ක්‍රියාකාරී කමිටු ගොඩ නගමු!

සෑම කම්හලකම, සේවා ස්ථානයකම හා නිවහන් ප්‍රදේශයකම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම කම්කරු පන්තියේ ඉල්ලීම් හා ​​ඓතිහාසික ඉලක්ක දිනා ගැනීම සඳහා තීරනාත්මක අවශ්‍යතාව බවට පත්ව ඇත!

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂය, ප්‍රධාන කර්මාන්තශාලාවල මෙන්ම සේවා ස්ථානවලද නිවහන් ප්‍රදේශ වලද අන්තර් සම්බන්ධිත ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනගමින් සිටී.

එහි ඉලක්කය වන්නේ ධනපති ආන්ඩුව විසින් කම්කරු පන්තියේ ජීවන බර ඉහල දමමින්ද, අයිතිවාසිකම් කප්පාදු කරමින්ද, කොවිඩ්-19 පැතිරීම වලක්වනවා වෙනුවට මහා ව්‍යාපාරික ලාබ ගැරීමට ඉඩ සලසමින්ද, පරිසරය වනසමින්ද, මිලිටරිය මත පදනම් වූ ආඥාදායකත්වයක් ගොඩ නගමින්ද අධිරාජ්‍යවාදී යුද්ධයට කරබදු වෙමින්ද, ගෙන යන රුදුරු වැඩ පිලිවෙලට එරෙහිව සමාජවාදය ගොඩ නැගීම කරා ඉදිරියට යන ජාත්‍යන්තර වැඩ පිලිවෙල මත දේශපාලනික මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීමය.

මෙම ක්‍රියාකාරී කමිටු ජාලය ගොඩ නැගීම සඳහා දැන් දැන්ම සම්බන්ධ වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

අප හා සම්බන්ධ වී ක්‍රියාකාරී කමිටු පිලිබඳව වැඩි දුර සාකච්ඡා කල හැකිය. ඒ් අනුව නව ක්‍රියාකාරී කමිටුවක් ගොඩ නැගීමට මූලිකත්වය ගත හැකිය.

ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට එකතු වන්න!
අපගේ ඉල්ලීම්

අපගේ ඉල්ලීම් පදනම් විය යුත්තේ ධනපති සංගතවලට සහ දේශපාලනඥයින්ට සපයාදිය හැකියයි කියන දේ මත නොව, සමස්ත කම්කරු පන්තියේ ජීවිත හා යහපැවැත්ම ආරක්ෂා කිරීමට අවශ්‍ය දේ මත ය.

මෙම පිටුවෙන් ඔබට:
ක්‍රියාකාරී කමිටුවකට බැඳෙන්න

ක්‍රියාකාරී කමිටුවකට බැඳීම සඳහා / කමිටු පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා හෝ කමිටුවක් ගොඩ නැගීම සඳහා දැන්ම අපව අමතන්න. ඔබේ සේවා ස්ථානය, කර්මාන්තශාලාව හෝ කලාපය තුල කමිටුවක් නොමැති නම්, ආරම්භ කිරීම සඳහා අපි ඔබට උදව් කරන්නෙමු.

එක්සත් ජනපදය: සාමාන්‍ය කම්කරුවෝ මෝටර් රථ කර්මාන්තයේ මහා වැඩ වර්ජනයක් ඉල්ලා සිටිති!

සමස්ත වැඩවර්ජනයක් සඳහා සටන් කිරීමට වහා ම සංවිධානය වන ලෙස, මෝටර් රථ කම්කරු ක්‍රියාකාරී කමිටු එකතුව සෑම කර්මාන්ත ශාලාවකම කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. සෑම යූඒඩබ්ලිව් [යුනයිටඩ් ඔටෝ වර්කර්ස් සංගමය] ලෝකල් සභාවකදීම, සමස්ත වැඩ වර්ජන ක්‍රියාමාර්ග ඉල්ලා සිටින යෝජනා සාකච්ඡා කිරීමට සහ ඡන්දය දීමට ක්‍රියාකාරී කමිටුවල සෑම සාමාජිකයෙකුගේම සහභාගීත්වයෙන් රැස්වීම් පැවැත්විය යුතුය.

මෝටර් රථ කම්කරු ක්‍රියාකාරී කමිටු එකතුව

රක්ෂන සංස්ථා සමිති නායකත්වයේ ඇතුගල සහ හෙට්ටිආරච්චි ට එරෙහි දඬුවම් මාරු වහා අවලංගු කරනු!

ලෝසවෙඅ හි ලිපිය පදනම් කර ගනිමින් සංස්ථා ප්‍රධානියා ගත් ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවර සම්බන්ධයෙන් සමිති නිලධරය කවර හෝ විරුද්ධත්වයක් පලකොට නොමැත.

එස්.කේ. කිර්ති, ජෝතිපාල දැදිගම

සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුවේ රැස්වීම: පුද්ගලීකරනයට ඉඩ සලසන ගෙවන වාට්ටු ක්‍රමයට විරුද්ධවෙමු! නිදහස් සෞඛ්‍ය සේවය රැකගැනීම සඳහා සෞඛ්‍ය සේවක සහ මහජන ක්‍රියාකාරී කමිටු ගොඩනගමු!

රජයේ රෝහල් තුල ගෙවන වාට්ටු ඇතිකිරීමේ සැලැස්ම නිදහස් සෞඛ්‍ය සේවය මුලුමනින් ම පුද්ගලීකරනය කිරීමේ හා එය දේශීය සහ විදේශීය ආයෝජකයන් සඳහා ලාභ ගරන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමේ පලමු පියවර වනු ඇත.

සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව

ඇඟලුම් කර්මාන්ත හිමියෝ පැනනැගී ඇති අර්බූදය කම්කරුවන් මත පටවති

මොවුන් ආන්ඩුවට යෝජනා කරන්නේ, දැනටමත් දරිද්‍ර වැටුප් මට්ටම්වල සිටින කම්කරුවන් ගේ වැටුප් තවතවත් කප්පාදු කරමින් බංග්ලාදේශයේ ඇඟලුම් කම්කරුවන් ගේ මාසික වැටුප වන ඩොලර් 75-80 දක්වා ලංකාවේ ද වැටුප් කප්පාදු කරන ලෙසයි.

අපේ වාර්තාකරුවන්
සංක්‍රමනික කම්කරු ක්‍රියාකාරී කමිටුව

යූඒඩබ්ලිව් නිලධරය සහ එහි මෝටර් රථ වැඩවර්ජනය පාවාදීම සවිබල ගැන්වීම සඳහා බයිඩන් පිකට් වැටවලට යාමට නියමිතයි

බයිඩන්ගේ සංචාරය තුලදී ඩිට්‍රොයිට් හි නැවතුම, වඩ වඩාත් අපකීර්තියට පත් යූඒඩබ්ලිව් නිලධරය ශක්තිමත් කිරීමට, එය ක්‍රියාත්මක කරන "වර්ජනය" පිලිබඳව විශ්වාසනීයත්වය ලබා දීමට සහ කම්කරුවන් පාවාදීම සඳහා මගපාදා දීමට දැරුනු උත්සාහයකි.

ජෝ කිෂෝර්

රැකියා අහිමි කිරීමට එරෙහිව සතොස සේවකයන් සත්‍යග්‍රහයක

සතොස සේවකයන් 300කට ආසන්න පිරිසකගේ රැකියා අහිමිකිරීම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් ට අනුව වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දැමෙන රාජ්‍ය අංශයේ සේවකයන් සහ ඔවුන්ගේ දරු පවුල් මහමගට ඇද දැමීමේ මෘග රැකියා ඝාතනයේ කොටසකි.

අපේ වාර්තාකරුවන්

වික්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි සටන සඳහා වරාය කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගමු

වරාය හා අනෙකුත් ආයතනවල කම්කරු පන්තිය ට කෙලින්ම මුනගස්වා ඇත්තේ වික්‍රමසිංහ ආන්ඩුව ඇතුලු ධපති පන්ති පාලනයට එරෙහි දේශපාලන අරගලයකින් තොරව එම වැඩපිලිවෙල පරාජය කිරීමට නොහැකි බවයි.

අපේ වාර්තාකරුවන්

මහා මෝටර් රථ සමාගම් තුනේ වැඩ වර්ජනය ව්‍යාප්ත කරනු! සමස්ත කර්මාන්තය අලලා ගත් වැඩ වර්ජනයක් කැඳවනු! බොරු “තෝරා ගත් තැන්වල පමනක් වැඩවර්ජන” එපා!

පසුගිය බ්‍රහස්පතින්දා මහා මෝටර් රථ සංගත තුනේ කම්කරුවන් 150,000ක් සඳහා වූ කොන්ත්‍රාත්තුව අවසන් වී සතියකට ආසන්න කාලයක් ගත වී ඇත. තව ද, “වර්ජනයක්” යයි කිව නොහැකි පූච්චානමක් වන එක්සත් මෝටර් කම්කරු සමිතියේ (යූඒඩබ්ලිව්) නිලධරය විසින් කැඳවන ලද මෙම “තොරා ගත් වැඩවර්ජන” (වෘත්තීය සමිති නිලධරය තෝරා ගන්නා ස්ථාන කීපයකට වැඩවර්ජන සීමා කිරීම මගින් සංගතවල ලාභ ) උපක්‍රමයක් ලෙස යොදා ගැනුනේ සාමාන්‍ය කම්කරුවන් දුර්වල කිරීමටත්, ඔවුන් බෙදීමටත් සහ හුදකලා කිරීමටත් ඉලක්ක කරගනිමින් බවත්, මෙමගින් [සංගත හිමියන්ට] දැවැන්ත සහන ලබා දීමට බල කිරීමට බවත් වඩා වඩාත් පැහැදිලි වෙමින් තිබේ.

එරික් ලන්ඩන්
අත්‍යවශ්‍ය කියවීම්
නිති විමසන පැන
කම්කරු ක්‍රියාකාරී කමිටුවක් වෘත්තීය සමිතියකින් වෙන්වන්නේ කෙසේද?

ක්‍රියාකාරී කමිටු වලට සියලුම ශ්‍රේනිවල නියෝජිතයන්ට සහභාගි විය හැකි අතර ශ්‍රේනි හෝ වෘත්තීය සීමා ඉක්මවා කම්කරු පන්තිය ඒකාබද්ධ කරයි. ඊට කම්කරු පන්තියට හිතැති වෙනත් සමාජ ​කොටස් නියෝජනය කරන නියෝජිතයින්ද කමිටුවේ අභිමතය පරිදි සහභාගි කර ගත හැකිය. (නිදසුන් ලෙස සේවා ස්ථානය සමග සම්බන්ද වන ‘පිටස්තර’ කම්කරුවන්, පලාතේ රැකියා විරහිත තරුන නියෝජිතයින්, සුලුතර ජන කන්ඩායම් හා සිසුන්) කමිටුවේ සාමාජික සංඛ්‍යාව ඇතුලු ඒහි රැස්වීම් පැවැත්වීමේ කාල පරාසය හා සන්නිවේදන විධික්‍රම ආදිය කමිටු සාමාජිකයන්ගේ අනුමැතිය සහිතව තීන්දු කල හැකිය.

ඒහි තීන්දු ගනු ලබන්නේ නිලධාරීවාදී ලෙස නොව සියලු සාමාජිකයින් සමග කෙරෙන සාකඡ්චාවකින් පසු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බහුතර ඡන්දයෙනි. ඒම සාකඡ්චාවන් තුලදී මත ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියලු නියෝජිතයන්ට ඉඩ අවකාශ ලැබේ.

කම්කරු ක්‍රියාකාරී කමිටු නීත්‍යානුකූලද?

ව්‍යවස්තාපිත මූලික අයිතිවාසිකම් යටතේ සංවිධානය වීමේද, තීරන ගැනීමේ හා ඒ් මත ක්‍රියාත්මක වීමේ නිදහස මත ක්‍රියාකාරී කමිටු පිහිටා සිටියි.