ජනාධිපතිවරයාගේ මර්දනීය හදිසි නීතියට විරුද්ධ වනු
හදිසි නීතිවල සැබෑ ඉලක්කය, රටෙහි ආර්ථික අර්බුදයේ බර පැටවීම නිසා මහත් දුෂ්කරතාවන්ට මුහුන දෙන කම්කරු පන්තිය හා ගම්බද ජනයා බව සමාජවාදී සමානතා පක්ෂය අනතුරු අඟවයි.
අගෝස්තු මස අවසානයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි විපක්ෂයේ ඉතා සීමිත විවේචන සහ පාලක පක්ෂයේ බහුතර සහයෝගය ඇති ව පාර්ලිමේන්තුව හරහා තල්ලු කර ගනු ලැබුනි.
මෙම නීති පැනවීම “මහජන ආරක්‍ෂාව සහ යහපැවැත්ම ද, ප්‍රජාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා නඩත්තු කිරීම ද සහතික කිරීම සඳහා” බව ආන්ඩුව කියා සිටියත් එහි සැබෑ ඉලක්කය වන්නේ තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට අවතීර්න වෙමින් සිටින කම්කරු පන්තිය සහ ගම්බද දුප්පත් ජනතාවයි.
රාජපක්ෂ ආන්ඩුව පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින අතර මෙම අර්බුදයේ සමස්ත බරට කම්කරුවන් සහ දුගීන් උර දිය යුතු යැයි බල කරමින් සිටී. මහ ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම් වලට අනුකූල ව, රජය ඊයේ කොරෝනා වෛරසය හා සම්බන්ධ සීමිත සංචරන සීමා සහ සෞඛ්‍යාරක්ෂන ප්‍රතිපත්ති ඉවත් කලේය. ලාභ උත්පාදන අවශ්‍යතා සඳහා සෑම කෙනෙකුම ආපසු වැඩට දැක්කීම එහි උත්සුකයයි.
වසංගතය සාපරාධී ලෙස හැසිරවීම සම්බන්ධයෙන් මහජන කෝපය වැඩෙමින් පවතී. රාජපක්ෂ පාලනය සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් නැවත නැවතත් නොසලකා හරිමින්, වේගයෙන් බෝවනසුලු ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදන හා මරන සංඛ්‍යා අඛන්ඩව ඉහල යාමට ඉඩ සලසා ඇති අතර මහජන සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට අපොහොසත් වී ඇත.
රජයේ පාසල් ගුරුවරු, තම වැටුප් ඉල්ලීම් සඳහා මාස තුනක සිට වැඩ වර්ජනයක යෙදී සිටිති. වඩා හොඳ සේවා කොන්දේසි, වසංගතයෙන් ආරක්ෂා වීමේ පියවර සහ දීමනා සඳහා දස දහස් ගනනින් වැඩ වර්ජන ක්‍රියාමාර්ග ගෙන ඇති සෞඛ්‍ය සේවකයෝ, ජාතික පරිමානයෙන් ඔවුන් සමඟ එකතු වී ඇත.
තම අරගල ආරක්ෂා කර ගැනීමට සහ ඉදිරියට ගෙන යාම සඳහා ස්වාධීන හා එක්සත් ව්‍යාපාරයක් ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවයට දිවයින පුරා සිටින කම්කරුවෝ මුහුන දී සිටිති. කෙසේ වෙතත්, සෑම වෘත්තීය සමිතියක්ම, එවැනි ඒකාබද්ධ ව්‍යාපාරයක් වැලැක්වීම අරමුනු කරගත් නව හදිසි නීති වල සැබෑ අවදානම වසන් කිරීමට කටයුතු කර ඇත.
මෙම සන්දර්භය තුල, සමාජවාදී සමානතා පක්ෂය (සසප) “ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මර්දනකාරී හදිසි තත්වයට විරුද්ධ වනු” යන මැයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර නව රෙගුලාසි මගින් ඇති විය හැකි අනතුරු පිලිබඳව දැනුවත් කිරීම සඳහා තරුනයින්, අනෙකුත් පීඩිත කොටස් සහ කම්කරු පන්තිය අතර මැදිහත් වෙමින් සිටී. සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත කම්කරුවන් බලමුලු ගැන්වීම සසප රැස්වීමේ දී සාකච්ඡාවට බඳුන් වනු ඇත.
රැස්වීමට සහභාගී වී මෙම තීරනාත්මක සාකච්ඡාවට හවුල් වන ලෙස අපි කම්කරුවන්, ශිෂ්‍යයින්, තරුනයින්, බුද්ධිමතුන් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවි පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.
හදිසි නීතිවල සැබෑ ඉලක්කය, රටෙහි ආර්ථික අර්බුදයේ බර පැටවීම නිසා මහත් දුෂ්කරතාවන්ට මුහුන දෙන කම්කරු පන්තිය හා ගම්බද ජනයා බව සමාජවාදී සමානතා පක්ෂය අනතුරු අඟවයි.
මෙම හදිසි නීතිය පැනවීම, කම්කරුවන් සැලකිය යුත්තේ, කොවිඩ්-19 වසංගතයට ධනපති පන්තිය සෑම තැනකදීම ප්‍රතිචාර දක්වන්නේ ඒකාධිපති පාලනයන් කරා මාරු වීමෙනි යන්න පිලිබද අනතුරු ඇඟවීමක් ලෙස ය.
හදිසි නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කර ගත වූ මාසය තුල පන්ති සටන් තවත් බලගතුව වර්ධනය වී ඇත.
ආන්ඩුව විසින් සූදානම් කරන මර්දනය පරාජය කිරීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන සහ ඒකාබද්ධ ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය පිලිබඳව, සාකච්ඡාවන්ට එක්වූ කම්කරුවන් සහ තරුනයන්ගේ අවධානය යොමුවිය
හදිසි නීතිය යටතේ කම්කරුවන්ගේ අරගල මර්දනය කිරීම සඳහා ආන්ඩුවේ සූදානම ව්‍යාජ-වම්මුන්, වෘත්තීය සමිති ඇතුලු විපක්ෂයේ සියලු කන්ඩායම් වසංකරගෙන සිටින තතු තුල සසප සමග සාකච්ඡාවන් වලදී ඒ වෙත යොමු කෙරුනු කෙරුනු කේන්ද්‍රීය අවධාරනය පිලිබඳ කම්කරුවන් සාවධාන විය.
1905 දී රුසියානු කම්කරු පංතිය තීරනය කලාක් මෙන්, "ආන්ඩුව සමස්ත ජනතාව සමඟ විවෘත යුද්ධයක යෙදී සිටියදී, එය (ඇතුලු අනෙකුත් ආන්ඩු) විසින් ලබාගත් නය ආපසු ගෙවීමට ඉඩ නොදීමට" ශ්‍රී ලංකාවේ කම්කරු පංතිය සහ පීඩිත මහජනතාව තීරනය කල යුතුයි.
සෞඛ්‍ය සේවක අරගලය පාවාදීම මගින් යලිත් සනාථ කෙරෙන්නේ වෘත්තීය සමිති කම්කරුවන් ගේ අයිතීන් සඳහා සටන් කරන කම්කරුවන්ගේ සංවිධාන නොව; ධනපති පාලක පන්තිය වෙනුවෙන් කම්කරු පන්තියේ අයිතීන් බිල්ලට දෙන කාර්මික පොලීසියක් බවයි.
“අරගලය (මහජන නැගිටීම) තුල කම්කරුවන්ගේ දැවැන්ත එකමුතුවත් ඇතිවුනා. ඒ වගේ ප්‍රහාරයක් නැවත සංවිධානය කරගන්න අපිට අවශ්‍යයි.”
කම්කරුවන්ගේ අරගල අවහිර කරමින්, පාලක පන්තිය මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීමට සෞවෘසස සහ සියලුම වෘත්තීය සමිති ආන්ඩුවට සහයෝගය දෙති.