වීඩියෝව: සෞඛ්‍ය සේවකයෙක් ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු පිලිබඳ සිය අත්දැකීම ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව, ගුරු සිසු දෙමව්පිය ක්‍රියාකාරී කමිටුව හා මධ්‍යම කඳුකරයේ ඕල්ටන් හා ග්ලෙනියුජ් තේ වතුවල කම්කරු ක්‍රියාකාරී කමිටු වැනි කම්කරු ක්‍රියාකාරී කමිටු කිහිපයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. සෑම වැඩබිමක ම, කර්මාන්ත ශාලාවක ම, කම්කරු නිවහන් ප්‍රදේශයක ම සහ ගමක ම ගොඩනැගිය යුතු මෙම ක්‍රියාකාරී කමිටු, සමාජයේ සමාජවාදී ප්‍රතිසංවිධානය සඳහා කම්කරුවන්ගේ බලයෙහි සංවිධානාත්මක පදනම පිහිටුවනු ඇත.

මෙම වීඩියෝවෙන්, සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෙක් තමන් ක්‍රියාකාරී කමිටුවකට බැඳුනේ මන්දැයි පැහැදිලි කරයි. එය පිහිටුවීමට අවශ්‍ය මගපෙන්වීම සහ සහාය සැපයීමේදී සසප විසින් ඉටු කරන ලද කේන්ද්‍රීය කාර්යභාරය මෙන් ම ඔහුගේ ජීවන තත්වය, වැඩවල ස්වභාවය, සමාජ තත්වයන් පිලිබඳ සඳහන් කරයි. සසප විසින් කැඳවන ලැබ ඇති “කම්කරු හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය” ගොඩනැගීම සඳහා සක්‍රීය ව සහාය දෙන ලෙස ඔහු සියලු කම්කරුවන්ට හා ග්‍රාමීය ජනතාවට ආරාධනා කරයි.

(නිවැරදි කිරීම: මෙම වීඩියෝව තුලදී උච්චාරනය කරන සමානතා සමාජවාදී පක්ෂය යන්න “සමාජවාදී සමානතා පක්ෂය” ලෙස නිවැරදි විය යුතු බව සලකන්න)

වැඩිදුර කියවන්න

Loading