වීඩියෝව : “න්‍යෂ්ටික යුද අන්තරාය නැවැත්වීමට ජාත්‍යන්තර කම්කරු පන්තික ව්‍යාපාරයක් ගොඩනගනු” සසප ඔන්ලයින් රැස්වීමට සහභාගී වන්න

මෙම වීඩියෝව, “න්‍යෂ්ටික යුද අන්තරාය නැවැත්වීමට ජාත්‍යන්තර කම්කරු පන්තික ව්‍යාපාරයක් ගොඩනගනු” යන උද්ධෘතය යටතේ, ඔක්තෝබර් 16දා සවස 4ට, සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ විසින් පැවැත්වීමට නියමිත අන්තර්ජාල රැස්වීමට සම්බන්ධ වන ලෙස කම්කරුවන් හා තරුනයින්ට ආරාධනා කරයි.

රැස්වීමට සහභාගි වීමට මෙම සබැඳිය හරහා ලියාපදිංචි වන්න.

සසප රැස්වීම, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ව එක්සත් ජනපදය හා නැටෝව ගෙන යන යුද්ධයෙන් මතු කෙරෙන න්‍යෂ්ටික ලෝක යුද්ධයක අන්තරාය ජයගනුවස්, ජාත්‍යන්තර කම්කරු පන්තිය මත පාදක වූ ලෝක යුධ-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෙනයන උද්ඝෝෂනයේ කොටසකි.

මෙම වීඩියෝව, ෆේස්බුක් ඇතුලු සියලු සමාජ මාධ්‍ය ජාලයන්හි හැකිතාක් බෙදාහරින (ශෙයා කරන) ලෙසත් හැකි පුලුල්තම ශ්‍රාවකත්වයක් රැස්වීමට සහභාගි කරවීමට ක්‍රියාත්මක වන ලෙසත් අපි අපගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading