එක්සත් ජනපද සසප සමුලු යෝජනාව (2022)

අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගන්වනු!

මෙම යෝජනාව 2022 ජූලි 31 සිට අගෝස්තු 5 දක්වා පැවති එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ හත් වන ජාතික සම්මේලනයේ දී ඒකමතික ව සම්මත විය.

1. එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂය (සසප) එක්සත් ජනපදය හා එහි නේටෝ සහචරයින් විසින් උසිගන්වන ලද යුක්‍රේනයේ අධිරාජ්‍යවාදී කුලීකාර යුද්ධය හෙලා දකියි. එක්සත් ජනපදය හා නේටෝව රුසියාව විසින් උසිගැන් වූ ක්‍රියාවකට ප්‍රතිචාර දක්වනවා නොවෙයි. ඔවුන් යුක්‍රේනයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා ද නොවෙයි. නව නාසීන්ගෙන් ආසාදිත වූ යුක්‍රේන පාලන තන්ත්‍රය ලෝකයේ වඩාත් ම දුෂිත පාලන තන්ත්‍රයන් අතර වේ.

2. රුසියාවට එරෙහි යුද්ධය, 1990-91 ඉරාකයේ පලමු ආක්‍රමනයත් සමඟ ආරම්භ කරන ලද සහ 1991 දෙසැම්බරයේ සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව තීව්‍ර වූ එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍යය සඳහා වූ ධාවනය අඛන්ඩව තීව්‍ර කිරීමකි. බයිඩන්, පුටින්ට බලයේ රැඳී සිටිය නොහැකි බව ප්‍රකාශ කිරීම තුලින්, යුද්ධයේ මූලික අරමුනු හෙලිදරව් කලේය: රුසියාවේ වත්මන් තන්ත්‍රය ඉවත් කිරීම, එය ඇමරිකානු පාලිත රූකඩයක් මගින් විස්ථාපනය කිරීම සහ    “රුසියානු විජිතකරනය” ලෙසින් හඳුන්වනු ලබන රුසියාව ම බෙලහීන රාජ්‍ය කැබලි දුසිමකට හෝ ඊට වැඩි ගනනකට බිඳ දැමීම එක්සත් ජනපද හා යුරෝපීය මූල්‍ය ප්‍රාග්ධනයට එරට සතු වටිනා සම්පත් සූරාකෑමට හැකි පරිසරයක් නිර්මානය කිරීම ඒ අතර මූලික වේ.

3. අතිශය නොසැලකිලිමත් ලෙස ඇමරිකානු අධිරාජ්‍යවාදය, පෘථිවියේ මිනිස් ජීවිතය වඳ වී යාමට හේතු විය හැකි න්‍යෂ්ටික යුද්ධයක අවදානම ගෙන එයි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දිගුකාලීන භූ-මූලෝපායික ඉලක්කයක් වන රුසියාව විනාශ කිරීම සහ යුරේසියානු භූස්කන්ධය මත සිය අධිකාරය තහවුරු කර ගැනීම, චීනයට එරෙහි ප්‍රහාරයක් සඳහා අත්‍යවශ්‍ය සූදානමක් සහ එහි කොටසක් ලෙස පෙන්ටගනය සහ මධ්‍යම රහස් ඔත්තු සේවය විසින් සලකනු ලැබේ. පලමු වන ලෝක යුද්ධ සමයේ දී ලෙනින් විසින් “ලෝකය නැවත බෙදීමක්” ලෙස හැඳින් වූ දෙය දැන් සිදු වෙමින් පවතී. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ලෝක සිතියම නැවත ඇඳීමට අදහස් කරයි.

4. දැන් පැහැදිලි වන පරිදි, ඇෆ්ගනිස්ථානයෙන් හමුදා ඉවත් කර ගැනීමට බයිඩන් ගත් තීරනය, ඔහු ප්‍රකාශ කල පරිදි, “සදාකාලික යුද්ධයේ” අවසානය නොවේ. එය රුසියාව සමග යුද්ධයට සහාය දීම හමුවේ පරෙස්සමින් ගනන් බලා එක්සත් ජනපද මිලිටරිය යලි යෙදවීමකි. එහි ඉක්මන් හා ව්‍යසනකාරී පනගැන්වීම, යුක්‍රේනය තුල ආසන්න වශයෙන් ඇතිවේ යයි සැලකුන ගැටුමේ කාලසටහන අනුව තීරනය විය.

5. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් යුද්ධය උසිගන්වා ඇතත්, රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීමට සසප අවිවාදයෙන්ම විරුද්ධ වේ. කුලීකාර යුද්ධයට ඔවුන්ගේ සහයෝගය නීත්‍යානුකූල කිරීම සඳහා පෙන්ටගනයේ සහ නේටෝවේ ව්‍යාජ වාම ඒජන්තයින් විසින් වැලඳගත් නිර්වචනයක් වන රුසියාව “අධිරාජ්‍යවාදී” යන ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරන අතර ම සසප, 1990-91 සෝවියට් සංගමය විසුරුවා හල සහ එහි වත්කම් ක්‍රමානුකූලව කොල්ලකෑම හරහා බලයට පත් වූ පාලක පන්තියේ ප්‍රතිගාමී රුසියානු “ජාතික ආරක්ෂක” පිලිවෙත්වලට කිසිදු සහයෝගයක් නොදෙයි. පුටින් ම ත් සිටගෙන සිටින්නේ, සමාජ ප්‍රතිවිරෝධතා වලින් පිරීගිය රටක, අවිනිශ්චිත ලෙස පාලනය කරන අර්ධ බොනපාට්වාදී අත්තනෝමතික තන්ත්‍රයක් මත ය.

6. එක්සත් ජනපදය හා නේටෝව විසින් දියත් කරන ලද යුද්ධය, අධිරාජ්‍යවාදී ව්‍යාප්තියේ අඛන්ඩත්වයකි. යුක්‍රේනය ආක්‍රමනය කිරීම රුසියානු කතිපයාධිකාරයේ ප්‍රතිගාමී ප්‍රතිපත්තිවල අඛන්ඩ පැවැත්මක් වන අතර රුසියානු විප්ලවයේ සමස්ත ප්‍රගතිශීලී උරුමය සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ප්‍රතික්ෂේප කිරීමකි. අධිරාජ්‍යවාදය විසින් රුසියාව වට ලෑම, 1922 දී සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයේ මුල් ආරම්භය තුල මූර්තිමත් වූ ඔක්තෝබර් විප්ලවයේ උරුමය ස්ටැලින්වාදී තන්ත්‍රය විසින් අවසාන වශයෙන් පාවා දීමේ ව්‍යසනකාරී ප්‍රතිඵලයයි.

7. පුටින් විසින් ම ප්‍රකාශ කර ඇති පරිදි රුසියාවේ පිලිවෙත, රුසියානු ස්වෝත්තමවාදයේ සහ ජාතිකවාදයේ පුනර්ජීවනයක් මත පදනම් වී ඇත. අධිරාජ්‍යවාදයට විරුද්ධ වීමට හෝ යුක්‍රේනයේ, යුරෝපයේ සහ එක්සත් ජනපදයේ තබා රුසියාවේ පුලුල් කම්කරු ජනතාව වෙත ආයාචනා කිරීමට පවා එයට නොහැකි ය.

8. කෙසේ වෙතත් රුසියානු ආක්‍රමනයට සසප විරුද්ධත්වය එල්ල වන්නේ, අධිරාජ්‍යවාදී දක්ෂිනාංශයෙන් නොව සමාජවාදී වමෙන් ය. යුද්ධය සාධාරනීකරනයට බයිඩන් පරිපාලනය විසින් දක්වා ඇති සියලු හේතු ප්‍රලාප ගොන්නකි.

9. පලමුව යුක්‍රේන ආන්ඩුව, ඇමරිකානු සහ යුරෝපීය අධිරාජ්‍යවාදයට අවනත වූ කතිපයාධිකාරීන්ගේ දූෂිත පාලන තන්ත්‍රයකි. 2014 පෙබරවාරියේ එක්සත් ජනපදයේ පිටුබලය ලත් කුමන්ත්‍රනයේ ප්‍රතිඵලයක් ලෙස අන්ත දක්ෂිනාන්ෂික සංවිධාන විසින් දියත් කරන ලද යුද්ධය “ප්‍රජාතන්ත්‍රවාදය” රැකගැනීම සඳහා යුද්ධයක් ලෙස කෙරෙන ප්‍රකාශය හෙලිදරව් කෙරී ඇත. යුක්‍රේන ආන්ඩුවේ ප්‍රතිපත්තිය පදනම් වී ඇත්තේ, අසෝව් බලඇනිය වැනි පූර්න ෆැසිස්ට් කන්ඩායම් ප්‍රවර්ධනය කිරීම සහ දෙවන ලෝක යුද්ධ සමයේ නාසි සහයෝගිතාකරුවන් වූ ස්ටෙපාන් බන්ඩෙරා සහ යුක්‍රේන ජාතිකවාදීන්ගේ සංවිධානය (ඕයුඑන්) පුනරුත්ථාපනය කිරීම මත ය.

10. එක්සත් ජනපදය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බවට කරන ප්‍රකාශය වඩාත් හාස්‍යජනක වන්නේ, යුද්ධය කරගෙන යන ආන්ඩුව 2021 ජනවාරි 6 වැනි දින ෆැසිස්ට්වාදී කුමන්ත්‍රනය මගින් බලය ලබා ගැනීම බොහෝ දුරට වැලකී ගිය අතර, බයිඩන් තවමත් මෙම කුමන්ත්‍රනයේ යෙදී සිටින පාර්ශවය ගැන සඳහන් කරන්නේ ඔහුගේ “මිතුරන්” සහ “සගයන්” ලෙස ය. තව ද, “යුද අපරාධකාර” පුටින්ට එරෙහිව “මානව හිමිකම්” තහවුරු කරන බව පවසන අතර, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය අහිංසක සිවිල් වැසියන් මිලියන ගනනකගේ මරන, දෙවන ලෝක යුද්ධයෙන් පසු විශාලත ම සරනාගත අර්බුදය සහ එහි සෞදි අරාබි සහචරයින් වැනි ලොව පුරා ආඥාදායකත්වයන්, ශක්තිමත් කිරීම සඳහා වගකිව යුතු ය.

11. දෙවනුව, යුක්‍රේනය “ජාතික ස්වයං නිර්නය” සඳහා යුද්ධයක් දියත් කරන බවට කරන ප්‍රකාශය, යුද්ධය ආරම්භ වීමෙන් පසු කියෙව්හි ස්වෝත්තමවාදී තන්ත්‍රය විසින් ගනු ලැබූ ප්‍රථම ක්‍රියාමාර්ග අතර රුසියානු බස කථාකරන විශාල ජන කොටසකගේ ඡන්ද අයිතිය අහෝසි කිරීමේ කාරනය මගින් නිෂ්ප්‍රභ කෙරේ. එ පමනක් නොව එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදයට අනුකූල ව යුක්‍රේනියානු ආන්ඩුව, යුක්‍රේන පාලක පන්තියේ අවශ්‍යතා හඹා යාමේ දී, යුද්ධයට මැදිවී සිටින යුක්‍රේනියානුවන්ගේ ජීවිත තුවක්කු උන්ඩ ලෙස සලකනු ලබන අතර ඔවුන් කෙරෙහි මුලුමනින් ම උදාසීන ආකල්පයක් දරන බව පෙනෙන්නට තිබේ.

12. තෙවනුව, යුද්ධය 2022 පෙබරවාරි 24දා රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කරනු ලැබීමට ප්‍රතිචාරයක් බවට කරන ප්‍රකාශය, නැගෙනහිර යුරෝපයට නේටෝව නිර්දය ලෙස ව්‍යාප්ත කිරීම සහ යුක්‍රේනය රුසියාවට පහර දීමේ නේටෝ වේදිකාවක් බවට පරිවර්තනය කිරීම හරහා ගැටුම උසිගැන්වීමට අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ක්‍රමානුකූල උත්සාහයන් නොසලකා හරියි. රුසියානු ආක්‍රමනයට පෙර මාසවලදී බයිඩන් පරිපාලනය, යුක්‍රේනය නේටෝවට ඒකාබද්ධ කිරීම පිලිබඳව රුසියාව දක්වන විරුද්ධත්වය ගැන සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කල අතර, 2021 නොවැම්බරයේ දී රුසියාව කොන් කිරීමට අදහස් කල එක්සත් ජනපද-යුක්‍රේන මූලෝපායික හවුල්කාරිත්වය අනුමත කලේය.

අවසාන වශයෙන් ඇමරිකාවේ මිලිටරි පිලිවෙත පෙරට දුවවන්නේ කොවිඩ් 19 වසංගතය මඟින් උත්සන්න කර ඇති, නොවිසඳිය හැකි දේශපාලන, සමාජ හා ආර්ථික අර්බුදයෙනි. ඇමරිකාවේ පමනක් පසුගිය වසර දෙක හමාර තුල කොවිඩ් නිසා මරුමුවට පත්ව ඇති සංඛ්‍යාව මිලියනයකට වැඩි ය. වසංගතයෙන් සිදු ව ඇති දැවැන්ත මරන සංඛ්‍යාව, ජීවිත වලට ඉහලින් ලාභයට තැන දෙන පාලක පන්තීයේ දැනුවත් තීරනයේ නිමැවුමකි.

13. යුද්ධය පිටුපස ඇති සැබෑ ගාමක බලවේග නම්: (1) ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ දේශපාලන අවශ්‍යතා සහ ගෝලීය ආධිපත්‍යය සඳහා එහි ධාවනය; (2) රුසියාවේ ඇති අතිමහත්සේ වටිනා සහ මූලෝපායික වශයෙන් තීරනාත්මක අමුද්‍රව්‍ය වෙත සෘජු ප්‍රවේශය ලබා ගැනීමට එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදය දරන උත්සාහය; සහ (3) විදේශයන්හි යුද්ධය තුලින් සිය විසඳිය නොහැකි දේශීය අර්බුදය විසඳීමට පාලක පන්තිය දරන උත්සාහය.

14. රුසියාවට එරෙහි යුද්ධය වසර 30කට පෙර සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු එක්සත් ජනපදය විසින් අනුගමනය කරන ලද භූ දේශපාලන මූලෝපායක ප්‍රතිඵලයකි. පසුගිය දශක තුන පුරා, එක්සත් ජනපදය සිය දිග්ගැස්සුනු ආර්ථික පරිහානිය සමනය කිරීම සඳහා එහි අසම සම මිලිටරි බලය භාවිතා කිරීම ඉලක්ක කරගත් යුද්ධ මාලාවක් දියත් කර ඇත: 1990-91 පර්සියානු ගල්ෆ් යුද්ධය; 1999 දී සර්බියාවට එරෙහි යුද්ධය; 2001 දී ඇෆ්ගනිස්ථානය ආක්‍රමනය කිරීම; 2003 දී ඉරාකයට එරෙහි දෙවන යුද්ධය; 2011 ලිබියාවට එරෙහි යුද්ධය; සහ සීඅයිඒ සහාය දක්වන සිරියාවේ සිවිල් යුද්ධය.

15. මෙම කාල පරිච්ඡේදය පුරාවට -වසරින් වසර, සහ යුද්ධයකින් පසු ව යුද්ධයක් වශයෙන්- හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෝලීය ආධිපත්‍යය සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ධාවනයේ ඇඟවුම් සහ ප්‍රතිවිපාක විශ්ලේෂනය කලේ ය. 2016 දී හජාජාක මෙසේ ප්‍රකාශ කලේ ය.

සියවසේ අවසාන කාර්තුව තුල එක්සත් ජනපදය විසින් උසිගන්වන ලද යුද්ධ, අන්තර් සම්බන්ධිත සිදුවීම් දාමයක් ලෙස අධ්‍යයනය කල යුතුය. ගෝලීය ආධිපත්‍යය සඳහා එක්සත් ජනපද තල්ලුවේ මූලෝපායික තර්කනය මැද පෙරදිග හා අප්‍රිකාවේ නව යටත් විජිත මෙහෙයුම් වලින් ඔබ්බට විහිදේ. සිදුවෙමින් පවතින කලාපීය යුද්ධ, රුසියාව හා චීනය සමග එක්සත් ජනපදයේ ශීඝ්‍රයෙන් උත්සන්න වන ගැටුමේ සංරචක අංගයන් වේ. [ශතවර්ෂයේ අවසන් කාර්තුව තුල යුද්ධයේ පෙරවදන: ගෝලීය ආධිපත්‍යය සඳහා එක්සත් ජනපද යුද ධාවනය 1990-2016, ඩේවිඩ් නෝර්ත්, ජූලි 11, 2016]

16. එක්සත් ජනපදය සමග සන්ධාන ගත ව සිටින අනෙකුත් ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් ද, එසේ ම, ඔවුන්ගේ ම ප්‍රතිගාමී ආර්ථික හා භූ මූලෝපායික අවශ්‍යතා ලුහුබඳිමින් සිටී. යුක්‍රේනය සමග ගැටුම, නාසි තන්ත්‍රය බිඳවැටීමෙන් පසු විශාලතම යලි සන්නද්ධ කිරීමේ ව්‍යාපාරය ක්‍රියාවට නැංවීමට ජර්මානු අධිරාජ්‍යවාදයට අවස්ථාවක් සපයා ඇත. බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ අධිරාජ්‍යවාදය ද යුරෝපයේ සහ ලෝකය පුරා තමන්ගේ ම අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා යුද්ධයට සහභාගී වීමට උනන්දු වෙයි.

17. ගෝලීය ආධිපත්‍යය සඳහා එක්සත් ජනපදයේ ධාවනය රුසියානු භූමියේ අතිවිශාල වපසරිය බිඳ දැමීමේ පාලක පන්තියේ නිශ්චිත ආර්ථික අවශ්‍යතා සමඟ සම්බන්ධ වේ. රුසියාව කාල කලාප එකොලහකින් සමන්විත වන අතර රන්, ප්ලැටිනම්, පැලේඩියම්, සින්ක්, බොක්සයිට්, නිකල්, රසදිය, මැන්ගනීස්, ක්‍රෝමියම්, යුරේනියම්, යපස්, කොබෝල්ට් සහ ඉරිඩියම් ඇතුලු අමුද්‍රව්‍ය, ලෝහ සහ ඛනිජ විශාල සංචිතවල මූලාශ්‍රය වේ. මෙම අමුද්‍රව්‍ය බොහොමයක්, විශේෂයෙන් දුර්ලභ පෘථිවි ඛනිජ හෙවත් රෙයා අර්ත් වලින් පෙරා ගනු ලබයි. උසස් තාක්ෂනයේ අර්ධ සන්නායක සහ අනෙකුත් සංරචක නිෂ්පාදනය සඳහා ඒවා ඉතා වැදගත් වේ.

18. ලෙනින් අධිරාජ්‍යවාදය පිලිබඳ විශ්ලේෂනයේ දී අවධාරනය කල පරිදි, “ධනවාදය වඩ වඩාත් වර්ධනය වන තරමට, අමුද්‍රව්‍ය සඳහා අවශ්‍යතාවය වැඩි වන තරමට, කටුක තරඟකාරිත්වය වැඩි වන අතර, අමුද්‍රව්‍ය සඳහා දඩයම වඩාත් උග්‍ර වන තරමට ඒවා සොයමින් ලෝකය පුරා මංමුලා සහගත ව දුව ඇවිදියි. එය යටත් විජිත අත්පත් කර ගැනීමේ අරගලය බවට පත් වේ.” මෙම ඛනිජ වලට ප්‍රවේශ වීම සහ පාලනය කිරීම තීරනාත්මක වන්නේ එක්සත් ජනපද හා යුරෝපීය සංගතවල මෙහෙයුම් සඳහා පමනක් නොවේ. මෙම ද්‍රව්‍ය පාලනය කිරීම, විශේෂයෙන්ම චීනයට එරෙහි ව ගෝලීය ආධිපත්‍යය සඳහා වන පුලුල් ධාවනයේ කොටසක් ලෙස සැලකේ.

19. අවසාන වශයෙන්, එක්සත් ජනපදයේ මිලිටරි ප්‍රතිපත්තිය මෙහෙයවනු ලබන්නේ කෝවිඩ්-19 වසංගතය විසින් දැවැන්ත ලෙස උත්සන්න කර ඇති, වාවාගත නොහැකි දේශපාලන, සමාජීය සහ ආර්ථික අර්බුදයකිනි. වසර දෙක හමාරක් තුල එක්සත් ජනපදයේ මිලියනයකට වඩා වැඩි පිරිසක් කෝවිඩ්-19 හේතුවෙන් මිය ගොස් ඇත. වසංගතයෙන් සිදු වන මරනවල දැවැන්ත පරිමානය වූ කලී ජීවිතවලට වඩා ලාභයට ප්‍රමුඛත්වය දීමට පාලක පන්තිය විසින් හිතාමතා ම ගත් තීරනයේ ප්‍රතිඵලයකි.

20. සමාජ අසමානතාවයේ ආන්තික මට්ටම්වලින් දැනටමත් ඉරා දැමූ සමාජයක් සමඟ ව්‍යසනකාරී බලපෑම අන්තර් ඡේදනය වේ. ඉහල යන මිල හා සූරාකෑමට එරෙහිව කම්කරු පන්තියේ වැඩෙන ව්‍යාපාරයක බොහෝ ප්‍රකාශන දැනටමත් දක්නට තිබේ. අභ්‍යන්තර අර්බුදයට හා පන්ති ගැටුමට මුහුන දෙන මංමුලා සහගත පාලක පන්තියක්, ලිබියාව, සිරියාව හා අනෙකුත් රටවලට එරෙහි ව මෙන්, ව්‍යාජ “ජාතික සමගියක්” බලාත්මක කිරීමේ මාධ්‍යයක් ලෙස යුද්ධයට හැරුනු පලමු අවස්ථාව මෙය නොවේ.

21. ඔවුන්ගේ රුදුරු අභ්‍යන්තර ගැටුම් තිබිය දී, ඩිමොක්‍රටිකයින් සහ රිපබ්ලිකානුවන් අතර යුද්ධය දියත් කිරීම සම්බන්ධයෙන් මූලික වෙනස්කම් නොමැත. බර්නි සැන්ඩර්ස් සහ ඇලෙක්සැන්ඩර් ඔකාසියෝ-කෝර්ටෙස් ඇතුලු ඇමරිකාවේ ඩිමොක්‍රටික් සමාජවාදීන්ගේ හෝ සාමාජිකයින්ගේ සහාය ලබන ඩිමොක්‍රටික් පක්ෂයේ කන්ඩායම මෙයට ඇතුලත් වේ. ඔවුන් සියල්ලෝ ම දැවැන්ත මිලිටරි ආයුධ සැපයීමට හෝ යුක්‍රේනයට සහාය දීමට ඡන්දය දුන්හ.

22. යුද්ධය ඇමරිකාවේ ඩිමොක්‍රටික් සමාජවාදීන් (ඩීඑස්ඒ ) ද ඇතුලු ඉහල මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කොටස් නියෝජනය කරන එක්සත් ජනපදයේ ව්‍යාජ වාම සංවිධාන තරයේ හෙලිදරව් කර ඇත. රුසියානු “අධිරාජ්‍යවාදයට” විරුද්ධ වීමේ මුවාවෙන්, ජාත්‍යන්තර ව විවිධ පැබ්ලෝවාදී සහ “රාජ්‍ය ධනේශ්වර” සංවිධාන සමග ඩීඑස්ඒ, එක්සත් ජනපදය හා නේටෝව සමග පෙලගැසී යුක්‍රේනය අධිරාජ්‍යවාදී සන්නද්ධ කිරීම සඳහා කැඳවුම් කර ඇත. රුසියාවට එරෙහි යුද්ධයට ඔවුන්ගේ සහයෝගය අධිරාජ්‍යවාදය සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කර ඇති පිලිවෙතක කූටප්‍රාප්තියකි

23. රුසියාව සහ චීනය “අධිරාජ්‍යවාදී” ලෙස ගුනාංගීකරනය කිරීම සසප ප්‍රතික්ෂේප කරයි. සියලු ම ඓතිහාසික හා ආර්ථික සන්දර්භයෙන් ඉරා දැමූ මෙම තානාන්තරය එක් අරමුනක් ඉටු කරයි: රුසියාව සහ චීනය “විජිතකරනයේ” ප්‍රතිපත්තියක් යුක්ති සහගත කිරීම සහ නීත්‍යානුකූල කිරීම, එනම්, මෙම රටවල් එක්සත් ජනපදය හා නේටෝ අධිරාජ්‍යවාදීන් විසින් පාලනය කරනු ලබන රූකඩ පාලන තන්ත්‍ර මාලාවකට කැඩීමයි. රුසියානු සහ චීන අධිරාජ්‍යවාදයේ “න්‍යාය” යනු සෝවියට් සංගමය “රාජ්‍ය ධනවාදී” සහ “අධිරාජ්‍යවාදී” යන ව්‍යාජ ප්‍රකාශ සමඟ සෝවියට් සංගමය ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කල ෂැට්මන් සහ අනෙකුත් අයගේ ආස්ථානයන්හි අඛන්ඩ පැවැත්මකි.

24. යුද්ධයට ඇති විරුද්ධත්වය මෙන් ම සමාජවාදී සමානතා පක්ෂය, රුසියානු සංස්කෘතියට එරෙහි ජාත්‍යන්තර ප්‍රචාරක ව්‍යාපාරය හෙලා දකී. යුද්ධය කරා තල්ලුව දෙන මෙම වැදගත් අංගය රුසියානු සංගීතඥයින්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, වෙනත් පුද්ගලයින් මෙන් ම, රුසියානු භාෂාවට, සාහිත්‍යයට, සංගීතයට, චිත්‍රපටයට සහ සංස්කෘතියට එරෙහිව වඩාත් පුලුල් කර ඇති වෙනස් කොට සැලකීමේ ක්‍රියාමාර්ග ඇතුලත් වේ. රුසියානු විරෝධී උද්ඝෝෂනය යුක්‍රේනය සහ රුසියාව අතර ඓතිහාසික හා සංස්කෘතික බැඳීම් ප්‍රතික්ෂේප කරයි. විවිධ රටවල රුසියානුවන්ට සහ රුසියානු භාෂාව කතා කරන පුද්ගලයින්ට එරෙහි ව සිදු කරන ලද පිලිකුල් සහගත වෛරී අපරාධ රැසකට එය ආස්වාදය ලබා දී ඇත. ජාත්‍යන්තර රුසියානු විරෝධී ව්‍යාපාරයේ ප්‍රතිවිපාකය වී ඇත්තේ එමඟින් රුසියාව තුල පුටින් පාලනය නීත්‍යානුකූල කිරීමයි. මෙම ව්‍යාපාරය දේශපාලන විඥානය ව්‍යාකූල කර දූෂනය කරයි, යුද්ධයට ඇති විරුද්ධත්වය බිය ගන්වයි, ජාත්‍යන්තර එකමුතු ව සඳහා කම්කරු පන්තියේ වෛෂයික ව මෙහෙයවනු ලබන උත්සාහයට එරෙහි වීමට සේවය කරයි.

25. යුද්ධයට විරුද්ධ වීමේ සමාජ පදනම ජාත්‍යන්තර කම්කරු පන්තියයි. 2022 පෙබරවාරි 24 දින ප්‍රකාශයට පත් කරන ලද රුසියාවේ යුක්‍රේන ආක්‍රමනයට එරෙහි එහි ආරම්භක ප්‍රකාශයේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මෙසේ ලිවී ය:

“ව්‍යසනයක අන්තරාය වැලැක්විය හැක්කේ, විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත, එක්සත් ජනපදය තුල හා ලෝකය පුරා කම්කරු පන්තියේ ක්‍රියාවන් තුලින් පමනි”.

මෙම වැඩපිලිවෙලෙහි ප්‍රමුඛ මූලධර්මයක් වන්නේ, ලෝක ආර්ථිකයේ ආධිපත්‍යයට සහ නිෂ්පාදන බලවේගවල ගෝලීය අන්තර් රඳා පැවැත්මට පටහැනි වන ඓතිහාසික වශයෙන් යල්පැන ගිය දේශපාලන ව්‍යුහයක් වන “ජාතික රාජ්‍යය” ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කිරීමයි.

ට්‍රොට්ස්කි මෙසේ පැවසී ය: “යුද්ධ කාලයක දී ජාතික රාජ්‍යයට බැඳී නොසිට, යුද සිතියම නොව පන්ති අරගලයේ සිතියම අනුගමනය කිරීමට හැකි වන්නේ, දැනටමත් ජාතික රාජ්‍යයට එරෙහි ව සාම කාලයේ සම්මුති විරහිත යුද්ධයක් ප්‍රකාශ කර ඇති එම පක්ෂයට පමනි. “පන්ති අරගලයේ සිතියම” අනුගමනය කිරීම යන්නෙන් අදහස් කරන්නේ සූරාකෑමට, අසමානතාවයට සහ ධනේශ්වර පද්ධතියට එරෙහි ව ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කිරීමේ සටනේ දී අධිරාජ්‍යවාදයට එරෙහි විරෝධය මුල් බැස ගැනීමයි.”

26. එහි අතිමූලික මට්ටමේ දී අධිරාජ්‍යවාදී යුද්ධය පැන නගින්නේ ධනේශ්වර ක්‍රමයේ මූලික ප්‍රතිවිරෝධතා තුලිනි - ගෝලීය ආර්ථිකය සහ නිෂ්පාදන මාධ්‍යවල පුද්ගලික අයිතිය තුල මුල් බැසගත් තරඟකාරී ජාතික රාජ්‍ය වලට ලෝකය බෙදීම- කෙසේ වෙතත් මෙම ප්‍රතිවිරෝධතාවන් ම ලෝක සමාජවාදී විප්ලවය සඳහා වෛෂයික පදනම නිපදවයි. දැනටමත් යුද්ධයේ ප්‍රතිවිපාක එක්සත් ජනපදය තුල සමාජ ගැටුම් දැවැන්ත ලෙස තීව්‍ර කරමින් තිබේ. ඉහල යන උද්ධමනයේ බලපෑම මෝටර් රථ කම්කරුවන්, ගුවන් සේවා සේවකයින්, සෞඛ්‍ය සේවකයින්, අධ්‍යාපනඥයින්, සේවා අංශ සේවකයින් සහ කම්කරු පන්තියේ අනෙකුත් කොටස් අතර වැඩ වර්ජන හා විරෝධතා පුපුරා යාම ඇතුලු පන්ති අරගලයට තල්ලු කරයි.

27. යුද්ධයට එරෙහි කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක තීරනාත්මක සංරචකයක් ලෙස, එක්සත් ජනපදය තුල බලගතු අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් කිරීමට සසප අධිෂ්ඨාන කරයි. එක්සත් ජනපදය ලෝක අධිරාජ්‍යවාදයේ කේන්ද්‍රස්ථානය සහ වර්ධනය වන ගෝලීය ගැටුමේ නියමු කුටිය යන කාරනය එක්සත් ජනපදයේ සසප මත දැවැන්ත දේශපාලන වගකීම් පවරයි .

28. රුසියාවට එරෙහි ඇමරිකානු-නේටෝ යුද්ධය වහා අවසන් කරන ලෙස සසප බල කරයි. මෙම යුද්ධය දියත් කෙරෙන්නේ එක්සත් ජනපදයේ සහ සමස්ත ලෝකයේම ජනතාවට එරෙහි කුමන්ත්‍රනයක් වශයෙනි. එහි හේතු සහ ප්‍රතිවිපාක ගැන කිසිදු සාකච්ඡාවකින් තොරව එය ක්‍රියාවට දමා ඇත. නේටෝ මිලිටරි සන්ධානය විසුරුවා හැරීමට සහ වසරකට ඩොලර් ට්‍රිලියන 1කට වැඩි මුදලකින් මූල්‍යකරනය කරන ලද ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දැවැන්ත මිලිටරි යානත්‍රනය ඈවර කරන ලෙස අපි කියා සිටිමු. මිලිටරි යාන්ත්‍රනය සඳහා මූල්‍ය සම්පාදනය කිරීමට භාවිතා කරන සියලු සම්පත්, කුරිරු කප්පාදු හා කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරවලින් සිදුව තිබෙන හානි වලට වන්දි වශයෙන් ගෙවිය යුතු ය..

29. සමස්ත පාලක පන්තියට සහ එහි පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන්ට එරෙහිව කම්කරු පන්තිය දේශපාලනිකව බලමුලු ගැන්වීමෙන් මිස මෙම ක්‍රියාමාර්ගය සාක්ෂාත් කරගත නොහැක. එක්සත් ජනපදයේ යුද විරෝධී ව්‍යාපාරයක වර්ධනය, යුද්ධයට හා අධිරාජ්‍යවාදයට එරෙහි ව රුසියාව හා යුක්‍රේනය ද ඇතුලු ව සෑම රටක ම කම්කරුවන් එක්සත් කිරීමේ සටනට සම්බන්ධ කල යුතු ය.

30. ඇමරිකානු ජනතාව තුල යුද්ධයට දැවැන්ත විරෝධයක් පවතින අතර, මෙම විරුද්ධත්වයට වැඩපිලිවෙලක්, ඉදිරිදර්ශනයක් සහ නායකත්වයක් නොමැත. සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යය වන්නේ විදේශයන්හි යුද්ධය සහ රට තුල සූරාකෑම අතර අවියෝජනීය සම්බන්ධය පිලිබඳ අවබෝධයක් කම්කරු පන්තිය සහ එහි පෙරටුගාමීන් තුල වර්ධනය කර ගැනීම සහ මෙම ක්‍රියාවලියේ දී කම්කරු පන්තිය තුල විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම යි. එහි අරමුන වන්නේ රාජ්‍ය බලය අල්ලා ගැනීම සහ ලෝක සමාජවාදී විප්ලවයේ සංරචක කොටසක් ලෙස ඇමරිකානු ආර්ථිකය සමාජවාදී ලෙසින් ප්‍රතිසංවිධානය කිරීමයි.

Loading