සසජාතශි පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පවත්වන ප්‍රසිද්ධ දේශනය: “කොමියුනිස්ට් ප්‍රකාශනය පිලිබඳ අධ්‍යනයක්”

ශ්‍රී ලංකාවේ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය, පෙබරවාරි 21දා “කොමියුනිස්ට් ප්‍රකාශනය පිලිබඳ අධ්‍යනයක්” යන මැයෙන් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේදී ප්‍රසිද්ධ දේශනයක් පවත්වයි. සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර, මෙම දේශනය පවත්වනු ඇත.

සසජාතශි, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මෙම දේශනය පැවැත්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමයට සිය ස්තූතිය පල කරන අතර, මෙය, එම මාක්ස්වාදී දේශන මාලාවේ දෙවැන්නයි.

පලමු දේශනය,“අපෝහක භෞතිකවාදය පිලිබඳ හැඳින්වීමක්” යන මාතෘකාව යටතේ පසු ගිය වසරේදී පැවැත්විනි. “සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීමේ දේශපාලන මූලයෝ” සහ “ලෝක ධනවාදයේ ආර්ථික අර්බුදය” මැයෙන් පැවැත්වෙන සෙසු දේශන දෙක සඳහා දින සහ වේලාවල් ඉදිරියේදී දැනුම් දෙනු ඇත.

කාල් මාක්ස් සහ ෆෙඩ්‍රික් එංගල්ස් සහයෝගීව ලියන ලද කොමියුනිස්ට් ප්‍රකාශනය පල කෙරුනේ, 1848 පෙබරවාරි 21දා ය. 1848 විප්ලවවාදී අරගල රැල්ල මහාද්වීපය පුරා පැතිරෙත්ම එය යුරෝපය පුරා බෙදා හැරිනි. එය, හතරවෙනි ජාත්‍යන්තරය ඇතුළු පැවති ජාත්‍යන්තර වල දේශපාලනික සහ න්‍යායික වැඩකටයුතු වර්ධනය කිරීමෙහි ලා ඉමහත් බලපෑමක් ඇති කරමින් ලෝක සමාජවාදී ව්‍යාපාරයේ මූලික පදනම් සූත්‍රගත කලේය.

“මෙතෙක් පැවති සියළු සමාජ වල ඉතිහාසය පංති අරගල වල ඉතිහාසයයි” යන ප්‍රකට වැකියෙන් ආරම්භ වන කොමියුනිස්ට් ප්‍රකාශනය, නිමා කෙරෙන්නේ, “සකල දේශවාසී නිර්ධනයිනි එක්වව්” යන වදන්වලිනි.

ප්‍රකාශනය, ඉතිහාසය සහ පංති අරගලය පිලිබඳ භෞතිකවාදී සංකල්පය හඳුන්වා දෙයි. ධනපති සමාජය සම්බන්ධයෙන්, නිශ්චිත සමාජ පන්තිවල ඉස්මතුවීම සහ පැවැත්ම නිෂ්පදාන බලවේගවල වර්ධනයෙහි නිශ්චිත අවධියකට බැඳී ඇති අයුරු එහි කතුවරු සංයුක්තව පැහැදිලි කරති. ධනපති ක්‍රමය යටතේ නිශ්පාදන මාධ්‍යවල ගෝලීය සංකේන්ද්‍රනය සහ නිෂ්පාදන බලවේගවල අති මහත් වර්ධනය එකී සමාජ සමාජ සබඳතා යල්පීනු ඒවා බවට පත් කර යි. මෙමගින්, කම්කරු පන්තියට දේශපාලන බලය ලබා ගැනීම සඳහා සහ සූරාකෑමෙන් තොරවූ තාර්කික පන්ති රහිත මානව සමාජයක් ස්ථාපිත කිරීම සඳහා අත්‍යාවශ්‍ය වෛෂයික කොන්දේසි නිර්මානය කරයි.

මෙම යුග-පරිවර්තක ඓතිහාසික කර්තව්‍යය සඳහා කම්කරුවන් දේශපාලනිකව වර්ධනය කිරීම සහ සූදානම් කිරීම සඳහා අත්‍යවශ්‍ය වන්නේ කුමක්ද යන්න ගැන අවධානය යොමු කල කොමියුනිස්ට් ප්‍රකාශය, “නිර්ධනයින් පංතියක් තුලට සහ අනුක්‍රමනිකව ඔවුන් දේශපාලන පක්ෂයක් තුලට සංවිධානය කිරීම” පිලිබඳ ගැටලු සාකච්ඡා කලේ ය.

ලෝක ධනවාදයේ බිඳවැටීමට ප්‍රකාශයට පත්කල පලමු ලෝක යුද්ධයේ පුපුරායාම සහ ඉන් ඉක්බිති ලෙනින් සහ ට්‍රොට්ස්කි විසින් නායකත්වය දුන් බොල්ෂෙවික් පක්ෂය විසින් මගපෙන්වන ලද 1917 රුසියානු විප්ලවයේ ජයග්‍රහනය, මාක්ස් සහ එංගල්ස්ගේ ඓතිහාසික ලේඛනයේ ඓතිහාසික වලංගු භාවය තහවුරු කලේය.

නැවතත්, සියළු අධිරාජ්‍යවාදී බලවතුන්, සියල්ලටමත් ඉහලින් එක්සත් ජනපදය, ප්‍රථිවිගෝලයම ගෝලීය යුදගිනිමැලයකට ඇදගෙන යමින් සිටින තත්වයක් තුල ගෝලීය ධනේශ්වර ක්‍රමය ගැඹුරු අර්බුදයක ගිලී පවතී. මෙම යල්පැනගිය ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීම සඳහා විප්ලවවාදී අවස්ථා සලසා දෙන දිග්ගැස්සුනු පන්ති අරගල වෙතට කම්කරු පන්තිය දැන් අවතීර්න වෙමින් සිටිති. මෙම කර්තව්‍යය සඳහා කම්කරු පන්තිය සහ තරුනයන් සූදානම් කිරීම දවසේ අවශ්‍යතාව බවට පත්ව තිබෙන අතර, මෙම සූදානම ඇතිකර ගැනීම සඳහා කොමියුනිස්ට් ප්‍රකාශනය අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය ය.

කොමියුනිස්ට් ප්‍රකාශනයේ ඉදිරිපත් කර ඇති මූලික සංකල්පනාවන් සහ මූලධර්ම පැහැදිලි කෙරෙන මෙම දේශනයට සහභාගී වන ලෙස සහ මෙම තීරනාත්මක සාකච්ඡාවට සම්බන්ධ වන ලෙස සසජාතශි, ශිෂ්‍යයින්ට, කම්කරුවන්ට සහ ශාස්ත්‍රාලිකයන්ට ඇරයුම් කරයි.

කොවිඩ් 19 වසංගත තත්වය බැරෑරුම් ලෙස සලකන සසජාතශි, තමන්ගේ සහ අන් අයගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා දේශනයට සම්බන්ධ වන සියළු දෙනාටම KN95 මුව ආවරන පලඳන ලෙස කාරුනිකව ඇරයුම් කරයි.

කොමියුනිස්ට් ප්‍රකාශනයේ සිංහල පරිවර්තනයක් මෙම සබැඳිය හරහා ලබා ගත හැකිය.

ස්ථානය - පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ දේශන ශාලා අංක 86
දිනය සහ වේලාව - පෙබරවාරි 21 සවස 3ට
Loading