තම රැකියා ආරක්ෂා කර ගැනීමේ සටන වැඩ කරන ජනයා අතරට ගෙන යමින් පුලුල්ව සංවිධානය කර ගැනීමට තිබූ අවකාශ නැති කර දමමින් “වෘත්තීය සමිති (නිලධරය) අපව හිර කරගෙන හිටියා” යැයි සතොස කම්කරුවන් සමාජවාදී සමානතා පක්ෂය (සසප) සංවිධානය කල සාකච්ඡාවකදී ප්‍රකාශ කලේය. සාකච්ඡාව තුලදී අවධානය යොමු කෙරුනේ රැකියා අහිමි කිරීමට එරෙහි සටන ඉදිරියට ගෙන යාම සඳහා සතොස සේවකයින් වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව සංවිධානය වීමේ අවශ්‍යතාවය පිලිබඳවය.
වෘත්තීය සමිති නිලධරයේ ක්‍රියා කලාපය පිලිබඳ සිය කෝපය පල කරමින් කම්කරුවෙක් මෙසේ පැවසීය; “වෘත්තීය සමිති නායකයන් මේ ප්‍රශ්නය (රැකියා අහෝසි කිරීම) අනිත් කම්කරුවන්ට කිව්වෙ නැහැ. මේක හංගලා තිබ්බෙ. එලියට දුන්නෙ නැහැ. අපිව හුදෙකලා කලා. වෘත්තීය සමිති අපිව අමාරුවෙ දැම්ම.”
සතොස කම්කරුවන් ගේ රැකියා අහිමි කිරීම පිලිබඳව ආන්ඩුවේ තීන්දුව වෙනස් කිරීමට අධිකරනය මැදිහත් නොවන බවට අභියාචනාධිකරනය දුන් තීන්දුව සමඟ 300ක් පමන වූ සතොස සේවකයින් ආයතනය ලබා දෙනවා යැයි කියන වන්දිය රැගෙන ගෙදර යාම හැර වෙනත් විකල්පයක් නැතැයි සතොස සේවකයින් සාමාජිකත්වය දරන සමිති වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප්‍රගතිශීලී කම්කරු සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය එක හෙලා කියා සිටියේය.
මුල් අවධියේදී සේවකයින්ගේ පිටුපසින් සතොස පරිපාලනය සමඟ සාකච්ඡා කරමින් රැකියා වලට එල්ල වීමට යන ප්‍රහාරය සේවකයින්ගෙන් වසන් කල මෙම සමිති නායකයින් රැකියාවන් අහෝසි කිරීම පරිපාලනය නිවේදනය කල විට අධිකරනය මගින් රැකියා අරක්ෂා කර ගත හැකි බවට සපථ විය.
රැකියා අහිමි කෙරුනු සතොස සේවකයෙක් මෙසේ සඳහන් කලේය:
“අපිට රස්සාව නැතිවුනා. තරුන සහෝදරවරුන්ට තව අවුරු 25 ක් ,30 ක් සේවය කරන්න ඉඩ තියෙනවා. අපි හැමෝම ආයතනය තුලින් හා ආයතනයට පිටින් බැංකු වලින් ලක්ෂ 15, 20 නය අරන් තියෙනවා. වන්දියෙන් නය බේරන්න බැහැ. අලුත් කම්කරුවන්ට (යෝජිත වන්දිය) ලක්ෂ 5යි,6යි. වන්දියෙන් නය බේරුවත් අපි නයකාරයෝ විදියට රස්සාවත් නැතිව පාරට වැටෙනවා.
“අපිට දැන් (සමිති නිලධාරීන්) කාවවත් විශ්වාස නැහැ. අපේ අනිත් සහෝදර සේවකයින්ට මේ තත්වය (ස්වාධීනව සංවිධානය වීමේ අවශ්‍යතාවය) තේරුම් කරල දෙන්න ඕන. අපි ඒ් අයවත් එකතුකර ගෙන සංවිධානය වෙන්න වැඩ කරමු.”
රැකියා අහිමි කල තවත් සේවකයක් සාකච්ඡාව තුල සඳහන් කලේ “මට තව අවුරුදු 30ක් වැඩ කරන්න පුලුවන්. ඒ් විදියට සේවා කාලය තියෙන අය තව ඉන්නවා. අපි ආයතන තුලිනුත් නය අරගෙන තියෙනවා. බැංකු වලිනුත් නය අරගෙන තියෙනවා. බැංකු වලින් නඩු දැම්මොත් අපි මොකද කරන්නේ?
“සමිති නායකයින් අපව අමාරුවේ දැම්ම. අපි අපේ සහෝදර සේවකයින්වත් එකතු කරගෙන මීට එරෙහිව සංවිධානය වෙන්න ඕන.”
“සතොස රැකියා රැකගැනීමේ අරගලයෙන් සියලුම කම්කරුවන්ට වැදගත් පාඩම්” යන මාතෘකාවෙන් යුත් ලෝක සමාජවාදී වෙබ් අඩවිය පල කල ලිපියේ මෙසේ සඳහන් කෙරිනි; “සතොස ප්‍රතිව්‍යුහකරනය යටතේ සේවකයන් ගේ රැකියා විනාශ කර දැමීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් ට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින් ක්‍රියාවට දමා ඇති රුදුරු කප්පාදු වැඩපිලිවෙලේ කොටසකි. එහෙයින්, සතොස කම්කරුවන්ගේ අරගලය තුල ඍජුව මතු කෙරුනේ ආන්ඩුවේ මෙම පිලිවෙතට එරෙහි සටනක හා එම අරගලයට සමස්ත කම්කරු පන්තියේ සහාය බලමුලු ගැන්වීමේ අවශ්‍යතාවයයි.
“පුද්ගලීකරනයට, රැකියා කප්පාදුවට සහ ඉසිලිය නොහැකි ජීවන වියදම් බරට තමන් ද මුහුන දී සිටින තතු යටතේ සතොස අරගලයට සියලු කම්කරුවන්ගේ සහාය ගොනුකර ගැනීමේ හැකියාව පැවතුනි.”
එසේ වුවද සියලු වෘත්තීය සමිති නායකයෝ, කම්කරුවන් එබඳු පොදු අරගලයකට මෙහෙයවීම ප්‍රතික්ෂේප කොට සේවකයින් සත්‍යග්‍රහයකට කොටු කර උසාවියෙන් “සාධාරනය” ඉටු වනතුැරු බලා සිටීමට සේවකයින් මෙහෙයවූ අතර උසාවි තීන්දුව අනුව රැකියා අහෝසිය පිලිගන්නවා හැර කල හැකි දෙයක් නැතැයි යන්න ගිල්ලවීමට ආන්ඩුවේ තැරැව්කරුවන් ලෙස ක්‍රියා කලහ.
සසප සමඟ සාකච්ඡාවට එලැඹුනු සතොස සේවකයින් කල ප්‍රකාශයන්ගෙන් සනිටුහන් වූයේ සමිති නිලධරයේ මෙම ප්‍රතිගාමීත්වය ඔවුනට සිය ජීවමාන අත්දැකීම් හරහා පසක් වූ ආකාරයයි.
වෘත්තීය සමිතිවල පරිහානිය වේගවත් කර ඇත්තේ වෘත්තීය සමිති නායකත්වයේ ආත්මීය චේතනාවන් විසින් නොවේ. එම පරිහානිය වනාහි, නිෂ්පාදනයේ ගෝලීයකරනය, ප්‍රාග්ධනයේ ජාත්‍යන්තර සංචලනය සහ සෑම ජාතික ආර්ථිකයක් කෙරෙහිම ලෝක වෙලඳපොලේ අසීමිත බලපෑම ආදී වසයෙන්, ලෝක ආර්ථිකය තුල සිදුවූ ගැඹුරු පරිවර්තනයන්ගේ නිර්මිතයකි. උපතේ සිටම ජාතික ආර්ථිකයට හා ධනපති ආර්ථික ව්‍යුහයට ඓන්ද්‍රියවම බැඳී ඇති වෘත්තීය සමිති දැන් පැන නැගී ඇති තියුනු ආර්ථික අර්බුදය තුල හිට ගන්නේ කම්කරු පන්තියේ අවශ්‍යතාව පැත්තේ නොව කම්කරු පන්තිය මත නොඉවසිය හැකි බර පටවමින් තම ආර්ථිකය රැක ගැනීමට වලි කන ධනේශ්වරය පැත්තේය.
සතොස කම්කරුවන්ගේ රැකියා ආරක්ෂා කර ගැනීමේ සටන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු නිර්දේශ මත කම්කරු පන්තියට එල්ල කරමින් ඇති ප්‍රහාරයේ මූලික පදනම් වලටම, එනම් නිශ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ධනපති ක්‍රමයටම අභියෝග කරන සටනක් විය. ධනපති ජාතික රාජ්‍යයට සහ ධනපති ක්‍රමයට දහසක් හුයපට වලින් බැඳී ඇති වෘත්තීය සමිති නිලධරය ඊට නායකත්වය දීමට කිසිසේත්ම සූදානම් නැත.
එබැවින් කම්කරුවන් හිරකර සටන් ශක්තිය මොට කරන මෙම සමිති නිලධරය ධනපති රාජ්‍යයේ සහ ධනපති ක්‍රමයේ රාමුවෙන් ඔබ්බට සටන ගෙන යාමේ කම්කරු පන්ති වුවමනාවට හරස් කපයි. කම්කරුවන්ගෙන් රැකියා අහිමි වීමේ අන්තරාය අවසන් මොහොත දක්වා වසන් කරමින් පරිපාලනය සමඟ සාකච්ඡාවන් සඳහා කාලය කා දැමූ සමිති නිලධරය, ඊනියා අවසන් විකල්පය ලෙස අධිකරනය හුවා දක්වා ඒ තුල කම්කරුවන් අවමංගත කර කම්කරුවන්ගේ සටන් ශක්තිය බිඳ දැමීමට කටයුතු කලේය. මෙම සමිති නායකයන් ක්‍රියාත්මක වන්නේ කම්කරුවන් මඬින “කාර්මික පොලිසියක්” ලෙසිනි.
සමිති නිලධරය විසින් කා දමනු ලැබුවේ, ආයතනයේ සේවකයන් සංවිධානය වී කම්කරු පන්තියේ අවශේෂ කොටස් සමඟ ඒ්කාබද්ධතාව ගොඩනගා ගනිමින්, රැකියා ආරක්ෂා කර ගැනීමේ සටන සඳහා සිය පන්ති ශක්තිය බලමුලුගන්වා ගැනීමට තිබූ වටිනා කාලයයි. සිය සාමාජිකත්වය පාවාදීමට හිලව් ලෙස පරිපාලනයට හා රාජ්‍යයට සමීපවී මධ්‍යම පන්තියට පැන ගැනීමේ වුවමනාවෙන් යුතු සමිති නිලධරයට රැකියා රැක ගැනීමේ සටනක සත්‍ය අවශ්‍යතාවක් නැත. සමිති නිලධරය තම අයිතිවාසිකම් ආරක්ෂා කර දෙතැයි යන මිත්‍යාව බැහැර කොට කම්කරුවන් ස්වාධීනව සංවිධානය විය යුත්තේ එබැවිනි.
රැකියා අහිමි කල සතොස සේවකයන් ස්වාධීනව සංවිධානය වීමේ අවශ්‍යතාව අවධාරනය කරමින් සේවකයෙක් තමන් සාකච්ඡාව තුල වටහා ගත් කරුනු මෙසේ සඳහන් කලේය; “මෙලෙස සංවිධානයවීම මඟින් අපට අපේ සටන ඉදිරියට ගෙන යා හැකි වනවා. අපේ රැකියා අපට ලැබේ යැයි අප කිසිවෙකුට හිතන්න බැහැ. ඒ්ත් අහෝසි කල සතොස රැකියා යලි ලබා ගැනීමේ හා අපගේ නය කපා හැරිය යුතු බවට වන ඉල්ලීමට අපට සටන් වදින්න පුලුවන් වෙන්නෙ අපි ස්වාධීනව සංවිධානය වුනොත් විතරයි. දැනට මේ ලෙස රැකියා අහෝසි කරන්න හදන ඕනෑම තැනක කම්කරු සටනක් ඇති වන විට අපි කවුරු හෝ ඊට සම්බන්ධ වෙලා අපේ අත්දැකීම ඒ් කම්කරුවන් සමඟ බෙදා ගන්න අප වැඩ කල යුතුයැයි මම යෝජනා කරනවා. කිසිම තැනක සොච්චම් වන්දියක් දෙනවට විරුද්ධව සටන් කරන්න අවශ්‍යයි. අපිට දීල තියෙන සොච්චම් වන්දිය වැඩි කරගන්නත් සටන් කරන්න පුලුවන් වෙන්නෙ ඒ් විදියට විතරයි.”