විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සහ ආචාර්යවරු පිරිහෙමින් පවතින ජීවන හා අධ්‍යාපන කොන්දේසි පිලිබඳව කතා කරති

[මෙය Sri Lankan students and lecturers speak out about deteriorating conditions මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ මාර්තු 19 වන දා පලවූ ලිපියේ පරිවර්තනය යි.]

රට තුල වර්ධනය වන ගැඹුරු ආර්ථික අර්බූදය මධ්‍යයේ ආන්ඩුව ක්‍රියාවට නගන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු පිලිවෙත් හේතුවෙන් ශ්‍රි ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන හා ජීවන කොන්දේසි පෙර නොවුවිරු මට්ටමකට පිරිහි තිබේ. ආහාර, පොත්පත් සහ නවාතැන්, ප්‍රවාහනය සහ විදුලිබල ගාස්තු දැවැන්ත ලෙස ඉහල යෑමට සහ ජීවත් වීමට කිසිත් ප්‍රමානවත් නැති ශිෂ්‍යාධාරවලට සිසුන් මුහුන දී සිටිති.

සසජාතශි සාමාජිකයෙක් පේරාදෙනිය විශ්වවිද්‍යයාලයේ ශිෂ්‍යයන් සමග සාකච්ඡා කරයි

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් කිහිප දෙනෙක් සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයේ සාමාජිකයන් සමග දුෂ්කර කොන්දේසි හා අධ්‍යාපන පහසුකම්වල හිගය පිලිබඳව කතා කලේය. පිරිහෙන කොන්දේසිවලට එරෙහි ශිෂ්‍යන්ගේ කෝපය වැඩෙමින් තිබේ.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ශිෂ්‍යයෙක් වන බිම්සර ප්‍රකාශ කලේ නේවාසිකාගාර හිමිවන ශිෂ්‍යයෙක්ට පවා මසකට රුපියල් 20,000 ට වැඩි මුදලක් අවශ්‍ය කෙරෙන බවයි. “පසුගිය කාලෙ කැන්ටිම් වල කෑම මිල ගනන් වැඩි වුනා. සාමාන්‍ය බත් එකක් රුපියල් 90 දක්වා රුපියල් 30 න් වැඩි වුනා. චිකන් කෑල්ලකුත් දාගත්තම රුපියල් 200 මුලු ගාන. ගෝඩක් ලමයි කන්නේ කුකුල් මස්, මාලු නැති රුපියල් 90 බත් එකයි“. ”

රෝහලේ සෞඛ්‍ය අංශයේ ඖෂධ හිගයක් පවතින බව ඔහු පෙන්වා දුන්නේ ය. “හැම ලෙඩටම එකම බෙහෙත් කිහිපයක් දෙන්නෙ. ඒ නිසා ප්‍රයිවට් තැන් වලින් තමයි ලමයි බෙහෙත් ගන්නේ. ඒවාට ඉහල ගාස්තු අය කරනවා“ යයි ඔහු ප්‍රකාශ කලේ ය.

නේවාසිකාගාර පහසුකම් හිමි නොවූ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවන වසර ශිෂ්‍යයෙක් ප්‍රකාශ කලේ බෝඩින් කාමර කුලිය සහ ආහාර සඳහා මාසයකට රුපියල් 35,000 ක් පමන වැය වන බවයි.

“දෙවන වසර ශිෂ්‍යයන්ට නේවාසිකාගාර පහසුකම් හිමි වෙන්නේ නෑ. පරිපාලනයෙන් කියන්නෙ හොස්ටල් වල ඉඩ නැති හින්දා එහෙම කරනවා කියලා. සමහර හොස්ටල් වල වයිෆයි පහසුකම් නෑ. අධ්‍යාපනික සටහන් පල කරන්නෙ අන්තර්ජාලයේ. ලිපි ද්‍රව්‍ය හා මුද්‍රන මිල ගනන් වැඩි නිසා හුඟක් වෙලාවට පරිගනක වලින් නෝට්ස් කියවන්නේ“ යනුවෙන් ඔහු විස්තර කලේ ය.

ශිෂ්‍යයන් මුහුන දෙන තවත් ප්‍රශ්නයක් වන්නේ ආචාර්යවරුන්ගේ හිඟයයි. “රසායනික ඉංජිනේරු අංශයේ ආචාර්ය හිගයක් තියෙනවා. අපිට ඉහල බැච් එකේ අය කියන්නේ ආචාර්යවරුන්ගෙ හිඟයක් තියෙන නිසා ඒ විෂය තෝරගනිද්දි හිතලා බලන්න කියලා” එම ශිෂ්‍යයා ප්‍රකාශ කලේ ය.

ඉහල යන ජීවන වියදමට කිසිසේත් නො සෑහෙන, රජයෙන් ලබා දෙන රුපියල් 5,000 ක මහපොල ශිෂ්‍යාධාරය පවා බහුතරයක් සිසුන්ට මාස ගනනාවකින් ලැබී නැත. තදබදයෙන් යුත් බොහෝමයක් නේවාසිකාගාරවල ජලය, විදුලිය, සනිපාරක්ෂක සේවා හා කියවීම් ශාලා නිසි පරිදි ඇත්තේ නැත. පෞද්ගලික බෝඩින් කාමරයක මාසික කුලිය රුපියල් 7,000ක් ඉක්මවයි.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මාර්ස් පිරිමි නේවාසිකාගාරය

ගිහාන් හා ආකේෂ් යන පලමු වසර ශිෂ්‍යයන් දෙදෙනෙක් කියා සිටියේ විශ්වවිද්‍යාලයට ඇතුලු වී මාස 7 ක් ගත වී ඇතැත් මහපොල ශිෂ්‍යාධාර ලැබී නො මැති බවයි. ඔවුන් දෙදෙනාට සුපිරි වෙලඳසැල්වල වෙලඳ ප්‍රවර්ධන කටයුතුවල නිරත වීමෙන් ලැබෙන්නේ දිනකට රුපියල් 1,500 ක සොච්චමකි. සිය දෙමාපියන් ද දරුනු ආර්ථික දුෂ්කරතාවන්ගෙන් පරිපීඩිතව සිටින තත්වයේ දී, ඔවුන් දෙදෙනා කියා සිටියේ තම ආර්ථික ගැටලු දෙමාපියන්ට නොපවසන බවයි.

කලා පීඨයේ ජේෂ්ඨ කතිකාචාර්යවරයෙක් වන සුමුදු වලාකුලුගේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු මුහුන දෙන දුෂ්කර කොන්දේසි පිලිබඳව පැහැදිලි කලේ ය.

“ආර්ථික අර්බූදය, ආචාර්යවරුන්ට ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අර්ධකාලීන රැකියාවල හෝ වෙනත් ව්‍යාපාරයක නිරත වන තැනට පත් කරලා. ගොඩක් දෙනෙක්ට පුද්ගලික අංශයේ, රාජ්‍ය නොවන සංවිධානවල වැඩ කිරීමට හෝ ඔවුන්ගේ ම ව්‍යාපාරයක් කරන්න බල කෙරිලා.

“මේ තත්වය උඩ, ආචාර්යවරුන්ගේ වෘත්තියේ මුලික අංගයක් වන පර්යේෂන වැඩකටයුතුවල නිරත වීමට ඔවුන්ට කාලයක් නැති වෙලා. වාර්ෂිකව පර්යේෂනයක් කරන්න ආචාර්යවරු බලාපොරොත්තු වුනත්, බහුතරයකට ඒවා සම්පූර්න කරන්න බැරි වෙනවා“.

“නිරතුරුව පර්යේෂන සිදු කරන ආචාර්යවරු, ආදායමක් ලබා ගැනීම සඳහා අධ්‍යයන අවශ්‍යතාවලට වඩා බහුජාතික සමාගම්වල අවශ්‍යතාවලට ඒවා කේන්ද්‍රගත කරනවා. සමහරු [තමන්ගේම] ආර්ථික ප්‍රයෝජන සඳහා උපාධි අපේක්ෂකයන්ගෙන් අතට තම පර්යේෂන සොයාගැනීම් හමුවීම වලක්වමින් පර්යේෂන ප්‍රකාශන වල හිමිකම් රඳවා ගන්න නැඹුරු වෙනවා.”

මේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් සමහර ආචාර්යවරු ඔවුන්ගේ දරුවන්ගේ අනාගතයට මූලිකත්වය දීලා රට අතහැරලා යනවා.

උසස් පෙල ඉහල කඩඉම් ලකුනු මත රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුලත් වන සිසුන්ගේ දුක්ඛිත තත්ත්වය පිලිබඳව වලාකුලුගේ පෙන්වා දෙමින්, විශේෂයෙන් නේවාසිකාගාර සම්බන්ධයෙන් ඔවුන් මුහුන දෙන දුෂ්කරතාවයන් ගැන සඳහන් කලේ ය.

මෑත වසරවලදී කිසිදු ප්‍රතිසංස්කරනයක් සිදු නොකල නේවාසිකාගාර තත්ත්වය ඉතා භයානක හා අනතුරුදායක බව ඔහු අවධාරනය කලේ කලේහා අනතුරුදායක බව ඔහු අවධාරනය. විශ්වවිද්‍යාල පහසුකම් අඩු කිරීම සිසුන් පෞද්ගලික විශ්වවිද්‍යාල දෙසට යොමු කරමින් වක්‍රව පෞද්ගලික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමකි.

මාර්ස් නේවාසිකාගාරයේ නාන කාමර පද්ධතියක්

ඈත මොනරාගල දිස්ත්‍රික්කයේ ශිෂ්‍යාවක් වන නුවන්ති මේ වනවිට සිය ශාස්ත්‍රවේදී උපාධිය හදාරමින් සිටින්නීය.

“මගේ පියා ශ්‍රී ලංකා හමුදාවේ රැකියා කරන්නේ. මට තව පවුලේ හතර දෙනෙක් ඉන්නවා. මගේ තාත්තාගේ මාසික වැටුප රුපියල් 45000 මගේ නංගිලා මල්ලිලාගේ වියදම්වලටත් මදි” ඇය පැවසුවා ය.

ඇගේ පියා රජයේ සේවකයකු බැවින් ඇයට ද ශිෂ්‍යාධාර හිමි නොවේ. බෝඩින් කාමරයක් සඳහා ඇයට රුපියල් 6000 ක් වැය වේ. නේවාසික ගාස්තු, ආහාර, පොත්පත් සහ අනෙකුත් ද්‍රව්‍ය ඇතුලු ඇගේ වියදම් පියවා ගැනීමට ඇයට මසකට රුපියල් 20000 කට වඩා අවශ්‍ය කෙරේ.

“මම දැන් හවස 5 සිට රාත්‍රී 10 වෙනකන් ප්‍රෙස් එකක ටයිප් කරනවා. නමුත්, මට මාසයක් ම වැඩ කලාම ලැබෙන්නේ රුපියල් 15,000 යි. මම දවසකට දැන් පැය 5 ක් වත් නිදා ගන්නේ නෑ. නිසි ආහාරයකුත් නෑ. මේක මගේ අධ්‍යාපනයට විතරක් නෙමේ සෞඛ්‍යයටත් ගොඩක් බලපාලා තියෙන්නේ“ යනුවෙන් ඇය ප්‍රකාශ කලා ය.

මොනරාගල වැනි ප්‍රදේශවල පාසල් තුල උසස් පෙල පන්ති ආරම්භ කලත් වැඩිකල් නොපවතින බව ඇය පෙන්වා දුන්නා ය. “ගුරුවරු ඒ ප්‍රදේශවල තියෙන දුෂ්කර කොන්දේසි නිසා මාරුවෙලා යනවා. අපිට පාසල් කාලයේ ම ඉංග්‍රීසි ගුරුවරයෙක් හිටියේ නෑ. මම ගිය පාසලට දැන් අවුරුදු 50 ක් විතර වෙනවා. නමුත් ඒ කාලය තුල පාසලෙන් විශ්වවිද්‍යාල වරම් ලැබූ එකම ලමයා මමයි“.

මොනරාගල ප්‍රදේශයේ තියෙන දුෂ්කර ආර්ථික කොන්දේසි හේතුවෙන් බොහොමයක් තරුන තරුනියන් කටුනායක, බියගම වැනි අපනයන වෙලඳ කලාපවල සේවයේ නිරත වන බව ඇය පෙන්වා දුන්නා ය. “තව ගොඩක් තරුනයෝ හමුදාවට බැඳුනා. ජීවිත නැති වුන අය ගොඩක් ඉන්නවා. ජීවිතය ගැන නොසිතා හමුදාවට බැඳෙන්නේ තියෙන ආර්ථික ප්‍රශ්න, වෙනත් රැකියා අවස්ථා නැති නිසා“.

“ගොඩක් ශිෂ්‍යයන් භාෂාවන්, ඉතිහාසය වැනි විෂයන් වැඩිදුරටත් හැදෑරීමේ අවශ්‍යතාවය නිසා ඉගෙන ගන්නවා. කලා උපාධියක් හදාරලා මටත් රැකියාවක් සොයා ගැනීම අතිශය දුෂ්කර බව මම දන්නවා“.

ඉමාන් කලා පීඨයේ ඉගෙනුම ලබන අනුරාධපුර සිට පැමිනෙන ශිෂ්‍යෙයකි. ඔහු තම දෛනික වියදම් සොයා ගන්නේ සතියකට දින කිහිපයක් ෆිලාන්ස් වැඩවල නිරත වීමෙනි. “රාත්‍රී ආහාරය පිලියල කර ගන්න යාලුවෝ කිහිප දෙනෙක් එකතු වෙලා ඉන්නවා. ගොඩක් වෙලාවට අපි කන්නේ පරිප්පුයි බතුයි. මගේ තාත්තා හමුදාවේ නිසා මට ශිෂ්‍යාධාරයක් ලැබෙන්නේ නෑ.

“මට කියවගන්න පුලුවන් වෙන්නේ දේශනවල සටහන විතරයි. පුස්තකාලයේ පොත් හෝ අන්තර්ජාලය පරිශීලනය කරන්න වේලාවක් නෑ. අනුරාධපුරයේ සිට පේරාදෙනියට කිලෝමීටර් 150කට වැඩි දුරක් තියෙනවා. හැම වෙලාවෙම ගිහින් ආපහු එන්න රුපියල් 2000කට වැඩිය යනවා. ඒ නිසා මට සති පතා ගෙදර යන්න ලැබෙන්නෙත් නෑ“.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ආන්ඩුවේ කප්පාදු පියවරවලට එරෙහිව පෙබරවාරි 27 කොලඹ දී විරෝධතාවයේ යෙදෙති (ඡායාරූපය: අවිශිබම ෆේස්බුක් පිටු) [Photo: IUSF]

ව්‍යාජ-වාම පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් පාලනය කරන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) සහ සිංහල ස්වෝතමවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් මෙහෙය වන ශිෂ්‍ය සංගම් නොමඳව ශිෂ්‍යයන්ගේ විරෝධතා කැඳවා තිබේ.

ආන්ඩුවලට හා විශ්වවිද්‍යාල බලධාරීන්ට පීඩනය යෙදීමෙන් ශිෂ්‍යයන් මුහුන දෙන ගැටලු විසදෙනු ඇතැයි මේ කන්ඩායම් දෙකම ප්‍රෝඩාකාරි ලෙස ප්‍රකාශ කර සිටින නමුත් ශිෂ්‍යයන් මුහුන දෙන තත්වය අඛන්ඩව නරක අතට හැරෙමින් තිබේ. අවිශිබමය සහ ජවිපෙ පාලනය කරන ශිෂ්‍ය සංගම්, මෙම ඉහිලුම් නොදෙන කොන්දේසි නිර්මානය කර තිබෙන ධනපති රාමුව තුල ශිෂ්‍යන් දේශපාලනිකව කොටු කරයි.

විශ්වවිද්‍යාලවල තත්වය බලයට පත් ආන්ඩු විසින් අධ්‍යාපන ප්‍රතිපාදන කප්පාදුවේ හා ලාභ උත්පාදනය කරන පෞද්ගලික පාසල් සහ විශ්වවිද්‍යාල ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිඵලයක් බව සසජාතශි අවධාරනය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වත්මන් ආන්ඩුව ජාමූඅ පුලුල් කප්පාදු වැඩපිලිවෙලක කොටසක් ලෙස නිදහස් අධ්‍යාපනයේ ඉතුරු තිබෙන යමක් වේ නම් එයත් අතුගා දැමීමට තවදුරටත් පියවර ගනිමින් සිටී.

අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමට හා මෙම කප්පාදු පිලිවෙත් පරාජය කිරීමට ශිෂ්‍යයන් කම්කරු පන්තිය දෙසට හැරී සමාජවාදී පිලිවෙත්වලට සටන් වැදීම් අවශ්‍ය ය.

Loading