ඉදිරිදර්ශන

විල් ලේමන් උද්ඝෝෂනය පන්ති අරගලයේ වර්ධනයේ නව අදියරක් සනිටුහන් කරයි

[මෙය The Will Lehman campaign marks a new stage in the development of the class struggle යන මැයෙන් 2022 නොවැම්බර් 25 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

බදාදා (23), යුනයිටඩ් ඔටෝ වර්කර්ස් සභාපති අපේක්ෂක විල් ලේමන්ගේ නඩුව නිෂ්ප්‍රභා කරමින් ෆෙඩරල් විනිසුරුවරයා දුන් තීන්දුවෙන් අදහස් වන්නේ, යූඒඩබ්ලිව් ඡන්ද විමසීම නොවැම්බර් 28 සඳුදා, එනම් තව දින දෙකකින් අවසන් වන බවයි. නොවැම්බර් 29 වෙනිදා ගනන් කිරීම ආරම්භ වීමට පෙර, තැපැල් ඡන්ද පත්‍රිකා ලැබීමට නියමිත අවසාන දිනය මෙයයි.

යූඒඩබ්ලිව් සහ අධීක්ෂක විසින් මෙහෙයවන ඡන්ද විමසීම අධීක්ෂනය කරන, මිචිගන් හි නැගෙනහිර දිස්ත්‍රික්කය සඳහා වන එක්සත් ජනපද දිස්ත්‍රික් අධිකරනය, (1) අවසන් දිනය දින 30 කින් ප්‍රමාද කිරීමට සහ (2) ඡන්ද විමසීම පිලිබඳව සියලුම කම්කරුවන් දැනුවත් කිරීමට සහ ඔවුන්ට ඡන්දය දීමට හැකි බව සහතික කිරීමට, අධීක්ෂක සහ යූඒඩබ්ලිව් විසින් ගතයුතු බැරෑරුම් පියවර සඳහා හදිසි නියෝගයක් ලබාදෙන ලෙස ලේමන්ගේ නඩුව ඉල්ලා සිටියේ ය.

ඡන්දය අවසන් වීමට නියමිත කාලසීමාව ආසන්න වන විටත් කම්කරුවන් සුලුතරයක් පමනක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව එහි සඳහන් විය. අධීක්ෂකගේ වෙබ් අඩවියේ පල කර ඇති නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, යූඒඩබ්ලිව් සාමාජිකයින් (ක්‍රියාකාරී කම්කරුවන් සහ විශ්‍රාමිකයන්) මිලියනයක් අතරින් 900,000 ක් ඡන්දය ප්‍රකාශ කර නොමැත. ලේමන්ගේ නඩුව පැහැදිලි කර ලේඛනගත කර ඇති පරිදි, ඡන්ද විමසීමක් පැවැත්වෙන බව කම්කරුවන් දැන ගැනීම පවා වැලැක්වීමට යූඒඩබ්ලිව් හැකි සෑම දෙයක්ම කල අතර දහස් ගනන් කම්කරුවන්ට ඡන්ද පත්‍රිකාවක් ලැබී නැත.

යූඒඩබ්ලිව් නිලධරය නියමිත කාලසීමාව දින 30 කින් දීර්ඝ කිරීමට විරුද්ධ වූයේ, නිවැරදි ලෙස ම, එය විරුද්ධ ඡන්දවල සැලකිය යුතු වැඩි වීමක් ඇති කරන බවත්, එම ඡන්දවලින් බොහොමයක් සමාජවාදී අපේක්ෂකයා වන විල් ලේමන් සඳහා වන බවත් උපකල්පනය කල බැවිනි. ඇත්ත වශයෙන් ම, ඔවුන් ප්‍රථමයෙන් ම, ඡන්දය ප්‍රකාශ කරන ප්‍රතිශතය යටපත් කිරීමට උත්සාහ කල ප්‍රධාන හේතුව මෙයයි.

යූඒඩබ්ලිව්හි නීතීඥයෝ නඩුවේ හරයට වඩා නීතිමය තාක්ෂනික කරුනු මත පදනම් වූ විකාර තර්කයක් නිර්මානය කලහ. ඔවුන් අවධාරනය කලේ ලේමන්, ඔහුට ඡන්ද පත්‍රිකාවක් ලැබුනු නිසාත්, මැතිවරන ක්‍රියාවලියේ කිසිදු ගැටලුවකින් ඔහුට 'හානියක්' සිදු නොවූ නිසාත්, නඩු මගට බැසීමට 'පදනමක්' නැති බව යි. ලේමන්ගේ නීතීඥයා තර්ක කල පරිදි, තනි සේවකයෙකුට ඡන්ද පත්‍රිකාවක් ලැබීමෙන් අදහස් වන්නේ, ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තෘප්තිමත් ව ඇති බව නොවේ. සෑම සේවකයෙකුට ම 'අර්ථවත්' ඡන්ද විමසීමකට එනම්; නිවැරදි ව හා සාධාරන ව පවත්වනු ලබන සහ ඡන්දදායකයින්ගේ කැමැත්ත ප්‍රකාශ කරන ඡන්ද විමසීකට සහභාගී වීමට අයිතියක් ඇත. කම්කරුවන් තනි තනිව සහ සාමූහිකව හිමිකම් ඇති මෙම අයිතිය, ඡන්ද විමසීමක් පැවැත්වෙන බව පවා ඔවුන්ට දැනුම් නොදීම නිසා කම්කරුවන්ගෙන් අති බහුතරය ඡන්දය නොදෙන විට උල්ලංඝනය වේ.

කෙසේ වෙතත්, ඡන්ද විමසීම කිසිවිටෙක අභියෝගයට ලක්කල නොහැකි පරස්පර විරෝධී කොන්දේසියක් ස්ථාපිත කරමින් උසාවිය යූඒඩබ්ලිව් සමිතියේ පැත්ත ගත්තේ ය: නඩු පැවරිය හැක්කේ ඡන්ද විමසීමක් පැවැත්වෙන බව දැනගෙන නොසිටීම හේතුවෙන් ඡන්ද පත්‍රිකාවක් ලබා ගැනීමට නොහැකි වූ කම්කරුවන්ට පමනි. නමුත් ඇත්ත වශයෙන්ම, එම කම්කරුවන්, තමන් නොදැනසිටි ඡන්ද විමසීමක් අභියෝගයට ලක් කරමින් නඩු නොපවරනු ඇත.

තවද, ඡන්ද විමසීම් ක්‍රියාවලියට අභියෝගයක් කල හැක්කේ ඡන්ද විමසීම සම්පූර්න වූ පසුව පමනක් බවත්, එය කම්කරු ලේකම් වෙත—එනම් මාටි වොල්ෂ් වෙත යොමු කල යුතු බවත් අධිකරනය තීන්දු කලේය. මාටි වොල්ෂ් ගැන කියන්නේ නම්, ඔහු ජූලි මාසයේ පැවති යූඒඩබ්ලිව් සම්මේලනයේ දී අපේක්ෂකයින්ගෙන් එක් අයෙකු වන යූඒඩබ්ලිව් සභාපති රේ කරී පැහැදිලිවම වගවර්නනා කලේය. ඔහුගේ “මිත්‍රත්වය” සහ “සහාය” වෙනුවෙන් ඔහුට ස්තුති කලේය.

නඩු විභාගයේදී පෙනී ගිය එක් වැදගත් කරුනක් නම්, ප්‍රාදේශීය වෘත්තීය සමිති සහ සොලිඩරිටි හවුස් නිලධරය අතර තොරතුරු සම්ප්‍රේෂනය කිරීමේ මාධ්‍යයක් ලෙස ස්ථාපිත කරන ලද ප්‍රාදේශීය වෘත්තීය සමිති තොරතුරු පද්ධතිය (එල්යූඅයිඑස්) ලෙස හැඳින්වෙන සන්නිවේදන පද්ධතියක් මත යූඒඩබ්ලිව් සහ 'අධීක්ෂක' විශ්වාසය තැබීම යි. විනිසුරුවරයා ම ත් සඳහන් කලේ 'එවැනි දෙයකින් සාමාජිකත්වය බැහර කිරීමක් කෙරෙන' බව යි

මෙය ලෝක සමාජවාදී වෙබ් අඩවිය පුරාවටම පැහැදිලි කර ඇති දේ සනාථ කරයි: මුලදී සෘජු ඡන්ද විමසීමක් අවශ්‍ය නොවූ සොලිඩරිටි හවුස්, සාමාන්‍ය කම්කරුවන් හැකිතාක් බැහැර කරමින්, යාන්ත්‍රනය තුල රූපලාවන්ය තරඟයක් පරිද්දෙන් එය ගෙන යාමට උත්සාහ කලේය.

යමෙක් ඡන්ද විමසීම් ක්‍රියාවලියේ දූෂනය පිලිබඳ ප්‍රශ්නය පසෙක තැබුවද, මෙම ඡන්ද විමසීමේදී මෝටර් රථ කම්කරුවන්ගෙන් අතිමහත් බහුතරයක්—සියයට 85 ත් 90 ත් අතර ප්‍රතිශතයක්—ඡන්දය ප්‍රකාශ කර නොතිබීම, සාමාන්‍ය කම්කරුවන්ගෙන් වෘත්තීය සමිති යාන්ත්‍රනය වෙන් කෙරෙන දැවැන්ත සමාජ අගාධය හෙලිදරව් කරයි. යූඒඩබ්ලිව් නිලධරය කම්කරු පන්තිය මත ක්‍රියාත්මක වන පොලිස් බලකායක් ලෙස පවතී. බොහෝ ඉහල නිලධාරීන් සිරගත කෙරුනු, සමාගම්වලින් අල්ලස් ලබාගැනීම සහ සේවකයන්ගේ මුදල් සොරකම් කිරීම වැනි මහා දූෂන වංචාවන් නිසා ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදු විය. මෙම යාන්ත්‍රනය තුල සිටින පුද්ගලයන් සඳහා, සාමාජිකත්වය යනු, තමන්ට රිසි සේ හැසිරවිය හැකි දේවල් සහ තමාට ලැබියයුතු මුදල් ස්වයංක්‍රීයව ඇදගත හැකි වැටුප් චෙක්පත් සංඛ්‍යාවක් පමනි.

මෙම යාන්ත්‍රනය, එහිම සාමාන්‍ය කම්කරුවන් සමඟ ප්‍රායෝගික දෛනික සම්බන්ධතා නොමැති, වෙනස් සමාජ කොට්ඨාසයකි. එහි සාමාජිකයින්ගේ සමාජ තත්වය සහ ආදායම මුලුමනින් ම පදනම් වී ඇත්තේ, 'ශ්‍රම බලකාය' උපරිම ලෙස සූරාකෑම සඳහා පහසුකම් සලසනුවස් වෘත්තීය සමිති යාන්ත්‍රනය එය මත පවත්වාගෙන යන පොලීසියකට සමාන පාලනය මතය.

ලේමන්ගේ උද්ඝෝෂනය හෙලිදරව් කර ඇති පරිදි, සාමාන්‍ය කම්කරුවන්ගේ ඕනෑම මැදිහත්වීමක් යාන්ත්‍රනය විසින් සලකනු ලබන්නේ එහි ආධිපත්‍යයට තර්ජනයක් ලෙස ය. එසේම, සංගතවල ඉල්ලීම්වලට එරෙහි වීමේ සියලු අර්ථාන්විත හැකියාවන් අහිමි කරන ලද සහ බලගතු ලෙස පාලනය කරන ලද ශ්‍රම බලකායක් අවශ්‍ය කරන සියලුම සමාජ බලවේග සහ අවශ්‍යතා විසින් ද මෙම තර්ජනය වටහාගෙන ඇත. යූඒඩබ්ලිව් ඡන්ද විමසීම—සංවිධානයේ වසර 87 ක ඉතිහාසය තුල මහජන ඡන්දයකට සම්බන්ධ වූ ප්‍රථම අවස්ථාව—සැබැවින් ම පුවත්පත් තුල වාර්තා වී නොතිබීම විශේෂයෙන් සැලකිය යුතු කරුනකි. සමාජවාදී අපේක්ෂකයෙකු සැලකිය යුතු සහයෝගයක් දිනාගත් වෘත්තීය සමිති ඡන්ද විමසීමක් ගැන වාර්තා කිරීමට ධනේශ්වර මාධ්‍ය එඩිතර වී නොමැත.

ව්‍යාජ-වාම සංවිධානවල භූමිකාව විශේෂයෙන් සැලකිය යුතු ය. ලේමන් ඔහුගේ නඩුව ගොනු කරන විට, එක්කෝ ඡන්ද විමසීම පුරාවටම ඔවුන් අනුගමනය කල නිශ්ශබ්දතාවය එලෙස ම පවත්වා ගෙන ගියේය, නැතහොත් එය පැහැදිලිවම හෙලා දුටුවේය. මෙම සංවිධාන—ඇමරිකාවේ ඩිමොක්‍රටික සමාජවාදීන්, ලේබර් නෝට්ස් යනාදිය—නිලධරයේ ආස්ථානය පිලිබිඹු කරයි: කවර කොන්දේසියක් යටතේ හෝ වෘත්තීය සමිති යාන්ත්‍රනයේ වරප්‍රසාද ප්‍රශ්න කරන කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැක.

මෙම ප්‍රතිචාරය සඳහා වෛෂයික, පන්ති පදනමක් ඇත. ලෝසවෙඅ “ව්‍යාජ-වම” යන යෙදුම භාවිතා කර ඇත්තේ කම්කරු පන්තිය යටත් කිරීම සහ පන්ති අරගලය මර්දනය කිරීම මත පදනම් වූ ධනය කෙරෙහි ප්‍රවේශයක් සහිත ධනවත් මධ්‍යම පන්තියේ ස්ථරයක් හැඳින්වීමට ය. දාර්ශනිකව, ඔවුන්ගේ ප්‍රතිගාමී දේශපාලනය, මාක්ස්වාදයට, භෞතිකවාදයට සහ කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාවට එල්ල කෙරෙන නොගිනියහැකි ප්‍රහාරයන් මගින් යුක්තිසහගත කර ඇත, එය අනන්‍යතා දේශපාලනය—එනම් වාර්ගික හා ලිංගික භේදයේ දේශපාලනය—ප්‍රවර්ධනය කිරීම මගින් ප්‍රතිස්ථාපනය කර තිබේ.

මෙම සංවිධාන වෘත්තීය සමිති යාන්ත්‍රනයේ කොටසක් ලෙස ද ක්‍රියාත්මක වේ, එහි ඇති තනතුරු සඳහා වූ ප්‍රවේශය, මෙම තනතුරු වලින් ලැබෙන අනුරූප ආදායම අපේක්ෂා කරයි. යූඒඩබ්ලිව් ඡන්ද විමසීමේදී, ඔවුන් දිගුකාලීන යූඒඩබ්ලිව් නිලධරයෙකු වන ෂෝන් ෆේන්ගේ උද්ඝෝෂනයට පිටුබලය දුන් අතර, ඔහු සාමාන්‍ය කම්කරුවන් නොදන්නා තරම් ය. ව්‍යාජ වම, එහි නිමක් නැති පාවාදීම් නොතකා යාන්ත්‍රනයට සහාය දෙනවා නොව, සහාය දෙන්නේ එම පාවාදීම් නිසා ය.

එහෙත් යූඒඩබ්ලිව් නිලධරයේ දූෂනය නොතකා ඡන්ද විමසීමේ ක්‍රියාවලියේ වැදගත්ම ප්‍රතිඵලය නම්, එය එක්සත් ජනපදයේ කම්කරුවන් ස්වෝත්තමවාදීන් බවටත්, කිසිදා එක්කල නොහැකි ලෙස සමාජවාදීන්ට සතුරු බවටත් වන ප්‍රතිගාමී පැරනි (මිත්‍යා) විශ්වාසය පුපුරවා හැරීමයි. විල් ලේමන් සිය සමාජවාදී විශ්වාසයන් විවෘතව ප්‍රකාශ කරමින්, තමන් සමාජවාදී සමානතා පක්ෂයේ සහ ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර කම්කරු සන්ධානයේ ආධාරකරුවෙකු ලෙස හඳුන්වාදෙමින්, කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා කැඳවුම් කරන්නේ, ධනවාදය හෙලා දකිමින් සහ කම්කරු පන්තියට බලය මාරු කිරීම වෙනුවෙන් පෙනී සිටිමිනි.

අවසන් කිරීමට නියමිත කාලසීමාව දිගු කිරීම වැලැක්වීමට යාන්ත්‍රනය සමත් වූ නමුත් එය පරාජයක් සේ පෙනෙන ජයග්‍රහනයක් බව ඔප්පු කරනු ඇත. ධනේශ්වර විනිසුරුවරයෙකුට තමන්ට පක්ෂව තීන්දුවක් දෙන ලෙසට ඒත්තු ගැන්වීම, ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ අවිශ්වාසය සහ සතුරුකම ජය ගැනීම හා සමාන නොවන බව රේ කරි සහ ඔහුගේ සෙසු විගඩම්කාරී සගයින් සොයා ගනු ඇත.

ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වූ කම්කරුවන් අතර ලේමන් සඳහා දැවැන්ත සහයෝගයක් පමනක් නොව, මැතිවරන උද්ඝෝෂනය යාන්ත්‍රනයට පාලනය කල නොහැකි ක්‍රියාවලියක් මුදාහැර ඇත.

උත්ප්‍රාසාත්මක ලෙස, යූඒඩබ්ලිව්හි නීතීඥයන් උසාවියේදී ඉදිරිපත් කරන තර්කයක් නම්, ඡන්ද විමසීම ප්‍රමාද කිරීම, මාර්තු මාසයේදී යූඒඩබ්ලිව්හි කේවල් කිරීමේ සම්මේලනය පැවැත්වීමේ හැකියාව අඩපන කරනු ඇති බවත්, සංගමයේ 'ස්ථාවරත්වය' සහතික කිරීම සඳහා කාල නියමය බලාත්මක කල යුතු බවත් ය. කෙසේ වෙතත්, තම අපේක්ෂකයින් තෝරා පත් කර ගැනීමට යාන්ත්‍රනය සමත් වුවද, ලබන වසරේ අවසන් වන කොන්ත්‍රාත්තු වල දී මෝටර් රථ සමාගම ට තවදුරටත් සහන ලබා දීමට දරන උත්සාහය නොපිලිගන්නා කම්කරුවන් ඉදිරියේ එය අපකීර්තියට පත් වෙනු ඇත.

උද්ඝෝෂනයට කම්කරුවන්ගෙන් ලැබුනු බලගතු ප්‍රතිචාරය එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව පන්ති අරගලයේ වර්ධනයේ කොටසකි. විල් ලේමන්ගේ උද්ඝෝෂනය විසින් ආරම්භ කරන ලද ව්‍යාපාරය—වෘත්තීය සමිති යාන්ත්‍රනයේ ආඥාදායකත්වය බිඳ දැමීම සහ අහෝසි කිරීම, සාමාන්‍ය කම්කරුවන් වෙත බලය පැවරීම, කම්කරු පන්තියේ බලය මුදා හැරීම, පන්ති අරගලයේ විෂය පථය විශාල ලෙස පුලුල් කිරීම සහ එය ධනපති ක්‍රමයට එරෙහිව මෙහෙයවීම—දිගටම ශක්තිය ලබා ගනු ඇත.

Loading