ක්‍රියාකාරී කමිටු ගොඩ නගමු!

සෑම කම්හලකම, සේවා ස්ථානයකම හා නිවහන් ප්‍රදේශයකම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම කම්කරු පන්තියේ ඉල්ලීම් හා ​​ඓතිහාසික ඉලක්ක දිනා ගැනීම සඳහා තීරනාත්මක අවශ්‍යතාව බවට පත්ව ඇත!

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂය, ප්‍රධාන කර්මාන්තශාලාවල මෙන්ම සේවා ස්ථානවලද නිවහන් ප්‍රදේශ වලද අන්තර් සම්බන්ධිත ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනගමින් සිටී.

එහි ඉලක්කය වන්නේ ධනපති ආන්ඩුව විසින් කම්කරු පන්තියේ ජීවන බර ඉහල දමමින්ද, අයිතිවාසිකම් කප්පාදු කරමින්ද, කොවිඩ්-19 පැතිරීම වලක්වනවා වෙනුවට මහා ව්‍යාපාරික ලාබ ගැරීමට ඉඩ සලසමින්ද, පරිසරය වනසමින්ද, මිලිටරිය මත පදනම් වූ ආඥාදායකත්වයක් ගොඩ නගමින්ද අධිරාජ්‍යවාදී යුද්ධයට කරබදු වෙමින්ද, ගෙන යන රුදුරු වැඩ පිලිවෙලට එරෙහිව සමාජවාදය ගොඩ නැගීම කරා ඉදිරියට යන ජාත්‍යන්තර වැඩ පිලිවෙල මත දේශපාලනික මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීමය.

මෙම ක්‍රියාකාරී කමිටු ජාලය ගොඩ නැගීම සඳහා දැන් දැන්ම සම්බන්ධ වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

අප හා සම්බන්ධ වී ක්‍රියාකාරී කමිටු පිලිබඳව වැඩි දුර සාකච්ඡා කල හැකිය. ඒ් අනුව නව ක්‍රියාකාරී කමිටුවක් ගොඩ නැගීමට මූලිකත්වය ගත හැකිය.

ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට එකතු වන්න!
අපගේ ඉල්ලීම්

අපගේ ඉල්ලීම් පදනම් විය යුත්තේ ධනපති සංගතවලට සහ දේශපාලනඥයින්ට සපයාදිය හැකියයි කියන දේ මත නොව, සමස්ත කම්කරු පන්තියේ ජීවිත හා යහපැවැත්ම ආරක්ෂා කිරීමට අවශ්‍ය දේ මත ය.

මෙම පිටුවෙන් ඔබට:
ක්‍රියාකාරී කමිටුවකට බැඳෙන්න

ක්‍රියාකාරී කමිටුවකට බැඳීම සඳහා / කමිටු පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා හෝ කමිටුවක් ගොඩ නැගීම සඳහා දැන්ම අපව අමතන්න. ඔබේ සේවා ස්ථානය, කර්මාන්තශාලාව හෝ කලාපය තුල කමිටුවක් නොමැති නම්, ආරම්භ කිරීම සඳහා අපි ඔබට උදව් කරන්නෙමු.

"නිදහස් අධ්‍යාපනය වගේම නිදහස් සෞඛ්‍යයත් පුද්ගලීකරනය දිසාවටයි තල්ලු කෙරෙන්නේ”: රජයේ වෛද්‍යවරයෙක්

වෛද්‍යවරුන්ගේ වැටුප් ඉල්ලීම් ගැටෙන්නේ අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල යටතේ නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කිරීමේ ජවිපෙ/ජාජබ ආන්ඩුවේ රුදුරු සැලසුම් සමග වන අතර, නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තියේ පොදු අරගලයක දැවෙන අවශ්‍යතාවය ඉන් මතු කෙරෙයි.

අපේ වාර්තාකරුවන්

සියලුම සෞඛ්‍ය සේවකයින්ට ඉල්ලීමක්

නිදහස් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සටන් කරමු! ක්‍රියාකාරී කමිටු ගොඩනඟමු!

සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව (එච්ඩබ්ලිව්ඒසී) අවධාරනය කරන්නේ ජාමූඅ හි කප්පාදුවට, ඒ මත පදනම් වූ ආන්ඩුවේ පිලිවෙත් සහ ධනවාදයටම එරෙහි අරගලයකින් තොරව, නිදහස් මහජන සෞඛ්‍ය සේවය ආරක්ෂා කල නොහැකි බවයි.

සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව

පාසල් සංවර්ධන නිලධාරීන්ට කැඳවුමක්: රැකියා අයිතිය දිනා ගැනීමට අවශේෂ කම්කරුවන් ගේ සහාය ගොනු කර ගනිමින් සටන් වදිමු!

සෑම අංශයක ම වෘත්තීය සමිති නායකයන් සේ ම පාසල් සංවර්ධන නිලධාරි සමිති නායකයන් ද සිදු කරන්නේ ධනපති ආන්ඩුවලට බලපෑම් දමා ධනපති ක්‍රමය තුල ම ප්‍රශ්න විසඳා ගත හැකි ය යන මිථ්‍යාව තම සාමාජිකත්වයට ගිල්ලවීමයි.

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව

රජයේ වෛද්‍ය නිලධාරි වර්ජනයට සහාය දෙමු! නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීමට සෞඛ්‍ය සේවකයන් ඇතුලු කම්කරු පන්තිය බලමුලු ගන්වමු!

අර්බුදයේ පවතින ධනපති ක්‍රමය තුල හා එහි විධායකය වන ධනපති ආන්ඩුව යටතේ මොනම කම්කරු කොටසකට, වෘත්තීය කන්ඩායමකට හෝ දුගී මහජනතාවට තම අයිතීන් සහ ජීවන කොන්දේසි අරක්ෂා කර ගැනීමට නොහැක.

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව
ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමුහිකය
නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවේ ඔන්ලයින් රැස්වීම සඳහා උද්ඝෝෂනය

පේරාදෙනිය ලමා රෝහලේ හෙදියෝ තම දුෂ්කර සේවා කොන්දේසි පෙන්වා දෙති

“අපි හැමදාම වැඩට එන්නේ ලොකු බරක් ඔලුවේ තියාගෙන. ආපසු යන්නේ වේදනාවෙන්. කොපමන වෙහෙසිලා සේවය කලත් ඒ ගැන කිසිම ඇගයීමක් නැහැ.”

අපේ වාර්තාකරුවන්

2023 දී සසප සාමාජිකයින්ට එල්ල වූ මැර ප්‍රහාරය පිලිබඳ අධිකරන නඩු විභාගය

මොරටුව විශ්ව විද්‍යාලය අසල සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරය හුදෙකලා වීදි කලහයක් නොව, විශ්ව විද්‍යාල සේවකයින් සහ සිසුන් අතර එය සංවිධානය වීම වැලැක්වීම සඳහා දේශපාලනිකව මෙහෙයැවුනු උත්සාහයක් බව සසප නොකඩවා පැහැදිලි කර තිබේ.

අපගේ වාර්තාකරුවන්

පෙබරවාරි 12 මහා වැඩ වර්ජනයට සහභාගී වන ඉන්දියානු කම්කරුවන් වෙත:

ධනේශ්වර ප්‍රතිගාමීත්වය පරාජය කර සමාජ සමානාත්මතාව සුරක්ෂිත කිරීම සඳහා, කම්කරුවන් තමන්ගේ ස්වාධීන පන්ති බලය ගොඩනඟා ගත යුතු ය!

ඉන්දියානු කම්කරු පන්තිය, දකුනු ආසියාව පුරා සහ ගෝලීය වශයෙන් ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනක දී දකුනු ආසියාව පුරා සහ ගෝලීය වශයෙන් කම්කරුවන් සමඟ අත්වැල් බැඳ ගත යුතු ය. ඉන්දියානු ශ්‍රමය සූරා කන එක ම ගෝලීය සංගත, සෑම තැනක ම කම්කරුවන් සූරා කයි. බාහිර ප්‍රතිවාදීන්ට එරෙහි ව යුද්ධයට සූදානම් වන එම ආන්ඩු ම, තම රටේ වැඩ කරන ජනතාවට එරෙහි ව යුද්ධ කරමින් සිටියි.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)
අත්‍යවශ්‍ය කියවීම්
නිති විමසන පැන
කම්කරු ක්‍රියාකාරී කමිටුවක් වෘත්තීය සමිතියකින් වෙන්වන්නේ කෙසේද?

ක්‍රියාකාරී කමිටු වලට සියලුම ශ්‍රේනිවල නියෝජිතයන්ට සහභාගි විය හැකි අතර ශ්‍රේනි හෝ වෘත්තීය සීමා ඉක්මවා කම්කරු පන්තිය ඒකාබද්ධ කරයි. ඊට කම්කරු පන්තියට හිතැති වෙනත් සමාජ ​කොටස් නියෝජනය කරන නියෝජිතයින්ද කමිටුවේ අභිමතය පරිදි සහභාගි කර ගත හැකිය. (නිදසුන් ලෙස සේවා ස්ථානය සමග සම්බන්ද වන ‘පිටස්තර’ කම්කරුවන්, පලාතේ රැකියා විරහිත තරුන නියෝජිතයින්, සුලුතර ජන කන්ඩායම් හා සිසුන්) කමිටුවේ සාමාජික සංඛ්‍යාව ඇතුලු ඒහි රැස්වීම් පැවැත්වීමේ කාල පරාසය හා සන්නිවේදන විධික්‍රම ආදිය කමිටු සාමාජිකයන්ගේ අනුමැතිය සහිතව තීන්දු කල හැකිය.

ඒහි තීන්දු ගනු ලබන්නේ නිලධාරීවාදී ලෙස නොව සියලු සාමාජිකයින් සමග කෙරෙන සාකඡ්චාවකින් පසු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බහුතර ඡන්දයෙනි. ඒම සාකඡ්චාවන් තුලදී මත ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියලු නියෝජිතයන්ට ඉඩ අවකාශ ලැබේ.

කම්කරු ක්‍රියාකාරී කමිටු නීත්‍යානුකූලද?

ව්‍යවස්තාපිත මූලික අයිතිවාසිකම් යටතේ සංවිධානය වීමේද, තීරන ගැනීමේ හා ඒ් මත ක්‍රියාත්මක වීමේ නිදහස මත ක්‍රියාකාරී කමිටු පිහිටා සිටියි.