Perspective
බී.ඇල්.පී.අයි. පක්ෂයේ පෙබරවාරි 4 වෙනි දින ප්රකාශනය
නියම නිදහසක් ද නැතහොත් ව්‍යාජ නිදහසක් ද?
දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිති ව විශේෂයෙන් 1947-1948 කාල පරිච්ඡේදයේ දකුනු ආසියානු කලාපයේ අධිරාජ්‍යවාදීන් ඇතිකල සමථයන්ගේ ස්වභාවය පිලිබඳව දුර දක්නා අයුරින් ලියැවී ඇති මෙම ප්රකාශනය ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත පාදක වී ඇති අතර දැන් 78 වසරක කාල පරාසයක් තුල පරීක්ෂාවට ලක් ව යලි යලිත් සනාථ වී ඇත.

