින් පසු ව අත්අඩංගුවට ගනු ලැබූහ. මෙම කම්කරුවන්ට එරෙහි ව හැටන් මහේස්ත්‍රාත් අධිකරනයේ නඩුවක් ගොනු කෙරුනි.
ඒ සමගම ඕල්ටන් වතුයාය පාලනය කරන හොරන වැවිලි සමාගම, විමර්ශනයක් හෝ නොපවත්වා කම්කරුවන් 38 දෙනෙකු වහා ම සේවයෙන් පහ කලේ ය. කලමනාකරුගේ නිවස අසල පැවති විරෝධතාවකට, නම් සඳහන් නොකල කම්කරුවන් 80 දෙනෙකු සහභාගී වූ බවට සහ එහි දී ඔහුට පහර දුන් බවට ඔවුනට බොරු චෝදනා එල්ල විය. මෙම කම්කරුවන්ගෙන් 34 දෙනෙකුට තමන් සේවයෙන් පහ කල බව දන්වා ලිපි ලැබුනු අතර තවත් හතර දෙනෙකුට වැඩට නොපැමිනෙන ලෙස වාචික ව දන්වන ලදී.
පසුගිය අගෝස්තු 3 දින පැවති මහේස්ත්‍රාත් අධිකරනයේ නඩු විභාගයක දී, විත්තිකරුවන්ට එරෙහි ව නීතිපතිවරයා විසින් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර නොමැති බව පවසමින්, නඩුව ඔක්තෝබර් 12 දක්වා කල් දමන ලෙස පොලිසිය ඉල්ලා සිටියේ ය. චෝදනා ගොනු කිරීමට මාස දහඅටක ප්‍රමාදය, වතු වෘත්තීය සමිතිවල ආධාර සහ අනුබලය ඇති ව සමාගම සහ පොලිසිය විසින් නිර්මානය කරන ලද චෝදනාවල ව්‍යාජ ස්වභාවය ඉස්මතු කරයි. කලමනාකරුගේ නිවසට අලාභහානි කල බව කියන කම්කරුවන්ට එරෙහි ව නඩු පැවරීමට වතු කලමනාකාරීත්වය උනන්දු වන්නේ මෙය දැඩි දඩුවම් ලැබීමට හේතු වන බැවිනි.
පොදු දේපලවලට හානි කිරීම සම්බන්ධයෙන් වරදකරු වන ඕනෑ ම අයෙකුට වසර එකත් විස්සත් අතර සිරදඬුවම් නියම කල හැකි අතර රුපියල් 1000 ක දඩයක් හෝ දේපලවලට සිදු වූ හානියේ වටිනාකම මෙන් තුන් ගුනයක දඩයක් යන දෙකෙන් වැඩි මුදල ගෙවීමට සිදුවිය හැකි ය.
සේවයෙන් පහකිරීම් සම්බන්ධයෙන් වෘත්තීය සමිති සහ සමහර කම්කරුවන් විසින් ගොනු කර ඇති නඩු විභාග වෙනම කම්කරු අධිකරනයක අගෝස්තු 3 දින පැවැත්වීමට නියමිතව තිබුනි. මේවා සැප්තැම්බර් 27 සහ 29 දක්වා කල් දමා ඇත.
ජූනි මාසයේ දී, කම්කරු උසාවියේ තීන්දුවකින් පසුව, සේවයෙන් පහ කරන ලද කම්කරුවන් හතර දෙනෙකුට ලිපි පවා ලබා නොදී නැවත සේවයේ පිහිටුවන ලදී. කෙසේ වෙතත්, ඔවුන් නැවත බඳවා ගනු ලැබුවේ, නව බඳවා ගැනීම් ලෙස සහ ඔවුන්ගේ සේවයෙන් පහකිරීම් සම්බන්ධයෙන් කිසිදු වන්දියක් ලබා නොදී ය.
අගෝස්තු 2 වැනි දින කම්කරු උසාවියට ඉදිරිපත් කරන ලද වීඩියෝ පටය වතු කලමනාකරුගේ බංගලාවට කම්කරුවන් පහර දෙන ආකාරය පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, රූපවල සිටින පුද්ගලයින් හඳුනා ගත නොහැක. සේවකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නේරු කරුනාකරන් පැවසුවේ කලමනාකරුගේ නිවසට හානි කල බවට චෝදනා එල්ල වී ඇති කම්කරුවන් 38 දෙනා වීඩියෝවේ දැකිය නොහැකි බවයි.
නෙරපා හරින ලද කම්කරුවන් 38 දෙනා සහ අධිකරන නඩු විභාගයකට මුහුන දෙන 22 දෙනා ඕල්ටන් වතු කලමනාකාරීත්වය විසින් ඉලක්ක කරන ලද්දේ ඔවුන් තම අයිතීන් සඳහා වන කම්කරුවන්ගේ අරගලයේ ඉදිරියෙන් ම සිටි බැවිනි.
ඕල්ටන් වතු කලමනාකාරීත්වයේ කුරිරු දඩයම සිදු කෙරුනේ ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) විවෘත පිටුබලය සහ ජාතික කම්කරු සංගමයේ (එන්යූඩබ්ලිව්), ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුන (ඩීපීඑෆ්) සහ උඩරට ජනතා පෙරමුනේ (යූපීඑෆ්) නිහඬ අනුමැතිය ඇතිවය.
සමාගම ගනන්බලා සැලසුම් කල ප්‍රහාරය එල්ල කෙරුනේ ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහි ව පමනක් නොවේ. වැඩි වැඩ බර පැටවීමට සහ වැටුප් කපා හැරීමේ පුලුල් ධාවනයක් මධ්‍යයේ, සමස්ත වතු කම්කරු බලකාය ම බිය ගැන්වීම එහි අරමුන විය.
පසුගිය වසරේ මේ ආකාරයෙන් ම තලවාකැලේ, කටුකැලේ වතු පාලනාධිකාරිය විසින් කම්කරුවන් එකොලොස් දෙනකු ද හැටන් වැලිඔය වත්තේ කම්කරුවන් පස් දෙනකු ද සේවයෙන් පහ කරන ලදී. මෙම ප්‍රහාර ද මුදා හරින ලද්දේ සීඩබ්ලිව්සී, එන්යූඩබ්ලිව්, ඩීපීඑෆ්, යූපීඑෆ් සහ ලංකා ජාතික වතු කම්කරු සංගමයේ නිහඬ අනුමැතිය සහිතව ය.
පසුගිය වසරේ ඕල්ටන් වතු කලමනාකාරීත්වය වැටුප් කපා දමා වැඩ බර වැඩි කර ඇත. වතුයායේ බොහෝ කම්කරුවන්ට පැය අටක් වැඩ කලත් ගෙවනු ලබන්නේ දින භාගයක වැටුපකි. ඔවුන් සම්පූර්න දිනක වැටුපක් ලබා ගැනීම සඳහා දිනකට අවම වශයෙන් තේ දලු කිලෝග්‍රෑම් 18 ක් නෙලිය යුතු ය.
ඕල්ටන් වතුයායේ වින්දිතයන් අතර සිටින එක් කාන්තා සේවිකාවක් ලෝසවෙඅ වෙත මෙසේ පැවසුවා ය: “පොලිසිය තවමත් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර නොමැති අතර එම නිසා උසාවිය කිසිදු විභාගයකින් තොරව නඩුව කල් දමලා. මම උසාවි යන සෑම අවස්ථාවකදීම නීතිඥ ගාස්තුව ගෙවීමට අමතරව බස් ගාස්තු සඳහා රුපියල් 400 ක් වියදම් කිරීමට සිදුවෙනවා. අපේ වෘත්තීය සමිතිය අපට නීතිඥ ගාස්තු ලබා දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. කලමනාකාරීත්වයට එරෙහි ව අපේ අයිතීන් ඉල්ලා සිටි නිසා අපි ගොදුරු වුනා. වෘත්තීය සමිති අපිව ආරක්ෂා කරන්නේ නැහැ.”
සමාගම්වල ලාභය ගැන පමනක් අවධානය යොමු කරන වතු වෘත්තීය සමිති, කටුක නව වැඩ විධානයන්ට මුලුමනින් ම පිටුබලය දෙයි. නිව්ස් ෆස්ට් රූපවාහිනී නාලිකාව සමඟ පසුගිය සතියේ පැවති සම්මුඛ සාකච්ඡාවක දී සීඩබ්ලිව්සී ප්‍රධාන ලේකම් ජීවන් තොන්ඩමන් මෙසේ පැවසී ය: “වතු කම්කරුවන් වැඩ කරන්නේ වසර 150 ක් පැරනි වැටුප් ක්‍රමයක් යටතේ. මෙය වෙනස් කර ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා ආදායම් බෙදාගැනීමේ ක්‍රමය හඳුන්වා දිය යුතුයි.”
සීඩබ්ලිව්සීය සහ අනෙකුත් වතු වෘත්තීය සමිති ඊනියා 'ආදායම් බෙදාගැනීමේ යෝජනා ක්‍රමය' අනුමත කරති. එය 'කම්කරුවන්ගේ ජීවන තත්වයන් වැඩිදියුනු කරනු ඇත' යන තොන්ඩමන්ගේ ප්‍රකාශය අමූලික බොරුවකි.
මෙම ක්‍රමය යටතේ කම්කරුවෙකුට නඩත්තු කිරීම සඳහා වතුයායකින් ඉඩම් කැබැල්ලක් පවරනු ලැබේ. අස්වැන්න සමාගමට ලබා දෙන අතර එය සපයන පොහොර සහ අනෙකුත් සැපයුම්වල පිරිවැය සහ එහි ලාභය අඩු කරයි. වගාවට සහාය වීම සඳහා තම පවුල බලමුලු ගැන්විය යුතු කම්කරුවාට ඉතිරි කොටස ලැබේ. කම්කරුවන්ට අර්ථසාධක අරමුදල් වැනි විශ්‍රාම යෝජනා ක්‍රම මෙන්ම සොච්චම් සුබසාධන පහසුකම් සහ අනෙකුත් සමාජ අයිතීන් ද අහිමි වේ. කෙසේ වෙතත්, බොහෝ වතුවලට මෙම යෝජනා ක්‍රමය පැනවීමට නොහැකි වී ඇත්තේ එහි කොඳු කැඩෙන වැඩ බරට සහ අවම ආදායමට කම්කරුවන් දක්වන ප්‍රතිරෝධය නිසාය.
මේ වසර මුලදී පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුන දෙමින් සිටි පෙර පැවති රාජපක්ෂ ආන්ඩුව මහජනතාව මත දරුනු කප්පාදු පියවර පැටවීමට පටන් ගත්තේ ය. අපේ‍්‍රල් මාසයේ සිට මෙය මහජන විරෝධතා රැල්ලක් අවුලුවාලූ අතර, එය වතු කම්කරුවන් සම්බන්ධ වූ මහා වැඩ වර්ජනවලට තුඩු දුන්නේ ය. පසුගිය මාස හය තුල පැවති විරෝධතා ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලත ම ඒවා විය.
ආන්ඩු-විරෝධී මහජන විරෝධතා හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට සිදු වූ තතු යටතේ, දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලක් මුලුමනින්ම ක්‍රියාවට නැංවීමට උත්සාහ දරයි. අනෙකුත් සෑම ශ්‍රී ලාංකික වෘත්තීය සමිතියක් මෙන් ම සියලුම වතුකරයේ වෘත්තීය සමිති ද මෙම ක්‍රියාමාර්ගවලට සහාය දක්වති.
මෙම සමාජ ප්‍රහාරයන් මුදා හැරීම සඳහා සර්ව පාක්ෂික ආන්ඩුවක් පිහිටුවීමට සහාය වන ලෙස වික්‍රමසිංහ සෑම පාර්ලිමේන්තු පක්ෂයකටම ආරාධනා කර ඇත. පසුගිය පාලන තන්ත්‍රවල අමාත්‍ය ධූර දැරූ නායකයින් සිටින සීඩබ්ලිව්සීය, තමන් එවැනි පාලනයකට එක්වන බව මුලින්ම ප්‍රකාශ කලවුන් අතර විය.
මෙය තව දුරටත් පෙන්නුම් කරන්නේ පාලක ප්‍රභූවේ සහ ලාභ පද්ධතියේ කාර්මික පොලීසිය වන වෘත්තීය සමිති හරහා කම්කරුවන්ට තම අයිතීන් ආරක්ෂා කර ගත නොහැකි බවය. කම්කරුවන් තම අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුත්තේ එබැවිනි. සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මුලපිරීමෙන් පසුව, ඕල්ටන් සහ ග්ලෙනුයිජ් වතුවල ක්‍රියාකාරී කමිටු ගොඩනගා ඇත. අනෙකුත් වතු කම්කරුවන් ඔවුන්ගේ වතුවල ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට අපි උනන්දු කරන්නෙමු.
ඕල්ටන් වතු කම්කරුවන් ආරක්ෂා කිරීමට අඛන්ඩ ව උද්ඝෝෂනය කල එක ම පක්ෂය වන සසප, සේවයෙන් පහ කරන ලද වතු කම්කරුවන් යලි සේවයේ පිහිටුවන ලෙසත් ව්‍යාජ චෝදනා එල්ල කර ඇති ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහි සියලු ම අධිකරන ක්‍රියාමාර්ග අත්හැර දමන ලෙසත් බල කරන ලෙස දිවයින පුරා කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටී. මෙය සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ කම්කරුවන්ගේ හා සුලු ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා පදනම සකසන, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා වන අරගලයේ කොටසක් ලෙස ඉදිරියට ගෙන යා යුතු ය.
වැඩිදුර කියවන්න
- ඕල්ටන් වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව දඩයමට ලක්වූ තම සහෝදර-සහෝදරියන් ආරක්ෂා කිරීමට ඉදිරිපත්වෙයි
- ඕල්ටන් වතු කලමනාකාරීත්වය කම්කරුවන්ට එරෙහිව ගොනු කල බොරු නඩුව සඳහා තව තවත් චෝදනා සොයති
- මස්කෙලිය ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහි දඩයම දිගටම ක්‍රියාත්මක වෙයි
- ශ්‍රී ලංකාවේ ඕල්ටන් වතු කම්කරුවෝ කටුක සහ ගැඹුරුවන සමාජ කොන්දේසිවලට මුහුනදෙති
- ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහි සමාගමේ හා පොලීසියේ අඩන්තේට්ටම් අඛන්ඩ ව ඉදිරියට
- පොලීසිය ඕල්ටන් වත්තේ නිත්‍ය මුරපොලක් ස්ථාපනය කිරීමට සැලසුම් කරයි
