ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!

කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.

සසප, සූරාකැවෙන සහ ඩාදිය වගුරන මහජනයාගේ මෙම සම්මේලනය දැකගන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ ද, ඔහුගේ අනුප්‍රාප්තික විධායක ජනාධිපති වන හා ඒකාධිපතියා වීමට ඉඩ ඇති රනිල් වික්‍රමසිංහගේ ද, අපකීර්තිමත් පාර්ලිමේන්තු ගජ මිතුරන් විසින් අටවමින් තිබෙන, ප්‍රතිගාමී ධනපති අන්තර්-කාලීන ආන්ඩුවට විප්ලවීය දේශපාලන විකල්පයක් ලෙස ය . පාලක පන්තියේ නව ආන්ඩුවට ඇත්තේ එක් අභිප්‍රායයක් පමනි: එනම්, මහජන විරෝධයේ ගෙල සිරකරන අතරතුර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ), එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදය සහ ශ්‍රී ලංකාවේ පාලක පන්තිය විසින් විධානය කරන ම්ලේච්ඡ කප්පාදු වැඩසටහන පැටවීම යි.

මුලු ප්‍රකාශය කියවන්න
ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මර්දනය නවතනු! සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!

පාලක ජවිපෙ තම අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට එරෙහි විරෝධය තලා දැමීමට වෘත්තීය සමිති සූදානම් කරයි

අධිරාජ්‍යවාදයට සහ ධනවාදයට එරෙහි ව අතීතයේ කුමන ආකාරයේ වාචාල ප්‍රකාශ සිදු කර තිබුන ද, 2024 දී ජවිපෙ බලයට පත් වීමට ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාරිකයන්ගේ සහාය ලැබීමට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ කම්කරු පන්තියට එරෙහි ව එයට ඇති ඓතිහාසික වාර්තාවයි.

පානි විජේසිරිවර්ධන•

මෝදි ආන්ඩුව ඡන්ද නාම ලේඛනවලින් නම් ඉවත් කිරීමට එරෙහි තරුන විරෝධතා මධ්‍යයේ ඉන්දියාව පුරා කම්කරු අරගල උත්සන්න වෙයි

මිල ගනන් ඉහල යාම, ජීවත් වීමට කිසි සේත් ප්‍රමානවත් නොවන වැටුප්, සුරක්ෂිතභාවයක් නොමැති කොන්ත්‍රාත් කම්කරු රැකියා සහ භාරතීය ජනතා  පක්ෂය නායකත්වය දරන මධ්‍යම ආන්ඩුව මෙන් ම විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන ප්‍රාන්ත ආන්ඩු විසින් ඉදිරියට ගෙන යන පෞද්ගලීකරන වැඩපිලිවෙල හේතුවෙන්, මෑත සතිවල දී ඉන්දියාව පුරා කම්කරු අරගල කැපී පෙනෙන ලෙස වර්ධනය වනු දක්නට ලැබිනි.

වසන්ත රූපසිංහ සහ කීත් ජෝන්ස්•

සෞඛ්‍ය කප්පාදුවට එරෙහි ව රජයේ වෛද්‍යවරු දහස් ගනනක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක යෙදෙති

සෞඛ්‍ය සේවය සඳහා දැවැන්ත මුදල් වෙන් කිරීම ඇතුලු අවශ්‍යතා වලට ධනපති ක්‍රමය තුල විසඳුම් සොයාගත නොහැක. නිදහස් සෞඛ්‍ය සේවය හා අධ්‍යාපන අයිතිය රැක ගැනීම,  රැකියා, වැටුප් ඇතුලු ජීවන කොන්දේසි රැක ගැනීමේ පුලුල් අරගලය සමග බැඳී ඇත.

කමල් මහගමගේ•

නෝර්වුඩ් ෆැෂන් සමාගමේ  2000 ට අධික සේවකයන් රැකියා අහිමි වීමේ අනතුරක

කම්හල් වසා දැමීමට එරෙහි සටනේ එක පියවරක් වන්නේ කම්කරුවන් විසින් එ වන් කම්හල් වාඩි ලා ගැනීම හා එම සටන ආරක්ෂා කිරීමට අවශේෂ කම්කරුවන්ගේ ක්‍රියාශීලී අධාරය ඉල්ලීමයි. අවශේෂ කම්කරුවන් පන්ති ක්‍රියා මගින් සහයෝගය ගොනු කල යුතු වේ. කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම මෙම මූලිකත්වය ගැනීම සඳහා අත්‍යාවශ්‍ය වේ.

එම්. දේවරාජා, කේ. කාන්දීපන්•