ලංකාවට බලපෑ අධික වර්ෂා සහ සුලං තත්වය ඉරිදා උදෑසන වන විට පවුල් 53,388 ක 143,726 ක් අවතැන් කරමින් දැවැන්ත විනාශයක් ජනනය කලේය. ගංවතුර, සුලං සහ නායයාම් හේතුවෙන් නිවාස 103 සම්පූර්නයෙන් විනාශ වූ අතර 2,635 කට අර්ධ හානි සිදු විය. පීඩාවට ලක්වූ පිරිස 479,871 ක් වන අතර මරන 17ක් වාර්තා විය.
මේ ආකාරයට වාර්ෂිකව ඇද හැලෙන වැසි ඇතුලු ස්වභාවික ආපදා වලින් දැවැන්ත සමාජ ව්‍යසනයක් නිර්මානය වීම සාමාන්‍යයක් බවට පත්ව ඇත.
ආපදා කලමනාකරන මධ්‍යස්ථානයට අනුව 2018-2022 අවුරුදු පහේ ස්වභාවික ආපදා වලින් සිදුවූ වාර්ෂික මරන සාමාන්‍යය 140 ක් පමන වේ. වාර්ෂිකව සාමාන්‍යයෙන් දස ලක්ෂයක පමන පිරිසක් පීඩාවට පත් වේ. මේ වසරේ අවසාන මාස පහ තුල පමනක් අටලක්ෂයකට ආසන්න පිරිසක් ආපදා වල බලපෑමට ලක්ව ඇත.
මෙම තත්වය පෙන්නුම් කරන්නේ වත්මන් ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුන (ජාජබ/ජවිපෙ) ආන්ඩුව අනුයන අනුප්‍රාප්තික ආන්ඩු ක්‍රියාවට දැමූ ආපදා වලට ප්‍රතිචාර ලෙස එදා වේල පිරිමසා ගැනීමේ ක්‍රමවේදය මහජනයාගේ ජීවිත ආරක්ෂා කිරීම ඇතුලු ආපදා හානි වලට මුහුන දීමට කිසිසේත් ම නොසෑහෙන බවයි. ඉන් මතු වන්නේ ආපදා කලමනාකරනය සඳහා මනාව සැලසුම් කෙරුනු විද්‍යාත්මක ප්‍රතිචාරයක අවශ්‍ය බවයි.
ස්වභාවික ආපදා ඇතිවීම ස්වභාවික කාරනාවකි. නමුත් ගැටලුව බවට පත් වී ඇත්තේ කාලගුන තත්වයන් පෙර දැකීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම යන ක්ෂේත්‍රවල විද්‍යාත්මක ඥානය වඩාත් පුලුල් කරමින් විද්‍යාව සහ තාක්ෂනය ඉහල මට්ටම්වලට නැගී ඇති මෙවන් කාලයක මේ අයුරින් ස්වභාවික ආපදා දැවැන්ත ඛේදවාචකයකින් අවසන් වීමයි.
එවන් තත්වයක් උදාවී ඇත්තේ මන්ද?
විශ්ලේෂනයන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ, මෙම ඛේදවාචකයන්ට මූලිකව ම තුඩුදී ඇත්තේ එකිනෙකට සම්බන්ධ ක්‍රියා වලින් දෙකක් බවයි: පරිසරයට සිදුවන ඉමහත් හානි නොතකා ඉවබව නොමැතිව ලාභය සඳහා කෙරෙන නිෂ්පාදනය විසින් ගෝලීය දේශගුනික විපර්යාසයන් කෙරහි ඇතිකර තිබෙන බලපෑම ඉන් එකකි; අනෙක, හා පසුගිය දශකවල රට පාලනය කල ආන්ඩු විසින් අත්‍යවශ්‍ය සේවා ඇතුලුව විවිධ ක්ෂේත්‍රයන්හි ගෙන ගිය කප්පාදු කිරීම් ආපදා කලමනාකරනයට බරපතල ලෙස බලපෑම ය.
ආපදා කලමනාකරනයේ මූලික අංශ වන්නේ පෙර සූදානම, ආපදාවට ප්‍රතිචාර දැක්වීම, පුනරුත්ථාපනය, වලක්වා ගැනීම සහ ඒවායේ හානි අවම කිරීමයි. ව්‍යසන කලමනාකරන ජාතික සභාව, කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කලමනාකරන මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය වෙත එම කටයුතු පැවරේ.
ප්‍රතිපාදන නොමැතිකම සහ සේවක හිඟය හේතුවෙන් මෙම අංශ පවතින්නේ අඩපනවය. ඒ පිලිබඳව 2024 දී “ශ්‍රී ලංකාවේ ස්වභාවික ව්‍යසනවලින් සිදුවන ආපදාවන් කලමනාකරනය සඳහා සම්බන්ධිත ආයතනවල කාර්යසාධනය” මැයින් ජාතික විගනන කාර්යාලය නිකුත් කල වාර්තාව තොරතුරු හෙලිදරව් කරයි.
කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව
කාලගුන අනාවැකි ලබා දීම පැවරෙන්නේ කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවටයි. ප්‍රතිපාදන හිඟය නිසා කාලගුනික දත්ත ලබාදෙන උපකරන නිසි පරිදි ක්‍රියා නොකිරීම සහ නව තාක්ෂනය නොමැති වීම හේතුවෙන් දත්ත හිඟයක් පැන නැග ඇත. එම නිසා නිරවද්‍ය කාලගුන වාර්තා ලබා දීමේදී ගැටලු පැන නංවන අතර මෑත කාලයේදී එවන් සිදුවීම් ගනනාවක්ම වාර්තා විය.
*වැසි තත්වය පිලිබඳ ආසන්න කාලගුනික දත්ත ලබාදෙන ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක් ස්ථාපිත කිරීමට 2017 දී ජායිකා ආයතනය සමග එකඟතාවයකට පැමින තිබූ අතර මිල ගනන් ඉහල යාමත් සමග ප්‍රතිපාදන ප්‍රමානවත් නොවීම නිසා එක් රේඩාර් පද්ධතියක් පමනක් සවි කිරීමට 2022 දී එය සංශෝධනය කර ඇත.
*කාලගුන පරාමිතීන් ලබා දෙන ස්වයංක්‍රිය පද්ධති 38ක් 2006 දී ස්ථාපිත කර ඇති අතර ඉන් තුනක් අක්‍රීයව ඇත. 2023 ජූලි මාසය වන විට මධ්‍යස්ථාන 11 ක බැටරිවල ආයු කාලය අවසන් වීම නිසා ඒවා ක්‍රියා විරහිතව ඇති අතර විගනන වාර්තාව පෙන්වා දී තිබුනේ ඒවා නිසි පරිදි නඩත්තු කෙරී නොමැති බවයි.
*වර්ෂාපතනය පිලිබඳ මිනුම් ලබාදෙන සාම්ප්‍රදායික වැසි මාපක 453 න් 72 ක 2023 මැයි මාසය වන විට අඛන්ඩව දත්ත නොලැබේ. නඩත්තු කටයුතු නොකිරීම නිසා 2023 මැයි මාසය වන විට ස්වයංක්‍රීය වැසි මාපක 122කින් වර්ෂාමාන 52ක් අක්‍රීය වී දත්ත ලබා දීම නතර වී ඇත. මෙම ස්වයංක්‍රීය වැසි මාපක තෙත් කලාපයේ ගංගා ද්‍රෝනි 05 ආශ්‍රිතව පිහිටුවා ඇති අතර ඒවා කාලෝචිත පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සම්බන්ධයෙන් තීරනාත්මක ක්‍රියා කලාපයක් ඉටු කරයි.
*2023 මැයි මාසය වන විට කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමත තනතුරු 462 න් 117 පුරප්පාඩු පවතී. මෙම තාක්ෂනික නිලධාරීන්ගේ, කාලගුන විද්‍යාඥයන්ගේ හිඟය දත්ත විශ්ලේෂනයේදී, ඒවා නිරවද්‍යව ඉදිරිපත් කිරීමේදී, මෙන්ම අනෙකුත් තාක්ෂනික කටයුතු වලදී ද සීමාකාරී සාධකයක් ලෙස මතු වෙයි.
*විගනකාධිපති වාර්තාවට අමතරව, පර්යේෂන සහ දේශගුනික විපර්යාස අංශයේ අධ්‍යක්ෂ අනූෂා වර්නසූරිය පසුගියදා බීබීසී සේවයට සඳහන් කලේ කාලගුන දත්ත ලබා ගන්නා බැලුන් දෛනිකව උඩුගුවනට යැවීම සඳහා මුදල් භාන්ඩාගාරයෙන් ඉල්ලුම් කලද ඊට “ආර්ථික තත්වය හේතුවෙන්” මුදල් ප්‍රතිපාදන වෙන් කර නොමැති බවයි. ඒ හේතුවෙන් සතියකට අවස්ථා තුනකදී මෙම බැලූනය යැවීමට සිදුව ඇත.
එමෙන්ම වියදම් කප්පාදුව හේතුවෙන් සුලි කුනාටු සහ මෝසම් වැසි තත්ව පිලිබඳ අනාවැකි ලබා දීමේදී (forecast) අත්‍යාවශ්‍ය කාලගුන අනාවැකි ආකෘති (weather prediction models) ගොඩනැගීමේ තාක්ෂනය ලංකාවේ කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව යොදා නොගනී. ඒ වෙනුවට එය යුරෝපයෙන් එම දත්ත ගෙන එයි. කෙසේ වෙතත් නිරවද්‍ය කාලගුන තත්ව පෙරදැකීමක් සඳහා ජාතිකව සහ ප්‍රාදේශීයව වර්ධනයන් හඳුනාගනු වස් නිරීක්ෂන පහසුකම් වැඩි දියුනු කිරීමක් හෝ ලංකාව තුල සිදු කෙරී නොමැත.
ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනය
නාය යෑම් ඇතුලු ආපදා හානි අවම කිරීම සහ ඒවාට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමේ කර්තව්‍යය පැවරෙන ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය ද පවතින්නේ කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවට නොදෙවනි දුෂ්කර කොන්දේසි යටතේ ය.
*නායයෑම් අවදානම් ප්‍රදේශවල සවිකල ස්වයංක්‍රීය වර්ෂාමාන 330න් 109ක්ම 2023 අගෝස්තු වන විට අක්‍රීයව ඇත. ඊට එක් හේතුවක් වී ඇත්තේ ඒවා නඩත්තුව සිදු කරන ප්‍රධාන කාර්යාලයේ ඉතා “සීමිත නිලධාරීන්” පිරිසක් සිටීමයි. අධික වර්ෂාපතනයත් සමග නායයෑම් බහුලව සිදුවන්නේ ඉන් පාංශු තෙතමනය ඉහල නංවන නිසාය. එම නිසා නාය යාම් අවදානම් ප්‍රදේශ වල ජල පෝෂක පෙදෙස් වල සවිකර ඇති මෙම වර්ෂාපතන දත්ත ලබා දෙන මෙම වර්ෂාමාන නාය යෑම් පූර්ව අනතුරු ඇඟවීම් ලබා දීමේදී තීරනාත්මකය.
*නායයෑම් සිදුවිය හැකි ප්‍රදේශවල ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතු නියාමනය කෙරෙන නායයාම් තක්සේරු වාර්තා ලබා දීම “පුහුනු සේවක හිඟකම,..ප්‍රවාහන පහසුකම් වල හිඟකම” හේතුවෙන් මන්දගාමී ව ඇති බව වාර්තාව පෙන්වා දෙයි.
* 2022 දෙසැම්බර් 31 වන විට, 386 වන අනුමත කාර්ය මන්ඩලයේ පුරප්පාඩු 86 ක්ව පැවැතිනි. ඒ අතර, 4 ක පමන කාලයක සිට ජ්‍යේෂ්ඨ විද්‍යාඥ, විද්‍යාඥ, කලමනාකරු තාක්ෂනික/රසායනාගාර යන වැදගත් තනතුරු වල පුරප්පාඩු 35ක් පුරවා නැත . අධ්‍යක්ෂක පාලන තනතුර 2016 සිට ද නායයෑම් පර්යේෂන හා අවදානම් කලමනාකරන අධ්‍යක්ෂ තනතුර 2018 සිට ද පුරප්පාඩුවී පවතී.
ආපදා කලමනාකරන මධ්‍යස්ථානය
*ආපදා කලමනාකරන මධ්‍යස්ථානය සවි කල සුනාමි සහ සුලි සුලං පූර්ව දැනුම් දීමේ කුලුනු 77න් 55 ක්ම අක්‍රීය තත්වයේ පවතී.
*පුරප්පාඩු හේතුවෙන් ආපදා කලමනාකරන මධ්‍යස්ථානයේ සිටින්නේ අනුමත සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකකි. විගනන වාර්තාවට අනුව 2022 අවසන් වන විට සේවයේ නියුතු සිවිල් කාර්ය මන්ඩලය 288 වූ අතර තනතුරු 177 ක් පුරප්පාඩුව පැවතිනි. මෙය අනුක්‍රමිකව වසර ගනනාවක් තිස්සේම පවත්වාගෙන යන තත්වයකි. 2019 සිට 2021 දක්වා වසරවල එය පිලිවෙලින් 149ක්, 161ක්,163ක් සහ 177ක් විය.
*මධ්‍යස්ථානයට අනුමත බඳවා ගැනීමේ පටිපායෙන් පිටස්තරව නිත්‍ය රාජකාරි සඳහා හමුදාවේ නිලධාරීන් බඳවා ගෙන ඇති බව විගනන වාර්තාව පෙන්වා දෙයි. මහජන දැනුවත් කිරීම්, පූර්ව අනතුරු ඇඟවීම්, හදිසි මෙහෙයුම් කටයුතු වැනි අතිශයින්ම මානුෂීය සහ සංවේදී සිවිල් කටයුතු භාරව පවතින මෙම ක්ෂේත්‍රවලට පොලිසිය සහ ත්‍රිවිධ හමුදා ඇතුලු කිරීම ධනපති ආන්ඩු ගෙන ගිය මිලිටරීකරනයේ පියවරකි. ආපදා කලමනාකරන මධ්‍යස්ථානයේ 2022 වාර්තාවට අනුව මිලිටරිය නියෝජනය කරන පිරිස 161 කි.
ආපදා සහන සේවා මධ්‍යස්ථානය
*ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අනුමත කාර්ය මන්ඩලයෙන් අත්‍යාවශ්‍ය තනතුරු 37 ක පුරප්පාඩු පවතී. අවතැන් වූවන් සඳහා ද්‍රව්‍ය ගබඩා කිරීමේ මධ්‍යස්ථාන සැලකූ කල ඔරුගොඩවත්ත අංක 7 ගබඩාවේ වහලය පිලිසකර නොකිරීම හේතුවෙන් වර්ෂා කාලවල ජලය කාන්දු වී භාන්ඩ තොගවලට හානි සිදුව ඇති බව වාර්තාව පෙන්වා දෙයි.
මූලික කර්තව්‍යයන් පවා ඉටු කල නොහැකි පරිදි ආයතන අඩපන වීමට හේතුව ලෙස විගනන වාර්තාව පෙන්වා දෙන්නේ වංචා දූෂන, නිසි ක්‍රියාපටිපාටියට දේ සිදු නොවීම ආදී සිල්ලර කාරනාවන් ය. නමුත් එය ඊටත් වඩා ගැඹුරු හේතු කාරනා කරා යන්නකි.
2008 මූල්‍ය කඩා වැටීමෙන් තියුනු වූ ධනපති ක්‍රමයේ ගැඹුරු වන අර්බුදය හමුවේ අනුප්‍රාප්තික ආන්ඩු අධ්‍යාපනය, සෞඛ්‍යය, ආපදා කලමනාකරනය වැනි සමාජ අවශ්‍යතා සම්බන්ධ ක්ෂේත්‍ර වල පිරිවැය දැරීම අවම කරමින් එම ක්ෂේත්‍ර තුල දැවැන්ත කප්පාදුවක් දියත් කලේය.
කොවිඩ් වසංගතයත් සමග පාලක පන්තිය සමූහ ප්‍රතිශක්ති පිලිවෙත් ක්‍රියාත්මක කරමින් මානුෂීය අවශ්‍යතා වලට ඉහලින් ලාභ තැබීමට ක්‍රියා කල අතර සමූහ මරන සාමාන්‍යකරනය කලේය. ඒ යටතේ තවදුරටත් මෙම ක්ෂේත්‍ර වල වගකීමෙන් ආන්ඩුව ඉවත් වූ අතර ඒවායේ වගකීම මහජනතාව මත පැටවිනි.
2021 අයවැයෙන් ආපදා කලමනාකරනයට වෙන් කර තිබුනේ රුපියල් බිලියන 4.6 ක සොච්චමකි. එය 2023 සහ 2024 පිලිවෙලින් බිලියන 6.8 ක් සහ බිලියන 14.8 කි. මෙම වසරවල නැගී තිබූ උද්ධමනය සැලකු විට මේ වෙන්කල මුදලේ සැබෑ අගය කලින්ට වඩා පහලින් පවතී.
එම වසර තුල කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව සඳහා වෙන් කර තිබුනේ පිලිවෙලින් බිලියන 0.49 ක් සහ බිලියන 1.8 ක් පමනකි. නව තාක්ෂනය යොදා නොගැනීමට නොහැකිවීම, නඩත්තුව සිදු නොවීම, ප්‍රවාහන පහසුකම් හිඟය ආදී දෑ මෙම කප්පාදුවේ සෘජු ප්‍රතිඵලය.
ඒ අනුව, වැටුප් පිරිවැය කපා හැරීමට සේවකයින් සංඛ්‍යාව අඩු කෙරිනි. පුරප්පාඩු ඇති වූ පසු ඒවා නොපිරවීම එහිදී ධනපති ආන්ඩු ගෙන ගිය කුප්‍රකට පියවරකි. අත්‍යාවශ්‍ය කර්තව්‍යයන් පවා ඉටු කල නොහැකි ලෙසින් ආපදා කලමනාකරනය සම්බන්ධ ආයතන වල සේවක හිඟය මෙම ප්‍රහාරයේ ප්‍රතිඵලයකි. මෙම ක්ෂේත්‍රයේ ආයතන අඩපන වීම පෙන්නුම් කරන්නේ එම කප්පාදුවේ විනාශකාරී ප්‍රතිවිපාකයි.
මෙම පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) ඇප නය කොන්දේසි සමග වඩාත් තියුනු වෙමින් පවතී. ඒ යටතේ රාජ්‍ය ව්‍යවසයන් 430 ක් පුද්ගලීකරනය කිරීමට නියමිතය.
ජාජබ/ජවිපෙ ආන්ඩුව ජාමුඅ කොන්දේසි අනුව ඉදිරියට යන අතර 2025 අයවැය නිර්මානය කෙරෙන්නේ ජාමුඅ අධීක්ෂනය යටතේ ය. එලඹෙන වසරේ පටන් වියදම් කප්පාදුව මගින් සියයට 2.3 ක ප්‍රාථමික අතිරික්තයක් නිර්මානය කිරීමට නියමිතය. විදේශ නය ගෙවීම යටතේ මූල්‍ය ධනපතියන් වෙත ධනය තල්ලු කෙරෙමින් මෙම කප්පාදුව තව දුරටත් තියුනු කෙරෙනු ඇත. විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කිරීමෙන් තොරව මෙම ක්ෂේත්‍ර වෙත කෙරෙන වියදම් ඉහල නැංවිය නොහැක.
ගෝලීය කාලගුනය ගෝලීය උෂ්නත්වය ඉහල යාම සමග අතිශයින් අස්ථාවරයට පත්ව ඇත. එල් නිනෝ ලා නිනෝ තත්වයන් ජනිත කෙරෙමින් පවතින අතර අධික වර්ෂා කාල, නියං කාල ඉහල නංවමින් දැවැන්ත අනතුරක් මානව වර්ගයා ඉදිරියේ මතු කොට ඇත. මෙම තතු හේතුවෙන් ආපදා කලමනාකරනය දැවෙන අවශ්‍යතාවයක් බවට පත්වෙමින් පවතී. ජාත්‍යන්තර අවතැන් වීම් අධීක්ෂනය කිරීමේ මධ්‍යස්ථානය 2050 වන විට දේශගුනික සරනාගතයන් බිලියන 1.2 ඉක්මවා යා හැකි බවට ඇස්තමේන්තුගත කොට ඇත.
මෙම දේශගුනික විපර්යාස මෙන්ම ස්වභාවික ආපදා පිලිබඳ අභියෝගය ජයගත හැක්කේ ගෝලීයව සම්බන්ධීකරනය කෙරුනු ජාත්‍යන්තර ප්‍රතිචාරයක් හරහාය. විද්‍යාවේ හා තාක්ෂනයේ ඇතිව තිබෙන සුවිසල් වර්ධනයන් යොදා ගැනීම සෑම රටකට ම ගලා යායුතුය.
එහෙත්, ජාතික රාජ්‍ය පද්ධතියකින් බෙදී ඇති, ධනපති නිෂ්පාදනය අභිභවන ලෝකය තුල, මනුෂ්‍ය වර්ගයගේ එම විශිෂ්ට ජයග්‍රහනවල අයිතිය අත්පත් කරගෙන සිටින මහා කතිපයාධිකරයන් ඒවා යොදා ගෙන ඇත්තේ ලාභ ගැරීමේ අවශ්‍යතාව සඳහා ය. අනෙක් අතින්, එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී බලයන් ලෝකය බෙදා ගැනීම සඳහා න්‍යෂ්ටික අවි හරඹයකින් මනුෂ්‍ය වර්ගයා විනාශ කිරීමේ මුවවිටට ඇදගෙන යමින් පවතී.
එය ධනපති ක්‍රමයේ කේන්ද්‍රස්ථානය වන ඇමරිකාව තුල වඩාත් රුදුරු ආකාරයෙන් ප්‍රකාශයට පත් වෙයි. සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස වල කඩා වැදුනු හෙලන් සහ මිල්ටන් සුලිකුනාටු තුන්සියයකට වැඩි පිරිසක් මරනයට පත් කරමින් දැවැන්ත ඛේදවාචකයක් නිර්මානය කලේය.
ඊට මූලිකම හේතුවක් වූයේ මහජනයා බලපෑමට ලක්වන ප්‍රදේශ වලින් ඉවත් කිරීමට ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ආන්ඩුව ක්‍රියාත්මක නොකිරීමයි. බයිඩන් ඇතුලු ඇමරිකානු ආන්ඩුව එම ප්‍රදේශ වලින් ඉවත් වීමේ වගකීම මහජනයා මත පටවා ව්‍යසනයට ඉඩ දී බලා සිටියහ.
ලාභ ගරන ධනපති ක්‍රමය පදනම් ව ඇති එකිනෙකට හතුරු ජාතික රාජ්‍ය පද්ධතිය එවන් මනා සැලසුම්කරනයකට හරස්ව සිටී මෙම වසරේ පැවැත් වුනු COP 29 දේශගුන සමුලුව නිමාවකට පත්වූයේ 2035 පටන් “සංවර්ධනය වෙමින් පවතින රටවලට” ඩොලර් බිලියන 300 සොච්චමක් ලබාදෙන බවට පොරොන්දුවකිනි.
එය කිසිසේත්ම නොපෑහෙන අතර, නේචර් සඟරාවට අනුව 2035 පටන් වසර වල දේශගුනික විපර්යාසය සමග සටන් කිරීමට සෑම වසරකම අවම වශයෙන් ඩොලර් ට්‍රිලියන 10 ක් අවශ්‍යය. ගෝලීය මිලිටරි වියදම් ඩොලර් ට්‍රිලියන 2.2 ක් ඉක්මවා වර්ධනය කොට ඇති සහ ඩොලර් ට්‍රිලියන 6.2 කට වඩා වැඩි ඒකාබද්ධ ධනයක් හිමිකරගෙන සිටින බිලියනපතියන් 800 ක් බිහි කර ඇති ධනවාදයට මානව ජීවිත ආරක්ෂා කර ගැනීමට එවන් වියදමක් කිසිසේත්ම දැරිය නොහැක.
මෙම තතු පෙන්නුම් කරන්නේ ආපදා කලමනාකරනය ඇතුලු මානුෂීය අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ධනපති ක්‍රමය අපොහොසත් බවයි. එවන් කර්තව්‍යන් සඳහා තාර්කික ප්‍රතිචාරයක පලමු පියවර වනු ඇත්තේ මෙම පුද්ගලික අයිතීන් හා එය මුල්බැස ඇති ධනපති රාජ්‍ය පද්ධතියෙන් තාක්ෂනය ඇතුලු නිශ්පාදන මාධ්‍ය මුදා ගෙන, ලාභය සඳහා නොව මානව වර්ගයගේ උවමානවන් සඳහා නිෂ්පාදනය සැලසුම්ගත කිරීමයි.
මෙහි අර්ථය වන්නේ, ධනවාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදයේ ක්‍රියාමාර්ගය සඳහා සෑම රටක් තුල ම අරගලය ගෙනයාමයි.