පෙබරවාරි 27 වැනි දා ඉරිදා • ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 2.30 ට
කොවිඩ් සමඟ සටන් කරමු! ජීවිත බේරාගමු!තුන්වන ලෝක යුද්ධය දෙසට යන ධාවනය නවත්වනු!
wsws.org/live පිටුව හරහා විකාශය වන ඔන්ලයින් රැස්වීමක්
දැන් ම ලියාපදිංචිවන්න!
පෙබරවාරි 27 වැනි දා ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 2.30ට, රුසියාවට එරෙහි යුද්ධයක් සඳහා වන එක්සත් ජනපද-නේටෝ ධාවනයට එරෙහිව ලෝක සමාජවාදී වෙබ් අඩවිය ජාත්‍යන්තර ඔන්ලයින් වෙබිනාර් රැස්වීමක් පවත්වයි.
එක්සත් ජනපදය හා යුරෝපීය බලවතුන් යුක්රේනය සම්බන්ධයෙන් රුසියාවට එරෙහි ව අවුලුවාලමින් සිටින ගැටුම, නොමිනියහැකි ව්‍යසනයකින් පෘථිවි ගෝලයට තර්ජනය කරයි. අමූලික බොරු මත පදනම් ව ලෝකය තුන්වන ලෝක යුද්ධයේ අද්දරට තල්ලු කෙරෙමින් පවතී.
මේ පිලිවෙත තුල උමතුවක් ඇති නමුත් එය වෛෂයික හේතු සහිත උමතුවකි. කොවිඩ්-19 වසංගතය විසින් දැවැන්ත ලෙස උග්‍ර කරන ලද අධිරාජ්‍යවාදී භූ දේශපාලනයේ සහ විසඳිය නොහැකි අභ්‍යන්තර අර්බුදවල විසකුරු මිශ්‍රනයකින් යුද ධාවනය අවුලුවයි.
මෙම වෙබිනාර් රැස්වීම තුල, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රමුඛ සාමාජිකයින් සහ ලෝසවෙඅ ලේඛකයින්ගේ ජාත්‍යන්තර මන්ඩලයක්, එක්සත් ජනපද-නේටෝ යුද ධාවනයේ හේතු සහ ප්‍රතිවිපාක සමාලෝචනය කර යුද්ධයට එරෙහි සටනක් සඳහා දේශපාලන පදනම ඉදිරිපත් කරනු ඇත.
ඉරිදාපෙබරවාරි 27අලුයම 2.30 සිට 5.00 දක්වාශ්‍රී ලංකා වේලාව
වේලා කලාප වෙනස්වීම්
මැක්සිකෝ සිටි: පව 3.00, පෙබරවාරි 26, සෙනසුරාදා
ලන්ඩන්: පව 9.00, පෙබරවාරි 26, සෙනසුරාදා
බර්ලින්: පව 10.00, පෙබරවාරි 26, සෙනසුරාදා
ඉස්තාන්බුල්: මධ්‍යහ්න 12.00, පෙබරවාරි 27, ඉරිදා
එක්සත් ජනපද නැගෙනහිර වේලාව: පව 4.00, පෙබරවාරි 26, සෙනසුරාදා
බීජිං: පෙව 5.00, පෙබරවාරි 27, ඉරිදා
සිඩ්නි: පෙව 8.00, පෙබරවාරි 27, ඉරිදා
ලියාපදිංචිවන්න
ලෝක සමාජවාදී වෙබ් අඩවිය සංවිධානය කරන මෙම රැස්වීම සහ ඉදිරි රැස්වීම්වල තොරතුරු ලබා ගැනීමට ඊමේල් ලිපිනය ඇතුලු කරන්න.